කිරි පිටි හිඟය තවත් මාස කිහිපයක්

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    වෙළඳපොළේ මේ වන විට පවතින ආනයනික කිරි පිටි හිඟය තවත් මාස කිහිපයක් පවතිනු ඇතැයි කිරිපිටි ආනයනකරුවන් පවසනවා.

    කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර පැවසුවේ ඩොලර් අර්බුදය හේතුවෙන් කිරිපිටි ආනයනයට බාධා එල්ලවී ඇති බවයි. නවසීලන්තයේ කිරිපිටි නිෂ්පාදනය ද අඩුවී ඇති බව ඔහු ප්‍රකාශ කළා.





    ඩොලර් ප්‍රශ්ණයට අමතරව මේ වන විට කිරිපිටි ආනයනයට තවත් ප්‍රශ්ණ දෙකක් බලපා ඇතැයි මෙහිදී ප්‍රකාශ කෙරුණා.





    ආනයනික කිරිපිටි ඇතුලු අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත බහාලුම් දහසකට වැඩි සංඛ්‍යාවක් කොළඹ වරායේ ඇතැයි නෙත් නිවුස් දිගින් දිගටම අනාවරණය කළා.

    ඊට හේතුවී ඇත්තේ ඒවා නිදහස් කර ගැනීමට ඩොලර් නොමැති වීමයි.

    මීට පෙරද ඩොලර් ගැටලුව හේතුවෙන් මෙලෙසම කිරිපිටි ආනයනයට බාධා එල්ලවූ අතර ඒ සමඟම රට තුළ උග්‍ර කිරිපිටි හිඟයක්ද ඇතිවුණා.


    Neth