කිරි හරක් හොරකමේ ගිය ව්‍යාපාරිකයා ඇතුළු තුනක් මාට්ටු

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    දිවයින පුරා සිදු කෙරෙන කිරි ගව‍යින් සොරාාගෙන යාමේ සංවිධානාත්මක කල්ලිය ක නායකයා ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලිසිය කියයි

    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි මහා පරිමාණ ව්‍යාපාරිකයකු ඇතුළු පිරිසකි.

    දිවුලපිටිය මීගමුව මාර්ගයේ සැක කටයුතු ලොරි රථයක් පරීක්ෂාවට ලක් කිරීමේදී මෙම සංවිධානාත්මක කල්ලි නායකයා ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත .

    අත් අඩංගුවට ගැනුණු මෙම කල්ලියේ නායකයා තෙමහල් නිවසක හිමිකරුවකු බව ද ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථාන රැසකට මස් වර්ග සැපයීම ඔහුගේ ව්‍යාපාරය වී ඇතැයි ද හෙළි වී ඇත .

    නවීන පන්නයේ වෑන් රථ යොදාගෙන ගවයින් සොරා ගැනීම සිදු කර ඇති අතර එසේ සොරා ගන්නා ගවයින් එම වෑන් රිය තුළ දීම මැරීමට පවා පියවර ගෙන ඇතැයි මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත .

    සොරා ගන්නා කිරි දෙනුන් ගොවීන් ට විකුණා දැමීමේ ජාවාරමක්ද මීට සමගාමීව ඔහු සිදු කර ඇතැයි හෙළි වී තිබේ
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි මහා පරිමාණ ව්‍යාපාරිකයකු ඇතුළු පිරිසකි.
    තෙමහල් නිවසක හිමිකරුවකු
    GIF by Warner Archive
     
    • Haha
    Reactions: SLK_sri