කිරි_කොකා (කෝලා)

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    කිරි_කොකා (කෝලා)

    06de1c0f1fc37634e2370116c0765031_L.jpg


    වසර 100 කට වඩා වැඩි ව්‍යාපාර ඉතිහාසයකට උරුමකම් කියන ලෝක ප්‍රකට කොකාකෝලා සමාගම කාබනේටඩ් බීම වෙළෙඳපළේ ප්‍රමුඛයා ය. ලොව ඉතාමත් ජනප්‍රියමතම සිසිල් බීම වර්ගයක් ලෙස එය ප්‍රසිද්ධ නිසාම ඉන්ටර්බ්‍රෑන්ඩ් සන්නාම වර්ගීකරණය අනුව 2014 වසරේ දී ලොව වටිනාම සන්නාම 100 අතර තෙවැනි ස්ථානයේ කොකාකෝලා පසුවෙයි.

    එහෙත් 2013 වසරේ එය ලොව වටිනාම සන්නාම අතර අංක එකටම පැමිණියත් 2014 දී ඇපල් සහ ගූගල් කියන සන්නාම ඉදිරියට පැමිණීම හේතුවෙන් කොකාකෝලා තරමක් පසුපසට ගොස් තිබේ. කෙසේ වෙතත් අදටත් කොකාකෝලා සමාගම මද්‍යසාර නොවන බීම අලෙවියේ ලොව ප්‍රමුඛයා ය.

    කෝකාකෝලා සමාගම ඉදිරියේ දී ලෝක වෙළෙඳපොළට හඳුන්වාදීමට නියමිත නවතම නිෂ්පාදිතය සම්බන්ධයෙන් ප්‍රවර්ධන කටයුතු ආරම්භ කර තිබේ. ඒ minute maid ඔස්සේ පළතුරු බීම නිෂ්පාදන හඳුන්වා දුන් ඔවුන් 2015 දී Fairlife ලෙස දියර එළකිරි හඳුන්වාදීමට ය.

    කොකා කෝලා සමාගම කාලෙන් කාලයට විවිධ ප්‍රවර්ධන වැඩසටහන් අනුගමනය කරන අතර මේ දිනවල දී සුරූපිනියන් කිරිවලින් නාවපු Fairlife පෝස්ටර් පෙළ ප්‍රමුඛත්වයේ සිටී.

    කොකාකෝලා සමාගම තම නවතම කිරි නිෂ්පාදිතය හඳුන්වා දුන්නේ Fairlife යන අනු වෙළෙඳ නාමයක් යටතේ. කොකා කෝලා සමාගම එළකිරි ආශ්‍රිත නිෂ්පාදිතයක් හඳුන්වා දෙනවා කියූ සැණින් එය වෙනස්ම දෙයක් වෙනවා. එසේම ඔවුන් මෙම නිෂ්පාදන ඉහළ මිල ඉහළ ගුණත්වය කියන ඛාණ්ඩයට අයත් ඉහළ නිෂ්පාදිතයක් (premium product) වශයෙන් පාරිභෝගික මනස තුළ ස්ථානගත කරන්න සූදානම්.

    කොකාකෝලා සමාගමේ ප්‍රධාන පාරිභෝගික නිලධාරි සැන්ඩි ඩග්ලස් පවසන ආකාරයට සාමාන්‍ය දියර එළකිරි බෝතලයක මිලට වඩා Fairlife දෙගුණයක් මිල වැඩි වෙනවා. එම මිල වැඩි කිරීමට හේතු ලෙස ඔහු දක්වන්නේ අනෙක් කිරිවලට වඩා 50%ක් ස්වාභාවික ප්‍රෝටීන් වැඩිවීමත්, 30%ක් සීනි අඩුවීමත් සහ කිරිවල ලැක්ටෝස් අඩංගු නොවීමත් යන මූලික ගුණත්ව සාධක ය.

    මේ ඉහළ ඛාණ්ඩයේ කිරි නිෂ්පාදනය ඔවුන් පාරිභෝගිකයාට හඳුන්වා දෙන්නේ කොහොම ද? ප්‍රචාරණය සඳහා ප්‍රමුඛත්වය දෙන සමාගමක් නිසා ඔවුන් භාණ්ඩය හඳුන්වා දෙන්න පෙර සිදුකළ ප්‍රචාරණ (pre-launch ad campaign) වැඩපිළිවෙළ කාගෙත් අවධානය දිනාගත්තා. ඒ වගේම භාණ්ඩ ප්‍රචාරණය සඳහා ස්ත්‍රීන්ගේ අඩ නිරුවත යොදාගැනීම ගැන තවත් පිරිසකගේ දැවැන්ත දෝෂාරෝපණයට ද ඔවුන් ලක් ව තිබේ.

    ගාර්ඩියන් වැනි ජනප්‍රිය පුවත්පත් ඔවුන්ගේ ප්‍රචාරණ වැඩසටහන දැඩිලෙස හෙළා දැක්කා. එහෙම වෙන්න ඔවුන් සිදුකළේ කුමක් ද?

    සීනි දාපු වතුර කියලා තමයි ඇපල් සමාගමේ සම නිර්මාතෘ ස්ටිව් ජොබ්ස් පෙප්සි කෝලා කියන බීම හැඳින්නුවේ. පෙප්සි කෝලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ජෝන් ස්කලී තම පරිගණක සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස සේවයට ගන්න පොළඹවා ගන්න ඕන නිසා ස්ටීව් ඔහුගෙන් "හැමදාම සීනි දාපු වතුර විකුණනවා ද? නැත්නම් මගෙත් එක්ක ඇවිත් ලෝකය වෙනස් කරනවා ද?" කියලා ප්‍රශ්නයක් ඇහුවා. ඉතිං ඔහුට අනුව පෙප්සි සීනි දාපු වතුර නම් කොකා කෝලත් එහෙම වෙන්න ඕන. කෝලා බීම සීනි දැම්ම වතුර කියලා මෙයින් කියන්නේ නෑ. එහෙත් එය එලෙස හඳුන්වන සරල බීම වර්ගයක් වුණාට ලෝකය පුරා අවශ්‍යතාවක් ඇති කළ ප්‍රමුඛ පානයක් වුණා. කොකා කෝලා තම නව පියවර තබන්න ස්ටිව් ජොබ්ස් කලින් කියපු විදියට ස්කලීගෙන් ප්‍රශ්න කරපු 80 දශකයටම ගියා.

    Fairlife පෝස්ටර් හැඩවෙලා තිබුණේ කිරිවලින් තම නිරුවත ආවරණය කරගෙන ඉන්න නිරූපිකාවන්ගෙන්. එම නිරූපිකාවන් 80 වගේ දශකවල වඩාත් ජනප්‍රිය වුණ පෝස්ටර්වල සිතුවම් වුණ කාන්තා (Pin-Ups Girls) චරිතවලට සමානයි. Fairlife පෝස්ටර් නෙත ගැටුණ සැණින් ඕනම කෙනෙක්ට නවීන බව සහ පැරැණි බව කියන අදහස් දෙකම එකවර මනසට එනවා.

    දැන්වීම අනුව නම්, මෙම හැඩකාර පොලඹවනසුළු නිරූපිකාවන් නැහැවිලා ඉන්නේ Fairlife කිරිවලින්. අන්න ඒ නිසා "ඇය ඇඳගෙන ඉන්න දේ බොන්න" (Drink what she's wearing) ලෙස එම පෝස්ටරය ඔස්සේ ඔවුන් පාරිභෝගිකයාට කියනවා. ඇය ඇඳගෙන ඉන්න දේ බිව්වාම ඇයට වෙන්නේ නිරුවත් වෙන්න කියලා එම පෝස්ටර් දැක්ක සැණින් අතින් අතට ඔබට පෙනෙනවා. එසේම එම තවත් දැන්වීමක "Better milk looks good on you" සහ "Milk with flair" වශයෙන් සඳහන් වුණා. දියර කිරිවලින් සැරසිලා ඉන්න මෙම සුරූපිනියක් දැක්ක ගමන් කාගෙත් අවධානය ඒ වෙතට යන එක සාධාරණයි. එය දන්න නිසාම තමයි ඔවුන් එහෙම නිර්මාණයක් වෙළෙඳ දැන්වීම සඳහා යොදාගත්තේ.

    පසුගිය වසර දහයක කාලය තුළ ඇමෙරිකාවේ කිරි කර්මාන්තය 08%කින් පහළ ගොස් තිබුණත් කොකා කෝලා සමාගම ඊට සම්බන්ධ වුණේ ක්‍රමිකව සෝඩා භාවිත නිෂ්පාදිත සඳහාවන ඉල්ලුම අඩුවීම හේතුවෙනි. "අපි කිරි ආශ්‍රිත නිෂ්පාදනයක් හඳුන්වා දෙනවා. නමුත් එමගින් වසරක් දෙකක් තුළ සමාගමට සල්ලි වස්සන්නේ නැතිවෙයි. නමුත් මට ඉදිරියේ දී මෙයින් මුදල් වස්සනවා නියතයි." කොකා කෝලා සමාගම් ප්‍රධාන පාරිභෝගික නිලධාරි සැන්ඩි ඩග්ලස් එසේ පවසනවා.

    අමෙරිකානුවන් ක්‍රම ක්‍රමයෙන් ප්‍රෝටීන් බහුල ආහාරවලට පෙළඹෙන බව පර්යේෂණවලින් හෙළිවෙලා තිබෙන බැවින් ප්‍රෝටීන් බහුල කිරිවල ඉල්ලුම සරුවීමේ අවස්ථාවක් අනාගතයේ ජනිතවන බැවින් කොකා කෝලා සමාගම ඊට දැන් සිටම සූදානම් වෙනවා විය හැකි ය. අනාගතයේ බිහිවන ව්‍යාපාර අවස්ථා පිළිබඳ අවධානයෙන් සිටිමින් ඊට සූදානම් වීම ඕනෑම ප්‍රමාණයේ ව්‍යාපාරයක ඉදිරි ජයග්‍රහණයට නිතැතින්ම බලපානවා.

    Fairlife1.jpg


    Fairlife2.jpg


    Fairlife3.jpg


    Fairlife4.jpg


    Fairlife5.jpg


    Fairlife6.jpg


    Fairlife7.jpg


     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    අනේ මන්ද මුන් ඇඳන් ඉන්න ඒව බොනව කියන්නෙ කිරි වලට ගොම දාලා බොනව වගේ ..........:lol::lol::lol:
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    අනේ මන්ද මුන් ඇඳන් ඉන්න ඒව බොනව කියන්නෙ කිරි වලට ගොම දාලා බොනව වගේ ..........:lol::lol::lol:

    ඒකට ගොම තියන තැනිං නැතුව, කිරි තියන තැනිං බීපං! :yes: