කිරුළපොන රැස්වීම සුසාන භූමියක්

Jul 5, 2012
1,773
265
0
කිරුළපොන රැස්වීම සුසාන භූමියක්

කිරුලපොන පිටිය ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයන්ට දේශපාලන සුසාන භූමියක් වූ හැටි..! සත්තයි අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි..!! මහින්දටත් ඒ ආනිශංසයමයි..?




2016-MR-Mayday.jpg

“එ්කාබද්ධ විපක්ෂය“ නමින් නීතිවිරෝධී ලෙස හඳුන්වාගන්නා බහු බූත කල්ලියේ නායකයන් විසින් මෙවර මැයි දිනයේදී වත්මන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා දේශපාලන සුසාන භූමියක් වෙත කරපින්නාගෙන ගොස් තිබේ. මෙකී සුසාන භූමිය නම් මෙවර ඔවුන්ගේ මැයි රැලිය පැවැත්වෙන කිරුලපොන ක්‍රීඩා පිටියයි. ඊට සාක්කි සාධක මෙසේය.

1. වර්ෂ 1975 දී ජේ.ආර්. ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වී දකුණු කොළඹ ආසනය සඳහා අතුරු මැතිවරණයක් පැවැත්වීමට කටයුතු සලස්වන ලදී. ඒ අනුව 1975 ජුලි 18 වෙනි දින පැවැත්වූ එම අතුරු මැතිවරණයට එජාප අපේක්ෂක ජේ.ආර්. ට එරෙහිව ශ්‍රීලනිපයේ ද සහාය ලබමින් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූයේ ජේ.ආර්.පී.සූරියප්පෙරුම මහතා ය. ජේ.ආර්. ඡන්ද 36,919 ක් ලබා ගනිද්දී සූරියප්පෙරුමට ලබා ගත හැකිවූයේ ඡන්ද 11,113 කි. ජේ.ආර්. ඡන්ද 25,806 කින් ආසනය දිනා ගත්තේය. එදා දේශපාලන අභාවයට ගිය සූරියප්පෙරුම යලි ජනතාව විසින් කිසිකලෙක ගොඩ ගත්තේ නැත. පසුගිය පාර්ලිමේන්තුවට මහින්ද රාජපක්ෂ විසින් ජාතික ලැයිස්තුවෙන් තෝරා ගන්නා තුරු වසර 35 ක පමණ කාලයක් දේශපාලනිකව නන්නත්තාර වීමට ඔහුට සිදුවිය. ඉහත 1975 මැතිවරණයේදී සූරියප්පෙරුමගේ අවසාන රැස්වීම පැවැතියේ මෙම කිරුලපොන ක්‍රීඩා පිටියේ ය.

2. 1989 දී රුක්මන් සේනානායන මහතා විසින් ගොඩ නගන ලද එක්සත් ලංකා ජනතා පක්ෂය කෙටි කලක් දේශපාලනයෙහි ක්‍රියාත්මකව තිබූ පක්ෂයකි. එම පක්ෂයේද අවසන් ප්‍රසිද්ධ රැස්වීම පැවැත්වූයේ කිරුලපොන මෙම පිටියේම ය. කිරුලපොන රැස්වීමෙන් පසු පක්ෂයත් රුක්මනුත් දෙකම අභාවයට ගියේ ය. එක්සත් ලංකා ජනතා පක්ෂයේ ලේකම් වරයා වූ දොස්තර ගාමිණී විජේසේකර අකාලයේ තොටලඟදී බෝම්බ ප්‍රහාරයකින් අභාවයට පත්විය.

3. එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණට නායකත්වය දුන් ලලිත් ඇතුලත් මුදලි මහතා ද ඔහුගේ ජීවිතයේ අවසන් රැස්වීම ලෙස සහභාගී වූ රැස්වීම පැවැත්වූයේ ද කිරුලපොන මෙම පිටියේදීම ය. 1993 අප්‍රේල් 23 වෙනිදා සාහසිකයෙකුගේ වෙඩි පහරින් ඔහු අභාවයට පත්වූයේ කිරුලපොන රැස්වීමේ වේදිකාවේදී ය. එම පක්ෂයේ සම නායකත්වය ඉසිලූ ගාමිණී දිසානායක මහතා ද පසුකලෙක බෝම්බ ප්‍රහාරයකින් අභාවයට පත් විය.

4. ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ආමර් වීදියේදී අභාවයට පත් වීමට පෙර අවසන් වරට ජනතාව ඇමතූ රැලිය පැවැතියේද කිරුලපොන දී වීම ද පුදුමාකාරය. ‘මාව මරා දැමුවත් මගේ චරිතය ඝාතනය කරන්න එපා‘ යැයි ඔහුගේ අවසන් කතාව පැවැත්වූයේ මෙම අවාසනාවන්ත කිරුලපොන දී ය.

ඉහත කී සියලු සත්‍යයන් හේතුවෙන් මෙම කිරුලපොන පිටිය ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයන්ට සුසාන භූමියක් යැයි හැඳින්වීම වරදක් නොවේ. කිරුලපොන රැස්වීම් පැවැත්වීම ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන්ට අසුබ ඵල දීමේ හැරුම් ලක්ෂය සනිටුහන් කරන්නක් බව ඉතිහාසය විසින් නැවත නැවතත් සනාථ කොට තිබේ. වාසුදේව නානායක්කාර හීන් සීරුවේ කියුබාවට ලිස්සා ගියේ මේ බව හොඳින් දන්නා නිසා බව තතු දත්තෝ කියති. බැසිල්, දිනේෂ්, වීරවංශ, ගම්මන්පිල ආදීන් විසින් මෙවර එම ස්ථානයට මහින්ද රාජපක්ෂ කැඳවා ගෙන ගොස් තිබේ.

කිරුලපොන මැයි රැලියේ වේදිකාවට මහින්ද රාජපක්ෂ අවතීර්ණ වුවහොත් එය ඔහුගේ දේශපාලනයේ පාංශුකූලය වන බව ඉන්තේරුවෙන්ම සත්තයි, අත් දුටුයි, ප්‍රත්‍යක්ෂයි බව නම්2016 අප්‍රේල් 30 වෙනිදා රාත්‍රී 11.59 ට යක්කු ගස් නගින හෝරාවේ මෙසේ සටහන් කර තබමු.
 

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    උඔ නාඩා ඉදපන්... ඌ ඌට ඕන වේදිකාවකට ගොඩවෙයි...
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    පාර්ලිමේන්තුවෙ ඉන්න 225ස් දෙනාම ඔය වේදිකාවට ගොඩ කරවන්න බැරි වෙයිද දන්නෙ නෑ
     

    Similar threads