කිරුළ මුතු ලිහී සට සට හඬින් වැගිරෙනා
කිරුළ මුතු ලිහී සට සට හඬින් වැගිරෙනා
Jun 3rd, 2013 | By admin | Category: LEAD NEWS, RECENT ARTICLE, දේශපාලන, බස්තියන් පයින් යෑම [බස්තියන් පයින් යෑම]
නාවල හන්දියේ කුඩා ගොඩනැගිල්ලක සිට ගුවන් විදුලි නාළිකාවක් තම විකාශන කටයුතු කරගෙන යන ලදී. එහි නම ඉසුර එෆ්.එම් විය. එහි අයිතිකරුවා වූයේ දේශපාලනඥයකු බවට පත්වූ බිස්නස්කාරයෙකු වන ටිරාන් අලස් ය.
ටිරාන් අලස් මහතා ජෙනරාල් ෆොන්සේකාගේ පොල්මඃකාරයා වශයෙන් කටයුතු කරන කාලයේදීම ඔහු විසින් ‘මව්බිම’ පුවත්පත නැවත ඇරඹූ අතර ඒ සමගම ‘සිලෝන් ටුඩේ’ නමින් ඉංග්‍රීසි පුවත්පතක්ද ආරම්භ කරන ලදී. මේ අතර ඉසුර එෆ්.එම් නාළිකාවේ නම කිරුළ එෆ්.එම් ලෙස මාරු වී එහි පාලක තනතුරට කැපිටල් මහරාජා ආයතනයේ අධිපති කෙලී මහරාජා මහතාගේ සේවකයෙකු වන කිංස්ලි රත්නායක මහතා පත් විය.
මෙතැන් සිට මව්බිම, සිලෝ ටුඩේ, සිරස ටී වී, සිරස එෆ්.එම් සමග කිරුළ එෆ්.එම් උත්සාහ කළේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් කොට පක්ෂයේ පාලනය තමන් අතට ගැනීමය.
කිලී මහරාජා සහ ටිරන් අලස්ගේ සම නිෂ්පාදනයක් ලෙස තිරගත වූ මෙම චිත්‍රපටයේ ප්‍රධාන නළු නිළියන් ලෙස සජිත් ප්‍රේමදාස, සරත් ෆොන්සේකා, කරු ජයසූරිය වැනි පිරිස්ය. කෙසේ වුවද අවසානයේදී චිත්‍රපටය අවසන් වූයේ කරු ජයසූරිය සහ සජිත් ප්‍රේමදාසට යන එන මං නැති වීමෙනි.
ජෙනරාල් ෆොන්සේකා සිරෙන් නිදහස් වූ පසු ඔහු ටිරන් අලස්ගේ පාලන බලයෙන් ගිලිහී යාම නිසා තත්ත්වය තවත් සංකීර්ණ විය.
කිසියනම් ව්‍යාපෘතියකින් අපේක්ෂිත අරමුණ ඉටුකරගත් විට හෝ ඉටුකරගැනීමට අපොහොසත්වූ විට එම ව්‍යාපෘතිය මරාදැමීමට හෙවත් ‘ප්‍රොජෙක්ට් එක කිල්’ කිරීමට සිදුවීම ව්‍යාපාරික ලෝකයේ සාමාන්‍ය සිදුවීමකි. එය නිත්‍යනුකුලය.
කිරුළ එෆ්.එම් වසා දමා ඒ තරංග මාලා ඔස්සේ ඉංග්‍රීසි ගුවන් විදුලි නාළිකාවක් ඇරැඹෙන්නේ එබැවිනි. ඒ ගැන කවුරුත් කලබල විය යුතු නැත.
මේ බව නොදැන කිරුළ එෆ්.එම් හි ප්‍රචාරය වූ සිංදු වලට කැමැත්තෙන් එයට බැඳී දැන් කිරුළ වැසී යාම ගැන කණගාටුවන ‘අහිංසක’ ශ්‍රාවකයන්ට කියන්නට ඇත්තේ ‘අනේ පව්!’ කියාය. ඉලක්කගත අරමුණට ළඟා වීමට අසමත්වීම නිසා මීළඟට වැසීයාමට හෝ විකිණීයාමට ඉඩ ඇත්තේ මව්බිම සහ සිලෝන් ටුඩේ පුවත්පත්ය. ඉන් පසු ඒවායේ බුද්ධිමත් පාඨකයන්ට දෙවියන්ගේ පිහිට පැතිය හැකි අතර ඒවායේ සේවය කරන නිර්භීත මාධ්‍යවේදීන්ට නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ පිහිට පැතීම්ට සිදුවනු ඇත.
රජුන් තනන්නන් හෙවත් දේශපාලනය පාලනය කිරීමට ඉදිරිපත් වන සල්ලිකාරයන් විසින් පත්තර, ගුවන් විදුලි නාළිකා සහ ටී. වී. චැනල ආරම්භ කොට පවත්වාගෙන යාම සඳහා මුදල් ආයෝජනය කරන්නේ හෙවත් සල්ලි වීසි කරන්නේ අත ලෙවකන්නට නොවන බව තේරුම් ගැනීමට විශාල මොළයක් අවශ්‍ය නැත.
මේ න්‍යාය අනුව මීළඟට විකිණී යාමට නියමිත ව ඇත්තේ වික්ටර් අයිවන් මහතාට අයිති ‘රාවය’ පුවත්පත සහ තිලංග සුමතිපාල මහතාට අයත් ‘ලක්බිම’ පුවත්පතයි.
බස්තියන් විසිනි.