කිලිනොච්චිය
කිසිදා මුදාගත නොහැකිවනු ඇතැයි බොහෝ දෙනා ප්‍රකාශ කලහ. බටහිර ජාතීන් සහ ශ්‍රී ලංකා විපක්ෂය ඉන් ප්‍රධානවේ. ශ්‍රී ලංකා විපක්ෂය පාර්ලිමේන්තුවේදී කල ආණ්ඩුව කිලිනොච්චි යනවා කියලා මැදවච්චි යනවා යන්න අතිශය අවධානයට ලක්විය.යුධ හමුදාව විසින් එල්.ටී.ටී.ඊ.යට යටත්ව තිබු නැගෙනහිර භූමිය මුදා ගැනීමත් සමගම උතුරේ සටන්ද ආරම්භ කරන ලදී.මෙම ප්‍රහාර වලදී කිලිනොච්චියද යුධ හමුදාවේ ප්‍රධාන ඉලක්කයක්ව පැවතුණි.[9] යුධ හමුදා සේනාංක පෙරමුණු ගණනාවකින් උතුරු මෙහෙයුමට දායක වෙද්දී 57 වන සේනාංකයත් පළමු කාර්ය සාධක බලකායත්(වත්මන් 58 වන සේනාංකය) කිලිනොච්චිය මුදාගැනීමේ පෙරමුණ සදහා සක්‍රීය දායකත්වය ලබා දුනි.මෙම පෙරමුණ භාරව කටයුතු කළේ එවකට වන්නි ආඥාපති ධූරය දැරූ මේජර් ජෙනරාල් ජගත් ජයසුරිය මහතායි.මෙම සේනාංක දෙකම දිවයිනේ බටහිර ප්‍රදේශයෙන් කිලිනොච්චි ප්‍රදේශයට ආසන්න වීමෙන් පසු 57 වන සේනාංකය දකුණින් සහ බටහිර ප්‍රදේශයෙන්ද පළමු කාර්ය සාධක බලකාය උතුරු දිශාවෙන්ද එල්.ටී.ටී.ඊ. බලකොටු බිදිමින් කිලිනොච්චි නගර සීමාවට ඇතුළු විය.[18] 2008 ඔක්තෝම්බර් මාසය ආරම්භවත්ම කිලිනොච්චි නගරය එහි පදිංචිකරුවන් විසින් අත්හැර දමන ලද අතර එල්.ටී.ටී.ඊ.ය විසින් එහි පිහිටුවා තිබු රෝහල, බැංකු, සහ රාජ්‍ය ආයතන කිහිපයක්ද කිලිනොච්චියට කිලෝ මීටර 13 ක් පමණ දුරින් පිහිටා ඇති තාම්පුරම් ප්‍රදේශයේ ස්ථාපිත කරන ලදී.[19][20]
මේජර් ජෙනරාල් ජගත් ඩයස් මහතා අණදුන් 57 වන සේනාංකය 2008 ඔක්තෝම්බර් 18 වන දින කිලිනොච්චියට නිරිත දිශාවෙන් පිහිටි ප්‍රධාන ගම්මානයක් වූ අක්කරායන්කුලම් [21] අත්පත් කරගන්නා ලදී.[22]මෙම ජයග්‍රහණයත් සමඟින් නිරිත්දිගින්ද කිලිනොච්චි නගරය වෙත ප්‍රහාර එල්ල කිරීමට අවස්ථාව උදා විය.ඉරණමඩු හන්දිය මුදා ගැනීම හේතුවෙන් යුධ හමුදාවට කිලිනොච්චියට ඇතුළු වීමට දකුණු ගොඩබිම් පිවිසුම් මාර්ගයක්ද විවෘත විය.[23]ඒ වන විටත් 57 වන සේනාංකය කිලිනොච්චි නගරය ආශ්‍රිත ප්‍රබල එල්.ටී.ටී.ඊ. කඳවුරු වූ කෝකිලායි සහ අඩම්පන් අත්පත් කරගෙන සිටීම එල්.ටී.ටී.ඊ. සටන්කරුවන් හට අවාසිදායක තත්වයක් උදාකළේය.[24]
බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා විසින් අණදුන් පළමු කාර්ය සාධක බලකාය බටහිර වෙරළ තීරය ඔස්සේ තම මෙහෙයුම් දියත් කළේය.එහිදී ඉතා වැදගත් සංග්‍රාමික උපක්‍රමික ස්ථාන රාශියක් අත්පත් කරගන්න ලදී.ඒ අතර මන්නාරම "සහල් නැලිය" ප්‍රදේශය, විඩුතලතිව්, නාච්චිකුඩා කැපී පෙනේ.2008 නොවැම්බර් 15 වන දින පළමුවන සහ දෙවන කොමාන්ඩෝ රෙජිමේන්තුද විශේෂ කාර්ය බලකායේ සෙබළුන්ද ප්‍රමුඛ පළමු කාර්ය සාධක බලකාය විසින් පුනරින් ප්‍රදේශය ඉලක්ක කරගනිමින් මෙහෙයුමක් දියත් කොට එම ප්‍රදේශය අත්පත් කරගන්නා ලදී.[25]පුනරීන් සිට නැගෙනහිර දිශාවට ගමන් කළ පළමු කාර්ය සාධක බලකාය 2008 දෙසැම්බර් 31 වන දින පරන්තන් මුදාගැනීමත් සමඟම යුධ හමුදාවට කිලිනොච්චියට ඇතුළු වීමට උතුරු ගොඩබිම් පිවිසුම් මාර්ගයක්ද විවෘත විය.[26]
රජයේ හමුදා පැමිණීම වැලැක්වීම සඳහා එල්.ටී.ටී.ඊ. සටන්කරුවන් විසින් විශාල පස් කඳු සහ අඟල් නිර්මාණය කරන ලදී.කිලිනොච්චියට දකුණින් එවැනි එක විශාල පස් කන්දක් නිර්මාණය කර තිබු අතර B69 පුනරීන්-පරන්තන් මාර්ගය හරහා තවත් පස් බැම්ම්ක් ඉදි කරන ලදී.[27] කිලිනොච්චිය රැක ගැනීම සඳහා එල්.ටී.ටී.ඊ.ය තම ප්‍රබලතම සටන් කණ්ඩායම් කැඳවා තිබු අතර භානු,තීපන් සහ ලෝරන්ස් යන ජේෂ්ඨ සන්නද්ධ නායකයන්ගේ අණ දීමට අනුව චාල්ස් ඇන්තනී සහ ඉම්රාන් පාන්ඩියන් විසින් එල්.ටී.ටී.ඊ. භට පිරිස් මෙහෙයවන ලදී.[28][29]
මේ අතරතුර කාලයේ ශ්‍රීලංකා යුධ හමුදාව විසින් කිලිනොච්චියේ හඳුනාගත් ඉලක්කවලට දිගින් දිගටම කාලතුවක්ක ප්‍රහාර එල්ල කළ අතර එම ඉලක්ක වෙත ශ්‍රීලංකා ගුවන් හමුදාවේ ගුවන් ප්‍රහාරක ජෙට් මඟින්ද ප්‍රහාර එල්ල කරන ලදී.එවැනි එක ගුවන් ප්‍රහාරයක් කිලිනොච්චියේ පිහිටි එල්.ටී.ටී.ඊ. පරිපාලන ගොඩනැගිල්ල ඉලක්ක කොට තිබුණි.[30] රජයේ හමුදා කිලිනොච්චිය අත්පත් කර ගැනීමට සුදානම් බව 2008 ඔක්තෝම්බර් මාසයේදී රජය විසින් ප්‍රකාශ කරන ලදී.[31] නමුත්, එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඊමේල් පණිවිඩයක් මගින් "කිලිනොච්චිය අත්පත් කරගැනීම ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දවල් සිහිනයක්"යැයි ප්‍රකාශ කළේය