කිලෝග්‍රෑමය සම්බන්ධයෙන් අලුත් අර්ථ දැක්&

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    කිලෝග්‍රෑමය සම්බන්ධයෙන් අලුත් අර්ථ දැක්&



    කිලෝග්‍රෑමය සම්බන්ධයෙන් වඩා නිවැරදි අලුත් අර්ථ දැක්වීමක්



    කිලෝග්‍රෑමය අර්ථ දැක්වීමේ ක්‍රමවේදය වෙනස් කිරීමට විද්‍යාඥයෝ සූදානම් වෙති.
    මේ වන විට කිලෝග්‍රෑමය අර්ථ දක්වනුයේ, ප්‍රංශයේ පැරිස් නුවර සේප්පුවක තබා ඇති "Le Grand K" නමැති ප්ලැටිනම් උපකරණයක් භාවිත කරමිනි.
    එම ක්‍රමය අත්හැර කිලෝග්‍රෑමය විද්‍යුත් තරංග භාවිතයෙන් අර්ථ දැක්වීමේ ක්‍රමවේදයකට අවතීර්ණ වීම සඳහා ඡන්ද විමසීමකට පර්යේෂකයින් පිරිසක් බලාපොරොත්තුවෙන් සිටිති.
    මෙම තීන්දුව ගත යුත්තේ, ප්‍රංශයේ පැවැත්වෙන බර සහ මිනුම් සම්බන්ධ මහා සම්මේලනයේදීය.
    කෙසේ වෙතත්, පර්ඩේ විලියම්ස් ඇතුළු විද්‍යාඥයින් කිහිප දෙනෙකු මෙම වෙනස් කිරීම සම්බන්ධයෙන් මිශ්‍ර අදහස් පළ කර තිබේ.
    පර්ඩේ විලියම්ස් පැවසුවේ, "මේ ව්‍යාපෘතියෙ මම වැඩි කාලයක් වැඩ කළේ නැහැ. ඒත් මට හිතෙන්නේ මේක කිලෝග්‍රෑම් එකට කරන විකාර වෙනසක් කියලා" යනුවෙනි.
    "මොනවා වුණත් මේක ලොකු වැඩක්. මේ වෙනස ගැන මට ටිකක් දුකයි. ඒත් ඒක වැදගත් පියවරක් එය ක්‍රියාවට නැගීම හොඳ දෙයක් විය හැකියි. මම නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නෙ ඒක සිද්ධ වෙනකම්"
    Le Grand K උපකරණය බර මැනීම සඳහා වන ජාත්‍යන්තර ක්‍රමවේදය ලෙස භාවිතයට ගැනුණේ, 1889 වසරේ සිටය.
    එහෙත්, කිලෝග්‍රෑමය නිර්ණය කරන ප්‍රධාන උපකරණය මේ වන විට පැරණි වී තිබේ. වසර ගණනක් තිස්සේ පරිහානියට පත්වීමෙන් එහි බර වෙනස් වී තිබේ. කිලෝග්‍රෑමය කිසිදා වෙනස් විය නොහැකිය. එහෙයින්, එය නිර්ණය කිරීම ක්‍රමානුකූලව වෙනස් විය යුතුය.
    දියුණු ඖෂධ නිෂ්පාදනය, නැනෝ තාක්ෂණය සහ නිරවද්‍ය ඉන්ජිනේරු ක්‍රම වර්ධනය වෙමින් පවතින වත්මන් ලෝකයේ වඩා නිවැරදි මිනුම් ක්‍රම අවශ්‍ය වී ඇති හෙයින් Le Grand K වැනි ක්‍රම වෙනස් විය යුතුය.
    Le Grand K කොපමණ වැරදි ද?

    මෙම ක්‍රමවේදයේ වරද බිලියනයකට කොටස් 50ක් එනම් ඇස් පිල්ලම් ගැසීමකට වඩා අඩුය. එහෙත්, එය කුඩා අගයක් වුව ද එය නිවැරදි කිරීම ඉතා වැදගත් බව විද්‍යාඥයින්ගේ අදහසය.
    "පැරිස් නුවර තබා ඇති කිලෝග්‍රෑමය සහ ලෝකය පුරා තියෙන කිලෝග්‍රෑමයේ පිටපත් (තරාදි පඩි) සන්සන්දනය කළා ම ඒවා අතර විෂමතා තියෙන බව අපි දන්නවා." ආචාර්ය ස්ටුවර්ට් ඩේවිඩ්සන් පවසයි.
    "විද්‍යාත්මකව ගත්තොත් ඒ තත්ත්වය අපට පිළිගන්න බැහැ. Le Grand K ක්‍රමය දැනට සුදුසු වුණත් තව අවුරුදු 100ක් වගේ ගත වෙනකොට ඒක කොහොමටවත් සුදුසු වෙන්නෙ නැහැ"
    නව ක්‍රමය ක්‍රියාත්මක වන්නේ කෙසේ ද?

    විද්‍යුත් චුම්භක තුළින් බලයක් උපදී. විදුලිය සහ බර අතර ඍජු සබඳතාවක් පවතී.
    ඒ අනුව, යම් බලයකට ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය විදුලි ප්‍රමාණය ආශ්‍රයෙන් කිලෝග්‍රෑමය හෝ ඕනෑ ම බරක් අර්ථ දැක්වීමට විද්‍යාඥයින්ට හැකියාව පවතී.
    නව ක්‍රමවේදයෙහි වාසි මොනවා ද?

    සෑම දශක කිහිපයකට වරක් ම ලෝකයේ කිලෝග්‍රෑම් මිනුම් පිටපත් Le Grand K භාවිත කර නිරවද්‍යතාව තහවුරු කරගත යුතුව තිබේ. එහෙත්, 'කිබල් සමබරතාව' (Kibble balance) නමැති නව ක්‍රමය යටතේ කිලෝග්‍රෑමය මනින දෘඪ ඒකකවල නිරවද්‍යතාව ඕනෑ ම අයෙකුට ඕනෑ ම ස්ථානයක සිට එය තහවුරු කරගත හැකි වනු ඇත.

    "මේක ඉතා ම හොඳ ඒ වගේ ම නිවැරදි තීරණයක් බව හිතෙනවා. මෙය ක්‍රියාත්මක කළා ම එය අනාගතයේ ස්ථාවරව පවතීවි" ආචාර්ය ඉයන් රොබින්සන් පවසයි.
    මෙම නව ක්‍රමය හඳුන්වා දී ඇත්තේ, ආචාර්ය බ්‍රයන් කිබල් නමැති විද්‍යාඥයාය. එහෙයින් එය කිබල් බැලන්ස් ලෙස නම් කර තිබේ.
    _104363972_kilo.jpg
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    wedagath mchn.. teruna saralawa pahadili krala thiyanawa.. BBC sinhala services1i, Vidusara pattareyi ithaamath saralawa gaburu dhewal explain krnawa...
    TFS
    Rep++