කිසිම App එකක් නැතුව Phone එක තියෙන තැන හොයමු

iboy

Member
Jul 25, 2017
267
47
0
හැටේ වත්ත
කිසිම App එකක් නැතුව Phone එක තියෙන තැන හොයමු

ඔයා ලග Android Phone එකක් හරි Tab එකක් හරි තියෙනවද ? කවුරු හරි ඕක හොරකම් කලොත් එක්කෝ ඔයාට තියපු තැන එහෙම අමතක උනොත් හරි මොකද වෙන්නේ???.

ඔය අහපු ප්‍රශ්නය හොදටම තේරෙන්නේ ඔය වගේ අවස්තාවකට මුහුන දීපු කෙනෙක්ටම තමා. ඒ වෙලාවට ඉතින් දුක් වෙනවා මම අර ඇප් එක දාල තිබ්බනම් හොයන්න තිබ්බ තියෙන තැන, මේ ඇප් එක තිබ්බනම් හොලාව අතටම අල්ලගන්න තිබ්බ කියල.

මගේ අත්දැකීමේ හැටියට බොහෝ දෙනෙක් තමන්ගේ දුරකතනය නැති වුනාම ඒක Track කරන්න කිසිම වැඩ පිලිවෙලක් දාන්නේ නෑ. ඒව හරිම කරදර වැඩනේ. මෙන්න මේ නිසා ගූගල් සමාගමම අන්තිමට තීරනය කලා එයාලම දුරකතනය Google Account එකක් හරහා Track කරන්න.

Google කියන්නේ කොහොමත් Android ලගේ අප්පොච්චිනේ :P . ඔය එක එක Apps කෑලි දාගෙන Phone එක පුරෝල Slow කරගන්නවට වඩා එයාලගෙම Service එකක් පාවිච්චි කරන එක ඇත්තටම පහසුයි.

මේ සේවාව ලබා ගන්න ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ Google Account එකට Log වෙන එක විතරයි. මතක තියාගන්න මේ Google Account එකත් Phone එකේ හෝ Tab එකේ තියෙන Account එකත් සමාන වෙන්න ඕන.

පියවර අංක 1
ඔයාගේ Email එකයි Password එකයි ගහල Log වෙන්න

Step1.jpg%2B.jpg

පියවර අංක 2
ඔන්න ඔය පිංතූරේ විදිහට දකුනු පැත්තේ සයිඩ් එකේ තියෙන තැනට ගිහින් My Account කියන එක තෝරන්න.


Step2.jpg


පියවර අංක 3
ඊලගට එන Page එකේ පහලට වෙන්න ඇති Find Your Phone කියල එකක්. කොටන්න ඒකට.

Step3.jpg

පියවර අංක 4
ඊලගට එන්නේ ඔයා දැනට ඔයාගේ Account එකත් එක්ක සෙට් කරල තියෙන Device ටික. මම නම් Phone එක විතරයි. හොයන්න ඕන එක මෙතනින් තෝරන්න.

Step4.jpg

ඔය තියෙන්නේ නිකං දිලිසි දිලිසි :)
කෝ ලංකාව නෙමේනේ... අහ් මම ලංකාවේ නෙමේ ඉන්නේ, ඒකයි :P

Step5.jpg

ඉතින් මේ විදිහට Track කරල අපිට Phone එක තියෙන ස්ථානය (Location) , දුර සිට Lock කිරීම, Ring කිරීමටඅමතරව දුර ඉදන්ම මුලු Phone එකම මකල දාන්නත් Erase පුලුවන්.

මෙතනදි Location එක GPS දත්ත පදනම් කරගෙන තමා අරගෙන දෙන්නේ. ගොඩක් අය GPS On කරන්නේ නෑනේ. මාත් ඒ වගේ තමා. ඒත් මේ වැඩේදිනම් Off වෙලා තිබ්බ GPS එකත් නිකන්ම On උනා.

Phone එක Lock කරන්න දුන්නම අපිට කැමති Password එකක් ඇතුලු කරන්න පුලුවන්. ඒ වගේම තමා කැමති මැසේජ් එකක් ලියන්නත් මේ දුරකතනය යලි අපිට ලබා දෙන්න අපව සම්බන්ද කරගන්න දුරකතන අංකයක් පවා දෙන්න පුලුවන්.

Step6.jpg


Screenshot_2016-07-18-11-20-07.png

අනිත් එක තමා අපිට පොඩි Ring Cut එකක් දෙන්නත් පුලුවන්, මේ Option එකනම් ගොඩක් වටින්නේ Phone එක තියපු තැන හොයාගන්න බැරි වුන වෙලාවට. ඔය සමහරුන්ට හරියට අමතක වෙනවනේ Phone එක තිබ්බේ කොහෙද කියල. සමහරු ලග තියාගෙන හොයනව.

Erase කරන්න විකල්පයකුත් තියෙනව. මම මේක නම් අත්හදා බලන්න ගියේ නෑ. ඒ නිසා දන්නේ නෑ මේ Erase වීම සාමාන්‍ය Factory Reset එකක්ද නැත්තන් SD Card එකෙයි Internal Mem එකෙයි Format වීමක්ද කියල. අත්හදා බලපු කෙනෙක් ඉන්නව නම් Comment කරන්න බලන්න.

කොහොමත් මේ ඔක්කොම සෙල්ලම් දාන්න Phone එකේ Net තියෙන්න ඕන. ඒ වගේම Android Device manager එක Active කරල තියෙන්න ඕන. මේ ලින්ක් එකෙන් ගිහින් ඒ ටික හදාගන්න.
https://support.google.com/accounts/answer/3265955



 
Last edited:

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කොහොමත් මේ ඔක්කොම සෙල්ලම් දාන්න Phone එකේ Net තියෙන්න ඕන :P
     

    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    Maget ekak issuwa ban bus ekedi mata ninda gihilla phone eka athe thiyagenama :rolleyes: laga idapu eka phone eka aragena bahala gihin:angry::lol:thamath hoyanawa phone ekata mopkada une kiyala:yes:
     
    Last edited:

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,955
    3,001
    113
    PHONE EKA ISSUWOTH UN PHN EKA OFF KARNWA BN EETA PASSE ROOT KARALA HARI NAHNM THAWA MAASA 6KIN WITHARA THAMAI WENA SIM EKAK DALA USE KARANNE. ETH FACTORY FORMAT KARANWA.

    OKA POLICIYE EKEKMA THAMAI KIWWE. HODAMA DE imei NUMBER EKA MATHAKA THIYAGANNA. EKA DEELA POLICE CASE EKAK OPEN KAROTH trc MARGEN PHONE EKA HOYAGANNA PULUWAN WEI BOHO DURATA.
     
    Last edited:

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    PHONE EKA ISSUWOTH UN PHN EKA OFF KARNWA BN EETA PASSE ROOT KARALA HARI NAHNM THAWA MAASA 6KIN WITHARA THAMAI WENA SIM EKAK DALA USE KARANNE. ETH FACTORY FORMAT KARANWA.

    OKA POLICIYE EKEKMA THAMAI KIWWE. HODAMA DE imei NUMBER EKA MATHAKA THIYAGANNA. EKA DEELA POLICE CASE EKAK OPEN KAROTH trc MARGEN PHONE EKA HOYAGANNA PULUWAN WEI BOHO DURATA.

    බොහෝ දුරකථන වල ඉමි අංකය වෙනස් කළ හැකිය. ඩේටා ඕන් එකේ නම් මේ ක්‍රියාව හැකි ඉක්මනින් කරන්න ඕනේ. අලුත් ෆෝන් ලෝක් ස්ක්‍රීන් එකේ ඉඳල ඕෆ් කරද්දී පාස්වර්ඩ්, ෆ්රින්ගර්ප්‍රින්ට් පැටන් ඉල්ලනවා. බැටරි සිම් ලේසියට ගලවන්න අමාරු නිසා වෙලාව ටිකක් තියේවි.
    ඕෆ් කරන්න හරි සිම් එක ගලවන්න කලින් කරන්න ඕනේ. ඊට පස්සේ නම් සොරි තමා. ඉතුරු ලොක් ටික ඌ ඇරගනීවි.
     
    Last edited:

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    ඇන්ඩ්රොයිඩ් ෆෝන් වලට නේද මේක වැඩ කරන්නේ?