කිසිවෙක්ව විශ්වාස නොකළ ආඥාදායකයා: ජෝෂප් &#3523

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කිසිවෙක්ව විශ්වාස නොකළ ආඥාදායකයා: ජෝෂප් &#3523

    රුසියාවේ මොස්කව් අගනුවර සිට කිලෝමීටර් 1900ක් දුරින් තිබෙන ජෝර්ජියාව සාර්වාදී රුසියාව විසින් යටත් කරගෙන සිටින සමයේ, ජෝර්ජියාවේ ගෝරි නගරයේ ඉතා දිළිඳු පවුලකට 1878 දෙසැම්බර් 18 වනදා පිරිමි දරුවකු උපත ලැබීය. දෙමව්පියන් ඔහුට නම් තැබූයේ යෝසිෆ් විසාරියෝනොවිච් හූගාෂ්විලි ලෙස යි. මේ දරුවා දිනක ලෝක ඉතිහාසය වෙනස් කිරීමට දායක වන, විරුද්ධවාදීන් භීතියෙන් භීතියට පත්කරන පාලකයකු වන බව සිතීමට කිසිවෙකුට හේතුවක් නොවීය. ලෝකය මේ දරුවා පසු කලෙක හඳුනාගන්නේ ජෝෂප් ස්ටාලින් යනුවෙනි. ඈත යටත් විජිත රාජ්‍යයක උපන් කොලුවෙක් එතරම් දුරක් ගියේ කෙසේ ද? එය සොයාබැලීම වටී.
    KNG5T6u10PROWcIQ_1.jpg

    businessinsider1888 දී යෝසිෆ් අධ්‍යාපනය හදාරන්නේ පල්ලියේ පාසලේ දී යි. මවගේ බලාපොරොත්තුව වූයේ යෝසිෆ් දිනක පූජකයකු වනු දැකීම ය. 1894 වසරේ පාසල් අධ්‍යාපනය හමාර කරන ඔහු 1895 දී උසස් අධ්‍යාපනය සඳහා ජෝර්ජියාවේ අගනුවර බලා පිටත්වන අතර, ආගම සහ භාෂා විෂයයන් සඳහා පළමු වසරේ දී ඉතා ඉහළ දස්කම් දැක්වීමට සමත්වනවා. පසුව සිය අවධානයට ලක්වන මාර්ක්ස්වාදය අධ්‍යයනයට යොමු වූ ඔහු ලෙනින්ගේ ඉගැන්වීම් කෙරෙහි ද උනන්දුවක් දැක්වීය. එසේම ජෝර්ජියාව සාර් රුසියාවෙන් මුදාගත යුතු බව ද විශ්වාස කළේය. ක්‍රමයෙන් මාර්ක්ස්වාදියෙකු ලෙස විප්ලවවාදී දේශපාලනයට පිවිසුණු ඔහු පූජකවරයකු වීමේ ගමන සම්පූර්ණයෙන් අතහැර දැමීය. පසුව රැකියාවක් කරන අතරතුර දේශපාලන කටයුතු සඳහා යොමුවිය.
    DMBxSaS65ZGXgzip_2.jpg

    1894 දී (rarehistoricalphotos)මොස්කව් බලා යන ඔහු 1902 දී රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂයේ සාමාජිකත්වය ලබාගනියි. එය පසුකලෙක රුසියානු කොමියුනිස්ට් පක්ෂය ලෙස නම වෙනස්කරනු ලබන, සමාජ විප්ලවය වෙනුවෙන් 1898 දී ආරම්භ කරන ලද පක්ෂය යි.
    LL0NTSbxlRIBRRFz_3.jpg

    1906 දී තරුණයකු ලෙස (rarehistoricalphotos)වැඩ වර්ජන සංවිධානය කිරීමට දායකවීම නිසා 1903 දී අත්අඩංගුවට පත්වන ඔහුව සයිබීරියාවට පිටුවහල් කරනු ලැබුවත්, සයිබිරියාවෙන් පැනයාමට ඔහු සමත්වෙයි. අවස්ථා කිහිපයකම මෙසේ අත්අඩංගුවට පත්ව පිටුවහල් කිරීමට ලක්වුව ද යටත් නොවුණු ඔහුගේ අසීමිත කැපවීම නිසාම පටබැඳුණු නම වූයේ ‘ස්ටාලින්’ යන්නයි. එහි රුසියානු අරුත ‘වානේ වලින් සැදුනු මිනිසා’ යි.
    mrJPSpZ2u8QxiSTF_4.jpg

    1910දී අසර්බයිජානයේදී ස්ටාලින්ට ගොනුකල අපරාද චෝදනා පත්‍රයක් (rarehistoricalphotos)පක්ෂ මධ්‍යම කාරක සභාවට තේරී පත්වන ස්ටාලින්, පක්ෂයේ මධ්‍යම පුවත්පත වන ප්‍රව්දා හි වගකීම් ද ඉටුකළේ ය. කලකින් මීළඟ නායකයා වීමේ වැඩි අවස්තාව ලබා ගනිමින් 1922 දී ස්ටාලින් කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් තනතුරට පත්විය. 1917 ඔක්තෝබර් විප්ලවය ජය ගැනීමෙන් පසුව එළඹි ප්‍රතිවිප්ලවයේ දී වෙඩි පහරකට ලක්වීම නිසා තුවාල ලබා රෝගාතුර වූ ලෙනින් නායකත්වයෙන් සමුගැනීමට අලුත උපන් සෝවියට් දේශයට විශාල හානියක් වූයේ, මීළඟට පැමිණි ස්ටාලින් විසින් ලෙනින්වාදී ඉගැන්වීම් පසෙක දමා කටයුතු කිරීමත් සමග යි.
    7g4w7lNhRArgr1Gi_5.jpg

    Caption1922න් පසුව ද ලෙනින් ලිපි ලියමින් ස්ටාලින්ගේ හැසිරීම නිවැරදි කිරීමට උත්සාහ කළ නමුත් අසාර්ථක විය. 1924 දී ලෙනින් මියයාමත් සමග රුසියානු කොමියුනිස්ට් පක්ෂය ස්ටාලින්ගේ අත්තනෝමතික පාලනයට යටත් විය. ක්‍රම ක්‍රමයෙන් මධ්‍යම කාරක සභිකයන් තමන්ට යටත් කරගැනීමට කටයුතු කළ ස්ටාලින් ඔහුට එරෙහි වන්නන්ට උරුම කළේ මරණය හෝ සාර් විසින් ඔහුට සිදුකළාක් මෙන්ම සර්බියාවට පිටුවහල් කිරීම ය.
    zP0w8bA8cI1TdVVm_6.jpg

    රතු හමුදාව අමතන ලියෝන් ට්‍රොට්ස්කි (wikimedia)ලෙනින්ගේ ඉගැන්වීම වූයේ පාලන ක්‍රමය ප්‍රජාතාන්ත්‍රික මධ්‍යගත (වෙනස් අදහස් දැරීමේ අයිතිය පිළිගනිමින් බහුතර මතය ක්‍රියාවට නැගීම) වියයුතු බව ය. නමුත් ස්ටාලින් අනුගමනය කළ අත්තනෝමතික මධ්‍යගත පාලනයකි. බලහත්කාරයෙන් අනෙක් මත යටපත් කළ ඔහු පක්ෂය වෙනුවෙන්, විප්ලවය වෙනුවෙන් දිවි දෙවෙනි කොට සටන් කළ බොහෝ දෙනා මරාදමනු ලැබුයේ ඔහුට එරෙහිව යාම සහ ඔවුන්ගෙන් තමන්ට හානියක් වේයැ යි සැකකිරීම නිසාය.
    nXtcAgCde7AJOyTv_7.jpg

    කිරෝව්ගේ දේහය රැගෙන යන ස්ටාලින් (gettyimage)1934 දෙසැම්බර් මස 1 දා කොමියුනිස්ට් පක්ෂ දේශපාලන මණ්ඩලය නියෝජනය කළ සර්ජි කිරෝව් වෙඩි තබා ඝාතනය කර තිබුණි. ඔහුගේ අවමංගල්‍යයට රාජ්‍ය අනුග්‍රහය හිමිවිය. ස්ටාලින් පවා එහි පැමිණ ශෝකය පළ කරන ලදී. මෙම ඝාතනය ප්‍රතිවිප්ලවවාදීන් විසින් සිදුකළ ක්‍රියාවක් බවට චෝදනා කර, ඝාතකයන් සෙවීමට මෙහෙයුම් පවා දියත් විය. ස්ටාලින්ගේ දේශපාලන ප්‍රතිවාදීන් ඝාතනය කිරීමට හේතු සකසා ගන්නේ මෙම සිදුවීමෙනි. නමුත් ඇත්ත වශයෙන්ම සර්ජි කිරෝව් ඝාතනය සිදුකරවනු ලබන්නේ ස්ටාලින් විසින්ම ය.
    rNy3c1SrS8qxh4JJ_8.jpg

    1930දී කිරෝව් සමග ස්ටාලින් (gettyimage)කිරෝව්, පක්ෂය තුළත් රට තුළත් ඉතා ප්‍රචලිත චරිතයක් විය. ඔහු දිනෙක තමන්ගේ බලයට අභියෝගයක් වනු ඇති බවට ස්ටාලින්ගේ සැකය ඔහුව ඝාතනය දක්වා ගිය අතර, එම ඝාතනය දඩමීමා කරගනිමින් ඉතිරි විරුද්ධවාදීන් හඹා යාම ද අරඹන ලදී. මධ්‍යම කාරක සභාව, දේශපාලන මණ්ඩලය දක්වා බොහෝ පක්ෂ ක්‍රියාකාරිකයන් ඝාතනය කරන ලද අතර තවත් පිරිසක් සයිබීරියාවට පිටුවහල් කරන ලදී. ස්ටාලින්ම පැවසූ පරිදි ඔහුට කිසිදු අයෙක් පිළිබඳ විශ්වාසයක් නොවුණු අතර, බලය අහිමි වේ යන භීතියෙන් ජිවත් විය. පක්ෂයෙන් නෙරපා දැමුණු, ඔක්තෝබර් විප්ලවයේ රතු හමුදාවේ නියාමක වූ ලියොන් ට්‍රොට්ස්කි රටින් පිටුවහල් කර, පසුව 1940 දී මෙක්සිකෝවේ දී ඝාතනය කරවනු ලබන්නේ ද ස්ටාලින් විසිනි.
    eZ2yg8FipL26GzMi_10.jpg

    පස් අවුරුදු සැලැස්මේ ප්‍රචාරක දැන්වීමක් (wikimedia)ලෙනින්ගේ අකල් මරණය නිසා ස්ටාලින් නායකයා ලෙස පත්වූයේ අලුත් බිහිවූ රාජ්‍යයකට ය. වැඩවසම් පාලනය අවසන්ව වැඩි කල් නොගොස් තිබූ අතරම කෘෂිකර්මය, කර්මාන්ත දුර්වල මට්ටමක පැවතුනි. මේ නිසා සීඝ්‍ර සංවර්ධනයක් ඇති කිරීමේ අවශ්‍යතාව තදින් දැනෙන්නට විය. එහිදී ස්ටාලින්ගේ තීන්දු ඉතා දැඩි විය. මේ තීන්දු ක්‍රියාත්මක කරවාගැනීමට අනෙක් සියලුදෙනා තම මතයට යටත් පිරිසක් බවට පත්කර ගැනීමේ දැඩි අවශ්‍යතාව දැනුනි. ලෙනින් විසින් සෝවියට් දේශයට නව ආර්ථික වැඩ පිළිවෙල හඳුන්වා දෙනු ලබන්නේ ඌන සංවර්ධන රාජ්‍යයක් එකවර පොදු දේපල ක්‍රමයකට ගෙන යාමට දැරූ උත්සාහය බොහෝ නරක ප්‍රථිපල ඇතිකරන බව දුටු නිසා ය. සාමූහික ගොවිපල ක්‍රමය යටතට ගොවීන් එකවර කැඳවීම දුෂ්කර වූ අතර ලෙනින් 1921 දී නව ආර්ථික වැඩ පිළිවෙල ඉදිරිපත් කරමින් කෘෂිකර්මය මෙන්ම කර්මාන්ත ක්‍රමිකව වර්ධනය කිරීමට උත්සහ දැරීය.
    mDz5ruenPJspp1JB_11.jpg

    Dnieper ජලවිදුලි බලාගාරය ඉදිකිරීම් අතරතුර(wikipedia)මෙම නව ආර්ථික වැඩ පිළිවෙල 1928 දක්වා ස්ටාලින් යටතේ ද ක්‍රියාත්මක වූ අතර 1928 දී ස්ටාලින් විසින් පස් අවුරුදු සැලැස්මක් ඉදිරිපත් කළේ ය. මේ තුලින් සාමූහික ගොවිපල ක්‍රමය, කාර්මීකරණය සීඝ්‍ර කරන ලද අතර නිෂ්පාදනය මහා පරිමාණයෙන් ඉහළ දමාගැනීම ජාතික අවශ්‍යතාවයක් ලෙස මතුකරන ලදී. ස්ටාලින් ලෙනින් මෙන් ජනතාව ගැන සංවේදී වූ පාලකයෙක් නොවීය. එනිසා ඔහු මෙම සංවර්ධන ඉලක්ක ළඟා කරගැනීමට බලහත්කාරී ක්‍රියා වෙත එළඹිනි. ගොවි නිෂ්පාදන සඳහා අනිවාර්යය කොටසක් බදු ලෙස රජයට ගෙවීමේ නියෝග නිකුත් කරන ලදී. අතිරික්ත නිෂ්පාදනයක් නොවූවත් රජයේ කොටස ගෙවීම අනිවාර්යය විය. එය සැපිරීමට නොහැකි වූවන් සයිබීරියාවට පිටුවහල් කෙරිණි. එසේ රැස්කළ ධනය යෙදවූයේ රට කාර්මීකරණය කිරීමට යි. සාගතය පවා පැතිරුනේ මෙම අත්තනෝමතික ක්‍රියා කලාපය නිසා ය.
    කෙසේ නමුත් පස් අවුරුදු වැඩ පිළිවෙල සාර්ථක වන බව පෙනෙන්නට විය. නිෂ්පාදනය දැවැන්ත ලෙස ඉහළ ගිය අතර රට ඉතාමත් ඉක්මනින් ඉහළටම ගමන් කරන්නට විය. 1929 ලෝක මහා ආර්ථික අර්බුදය පැමිණ යුරෝපය, එක්සත් ජනපදය අර්බුදයට යන විට සෝවියට් ආර්ථිකය පිමි ගසා ඉදිරියට ඇදෙන්නට විය. 1917 දී සාක්ෂරතාවක් පවා නොමැතිව සිටි රාජ්‍යය වසර 40ක් පසුවනවිට අභ්‍යවකාශය ජයගැනීමේ තරගයේ නිරතවීමෙන් සංවර්ධනයේ වේගය අවබෝධ කරගත හැකි ය. නමුත් ඒ සඳහා මිල ගෙවූ දහස් ගණනින් සෝවියට් වැසියන් සිටි බව අමතක කළ යුතු නැත. 1928-1932 පළමු පස් අවුරුදු වැඩ පිළිවෙල ක්‍රියාත්මක කළ අතර 1932-1937 ද 1938-1941 ද ලෙස දෙවන සහ තුන්වන පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක විය. මේ යුගයන් තුළ ගල් අඟුරු, බොර තෙල්, වානේ නිෂ්පාදනයන් දැවැන්ත ලෙස ඉහළ දමන ලද අතර කෘෂිකර්මය කාර්මීකරණය කරමින් ඉතා ඉහළ අස්වනු ලබන තත්ත්වයකට පරිවර්තනය කරන ලදී.
    kyW3lsskeeEbpsRs_1034084516.jpg

    අත් බෝම්බයක් විසිකීරිමට සැරසෙන රතු හමුදා සෙබලෙක් (1942) (RT)ස්ටාලින් විසින් සිදුකළ වරදක් වන්නේ නායකයකු ලෙස පුද්ගලිකත්වය ඉස්මතු කර පෙන්වීම යි. සෑම රජයේ ආයතනයකම ඔහුගේ ඡායාරූපය ප්‍රදර්ශනය අනිවාර්යය වූ අතර පසුව ප්‍රතිමා ආදිය ද ඉදිකරන ලදි. තමන් ජීවතුන් අතර සිටින විටදීම තමන්ගේ නාමය ඉතිහාසයේ ලියා තැබීමට උත්සාහ කිරීම දුර්වල ක්‍රියාවක් බව වටහාගෙන නොතිබූ ඔහු වටා සිටි නිලධාරීන් ද එය වර්ධනය කරන්නට විය.
    9bRbWa1t5tdfeE1w_12.jpg

    ‘ස්ටාලින් දරුවන්ගේ අනාගතය ආලෝකමත් කරයි’ යන පෝස්ටරයක් (pinterest)හිට්ලර් 1941 දී බාබරෝසා මෙහෙයුමෙන් සෝවියට් දේශය ද ආක්‍රමණය කරන ලදී. ජර්මන් බලඇණි සෝවියට් දේශය තුළට ක්‍රමයෙන් කඩා වදින විටත් මොස්කව් නගරයෙන් පසුබැසීම ප්‍රතික්ෂේප කළ ස්ටාලින් යුද්ධය තීරණාත්මක ලෙස ආපසු හැරවීමට සමත් වුයේ ස්ටාලින්ග්‍රාද් මෙහෙයුමේ දී ය. ජර්මන් බලඇණි ශීත සෘතුව තෙක් රඳවා ගනිමින් ප්‍රතිප්‍රහාර එල්ල කරමින් ගොස් අවසානයේ නැවතුනේ ජර්මනියේ බර්ලින් නගරයෙන්ය. හිට්ලර්ගේ පුද්ගලික බංකරය පවා අත්පත් කරගැනීමට සෝවියට් රතු හමුදා සමත්විය.
    Ddq7t9EziuLe7ppA_15.png

    ටෙහෙරාන් සමුළුව 1943- ස්ටාලින්, රූස්වෙල්ට්, චර්චිල් (Wikipedia)ස්ටාලින්ගේ නායකත්වයෙන් ඉටුකළ දැවැන්තම කාර්යය සෝවියට් දේශය දියුණු කිරීම ද දෙවන ලෝක යුද්ධය ජයග්‍රහණය කිරීම ද යන දෙකෙන් එකක් විය හැක. යුද්ධයේ දී ඔහු තම පුත්‍රයෙකු පවා කිසිදු පැකිලීමකින් තොරව සතුරාට කැප කළේ ය. රතු හමුදාවට එක්ව සේවය කළ එක් පුත්‍රයකු වූ යාකොව් හුගශ්විලි ජර්මන් හමුදා විසින් ග්‍රහණයට ගැනීමට සමත්වන අතර, ඔහු ස්ටාලින්ගේ පුත්‍රයා බව සොයා ගැනීමෙන් පසුව ඔහුව නිදහස් කිරීමට නම් අත්අඩංගුවේ සිටින තම නිලධාරීන් නිදහස් කරන ලෙස ජර්මනියෙන් දැනුම් දෙයි. ස්ටාලින් එයට එකඟ නොවූ නිසා යොකොව් මරා දමන ලදී. බර්ලිනය දක්වා රතු ධජයෙන් සැරසු යුධ ජයග්‍රහණය වෙනුවෙන් සෝවියට් වැසියන්ට ගෙවීමට වූ මිල අධිකය. සෝවියට් දේශයට අහිමි වූ සමස්ථ ජිවිත ප්‍රමාණය කෝටි දෙකකට අධික ය. දේපල ගණනය කළ නොහැකි තරම්ය. යම් හෙයකින් එදා සෝවියට් දේශය පරාජය වූයේ නම් ලෝක ඉතිහාසය මීට වෙනස් වන්නට ඉඩ තිබුණි.
    AmiCIDHn6ZQJw4rJ_14.jpg

    නාසි යටතේ සිටින යාකොව් (rarehistoricalphotos)දෙවන ලෝක යුද්ධයෙන් පසුව සීතල යුද්ධය අරම්භ වන අතර ‘අභ්‍යවකාශ යුද්ධය’ද තීව්‍ර වේ. අභ්‍යවකාශ තරඟයේ ජයග්‍රහණ දැක බලා ගැනීමට පෙර 1953 මාර්තු මස 5 වනදා වානේ මිනිසා ලෙස නම් ලද ජෝෂප් ස්ටාලින් මිය ගියේය. අවසන් ගෞරව දැක්වීමට ලක්ෂ ගණනින් ජනයා පැමිණියේය.
    apLhW4EcuboDgrL7_16.jpg

    historyconflicts
    fBfolyQksI8Lt8AJ_17.jpg

    pinterest