කීර්ති ශ්‍රී රාවණා රජතුමා

Rawana.

Member
Jan 23, 2011
81
5
0
කීර්ති ශ්‍රී රාවණා රජතුමා


මහා රාවණා රජුගේ පිළිමය ලංකාවෙන් මතුවේ


June 9, 2013 at 9:59 am | lanka C news

මහා රාවණා රජුගේ පිළිමය ලංකාවෙන් මතුවේ
තවමත් මන:කල්පිතයක් සහ පුරාවෘත්තයක් සේ සලකන කීර්ති ශ්‍රී රාවණා රජුගේ සිහිමූර්ඡා වූ ශරීරය සහ පොළොව යට සැඟ වී ඇතැයි කියනු ලබන රාවණා රාජධානිය පිළිබඳ තවත් තොරතුරු අනාවරණව කරමින් වසර 500 කටත් වඩා පැරැණි, ලංකාවේ දැනට සොයාගෙන ඇති පැරැණිම සහ එකම රාවණා රජුගේ පිළිමය අනාවරණය කර ගෙන තිබේ.

වටිනා ඖෂධිය ශාකයක් වූ කොහොඹ ගසේ ලීයෙන් නෙළන ලද මේ පිළිමය හිස් දහයකින් සහ අත් විස්සකින් සමන්විතයග මේ හිස් දහයේ මුහුණ විවිධ ඉරියව්වලින් සමන්විත වන අතරල එම ඉරියව් එකිනෙකට වෙනස් ආකාරයේ හැඟීම් ප්‍රකාශ කෙරේ.

හොඳින් වැඩුණු මිනිසකුගේ උස මහත ඉක්මවා යන පාංශු දේහධාරී ශරීරයකින් හෙබි රාවණා පිළිමය වර්ණ ගන්වා ඇති අතර, පිළිමයේ වම් පාදයේ දණහිසෙන් පහළ කොටස සහ අත්වල රඳවා තිබූ සමහර ආයුධ කැඩී බිඳී විනාශ වී ඇත. එසේම පිළිමයේ ගල්වා ඇති වර්ණ කොටස සමහර ස්ථානවලදී දුර්වර්ණ වී තිබේ.

සොයාගනු ලැබූ මේ පිළිමයට පුද පූජා, ගරු සත්කාර පවත්වා රාවණා වරම් යදිමින් පිළිමයට බලය සහ තේජස ලබාදීමේ පූජා කටයුතු මේ දිනවල ඉතා අප්‍රසිද්ධියේ සිදු කෙරෙමින් පවතී. මේ සඳහා රාවණා අඳුන සහ රාවණා මන්ත්‍රය භාවිත කෙරේ.

එසේම, රාවණා පිළිමය තැන්පත් කිරීම සඳහා රාවණා, දේවාලය නමින් දෙවොලක්ද මේ වන විට ඉදිවෙමින් පවතින අතර, එහි වැඩකටයුතු දැන් බොහෝදුරට අවසන් වෙමින් තිබේ. ඉතා නුදුරේදීම එම රාවණා දේවාලය වැඳුම් පිදුම් කටයුතු සඳහා ජනතාවට විවෘත කෙරෙනු ඇත. එවිට එය ලංකාවේ ප්‍රථම රාවණා පිළිමය රැගත් තෙද බලැති ‘කීර්ති ශ්‍රී රාවණා රජු දේවාලය’ වන බව රාවණා පිළිම දේවාල භාරකාරිත්වය පවසා සිටී.

ඉතිහාසය දක්වන අන්දමට රාවණා රජු ඉන්දියාවේ විසූ රාම කුමරුගේ බිරිය වූ සීතා දේවිය දඬු මොනරයෙන් පැහැරගෙන ආ බවත්, එයින් උරණ වූ රාම කුමරු ‘රාම සරය’ නම් විස හීය මුදාහළ බවත්, එම හී පහර වැදී රාවණා රජු සිහිමූර්ඡා වූ බවත් කියැවේ.

සිහිමූර්ඡා වූ රාවණා රජුගේ ශරීරය බඹ හැටක් පොළොව යටින් තැන්පත් කර ඒ මත පස් සහ ගල් දමා වසා දැමූ බවත් එම ඉතිහාසයෙන් හෙළිවෙයි.

ඉතිහාසය කරුණු දක්වන පරිදි රාවණා රජු යම් කාලයක එම සිහිමූර්ඡා වූ තත්ත්වයෙන් මිදී යළි නැඟිටින අතර, එවිට ලංකා රාජධානිය කේන්ද්‍ර කරගනිමින් සමස්ත ලෝකයම පාලනය කරනු ඇත. එසේම මේ උදාවී ඇත්තේ රාවණා රජු යළි අවදිවීමට පෙර ගතවන පූර්ව රාවණා උප්පත්ති කාලය බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.

මේ අනුව රාවණා පුවත පසුගිය කාලය පුරා යළි මතු වූ අතර, ඒ පිළිබඳ නිල සහ නොනිල ගවේෂණයක් සිදු කෙරිණි.
 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
මාත් මේ නිවුස් එක දැක්කා.. නමුත් ඉතින් තියන ඩිමාන්ඩ් එක නිසා එක පාරටම ආ ඒක ඇත්ත කියන්නත් බෑ.. මොකද මේ දවස් වල මිනිස්සු නම ගන්න නොකරන දෙයක් නෑ
 

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ravana1.gif


    25915_2.jpg


    Ravana1.jpg


    රාවනා රජතුමා හින්දු ආගම අනුව අවුරුදු 500 පමණ පෙර නෙලූ පිළිමයකි,
    කොහෙන්ද බන් රාවනා රජතුමාට "කිර්ති ශ්‍රී" කියලා කැල්ලක් අවේ , අපේ උන් නැති දේවල් මවලා පේනන්නවද ?
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කීර්ති ශ්‍රී රාවණා රජතුමා..:oo: කීර්ති ශ්‍රී කෑල්ලකුත් තිබුණද බං..:baffled:
    නැත්තං අපේ එවුන් දාපු එකක්ද..?

     

    Rawana.

    Member
    Jan 23, 2011
    81
    5
    0
    රාවනා රජතුමාට හිස් දහයක් අත් 20ක් තියෙනවා කියන එකෙන් අදහස් වන්නේ මානවයෙක් මෙන් දස ගුනයක ඥාණයක් සහ විසි ගුනයක කුසලතාවයක් සහිත පරිණාමික ශක්තියක් තිබෙන ඉහලට පරිණාමය වුන පිටසක්වල ජීවියෙක්. කතරගම දෙවියන්ට තියෙන්නේ මූනු සයයි අත් දොලසයි.ඒ කියන්නේ මානවයන් මෙන් සය ගුනයක ඥාණයක් සහ දොලොස් ගුනයක කුසලතාවයක් සහිත වීමයි.
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    කීර්ති ශ්‍රී රාවණා රජතුමා..:oo: කීර්ති ශ්‍රී කෑල්ලකුත් තිබුණද බං..:baffled:
    නැත්තං අපේ එවුන් දාපු එකක්ද..?



    මේ පිළිමේ අතේ තියන හිසක් සහිත දිග පොල්ලක් වැනි කොටස බලන්න. අ.500 පොලව යට මේක තිබුනානම් මෙය බොහෝදුරට කැඩෙන්න ඉඩතිබුන.....අනික මෙමෙ පිළිමයේ තියෙන්නේ 19-20 සියවස් වල දකුණු ඉන්දීය දේවාලවල පිළිම කලාවේ ලක්ෂණ :no: