Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුංකුණාවේ හාමුදුරුවෝ සහ තවත් කතා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්සර කාලෙ ඒ කිව්වෙ ඉස්සරම ඉස්සර කාලේ හඳ තරු තිබුණෙ නෑ. ඉර විතරයි අහසෙ හිටියෙ. තනියම නෙවෙයි, එයාගෙ ගින්දර භටයොත් එක්ක. ඒගොල්ලන්ගෙ අහස් මාළිගාව ළඟ තිබුණා රත්තරන් පාට කුරුල්ලො ඉන්න උද්‍යානයක්. ඒ කුරුල්ලො ගෙනත් දෙන පළතුරු තමයි ඉර යි එයාගෙ යාළුවොයි කෑවෙ. ඉර හැමදාම උදේට ගින්දර භටයොත් අරගෙන අහස් මාළිගාවෙ මිදුලට ඇවිත් සෙල්ලම් කරනවා. එහෙ මෙහෙ දුවනවා.. එතකොට තමයි ලෝකෙට එළිය වැටෙන්නෙ. ගින්දර භටයො ඉර පස්සෙ දුවද්දි හරියට ඊතල වගේ. මෙහෙම හවස් වෙනකම් සෙල්ලම් කරලා මූණවල් රතුම රතු පාට කරගෙන තමන්ගෙ විමානෙට ගිහින් නිදා ගන්නවා.

හඳ හිටියෙ පොළවෙ තිබුණ මායා කන්ද කියන මහ විසාල කඳු පන්තිය පාමුල. මායා කන්ද කිව්වට ඒකෙ මායාකාරයො හිටියෙ නෑ. හඳ පදිංචි වෙලා හිටියෙ එයාගෙ හොඳම යාළුවා හා හාමිත් එක්ක සූකිරිවලින් හදපු ගෙදරක. එයාලගෙ ගෙදර ළඟින් මී පැණි ගංගාවක් ගලාගෙන ගියා. හා හාමියි හඳ යි ලස්සන වුණේ ගෙදර හදන කිරි කාලා ඒ ගඟෙන් මී පැණි බීලා. හඳ බොහොම සන්සුන්. ඒ හැටි කළබලයක් නෑ. හවස් වෙනකොට එයා හා හාමිත් එක්ක මායා කන්ද මුදුනට නගිනවා. ඒ නගින ගමන් ලස්සන මල් පිපිලා තිබුණොත් එයාලා එක්ක කතා කරනවා. මෙහෙම ගිහින් ගිහින් මහ රෑ වෙද්දි තමා ඒගොල්ලො කන්ද මුදුනට යන්නෙ. අන්න ඒ වෙලාවට තමයි අහසෙ ඉඳලා සුරංගනාවියො පොළවට එන්නෙ.

සුරංගනාවියො බොහොම වැඩ අධික උදවිය. ඒගොල්ලො තමයි මල් වලට පාට දෙන්නෙ. පුංචි දරුවන්ට නින්දෙන් හීන පෙන්නන්නෙත් ඒ අය ම තමයි. හීන පෙන්නන එක සමගියෙන් කළත් මල්වලට පාට දෙනකොට නම් ටිකක් කලබලයි. එක්කෙනෙකුට රෝස මලකට රතු පාට දෙන්න ඕනෙ වෙනකොට තව කෙනෙකුට ඒකට කහ පාට දෙන්න ඕනෙ වෙනවා. මේකට වාද කරද්දි ඒ ගොල්ලන්ගෙ සළුවල තියෙන මුතු ඇට සර සර ගාලා මල් පෙති උඩට වැටෙනවා. උදේට මල් පෙති උඩ පිනි වැටිලා කියන්නෙ එහෙම වැටෙන මුතු ඇටවලට තමයි.

මේ සුරංගනාවියො හඳයි හා හාමි යි එක්ක බොහොම යාළුයි. එයාලා එකතුවෙලා පාන්දර වෙනකම් හිනාවෙන සෙල්ලම කරනවා. නැත්නම් සින්දු කියනවා. සතුටින් ඉන්න කොට හඳෙන් රැස් විහිදෙනවා. ඒ රැස් බොහොම සෞම්‍ය යි. ඉතින් උදේ වෙන්න කලින් සුරංගනාවියො අහසේ තියෙන ඒගොල්ලන්ගෙ විමානෙට යනවා. යන ගමන් එයාලට ගිනි භටයො එක්ක සෙල්ලමට යන ඉර මුණ ගැහෙනවා. දෙගොල්ලො ආයුබෝවන් කියලා ඔළුව නමලා ආචාර කරලා තම තමන්ගේ වැඩවලට යනවා.

හඳ යි හා හාමි යි මායා කන්ද පාමුළ ගෙදරට ගිහින් කිරි කාලා මී පැණි බීලා නිදාගන්නවා. සමහර දාට හඳ වැඩිපුර මී පැනී බීලා වහලෙන් සූකිරිත් කඩාගෙන කාලා මත්වෙලා කම්මැලියෙක් වගේ දවසක් ම එක දිගට නිදියනවා. එදාට රැස් විහිදෙන්නෙ නැති නිසා මුළු රෑම කළුවර වෙනවා. හා හාමිට කම්මැලියි හඳ නිදා ගත්තම. එතකොට හා හාමි කරන්නෙ කකුලෙන් ඇදලා ඇදලා පහුවදාට හරි හඳ ඇහැරවගන්න එක. ඒ වගේ දවසට හඳ කන්ද නගින්නෙ නිදිමතේ. ඉතිං එදාට හඳ එළියත් අඩුයි. ඒ වුනාට හැමදාම එහෙම වෙන්නෙ නෑ. ඉඳහිට තමයි හඳ නිදිමතයෙක් වෙන්නෙ. ඔහොම තමයි කාලය ගතවෙලා ගියේ දවසක් එකපාරට ම හැමදේම වෙනස් වෙනකම්.

එක දවසක් පාන්දර ලෝකෙට එළිය බෙදලා කන්ද දිගේ සෙල්ලමට රෝල් වෙවී ඇවිත් හඳ යි හා හාමි යි හොඳට ම නිදාගෙන හිටියා. ඔන්න එතකොට ආවා මහා කුණාටුවක්. ඒ කුණාටුවට ගස්වැල් බයවෙලා කෙඳිරි ගෑවා. මී පැණි ගඟ ගල් වුණා. හඳ ට අයිති සූකිරි ගෙදර බිත්ති දෙදරුවා. හා හාමි උඩ ගිහින් බිම වැටිලා කකුල් තුවාල කර ගත්තා. හඳ කළබල වෙලා එළියට පැනලා බැලුවා. ඔන්න බලද්දි ගේ ළඟ උසට උසේ හිටගෙන ඉන්නවා වස නපුරු පාට මිනිහෙක්. මිනිහෙක් කිව්වට ඇස් රතුම රතුයි. නියපොතු දිගයි. නියපොතු රැවුලෙ පැටලිලා. අතේ ගිනි ගන්න හිස් කබලක්.

"නුඹ කවුද? නුඹ මොකද මගේ නින්ද කැඩුවෙ?"

හඳ බයවෙලා ඇහුවා.

"මම? අපොයි! නුඹ මාව දන්නෙ නැතිද? මම තමයි මේ කන්ද අයිති මායාකාරයා. මම අවුරුදු ලක්ෂයක් නිදාගෙන ඉඳලා අදයි ඇහැරුණේ."

"නුඹට මොනවද ඕනෙ?" හඳ ඇහුවා.

"හහ් හහ් හා..." මායාකාරයා හිනාවෙනකොට පොළව දෙදරුවා.

"මට හරි බඩගිනියි. මම මේ පොළවෙ මිනිස්සු ඔක්කොම කාලා දාන්නයි යන්නෙ. අවුරුදු ලක්ෂයක් මම හිටියෙ බඩගින්නෙ. මටයි මේ කන්ද අයිති. වහාම පිටවෙයං. නැත්නම් මම නුඹවත් කාලා දානවා."

"නුඹට අයිතියක් නෑ මිනිස්සුන්ව කන්න." හඳ බය සඟවගෙන නිර්භීත වෙලා කිව්වා.

"හහ්! නුඹ මොනව කරන්නද මට? බලාපන් මම නුඹට කරන දේ" මායාකාරයා ගෙරෙව්වා.

හඳ යි මායාකාරය යි මෙහෙම වාද විවාද කරන අතරෙ හා හාමි බැරි බැරි ගානෙ කන්ද නැග ගත්තා. දවල් වෙලාව නිසා සුරංගනාවියො නෑ කන්ද මුදුනෙ. හා හාමි අහසටයි පොළවටයි ඇහෙන්න කෑ ගැහුවා. මේ සද්දෙ ඇහුණු ඉරට අයිති ගිනි භටයො සුරංගනාවියන්ට පණිවුඩය කිව්වා. සුරංගනාවියො සුරංගනා විමානෙන් එළියට ඇවිත් පියාඹලා හා හාමි ළඟට ආවා. හා හාමි බොහොම කළබලෙන් මායාකාරයා ගැන කිව්වා. මොකද හා හාමිට යි හඳට යි ඉන්න හොඳම යාළුවො තමයි සුරංගනාවියො. ඒගොල්ලො වාද නොකර කල්පනා කරල නුවණැති තීරණයක් ගත්තා.

"අපි මේක ඉරට කියමු.. එයා තමයි දවල් කාලෙට ඉන්න බලවත් ම කෙනා"

ඉතිං සුරංගනාවියො හති දාන්නෙ නැතිව ගිහින් ඉරට මේ විස්තරය කියලා උදව් ඉල්ලුවා. ඒගොල්ලො හති දැම්මෙ නෑ.. මොකද ඒගොල්ලො සුරංගනාවියොනෙ. ඉර ඉතිං සෙල්ලමට කැමති යි. ඒ වගේම බොහොම කරුණාවන්තයි. ඉර කැමති වුණා මායා කන්ද පාමුලට ඇවිත් හඳ යි මිනිස්සුන්ව යි බේර ගන්න.

ඊට පස්සෙ වුණ දේවල් හරියට සුරංගනා කතාවක් වගේ. ඉර එයාගෙ ගිනි භටයො එක්ක ඇවිත් ගිනි අවුළුවලා මායාකාරයව පන්නලා දාලා පොළවෙ උදවියව බේර ගත්තා. මායාකාරයට ආයෙත් කන්ද ඇතුළට ගිහින් නිදා ගන්න බැරි වෙන්න මායා කන්ද ඇතුළින් ගිනි ගන්න කන්දක් කළා. මිනිස්සු ඊට පස්සෙ ඒකට ගිනි කන්ද කියල නම දැම්මා. ඒකෙන් වුණේ මිනිස්සු බේරුණාට හඳට එයාගෙ මී පැණි ගඟ ළඟ සූකිරි ගෙදර නැති වුණ එකයි. ඉරට බොහොම කණගාටු යි. ඉර කල්පනාකරලා නළලට තට්ටු කරගෙන බැරෑරුම් විදිහට මෙහෙම කිව්වා.

"හඳ, නුඹ වරෙන් මගේ විමානෙට... ඒක බොහොම විසාලයි. නුඹට ඉඩ ඇති. ඇරත් අපි දෙන්නම කරන්නෙ ලෝකෙට එළිය දෙන එකනෙ. "

හඳ මුලින් අකමැති වෙලා පස්සෙ කැමති වුණා. හැබැයි ඒ හා හාමිටත් හඳ එක්ක ඉන්න දෙන පොරොන්දුව පිට. ඔන්න ඔහොමයි හඳ අහසට ගියේ.

එදායින් පස්සේ ඉක්මණින් පොළවෙ වැඩ ඉවර කරපු සුරංගනාවියෝ ආයෙත් අහසට නැගලා හඳයි හා හාමියි එක්ක සෙල්ලම් කරනවා. ඒ වුණාට ඒගොල්ලො තාමත් "ලස්සනම අත්තටු තියෙන්නෙ කාටද" වගේ දේවල්වලට වාද වෙනවා. එතකොට එයාලගෙ සළු වලින් වැටෙන මුතු කැට අහස පුරා විසිරෙනවා. ඒවට කියන්නෙ තරු කියලා. ඉරයි හඳයි නම් බොහොම සමගියෙන් තමයි අහස් විමානේ ඉන්නෙ. එදා තුවාල වුණ නිසා අහසට ගියාට පස්සෙ

අහස තියෙන්නෙ උඩ නිසා හා හාමි නම් ඉන්නෙ ම හඳ තුරුළට වෙලා. මොකද එයා එදා මායාකාරයා ආපු දවසේ ‘උඩ ගිහින් බිම වැටිලා’ බය වුණානෙ. නමුත් හඳ රැස් නම් දැන් ඉස්සරටත් වඩා සෞම්‍යයි. හඳ ඉන්නෙ සතුටින්. ඒ වුණාට හිටපු ගමන් සුරංගනාවන්ගෙන් මී පැණි ඉල්ලන් බීලා නිදිමතයෙක් වෙනවා. මිනිස්සු එදාට කියන්නෙ අමාවක රෑ කියලා.

මේව ගැන මිනිස්සු ගොඩක් කවි කතන්දර ලිව්වා. අදටත් ඒවා පොත්වල ලියලා රත්තරන් පාට පීත්ත පටිවලින් බැඳලා ඒ රටේ පරිස්සමට තියෙනවා. ඒ සිද්ධිය පරම්පරාවෙන් පරම්පරාවට මිනිස්සු තමන්ගෙ ළමයින්ට, ළමයින්ගෙ ළමයින්ට කියල දෙනවා.

[QUOTE="laknath123, post: 14967645, member: 37140"] [SIZE="4"]ඉස්සර කාලෙ ඒ කිව්වෙ ඉස්සරම ඉස්සර කාලේ හඳ තරු තිබුණෙ නෑ. ඉර විතරයි අහසෙ හිටියෙ. තනියම නෙවෙයි, එයාගෙ ගින්දර භටයොත් එක්ක. ඒගොල්ලන්ගෙ අහස් මාළිගාව ළඟ තිබුණා රත්තරන් පාට කුරුල්ලො ඉන්න උද්‍යානයක්. ඒ කුරුල්ලො ගෙනත් දෙන පළතුරු තමයි ඉර යි එයාගෙ යාළුවොයි කෑවෙ. ඉර හැමදාම උදේට ගින්දර භටයොත් අරගෙන අහස් මාළිගාවෙ මිදුලට ඇවිත් සෙල්ලම් කරනවා. එහෙ මෙහෙ දුවනවා.. එතකොට තමයි ලෝකෙට එළිය වැටෙන්නෙ. ගින්දර භටයො ඉර පස්සෙ දුවද්දි හරියට ඊතල වගේ. මෙහෙම හවස් වෙනකම් සෙල්ලම් කරලා මූණවල් රතුම රතු පාට කරගෙන තමන්ගෙ විමානෙට ගිහින් නිදා ගන්නවා. හඳ හිටියෙ පොළවෙ තිබුණ මායා කන්ද කියන මහ විසාල කඳු පන්තිය පාමුල. මායා කන්ද කිව්වට ඒකෙ මායාකාරයො හිටියෙ නෑ. හඳ පදිංචි වෙලා හිටියෙ එයාගෙ හොඳම යාළුවා හා හාමිත් එක්ක සූකිරිවලින් හදපු ගෙදරක. එයාලගෙ ගෙදර ළඟින් මී පැණි ගංගාවක් ගලාගෙන ගියා. හා හාමියි හඳ යි ලස්සන වුණේ ගෙදර හදන කිරි කාලා ඒ ගඟෙන් මී පැණි බීලා. හඳ බොහොම සන්සුන්. ඒ හැටි කළබලයක් නෑ. හවස් වෙනකොට එයා හා හාමිත් එක්ක මායා කන්ද මුදුනට නගිනවා. ඒ නගින ගමන් ලස්සන මල් පිපිලා තිබුණොත් එයාලා එක්ක කතා කරනවා. මෙහෙම ගිහින් ගිහින් මහ රෑ වෙද්දි තමා ඒගොල්ලො කන්ද මුදුනට යන්නෙ. අන්න ඒ වෙලාවට තමයි අහසෙ ඉඳලා සුරංගනාවියො පොළවට එන්නෙ. සුරංගනාවියො බොහොම වැඩ අධික උදවිය. ඒගොල්ලො තමයි මල් වලට පාට දෙන්නෙ. පුංචි දරුවන්ට නින්දෙන් හීන පෙන්නන්නෙත් ඒ අය ම තමයි. හීන පෙන්නන එක සමගියෙන් කළත් මල්වලට පාට දෙනකොට නම් ටිකක් කලබලයි. එක්කෙනෙකුට රෝස මලකට රතු පාට දෙන්න ඕනෙ වෙනකොට තව කෙනෙකුට ඒකට කහ පාට දෙන්න ඕනෙ වෙනවා. මේකට වාද කරද්දි ඒ ගොල්ලන්ගෙ සළුවල තියෙන මුතු ඇට සර සර ගාලා මල් පෙති උඩට වැටෙනවා. උදේට මල් පෙති උඩ පිනි වැටිලා කියන්නෙ එහෙම වැටෙන මුතු ඇටවලට තමයි. මේ සුරංගනාවියො හඳයි හා හාමි යි එක්ක බොහොම යාළුයි. එයාලා එකතුවෙලා පාන්දර වෙනකම් හිනාවෙන සෙල්ලම කරනවා. නැත්නම් සින්දු කියනවා. සතුටින් ඉන්න කොට හඳෙන් රැස් විහිදෙනවා. ඒ රැස් බොහොම සෞම්‍ය යි. ඉතින් උදේ වෙන්න කලින් සුරංගනාවියො අහසේ තියෙන ඒගොල්ලන්ගෙ විමානෙට යනවා. යන ගමන් එයාලට ගිනි භටයො එක්ක සෙල්ලමට යන ඉර මුණ ගැහෙනවා. දෙගොල්ලො ආයුබෝවන් කියලා ඔළුව නමලා ආචාර කරලා තම තමන්ගේ වැඩවලට යනවා. හඳ යි හා හාමි යි මායා කන්ද පාමුළ ගෙදරට ගිහින් කිරි කාලා මී පැණි බීලා නිදාගන්නවා. සමහර දාට හඳ වැඩිපුර මී පැනී බීලා වහලෙන් සූකිරිත් කඩාගෙන කාලා මත්වෙලා කම්මැලියෙක් වගේ දවසක් ම එක දිගට නිදියනවා. එදාට රැස් විහිදෙන්නෙ නැති නිසා මුළු රෑම කළුවර වෙනවා. හා හාමිට කම්මැලියි හඳ නිදා ගත්තම. එතකොට හා හාමි කරන්නෙ කකුලෙන් ඇදලා ඇදලා පහුවදාට හරි හඳ ඇහැරවගන්න එක. ඒ වගේ දවසට හඳ කන්ද නගින්නෙ නිදිමතේ. ඉතිං එදාට හඳ එළියත් අඩුයි. ඒ වුනාට හැමදාම එහෙම වෙන්නෙ නෑ. ඉඳහිට තමයි හඳ නිදිමතයෙක් වෙන්නෙ. ඔහොම තමයි කාලය ගතවෙලා ගියේ දවසක් එකපාරට ම හැමදේම වෙනස් වෙනකම්. එක දවසක් පාන්දර ලෝකෙට එළිය බෙදලා කන්ද දිගේ සෙල්ලමට රෝල් වෙවී ඇවිත් හඳ යි හා හාමි යි හොඳට ම නිදාගෙන හිටියා. ඔන්න එතකොට ආවා මහා කුණාටුවක්. ඒ කුණාටුවට ගස්වැල් බයවෙලා කෙඳිරි ගෑවා. මී පැණි ගඟ ගල් වුණා. හඳ ට අයිති සූකිරි ගෙදර බිත්ති දෙදරුවා. හා හාමි උඩ ගිහින් බිම වැටිලා කකුල් තුවාල කර ගත්තා. හඳ කළබල වෙලා එළියට පැනලා බැලුවා. ඔන්න බලද්දි ගේ ළඟ උසට උසේ හිටගෙන ඉන්නවා වස නපුරු පාට මිනිහෙක්. මිනිහෙක් කිව්වට ඇස් රතුම රතුයි. නියපොතු දිගයි. නියපොතු රැවුලෙ පැටලිලා. අතේ ගිනි ගන්න හිස් කබලක්. "නුඹ කවුද? නුඹ මොකද මගේ නින්ද කැඩුවෙ?" හඳ බයවෙලා ඇහුවා. "මම? අපොයි! නුඹ මාව දන්නෙ නැතිද? මම තමයි මේ කන්ද අයිති මායාකාරයා. මම අවුරුදු ලක්ෂයක් නිදාගෙන ඉඳලා අදයි ඇහැරුණේ." "නුඹට මොනවද ඕනෙ?" හඳ ඇහුවා. "හහ් හහ් හා..." මායාකාරයා හිනාවෙනකොට පොළව දෙදරුවා. "මට හරි බඩගිනියි. මම මේ පොළවෙ මිනිස්සු ඔක්කොම කාලා දාන්නයි යන්නෙ. අවුරුදු ලක්ෂයක් මම හිටියෙ බඩගින්නෙ. මටයි මේ කන්ද අයිති. වහාම පිටවෙයං. නැත්නම් මම නුඹවත් කාලා දානවා." "නුඹට අයිතියක් නෑ මිනිස්සුන්ව කන්න." හඳ බය සඟවගෙන නිර්භීත වෙලා කිව්වා. "හහ්! නුඹ මොනව කරන්නද මට? බලාපන් මම නුඹට කරන දේ" මායාකාරයා ගෙරෙව්වා. හඳ යි මායාකාරය යි මෙහෙම වාද විවාද කරන අතරෙ හා හාමි බැරි බැරි ගානෙ කන්ද නැග ගත්තා. දවල් වෙලාව නිසා සුරංගනාවියො නෑ කන්ද මුදුනෙ. හා හාමි අහසටයි පොළවටයි ඇහෙන්න කෑ ගැහුවා. මේ සද්දෙ ඇහුණු ඉරට අයිති ගිනි භටයො සුරංගනාවියන්ට පණිවුඩය කිව්වා. සුරංගනාවියො සුරංගනා විමානෙන් එළියට ඇවිත් පියාඹලා හා හාමි ළඟට ආවා. හා හාමි බොහොම කළබලෙන් මායාකාරයා ගැන කිව්වා. මොකද හා හාමිට යි හඳට යි ඉන්න හොඳම යාළුවො තමයි සුරංගනාවියො. ඒගොල්ලො වාද නොකර කල්පනා කරල නුවණැති තීරණයක් ගත්තා. "අපි මේක ඉරට කියමු.. එයා තමයි දවල් කාලෙට ඉන්න බලවත් ම කෙනා" ඉතිං සුරංගනාවියො හති දාන්නෙ නැතිව ගිහින් ඉරට මේ විස්තරය කියලා උදව් ඉල්ලුවා. ඒගොල්ලො හති දැම්මෙ නෑ.. මොකද ඒගොල්ලො සුරංගනාවියොනෙ. ඉර ඉතිං සෙල්ලමට කැමති යි. ඒ වගේම බොහොම කරුණාවන්තයි. ඉර කැමති වුණා මායා කන්ද පාමුලට ඇවිත් හඳ යි මිනිස්සුන්ව යි බේර ගන්න. ඊට පස්සෙ වුණ දේවල් හරියට සුරංගනා කතාවක් වගේ. ඉර එයාගෙ ගිනි භටයො එක්ක ඇවිත් ගිනි අවුළුවලා මායාකාරයව පන්නලා දාලා පොළවෙ උදවියව බේර ගත්තා. මායාකාරයට ආයෙත් කන්ද ඇතුළට ගිහින් නිදා ගන්න බැරි වෙන්න මායා කන්ද ඇතුළින් ගිනි ගන්න කන්දක් කළා. මිනිස්සු ඊට පස්සෙ ඒකට ගිනි කන්ද කියල නම දැම්මා. ඒකෙන් වුණේ මිනිස්සු බේරුණාට හඳට එයාගෙ මී පැණි ගඟ ළඟ සූකිරි ගෙදර නැති වුණ එකයි. ඉරට බොහොම කණගාටු යි. ඉර කල්පනාකරලා නළලට තට්ටු කරගෙන බැරෑරුම් විදිහට මෙහෙම කිව්වා. "හඳ, නුඹ වරෙන් මගේ විමානෙට... ඒක බොහොම විසාලයි. නුඹට ඉඩ ඇති. ඇරත් අපි දෙන්නම කරන්නෙ ලෝකෙට එළිය දෙන එකනෙ. " හඳ මුලින් අකමැති වෙලා පස්සෙ කැමති වුණා. හැබැයි ඒ හා හාමිටත් හඳ එක්ක ඉන්න දෙන පොරොන්දුව පිට. ඔන්න ඔහොමයි හඳ අහසට ගියේ. එදායින් පස්සේ ඉක්මණින් පොළවෙ වැඩ ඉවර කරපු සුරංගනාවියෝ ආයෙත් අහසට නැගලා හඳයි හා හාමියි එක්ක සෙල්ලම් කරනවා. ඒ වුණාට ඒගොල්ලො තාමත් "ලස්සනම අත්තටු තියෙන්නෙ කාටද" වගේ දේවල්වලට වාද වෙනවා. එතකොට එයාලගෙ සළු වලින් වැටෙන මුතු කැට අහස පුරා විසිරෙනවා. ඒවට කියන්නෙ තරු කියලා. ඉරයි හඳයි නම් බොහොම සමගියෙන් තමයි අහස් විමානේ ඉන්නෙ. එදා තුවාල වුණ නිසා අහසට ගියාට පස්සෙ අහස තියෙන්නෙ උඩ නිසා හා හාමි නම් ඉන්නෙ ම හඳ තුරුළට වෙලා. මොකද එයා එදා මායාකාරයා ආපු දවසේ ‘උඩ ගිහින් බිම වැටිලා’ බය වුණානෙ. නමුත් හඳ රැස් නම් දැන් ඉස්සරටත් වඩා සෞම්‍යයි. හඳ ඉන්නෙ සතුටින්. ඒ වුණාට හිටපු ගමන් සුරංගනාවන්ගෙන් මී පැණි ඉල්ලන් බීලා නිදිමතයෙක් වෙනවා. මිනිස්සු එදාට කියන්නෙ අමාවක රෑ කියලා. මේව ගැන මිනිස්සු ගොඩක් කවි කතන්දර ලිව්වා. අදටත් ඒවා පොත්වල ලියලා රත්තරන් පාට පීත්ත පටිවලින් බැඳලා ඒ රටේ පරිස්සමට තියෙනවා. ඒ සිද්ධිය පරම්පරාවෙන් පරම්පරාවට මිනිස්සු තමන්ගෙ ළමයින්ට, ළමයින්ගෙ ළමයින්ට කියල දෙනවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom