කුංකුණාවේ හාමුදුරුවෝ සහ තවත් කතා...

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කුංකුණාවේ හාමුදුරුවෝ සහ තවත් කතා...

    ඔන්න අද විශේෂ හේතුවක් හන්දම මම ත්‍රෙඩ් එකක් දාන්නයි හිතුවේ..;).ලඟදීම මගේ අනිත් එවුන් කෙලෙසන පවර් එක (රේප් හෙවත් රෙප් පවර් එක) 2කින්ම වැඩි වෙන්නයි හදන්නෙත්..:dull:. හැමෝම අහලා ඇතිනේ කුංකුනාවේ හාමුදුරුවෝ ගැන..:baffled:.ඔන්න එතුමා ගැනයි තව තව ලස්සන කතා ටිකක් අද බෙදා ගන්නයි මම හදන්නේ ඔයාලත් එක්ක..:yes:. කෙලෙසන පවර් එක වැඩි වෙන්න තව කල් තියෙන් හන්දා 9 කින් කට්ටිය කෙළෙසන්න තමයි හිතං ඉන්නේ ඕන්.:cool:..

    වයස් භේදයකින් තොරව ඕනේම කෙනෙකුට මේ කතා රස විඳින්න ඇහැකි මේ ජන කතා සුරංගනා කතා හැදුවේ කව්ද ඉස්සෙල්ලාම කිව්වේ කවුද කියලා කවුරුත් දන්නේ නැහැ...ඒ හන්දා මෙව්වට අයිතිකරයෙකුත් නැහැ.(සමහරක් සුරංගනා කතා නම් හාන්ස් ක්‍රිස්ට්යන් ඇන්ඩර්සන්ට හා ග්‍රීම් සොයුරන්ට නම් අයිතියි) ..ඒත් මෙව්වා මහන්සියෙන් කොටලා කොටලා අන්තර්ජාලේ දාපු සොයුරු සොයුරියන්ට නම් මගේ ගෞරවය හිමි වෙන්නම ඔනේ..ඒ වගේම මමත් දන්න එව්වා ටික කොටන්නයි හිතං ඉන්නේ...


    ඔන්න උපුටා ගන්නේ අන්තර්ජාලයෙන්...
    --------------
    #1

    කුංකුණාවේ හාමුදුරුවො කියන්නෙ වස්කවි, සෙත්කවි පටබඳින්න හැකියාවක් තිබුණු බොහොම බුද්ධිමත් හාමුදුරු නමක්. හැබැයි මුක්කන් කටහඬක් තමයි තිබිල තියෙන්නෙ. ඒ වගේම කාටවත්ම බයෙන් හිටපු කෙනෙකුත් නෙවෙයි. උන් වහන්සෙ බය පක්ෂපාතකම් දක්වල තියෙන්නෙ වැලිවිට සංඝරාජ හාමුදුරුවන්ටත් තමුන්ගෙ ගුරු හාමුදුරුවො වෙච්චි වැරසර රඹුක්වැල්ලේ හාමුදුරුවන්ටත් විතරයි.


    ඔය කියන දවස් වල සෙංකඩගල පල්ලෙවාහල ළඟින් වැටිල තිබුණු පාරෙන් කාටවත්ම යන්න දීල නැහැ. මොකද ඔය පල්ලෙවාහලේ තමයි රජ්ජුරුවන්ගේ බිසෝවරු ඉඳල තියෙන්නෙ. දස්කොන් අධිකාරම ප්‍රමිලා බිසවත් එක්ක ඇතිකරගත්තු හාදකම දැනගත්තු දවසෙ ඉඳන් රජ්ජුරුවෝ ඔය පාරට තහංචි දාල තියෙනවා. පණට ආදරේ තියෙන කිසිම කෙනෙක් ඔය පැත්ත පළාතෙන්වත් ඊට පස්සෙ ගිහින් නැහැ.


    ඔය තහංචිය සාමාන්‍ය මිනිස්සුන්ට විතරක් නෙවෙයි හාමුදුරුවරුන්ටත් බලපාල තියෙනවා. ඒක නිසා දළදා මාළිගාවට යනකොටත් දුර පාරකින් වඩින්න තමයි මල්වතු විහාරේ හිටපු හාමුදුරුවරුන්ටත් සිද්ධ වෙලා තියෙන්නේ. මේ කාරණේ නිසා කුංකුණාවේ හාමුදුරුවෝ ටිකක් හිත නොහොඳින් තමයි ඉඳල තියෙන්නෙ. රජ්ජුරුවන්ට ඕනෙනම් පල්ලෙවාහල වෙන පැත්තකින් හදාගත්තුවාවෙ, හැබැයි භික්ෂූන්ට ඔය පාර තහංචි කරන එකට නම් මොනවම හරි කරන්න ඕනෙ කියල කුංකුණාවේ හාමුදුරුවෝ නිතරම මල්වතු විහාරෙ හිටපු අනිත් හාමුදුරුවරු එක්ක කියල තියෙනවා.


    ඔන්න ඔහොම ටික දවසක් ගියාට පස්සෙ කුංකුණාවේ හාමුදුරුවෝ සිවුර එහෙම හොඳට පොරවගෙන විහාරෙන් එළියට බැස්සලු. පන්සලේ වැඩහිටපු අනිත් හාමුදුරුවරුන්ටත් තේරිලා තියෙනවා අදනම් කුංකුණාවේ හාමුදුරුවෝ තහංචි පාරෙන් වඩින්න තමයි හදන්නෙ කියලා. පොඩි හාමුදුරුවරු ටික කම්මුලේ අත තියාගෙන බලාගෙන ඉද්දී කුංකුණාවේ හාමුදුරුවෝ කිසි කලබලයක් නැතුව තහංචි පාර දිගේ වඩින්න ගත්තා. මේක දැකපු පල්ලෙවාහල මුරකාරයෝ ටික දුවගෙන ගිහින් 'දේවයන් වහන්ස හාමුදුරු නමක් තහංචි පාරෙ වඩිනවා' කියල රජ්ජුරුවන්ට කියාපි. රජ්ජුරුවොත් කිපිලා පුලුවන් ඉක්මනින්ම හාමුදුරුවෝ ළඟට යහපත් වුණා. රාජ ඌෂ්ණෙත් හිතට අරගත්තු රජ්ජුරුවෝ වීරයා වගේ හාමුදුරුවන්ගෙන් ඇහුවලු 'ඔබ වහන්සෙට කවුද අවසර දුන්නෙ මේ තහංචි පාරෙන් වඩින්න' කියලා. කුංකුණාවේ හාමුදුරුවොත් රජ්ජුරුවො දිහා බලලා 'ඇයි, අපිට මේ රටේ පාරක වඩින්න තහනම් ද..?' කියල අහන ගමන් ලඟ තියෙන කොස් ගහක් දිහා බලාගෙන මෙන්න මේ කවිය කිව්වලු.



    මෙවැනි බසක් මින් පසුවත් නොකීයන්
    මේ රට තුනුරුවන්ගේ යයි සිතීයන්
    මේ කිරි ගසට මේ අවනඩු පෙනීයන්
    මහ බඩ පැළෙන ලෙස හතරට පැළීයන්



    කවිය කියල ඉවර වෙනවත් එක්කම ඒ තඩි කොස් ගහේ කඳ මහා සද්දෙන් හතරට පැළිල ගිහින් තියෙනවා. රජ්ජුරුවෝ මේ සිද්ධිය දිහා බලාගෙන ඉන්නකොට කුංකුණාවේ හාමුදුරුවෝ කිව්වලු 'තවත් මෙතන හිටියොත් ඔය මහ බඩ පැලෙන්නෙත් ඔය විදිහටම තමයි...' කියල. හොඳටම බය වුණු රජ්ජුරුවෝ හාමුදුරුවන්ට වැඳල සමාවත් අරගෙන පාරට දාල තිබුණු තහංචියත් අයින් කළා කියල තමයි කියන්නේ.


    -------------------------------------------------------------------
    #2

    බොහොම ඉස්සර කාලෙ ඔය සෙංකඩගල නුවර පැත්ත මහා මූකලානක් ලු. ඉතින් දවසක් ඔය පැත්තෙ හිටපු කොලු ගැටයෙක් කැත්තකුත් අරගෙන මහ කැලේට රිංගුවලු කූඩයක් වියන්න ඕනෙ කරන වේවැල් ටිකක් කපා ගන්න. හැබැයි වැඩි දුරක් යන්න කලින් මේ කොලුවට මුණ ගැහිල තියෙනව කුලප්පු වෙච්ච වල් අලියෙක්. ඔය කාලෙ ඉතින් කැලේට රිංගන ඕනැම මනුස්සයෙක් අලි මන්තරයක් දෙකක් කටපාඩම් කරගෙන තමයි ඉන්නෙ තමුන්ගෙ ආරක්ෂාවට. හැබැයි මේ කුලප්පු වෙච්ච අලිය ආපු වේගෙට කොලුවට අලි මන්තරත් අමතක වෙලා.


    කොලුවත් ඉතින් අලි මන්තරේ මතක් කිරිල්ල පැත්තකට දාල කකුල් දෙකට වැඳ වැඳ දුවන්න පටන් ගත්තා. අලියත් කැලේ පෙරලගෙන කොල්ලගෙ පස්සෙන් පන්නනවා. ඔහොම දුවගෙන යනකොට කොල්ල දැක්ක තරමක ලොකු ගල් පර්වතයක්. අලියගෙන් බේරෙන්න ඔන්න ඔය ගල උඩටවත් නගින්න ඕනැ කියල හිතපු කොලුවා ගලට අත තිබ්බ විතරයි මෙන්න අර වල් අලිය ආපහු හැරිල දුවන්න පටන් ගත්තා.


    අලිය ගියාට මොකද හිතේ බයටම කොල්ල ගල මුදුනටම නැගල පොඩ්ඩක් වාඩි වෙලා ගිමන් අරිනකොට මෙයා දකිනවා කොටියෙක් මුවෙක්ගෙ පස්සෙ පන්නගෙන එනවා. හැබැයි මේ මුවත් ගල ළඟට කිට්‍ටු කරනකොටම කොටියා ආපහු හැරිල මුවාට බයේ දුවන්න පටන් ගත්තා. කොල්ලට හරිම පුදුමයි. ඔය අතරෙදි නයෙක් පස්සෙ පන්නගෙන ආපු මුගටියෙකුත් ගල ළඟදි නයාට බය වෙලා ආපහු දුවන්න ගත්තා. ටික වෙලාවක් මේ සිද්ධ වෙච්ච පුදුම දේවල් ගැන කල්පනා කර කර හිටපු කොල්ලා වෙවැල කැපිල්ල පැත්තකට දාල ආපහු ගමට යන්න පිටත් වුණා. ඔහොම එනකොට මෙයාට හම්බ වුණා මේ ගල අසල ජීවත් වෙන තාපසයෙක්. කොල්ලත් ඉතින් සිද්ධ වුණු හැමදෙයක්ම මේ තාපසතුමාට කිව්වා. තාපසයත් කිව්වා "ඔව් ඔව් පැංචෝ මේ ගලේ ඔහොම බලයක් තියෙනවා... මේක ජය භූමියක්" කියලා.


    ඔන්න ඔය දවස් වල තමයි ගම්පොල වික්‍රමබාහු රජ්ජුරුවෝ අලුත් නුවරක් හදන්න ජය භූමියක් හොය හොය ඉඳල තියෙන්නෙ. ඔය ආරංචිය කනට වැ‍ටුණු අර කොලුවා එයා දැකපු ජය භූමිය ගැන රජ්ජුරුවන්ට කියල තියෙනවා. ඉතින් රජ්ජුරුවො ඔය කියන තැනට ගිහිල්ල බලනකොට දැක්කලු එතන තිබුණු පොකුණක කිරි ඉබ්බෙකුත් ඉන්නවා. ඒකත් බොහොම සුබ ලකුණක් විදිහට තමයි ඒ කාලෙ සලකලා තියෙන්නේ. ඉතින් රජ්ජුරුවො අන්තිමේදි මේ ජය භූමියෙ අලුත් නුවර ගොඩනගල තියෙනවා.


    මේ ගල ආශ්‍රිතව ජීවත් වුණු අර තාපසතුමාගෙ නම තමයි සෙංඛණ්ඩ කියල කියන්නෙ. ඉතින් එතුමට ගෞරවයක් පිණිස මේ නුවර සෙංඛණ්ඩගල නුවර විදිහට නම් කරලා පසුකාලීනව සෙංකඩගල නුවර බවට පරිවර්තනය වුණා කියල තමයි කියන්නෙ.
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    2කට මොකක්ද උනා කිවුවෙ? කවුද දැන් උබව කෙලසන උන්?

    ආහ් ෆට්ට කතාවක් නෙ ආගිය කතා නම් හැදුනු කතා වල හරිම රසවත් බවක් තියෙනව
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    # 3

    ඔන්න ඉතිං කාලෙකට ඉස්සර ගම්බද පළාතක ගමරාළ කෙනෙකුයි ගම හාමිනේ කෙනෙකුයි හිටියා. එයාලා ජිවත් වුනේ ගොවිතැන් කරලයි. ගමරාළ වගේම ගම මහගේත් ගේ දොර වැඩට වගේම කුඹුර වැඩටත් බොහෝම දස්සයි. ඒ වගේම ගම හාමිනේ බොහෝම කටට රහට කෑම බීම පිළියෙල කරන්නත් දන්නවා. මේ ගම හාමිනේගේ අතින් බත් කටක් නොකාපු කෙනෙක් ඒ ගම් අහලකවත් නැති තරම්.

    අද කාලේ වගේ කඩේට දුවන්න ඕන කමක් තිබුනෙත් නැහැ උයන පිහන දේවල් හොයාගන්න. ඒ සේරම පිළියෙල කරගත්තේ වත්ත පිටියෙන්මයි. ඉතින් මේ ගම ගෙදරට කෑම බීමෙන් වගේම මුදල් හදල් වලිනුත් හිග පාඩුවක් තිබුනෙම නැති තරම්. ගමරාළයි හාමිනෙයි ජිවත් වුනේ හරියට කිරියි පැණියි වගේ. හැබැයි ඉතිං පුංචි පරහකට හිටියේ ගමරාළට පොඩ්ඩ බැරිවෙන කොට හුගක් දේවල් අමතක වෙන එකයි. මේක බොහෝම කාලෙක හිටන්ම ගමරාළට තිබුන අඩුපාඩුවක්.

    දැන් ඉතිං මෙහෙම මේ දෙන්නා දෙමහල්ලෝ බොහෝම සමගියෙන් සමාදානයෙන් ජිවත් වෙන අතරෙදි ගම රාළට ඕනෑ වුනා එයැයිගේ නංගිලගේ ගෙදර ගොහිල්ලා එන්න. මේ ගමරාළට හිටියෙත් එකම එක සහෝදරියක් විතරමයි. බොහෝම කාලෙකින් ආවේ ගියෙත් නැති නිසා ගම හාමිනෙත් ගමනට අවශ්‍ය කරන දේවලුත් තෑගි බෝගත් ලෑස්ති කොරලා අතරමගදි කන්න කියලා බත්මුලකුත් බැදලා දීලා ගමරාළව නංගිලගේ දිහා පිටත් කළා.

    අද වාගේ නෙවෙයිනේ ඒ කාලේ ගමන් බිමන් ගියේ. පයින්මනේ. ඉතිං බොහෝම දුර බැහැර ගෙවාගෙන බිං කළුවර වැටීගෙන එන වෙලාවට ගමරාළට හැකිවුනා තමුන්නේ නංගිලගේ ගෙයි පිළට ගොඩ වෙන්න. බොහෝම කාලෙකින් තමන්ගේ සහෝදරයාව දැකපු නගාටත් හිතේ සතුට කියාගන්න බැරුව ගියා. ගමරාළගේ මස්සිනා පොඩ්ඩත් හනි හනිකට ගිහින් වෑවර ගෙඩියක් කපාගෙන ඇවිත් ගමරාළට සංග්‍රහ කොලා.

    ඉතින් දෙන්නා ඔහොම ආ ගිය තොරතුරු ගම් පළාත්වල විස්තර එහෙම කතා කරමින් ඉන්න අතරෙදි නගා අයියණ්ඩිට කන්ට බොහෝම රසවත් කෑම වේලක් පිළියෙල කලා. ඊට අමතරව රස කැවිල්ලකුත් හැදුවා. මේ විදියට සතුටින් කතා කර කර හිටි මස්සිනාලා දෙන්නා රෑ කැම කන්නත් ලෑස්ති වුනා. එදා රෑ ඉතින් තමුන්නේ නංගි අතින් හැදුන කෑම බිම වලින් ගෙදර මේසේ පිරිලා අහල පහළ ගෙවල්වලටත් සුවද දැනෙන්න පටන් ගත්තා. මේ කෑම බීම අතරේ තමන් කවදාවත්ම කාලා නැති කෑම ජාතියකුත් තිබුනා.

    ඒ රස කැවිල්ල කාපු ගමරාළට දැනුනේ පුදුම රහක්. උන්දෑ එවේලේම හිතුවා “හෙට ගෙදර ගිහාම හාමිනේටත් කියන්ට ඕනෑ මේව්වායින් ටිකක් හදලා දෙන්ට කියලා.....

    මොකද ගම හාමිනේ කොයිතරම් රසට කෑම බීම හදන්න දැනගෙන හිටියත් මේ රස කැවිල්ල නම් කවදාවත්ම ගෙදර හදලා තිබුනේ නැහැ. ඉතින් ගමරාළ නංගිගෙන් ඇහුවා මේ රස කැවිල්ලේ නම......!!!!

    “අයියේ මේව්වට කියන්නේ වෙල්ල වැහුම් කියලනේ. අක්කාට කියන්ට අක්කා දන්නවා මෙව්වා හදන විදිහ.........

    නම අහගත්තට මොකද ගමරාළට හරියට නින්ද ගියෙත් නැහැ නම අමතක වේදෝ කියන බයට. ඇයි ඉතිං තමුන්ට අමතක වෙන ලෙඩක් තියෙනවා නොවැ. ඕං ඉතිං පහුවෙනිදා උදැහැනැක්කෙම ගමරාළ තමුන්නේ නංගිටයි මස්සිනාටයි සමුදීලා ආපහු සැරයක් රස කැවිල්ලේ නමත් අහගෙනම ගෙදර යන්ට පාරට බැස්සා.

    හැබැයි උන්දැගේ හිතේ තියෙන්නෙම වෙල්ල වැහුං ගැන. ඔන්න මග දිගටම වෙල්ල වැහුම්, වෙල්ල වැහුම්, වෙල්ල වැහුම් කිය කියා එනවා. රස කැවිල්ලේ නමේ සිහියෙන් ආව මිසක් පාරෙ තිබුන තඩි මඩ වගුර දුටුවේ නැහැ ගමරාළ. මේං බොලේ උන්දෑ මඩ වලේ වැටිච්චි. ඒ වැටුනු පාරට වෙල්ල වැහුම් වෙනුවට හොත්තරි පංචං කියලා කියවුනා.

    ඉතිං බොහෝම අමාරුවෙන් නැගිටගත්තු ගමරාළ දැං යනවා “ හොත්තරි පංචං, හොත්තරි පංචං..... කිය කියා....!!!!

    ඉතින් ඉර බැහැගෙන යන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි කොහොම කොහොම හරි ගෙට ගොඩ වුනා. ඒ වුනත් කටේ තිබුණෙම හොත්තරි පංචං.....!!

    ගම හාමිනේට පුදුමයි!!!! “මොනවයි මේ ඔහේ දොඩවන්නේ!!!!!! ඈෑෑෑෑ හොත්තරි පංචං? ඒ මොනවද ඒ? කිරි අප්පේ මං නං උපන් තේකට අහලා නැහැ එහෙම නමක්!!!!

    “නෑ නෑ යොදියේ නගා කිවුවේ හො..හො..හොත්තරි පංචං කියලමයි. ඈ කිවුවා ඔහේ ඒවා හදන්න දන්නවත් කියලා. පුදුම රහක්නේ යොදියේ එව්වයේ තිබුනේ. මම නම් කවදාවත් කාලා නෑ එහෙම රස කැමක්!!!!!!

    ඉතිං දැන් හොයාපල්ලකෝ හොත්තරි පංචං මොනවද කියලා? මොකද ගම හාමිනේ කාලා තියා කවදාවත්ම එහෙම නමක් ගැන අහලා වත් නැහැ. ඒත් දැන් ගමරාළට තරහත් ගිහිං. ගම හාමිනේ හොත්තරි පංචං හදන්න දන්නේ නැතෙයි කිවුවම.

    “ඔව්වා හදන එකයෑ වැඩේ මම ඒ නම වත් කවදාවත්ම අහලා නැති එක නොවැ. .......ඔන්න එදා රෑ ඉතිං ගමරාළට හාමිනේ එක්ක හොදටම තරහයි. එයා නිදාගන්න ගියෙත් බොහොම තරහෙන්.

    “නෙදකිං මෙහෙම ගෑණු!!!!! අච්චර රහ කෑමක් හදන්න දන්නෙ නැහැ කියනවා නොවැ!!!! ඔහොම හිත හිතා ඉන්න කොට ගමරාළට දන්නෙම නැතිව නින්ද ගියා. පහුවෙනිදා උදෙන්ම අවදි වෙච්ච ගමරාළ ආයෙමත් හොත්තරි පංචං ගැන කියවන්න පටන් ගත්තා. අන්තිමේදී මේ කතාව දිගින් දිගට ගිහින් කවදාවත්ම නැතුව රංඩුවක් බවටත් පත්වුනා. ගම හාමිනේටත් හොදටම තරහයි. ඒත් තරහෙන් කෑ ගහන ගම රාළ දැකලා බය හිතුන ගම හාමිනේ හිමින්ම පිළිකන්න පැත්තෙන් එළියට යන්න ගියා. තිබිච්ච කලබලේ හින්දම උන්දෑගේ අතක් වැදිලා හාල් දාලා තිබුන කුල්ල බිම වැටිච්චි!!!!!

    දෙයියෝ සාක්කි!!!! ගම හාමිනේට දැන් තවත් තරහයි. ඊයේ නගාගේ ගෙදර ගොහින් ඇවිදින් මොකද්දෝ වෙල්ල වැහුමක් ගැන කියනව කන්දොස්කිරියාවේ බෑ. කියලා ගම හාමිනේ හයියෙන්ම බනින්න තියාගත්තා.

    ඕං බොලේ අර තරහෙන් පුපුර පුපුර හිටපු ගමරාළ එකපාරටම බොහෝම සතුටෙන් මසුරං ගෝනියක් ලැබුනා වගේ උඩ පනින්න පටන් ගත්තා.

    “ආං හරි හාමිනේ. අන්න ඒක තමයි නම. ඒක තමයි නම. වෙල්ල වැහුං, වෙල්ල වැහු!!!! කියමින් සතුටින් කෑ ගැහුවා.

    “ඔහේ පලයං!!!! මේ මනුස්සයා මේ නම අමතක කොරගෙන නොවැ. ආං එහෙම කියන්ට එපායෑ. මයේ දෙයියනේ මේ කෑ ගැහුවේ වෙල්ල වැහුං කන්ට ඕනැ වෙලාද? අම්මපා මං එකට සීයක් හදලා දෙඤ්ඤංකෝ........කියලා ගම හාමිනේ කිවුවා.

    ගමරාළගේ මුහුණ ඔන්න දැං නම් හොදින් පීදිච්ච කෙහෙල් කැනක් වගේ. සතුට ඉතිරිලා ගිහින්. එදා ඉතිං හවස ගම හාමිනේ ගමරාළට කන්න වෙල්ල වැහුං හදලා දුන්නා විතරක් නෙවෙයි. අහල පහල අයටත් එක දෙක බෙදුවා. ගමරාළත් හිතේ හැටියට වෙල්ල වැහුං කෑවා. ඉන් පස්සේ ගම හාමිනේ සතියකට වතාවක් විතර ගමරාළගේ ආසාව යන්න වෙල්ල වැහුං හදලා දුන්නා. !!!!!
     
    Last edited:
    • Like
    Reactions: chathurachami

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    2කට මොකක්ද උනා කිවුවෙ? කවුද දැන් උබව කෙලසන උන්?

    ආහ් ෆට්ට කතාවක් නෙ ආගිය කතා නම් හැදුනු කතා වල හරිම රසවත් බවක් තියෙනව

    ඒක නම් ඇත්ත බං....දිගටම සෙට් වෙමු ...ඉස්සරහට අප්ඩේට් තියෙනවා..:yes:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    # 4

    ඔන්න ඉතිං ටිකක් ඈත පිටිසර ලස්සන පුංචි ගම්මානයක් තිබුනා. මේ ගමේ මිනිස්සු තමන්ගේ ජීවිකාව විදියට කලේ ගොවිතැන. මේ ගමේ හිටියා ගමරාළ කෙනෙක්. එයා හේනක් කොටාගෙන බිරිදත් එක්ක බොහෝම සමගියෙන් සාමයෙන් ජීවත් වුනා.

    මේ ගමරාළ හැමදාම බත් මුලක් බැදගෙන හේනේ පැල් රකින්න යනවා. එයාගේ තනි නොතනියට තමන්ට පුතෙක් වෙන කොලු ගැටයෙකුත් එක්කගෙන තමයි එයා පැල් රකින්න යන්නේ. අනේ ඉතිං එක දවසක් මේ පුංචි හාදයාට අසනීප වුනා. ඒ නිසා ගමරාළට පැල් රකින්න එක්ක යන්න කෙනෙකුත් නැහැ. දැන් පුරුදු වෙලා නිසා තනියෙන් පැල් රකින්නත් කම්මැලියි වාගේ. ඉතිං ගමරාළ කල්පනා කලා මොකද කරන්නේ කියලා.

    ඔහොම ඉන්න කොට එයාගේ හාමිනේ ගමරාළට කිවුවා එයා ගමරාළත් එක්ක පැල් රකින්න හේනට යන්න එන්නම් කියලා.

    ඉතිං ගමරාළත් බොහෝම ඉහලින් කැමති වුනා ගමහාමිනේ එක්ක පැල් රකින්න යන්න. ගම හාමිනේ රෑට කන්න දෙන්නාටම බත් මුල් දෙකකුත් බැදගත්තා.

    ඒ අතරේ ගමරාළ බේත් කොටන තුවක්කුව අතට ගත්තා. දැන් ඉතිං ඔක්කොම ලෑස්ති කොරගෙන දෙන්නා එක්ක ඇදිරි වැටීගෙන එද්දි හේනේ පැලට ගියා. ටිකක් රෑ වෙලා ගමරාළයි ගමහාමිනෙයි බත් මුල් ලිහාගෙන කන අතරේ ගම හාමිනේට සද්දයක් ඇහුනා හේන පැත්තෙන්. එයා හොදින් ඇහුම්කන් දුන්නා. මෙන්න බොලේ හේනට වල් ඌරු රංචුවක් ඇවිදිල්ලා. ගමරාළ ඉක්මනින්ම කෑම කන එක නතර කරලා අතත් හෝදගෙන ගත්තා තුවක්කුව අතට........හැරෙව්වා තුවක්කුව වල් ඌරෝ ඉන්න දිහාවට.......

    “හාමිනේ හාමිනේ ඉක්මනින් කණට ගින්දර තියන්න!!!! කණට ගින්දර තියන්න!!!! කියලා ගමරාළ කිවුවා. ඒ කියපු සැනින්ම ගමහාමිනෙත් ලිප ගාවට දුවලා ගිහින් ගිනි පෙනෙල්ලක් අරගෙන ඇවිත් ගමරාළගේ කණේ එබුවේ නැතෑ..!!!!!!!

    “බුදු අම්මෝ....!!!!!! අනේ අම්මේ!!!!! මට නම් බැරියෝ...!!!!! අපෝයි මගේ කණ දෙයියනේ!!!!!!

    ගමරාළ පුළුවන් තරම් හයියෙන් බෙරිහන් දුන්නා. ඒ කෑ ගහන ගමන්ම

    “අපෝ දෙයියනේ හේන...!!!! අර වල් ඌරෝ...!!!! ඔහු හේන පෙන්වන ගමන්ම
    ඔය කණ නෙවෙයි අනෙක් කණ ....!!!! අනෙක් කණ...!!! කියලා කිවුවා.
    ඒත් ගමරාළ අනෙක් කණ කිවුවේ තුවක්කු බටේ කටට. ඒත් මේ මෝඩ ගම මහගෙට ඒක තේරුනේ නැහැ. ඉතිං ගම හාමිනේ මොකද දන්නවද කලේ. ඈ ගමරාළගේ අනිත් කණට ගිනි පෙනෙල්ල එබුවේ නැතෑ.

    “අපොයි දෙයියනේ මං ඉවරෝ......!!!! ගමරාළට තරු පෙනුනා. ඒ සද්දෙට වල් ඌරෝ රංචුව පැනලා දිවුවා. හැබැයි ඉතිං අර මෝඩ ගම හාමිනේ නිසා ගම රාළට බොහෝම කාලයක් කන් දෙකට බෙහෙත් කරන්න වුනා.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    # 5

    ඔන්න ඉතිං එකමත් එක කාලෙක පිටිසර ගමක හිටියා ගමරාළ කෙනෙක්.
    මේ ගමරාළ තමයි ඒ ගමේ හිටිය ප්‍රධානියා. එයාට හිටියා ටිකක් විතර
    තරබාරු ගම හාමිනේ කෙනෙක්. මේ දෙන්නට හිටියා බොහෝම ලස්සන
    දූ සිගිත්තක්. සිගිත්තක් කිවුවට මොකද ඇය හිටියේ තරුණ වයසේ.
    මේ ගමරාළයි මහගේයි එයාලගේ එකම දුවට කතා කලේ කළුහාමි කියලා.
    අම්මයි අප්පච්චියි මේ දෝණිට බොහෝම ආදරෙයි. ඇය ඔවුන්ගේ ඇස් දෙක වගෙයි.

    ඔන්න ඉතිං කොහොම වුනත් කළුහාමිට අවුරුදු විස්ස වෙනකොට ඇය
    හදිසියේම මියගියා. මේ ගමරාළටයි එයාගේ හාමිනේටයි
    දරාගන්න බැරි තරම් දුකයි. ඒත් ඉතිං මොනවා කරන්නද?
    ගමමහගෙට හැම වෙලාවෙම තමන්ගේ දුවව මතක් වුනා. දවස මුළුල්ලේම
    ඇය සිටියේ හැඩූ කදුලෙන්. ඇය ජීවත් වෙලා හිටියානම්
    කොතරම් වටිනවාද? එහෙනම් කළුහාමි කසාද බදින දවසට මේ ගමේ
    ඉන්න ලස්සනම මනමාලිය ඇය වේවි. කියලා ගම මහගේ හිතුවා.
    ඒත් ඉතිං මොනවා කරන්නද? අපෙත් අවාසනාවට ජීවිතේ හරිහැටි ගෙවෙන්නත්
    කලින්ම ඇය මේ ලෝකේ හැරදාලා එලොව ගිහින්නේ.

    ඔන්න ඉතිං ගමමහගෙයි ගමරාළයි මේ විදියට කාලය ගත කලා.
    එක දවසක් දා ගමරාළ තමන්ගේ කොරටුවට ගියා වගාව බලලා එන්න කියලා.
    ඒ ගිය අතරේ ඔවුන්ගේ ගෙදරට හිගන්නෙක් ආවා.
    ඔහු දිහා බැලූ බැල්මටම පෙනුනා බොහෝම අමාරුවෙන් ආපු බව.
    ඔහු හිටියේ ලෙඩ ගානේ බව හොදටම පෙනෙන්නට තිබුනා.
    ඉතිං ගමමහගේ මේ හිගන්නා දිහා බොහෝම අනුකම්පාවෙන් තමයි බැලුවේ.

    ගමමහගේ මේ හිගන්නාට කන්නට යමක් දුන්නා. ඒත් එක්කම ඔහුගේ ඔහුගේ
    අයහපත් සෞඛ්‍ය තත්වය ගැනත් අහන්න අමතක කලේ නැහැ.

    “හාමිනේ දන්නවයි.....හිගන්නා කියන්නට පටන් ගත්තා.
    “මම පහුගිය දවස් ටිකේ බොහෝම අසනීප වුනා. හුගාක් අමාරු වුනා.
    ජීවිතේ බේරුනේ අනූනවයෙන්. එලොව ගිහින් මෙලොව ආවා වගෙයි හරියට......
    ගමමහගේ ඔහුගේ කතාවට හොදින් ඇහුම්කන් දුන්නා.

    හිගන්නාගේ කතාව ඇයගේ හිතට බොහෝම තදින් දැනුනා. ඒ වගේම
    ඇය බොහෝම පුදුමයට පත්වුනා. “හෑෑ මොනවා එළොව ගිහින් මෙලොව ආවා....
    “ඔහේ කිවුවේ එහෙම නේද? ඇය ඇසුවා.
    ඔන්න ඉතිං හිගන්නාට වැඩේ තේරුනා. තමන් කියපු දේ ගමමහගේට
    හරිහැටි නොතේරුනු බව.

    ඔහු කිවුවා “ ඔවු හාමිනේ, ඒක තමයි මම කිවුවේ. ඇත්තටම මම එළොව ගිහින්
    මෙලොව ආවේ. ඇයි හාමිනේ එහෙම ඇහුවේ......?
    “උඹ දන්නවද, අපිට හිටියා කළුහාමි කියලා ලස්සන දුවක්......
    ඇය ටික දවසකට එලොව ගියා. එත් මට හරියට පුදුම හිතුනා උඹ එළොව ගිහින්
    ආවා කිවුවම. උඹට ආයෙත් අවස්ථාවක් ලැබුනොත් එලොව යන්න මගේ දුව මුණගැහෙනවද ගිහින්
    එතකොට හිගන්නා දැනගත්තා මේ ගමමහගේ බොහෝම මෝඩ කාන්තාවක් බව.
    “අනේ ඔව්.....ආාාා හරි හරි මට දැන් මතකයි. හාමිනේගේ දුව කළුහාමි නේද?
    අනේ මොන තරම් ලස්සන දැරිවියක්ද? ඇය හැම වෙලාවෙම කතාකරන්නේ හාමිනෙයි
    ගමරාළයි ගැනම තමයි....

    ඔන්න ඉතිං ගමමහගේට බොහෝම සන්තෝෂයි. අන්තිමේදි දුවව දන්න කෙනෙක්
    මුණගැහුනා. කියලා ගමමහගේ හිතුවා. අපේ දුවව අදුනගෙන එහෙනම්...
    ඉතිං ගමමහගේ හිගන්නාට විස්තර කලා තමන් දුවව කොතරම් ආදරෙන්ද බලාකියා ගත්තේ කියලා.

    එවිට හිගන්නා මෙහෙම කිවුවා. “ අනේ කොතරම් හොදද හාමිනේලව මුණගැහුන එක. ඇත්තටම හාමිනේ
    මම ඇත්තම කියන්නම්. මම කළුහාමිට බොහෝම ආදරෙයි. ඇයත් මට ඒවගේම
    ආදරෙයි. අපි දෙන්නා බොහෝම මෑතකදී කසාද බදින්නයි ඉන්නේ.
    නමුත්........?????
    හිගන්නා බොහෝම කනස්සල්ලෙන් වගේ බලාගෙන හිටියා.
    “මොකද උඹ ඒත් කියලා නැවැත්තුවේ? ගම හාමිනේ ඇහුවා.
    “නමුත් ඇය හරිම දුකෙන් ඉන්නේ.
    “දුකෙන්?? අනේ ඒ මොකද ඒ?
    “මොකද කියලා කියනවානම්, ඇයට අමතක වෙලා ඇගේ රත්තරං බඩු ටික අරගෙන යන්න
    ඉතිං අපේ මගුල් ගෙදරට අදින්න රත්තරං බඩු මොනවත් නැහැනේ. ඒ නිසයි ඇය
    දුක් වෙන්නේ.....!!!!!

    අනේ ඔන්න ඉතිං ගමහාමිනේටත් හරිම දුකයි.
    ““අනේ ඉතිං කොතරම් හොදයිද? මට එහෙනම් පුතාගේ අතේ රත්තරං බඩු
    ටික දුවට යවන්න පුළුවන්. පුතා ආපහු ඒ ලෝකෙට යන්නේ කවදද?
    ගම මහගේ ඇහුවා.
    “මොනවද මේ අහන්නේ. මම අදම යනවා. ඒ යනකොට අරන් ගිහින් දෙන්නම් රත්තරං බඩු ටික.
    ඉතිං ගම මහගේට හරිම සතුටුයි. ඇය කළුහාමිගේ සියලුම රත්තරං බඩු ටික එකතු කරලා
    හිගන්නාට දුන්නා.
    “මගේ ආදරණීය බෑනෝ, මේ බඩු ටික දුවට දීලා කියන්න මේක දුවට අම්මාගෙන්
    තෑග්ගක් කියලා. ඔන්න හිගන්නාත් බොහෝම සතුටෙන් අර බඩු ටික සේරම අරගත්තා.

    “හොදමයි අම්මේ. මං හිත්නනේ නැහැ ඇයට මේ ඔක්කොම රත්තරං බඩු ඕන වෙයි කියලා.
    ඒත් මම කියන්නම්කෝ මේක අම්මයි දුන්නේ කියලා. අම්මා සුබ පැතුවා කියලත් කියන්නම්.

    ඉතිං ගමමහගේගේ මුහුණ ප්‍රීතියෙන් පිනා ගියා.
    “දෙයියනේ දැං හොදටම ප්‍රමාද වුනා. කළුවර වැටෙන්නට කලින් මම දැන්මම ඒ ලෝකයට යන්න ඕනෑ.
    එහෙම කියලා හිගන්නා බොහෝම ඉක්මනින් නොපෙනී ගියා.
    ඔහුට උවමනා වුනේ නැහැ ගමරාළ ගෙදර එනවිට ඔහුට පෙනෙන්නට ඉන්න.

    ටික වෙලාවකට පස්සේ ගමරාළ ගෙදර ආවා.
    ඔහු දැක්කා කවදාවත් නැති තරම් සතුටකින් ගමමහගේ ඉන්න බව.
    “හාමිනේ අද බොහෝම සතුටෙන් වගේ ඉන්නේ. මොකෑ හේතුව ....ගමරාළ පුදුමයෙන් ඇහුවා.

    ඉතිං ගමහාමිනේ ගමරාළට හිගන්නා ගැන සියලු විස්තර කිවුවා.
    “අනේ රත්තරං කොළු ගැටයා. දුවටම ගැලපෙන හාදයා. මම ඉතිං කළුහාමිට දෙන්න
    කියලා රත්තරං බඩු ටික සේරෝම දුන්නා.....

    ඔන්න එතකොටයි ගමරාළට වැඩේ තේරුනේ. තමන්ගේ හාමිනේගේ මෝඩ කම ගැන
    ගමරාළට විස්වාස කරන්නත් බැරි තරම්. කේන්තියට පත්වුන ගමරාළ හාමිනේට මොනවත්ම
    කිවුවේ නැහැ. ඔහු ඉක්මනින් ගිහින් එක පාරටම පැන්නා අශ්වයාගේ පිට උඩට.
    හිගන්නා ගිය දිශාවට අසු වේගයෙන් පැන්නුවා.

    හිගන්නා දැක්කා වේගයෙන් අසු පන්නාගෙන එන ගමරාළව ඈත තියාම.
    දැන්නම් තමන්ට ගැලවීමක් නැති බව ඔහු දැනගත්තා.
    ඉතිං හිගන්නා කලේ ලගම තියෙන ගසක් උඩට බඩගෑමයි. ඔන්න ගමරාළ දැක්කා
    හිගන්නා ගහ දිගේ බඩගාගෙන ඉහලට නගිනවා.

    ගමරාළත් අශ්වයාව ගහමුල තියලා ගහ දිගේ ඉහලට බඩගාන්න පටන් ගත්තා.
    හිගන්නා කලේ ඔහු හිටපු අත්තෙන් අනිත් අත්තට පැන්නා. ඒත් එක්කම ඒ අත්ත
    අශ්වයා ඉන්න ඉසව්වට ටිකක් පාත් වුනා. දැන් ඉතිං මෙතනින් පැනගන්න හොදම වෙලාව
    කියලා හිතපු හිගන්නා, ඉක්මනින්ම ගමරාළ ලගට එන්න කලියෙන් අශ්වයාගේ පිටට එකපාරටම පැන්නා.

    පැනපු වේගෙට අශ්වයා කලබල වෙලා දුවන්න පටන් ගත්තා. නමුත් ඔහු බොහෝම සීරුවෙන්
    අශ්වයාව පාලනය කරගත්තා.

    අනේ ඉතිං දුප්පත් ගමරාළට කරකියා ගන්න දෙයක් නැතිවුනා. දැන් ඉතිං අශ්වයාත් නැහැ නෙව!!!
    “අනේ මගේ ආදරණීය බෑනෝ, ඔහු කෑගැහුවා.
    “අනේ කරුණාකරලා දුවට කියන්න, රත්තරං බඩු අම්මාගෙන් අශ්වයා දුන්නේ තාත්තයි කියලා.

    එතකොට “ඔව්....මගේ මාමණ්ඩි මම ඒ කියපු දේවල් ඒ විදියටම කරන්නම් ....කියලා කළුවරේ
    නොපෙනී ගියා.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    # 5



    එතකොට “ඔව්....මගේ මාමණ්ඩි මම ඒ කියපු දේවල් ඒ විදියටම කරන්නම් ....කියලා කළුවරේ
    නොපෙනී ගියා.
    :rofl::rofl::rofl::rofl: අහලා තියෙනවා එත් ෆට්ට
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එකමත් එක කාලෙක බොහෝම කරුණාවන්ත ගොවියෙක් වාසය කලා. මේ
    ගොවියා බොහෝම දුප්පත් කෙනෙක්. ඔන්න දවසක් දා එයා එයාගේ
    හේනට ගිය වෙලාවේ දැක්කා තටුවක් කැඩුනු කුරුල්ලෙක් වැටිලා
    ඉන්නවා. ඉතින් ඔහු මේ කුරුල්ලාව අරගෙන එයාගේ ගෙදර ගියා. බෙහෙත්
    කරලා කුරුල්ලව හොදින් බලා ගත්තා. ගොවියා කුරුල්ලාව සුවපත් කලා. පසුව මේ ගොවියා
    කුරුල්ලාව නිදහස් කොට හැරියා.
    කුරුල්ලා ඉගිලී යනවිට ගොවියාගේ හේනට කැකිරි ඇටයක් දැම්මා.
    මේ කැකිරි ඇටය පැලවුණා. කැකිරි වැලේ විශාල ගෙඩියක් ඵල ගත්තා.
    ගොවිරාළ මේ කැකිරි ගෙඩිය ගෙදර ගෙනගොස් කපා බැලුවා. මෙන්න මහාම මහා පුදුමයක්.......!!!!!!!
    ඒ කැකිරි ගෙඩිය ඇතුලේ ඇට වෙනුවට තිබුණේ වටිනා මැණික්.
    දුප්පත් නමුත් කරුණාවන්ත ගොවිරාළ මේ මැණික් විකුණා රටේ ලොකුම පොහොසත් කෙනා බවට පත්වුණා.

    ඉතින් මේ කතාව රටේ හිටපු නපුරු ගොවියෙකුට ආරංචි වුණා.
    එක දවසක් අර කුරුල්ලා මේ නපුරු ගොවියාගේ හේනටත් ආවා.
    නපුරු ගොවියා කුරුල්ලාට පහරදී උගේ තටුවක් කඩා දැම්මා.
    ඊට පසු ගෙදර ගෙනිහින් බෙහෙත් දැම්මා. පසුව කුරුල්ලාව
    නිදහස් කර යැවුවා.

    කුරුල්ලා ඉගිලී යනවිට නපුරු ගොවියාගේ හේනටත් කැකිරි
    ඇටයක් දාන්නට අමතක කලේ නැහැ.
    එයත් පැළවුණා.
    විශාල ගෙඩියක් ඵල ගත්තා.
    ඉතින් මේ නපුරු ගොවියාට හරිම සතුටුයි. ඔහු ඒ කැකිරි
    ගෙඩිය ගෙදර ගෙනිහින් කපා බැලුවා.
    දෙයියනේ.........!!!!!
    ගෙඩියේ ඇට වෙනුවට හිටියේ මොක්කුද දන්නවද????
    කළු දෙබරු.......
    උන් නපුරු ගොවියාට පන්න පන්නා
    අනින්නට වුණා. පසුව ඔහු දෙබර විසෙන්ම
    මිය ගියා.



    පේනවා නේද නපුරු කමට වෙන දේ.....!!!!!!
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ඒ අපේ කාලේ එවුන් බං...දැන් කාලේ ඉපදිච්ච 90ට පස්සේ එවුන් මෙව්වා අහලාවත් නැහැ :no:

    මටත් මතක කතා නම් තියෙනවා මල ගෙවල් වල කතා එහෙම ලියන්න කම්මැලියි බන් :dull:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    තොටගමුවෙ රාහුල හාමුදුරුවො හදුන්වද්දි, උන්නාන්සෙගෙ නමට මුලින් "ෂඩ්භාශා පරමේශ්වර" කියල ගෞරව පදයකුත් එකතු කරනවා. උන්වහන්සෙ භාශා හයක කෙලපැමිනියෙක් කියල තමයි ඒකෙන් හැගෙන්නෙ. ඇත්තටම උන් වහන්සේ භාශා විශාරදයෙක් විතරක්ම නෙවේ, බොහොම කලාතුරකින් පහලවෙන විවිධ හැකියාවන්ගෙන් පිරිච්ච හිමි නමක්. උන්වහන්සෙට බොහොම ප්‍රභල මතක ශක්තියක් තිබුනලු. කවුරුහරි එකපාරක් කිව්ව දෙයක් උනත් උන්වහන්සෙට බොහොම අපූරුවට මතක හිටලා තියෙනවා. මේ අපූරු මතක ශක්තිය ලැබුන විදිය ගැන තියෙන්නෙත්, බොහොම රසවත් කතාවක්.

    රාහුල හාමුදුරුවන්ගෙ ගුරු හාමුදුරුවො තමන්ගෙ ධාරණ ශක්තිය වඩවා ගන්න, "සිද්ධාලෝක රසය" කියලා බොහොම බලගතු තෙල් බේතක් පාවිච්චි කරාලු. මේ බේත බලගතු එකක් වගේම බොහොම විස සහිත එකක්. ලොකු හාමුදුරුවො බණකට, පිරිතකට යන්න කලින් අස්ස කෙන්දක් මේ තෙල් කුප්පියට දාල, කෙන්ද හත් පාරක් ගසලා, දිවේ අග ගාගෙන තමයිලු යන්නෙ. ලොකු හාමුදුරුවො හොරාට කරන මේ වැඩේ බලාගෙන හිටපු රාහුල පොඩි හාමුදුරුවො, ලොකු උන්නාන්සෙ බණකට වැඩිය වෙලාවක් බලලා, මුලු බේත් කුප්පියම බිව්වලු. බේතෙ සැරට උන් වහන්සෙ එහෙන්ම සිහි නැති වෙලා. බණ ඉවර වෙලා ලොකු හාමුදුරුවො ආපහු වඩින කොට, පන්සලේ ඇතිකරන ගිරවා කෑගහනවලු, "රාහුලයා මලා... රාහුලයා මලා..." කියලා. ලොකු හාමුදුරුවො බලනකොට රාහුල හාමුදුරුවො හිස් බේත් කුප්පියත් එක්කම සිහිනැතුව වැටිලා ඉන්නවලු. ඉක්මනට වටේ පිටේ ඉන්න දායකයො ගෙන්නපු ලොකු හාමුදුරුවො, මවුකිරි වලින් බෙහෙත් ඔරුවක් පුරවල රාහුල හාමුදුරුවන්ව ඒකට බැස්සුවලු. ටික වෙලාවක් යනකොට බේතෙ විස උරාගෙන මුලු ඔරුවම රෝසපාට උනාලු. ඔය විදිහට හත් පාරක් ආයෙ, ආයෙ කිරි මාරු කරලා තමයි රාහුල හාමුදුරුවො බේරගෙන තියෙන්නෙ. එදා බීපු "සිද්ධාලෝක රසය" නිසා උන්නාන්සෙ අපවත් උනත්, අදටත් මල මිනියෙ කොන්ඩෙ,‍රැවුල, නියපොතු වැවෙනවලු.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    තොටගමුවෙ හාමුදුරුවො නැකැත් සාත්තරෙත් බොහොම පරතෙරට ගියපු කෙනෙක්. උන්නාන්සෙගෙ, ගුරු හාමුදුරුවොත් ඒ වගේමලු. දෙන්නම දක්ශයො නිසා, දෙන්නා නිතරම වැඩ කරේ තරගයටලු.

    දවසක් පන්සල් වත්තෙ පොල් පැල හිටවන්න උන්නාන්සෙල වෙන වෙනම නැකැත් හැදුවලු. හැබැයි නැකැත් දෙක අරගෙන බැලුවම, වෙලාවල් දෙකක්ලු. දැන් දායකයොත් වැඩිය දක්ශ කවුද කියල බලන්නත් එක්ක නැකැත් දෙකටම වෙන වෙනම පොල් පැල හිටෙව්වලු.

    ටික කාලෙකින් ගුරු හාමුදුරුවොන්ගෙ නැකතට හිටවපු පොල් පැලේ ලොකු වෙලා උස ගිහින් ගෙඩි එහෙමත් ආවට, රාහුල හාමුදුරුවන්ගෙ නැකතට හිටවපු පැලේ පීදෙනවා තියා අඩියකට, දෙකකට වඩා උස ගිහිල්ලත් නෑලු. කොහොම හරි පොල් කඩන දවසෙ මුලු ගමේම දායකයො ටික පන්සල් වත්තට එකතු වෙලා දෙන්නගෙ නැකැත්වල හාස්කම් බලන්නත් එක්ක. තමන්ගෙ නැකතට හිටවපු, හොදට බරවෙලා ඉතිරෙන්න පොල් තියෙන ගහයි, අඩියක් වත් උස නැති රාහුල හාමුදුරුවන්ගෙ නැකතට හිටවපු ගහයි දිහා බලාගෙන, ලොකු හාමදුරුවො රාහුල හාමුදුරුවන්ගෙන් අහනවලු, "කෝ රාහුල, පොල්??" කියල. එතකොට කට කොනකට හිනා වෙච්ච රාහුල හාමුදුරුවො, දායකයෙක්ට කියල උදැල්ලක් ගෙන්නගෙන තමන්ගෙ ගහේ මුල වටේට හාරන්න කිව්වලු.
    මුල වටේට හාරන්න ගත්තා විතරයි, පස් යටින් දිගට හරහට පොල් ගෙඩි මතු වෙන්න ගත්තලු. අන්තිමේදි දායකයොන්ට තේරුනාලු රාහුල හාමුදුරුවන්ගෙ දස්සකම.
     
    • Like
    Reactions: ishan1653