Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුංකුණාවේ හාමුදුරුවෝ සහ තවත් කතා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අදට ඇති...ත්‍රෙඩ් එක උඩම තියා ගන්න ගොඩක් මහන්සි වෙච්ච මෙන්න මගෙන් ගයියාට අද අන්තිම කතාව

පුංචි ගෑනු ළමයෙක් හිටියා. එයාගේ නම ශේන්යා. දවසක් අම්මා ඇය පාන් වළලූ ගේන්න කඩේට යැව්වා. ශේන්යා ගත්තා පාන් වළලූ හතක්. සුවඳ පාන් වළලූ දෙකක් තාත්තාට, පොපි ඇට දාපු දෙකක් අම්මාට, සීනි දමාපු දෙකක් තමාට, රෝස පාට පුංචි එකක් පාව්ලින් මල්ලීට.

ඉතින් ශේන්යා පාන් වළලූ එල්ලාගෙන ගෙදර යනවා. ඈ යන්නේ වට පිට බලමින්. පාර දෙපැත්තේ තිඛෙන දැන්වීම් කියවමින්. මේ අතරතුරේ එක් නාඳුනන බල්ලෙක් ඇය පස්සෙන් එන්න පටන් ගත්තා. ඌ ඔක්කොම පාන් වළලූ එකින් එක කෑවා. ශේන්යාගේ අතට සැහැල්ලූවක් දැනුණා. ආපසු හැරිලා බැලින්නම් පමාවෙලා වැඩියි. බල්ලා අන්තිම රෝස පාට පාන් වළල්ලත් අරගෙන කනවා.

''අය්යෝ.... මෙහෙම නපුරු බල්ලෙක්....'' ශේන්යා කෑ ගහල ඌව අල්ලන්න දිව්වා. ඈ දිව්වා.... දිව්වා.... බල්ලා අල්ලාගන්න බැරි වුණා. ශේන්යා බය වෙලා අඬන්න ලෑස්ති වුණා. එක පාරටම කොහෙන්දෝ ආච්චි කෙනෙක් ආවා.

''ළමයෝ.... ළමයෝ මොකද උඹ අඬන්නේ?''

ශේන්යා ආච්චිට ඔක්කොම විස්තර කිව්වා. ආච්චිට ශේන්යා ගැන දුක හිතුණා. ආච්චි ශේන්යා තමන්ගේ මල් වත්තට එක්කගෙන ගිහිල්ලා මෙහෙම කිව්වා.

''කමක් නෑ... අඬන්න එපා... මම උඹට පිහිට වෙන්නම්’...මගේ මල් වත්තේ මලක් පිපිලා තියෙනවා. ඒ මලට කියන්නෙ 'හත්පෙති මල' කියලා. ඒ මලට උඹට ඕන ඔක්කොම කරන්න පුළුවන්. උඹ පාරේ යනකොට වටපිට බැලූවා වුණත් හොඳ ළමයෙක් බව මම දන්නවා. මම උඹට හත්පෙති මල තෑගි කරන්නම්. ඒක ඔක්කොම කර දෙනවා''

ඉතින් මෙහෙම කියලා ආච්චි මල් පාත්තියකින් ලස්සන මලක් කඩලා ශේන්යාට දුන්නා. ඒ මලේ කහ, රතු, තද නිල්, කොළ, තැඹිලි, ලා නිල් පෙති හතක් තිබුණා.

''මේ මල සාමාන්‍ය එකක් නොවෙයි'' ආච්චි කීවා. ''උඹට ඕනෑ දෙයක් කර දෙනවා. මල් පෙත්තක් කඩලා විසි කරලා මෙහෙම කියන එක විතරයි...

මල් පෙත්තේ මල් පෙත්තේ

උතුරු දෙසට දකුණු දෙසට

බටහිරටත් නැගෙනහිරටත්

ඉගිල ඉගිල මෙහැම දෙසට

කැරකිලා ඇවිත් බිමට

මා කියන දේ කරදෙන් මට

ඉතින් මෙහෙම කියලා මේ මේ දේ මට කරදෙන්න කියන්න. එතකොට හරියටම කර දෙනවා''

ශේන්යා බොහෝම විනීත විදියට ස්තූති කරලා ගේට්ටුවෙන් එළියට ගියාට පසුවයි මතක් වුණේ ගෙදරට යන්න පාර දන්නේ නැති බව. මල් වත්තත් ආච්චිත් පේන්න නැහැ. ශේන්යා හනික කහ පාට මල් පෙත්ත කඩලා එය විසි කරලා ආච්චි කී කවිය ගායනා කර කීවා.

''පාන් වළලූත් එක්ක මා ගෙදර ඉන්න ඕනෑ''

ඇයට මෙය කියලා ඉවර කරන්න ලැබුණේ නැහැ. ඒ මොහොතේම ඇය පාන් වළලූත් එක්ක ගෙදර. ශේන්යා පාන් වළලූ අම්මට දීලා මෙහෙම හිතනවා.

''මේක හරිම පුදුම මලක්. හොඳම ලස්සන මල් පෝච්චියේ මේ මල තියෙන්න ඕනෑ'' ඈ රාක්කය උඩම තට්ටුවේ තියෙන මල් පෝච්චිය ගන්න පුටුවක් උඩට නැඟුණා. ජනේලය ලඟින් කාක්කො රංචුවක් ඉගිලගෙන යනවා. කාක්කො හත්දෙනෙක්ද අටදෙනෙක්ද කියලා හරියටම දැනගන්න ශේන්යාට ඕනෑ කළා. ඈ ඇඟිල්ලක් දික් කරලා ගනින්න පටන් ගත්තා. දඩාස්... මල් පෝච්චිය බිමට වැටුණා.

''උඹ ආයෙමත් මොකක්ද බින්දා නේද?'' අම්මා කුස්සියේ ඉඳලා කෑ ගැහුවා.

''නෑ.... නෑ.... අම්මා මුකුත් බින්දේ නෑ''

ශේන්යා හනික රතු මල් පෙත්ත කඩලා ''මල් පෙත්තේ... මල් පෙත්තේ...'' කවිය ගායනා කර ''අම්මගේ මල් පෝච්චිය තිබුණ විදියට හැදෙන්න ඕනෑ'' කීවා. එතකොටම කැඩුණු බිඳුණු කෑලි ඔක්කොම එකට එකතු වෙලා මල් පෝච්චිය තිබුණු විදියටම හැදුණා.

ශේන්යා මිදුලට ආවා. මිදුලේ පිරිමි ළමයි කට්ටියක් සෙල්ලම් කරනවා.

''අනේ මාවත් ඔය ගොල්ලන්ගේ සෙල්ලමට ගන්න''

''අපි උතුරේ කෙළවරේ සෙල්ලම් කරනවා... අපි ඒ සෙල්ලමට ගෑනු ළමයින්ව ගන්නෙ නෑ''

''මට ඔය ගොල්ලො නැතුව.... මම යනවා උතුරු කෙළවරට''

ශේන්යා ගේට්ටුවට මුවා වෙලා හත්පෙති මල අරගෙන තද නිල් පාට පෙත්ත කඩලා ''මල් පෙත්තේ... මල් පෙත්තේ...'' කවිය ගායනා කළා. ''දැන් මාව උතුරු කෙළවරට ගෙනියන්න ඕනෑ'' එකපාරටම හුළං හැමුවා. ඉර නොපෙනී ගියා. භයානක විදියට අඳුරු වුණා. ඇගේ පා යට පොළව බඹරයක් වගේ කරකැවුණා. උතුරු කෙළවරේ ඇයට ලොකු තනිකමක් දැනුණා.

''අය්යෝ.... අම්මා.... සීතලයි'' ශේන්යා කෑ ගහන්න පටන් ගත්තා. කඳුළු මිදිලා අයිස් වගේ නහයෙන් එල්ලූණා.

අයිස් කඳුවලින් සුදු වලස්සු හත්දෙනෙක් ශේන්යා ළඬට එනවා.

ඔක්කොම එක වගේ භයානකයි. ශේන්යා හොඳටම බය වෙලා හත් පෙති මලේ කොළ පාට පෙත්ත කඩලා විසි කරලා පුළුවන් හයියෙන් ''මල් පෙත්තේ... මල් පෙත්තේ...'' කවිය ගායනා කළා.

''ආයෙමත් මා අපේ මිදුලට ගෙනියන්න ඕනෑ'' කියන කොටම ඈ මිදුලේ. පිරිමි ළමයි ඇය දිහා බලලා හිනා වෙනවා.

ශේන්යාට තරහා ගියා. ඈ පිරිමි ළමයින් සමග සෙල්ලම් නොකරන්න තීරණය කරලා වෙන මිදුලකට ගියා. ගෑණු ළමයින් එක්ක සෙල්ලම් කරන්න.

ගිහින් බැලින්නම් ගෑණු ළමයින් ගාව තියෙනවා නොයෙක් නොයෙක් ජාතියේ සෙල්ලම් බඩු. එක්කෙනෙක් ළඟ පුංචි කරත්තයක්, තව කෙනෙක් ළඟ රෝද තුනේ බයිසිකලයක්, තව කෙනෙක් ළඟ තොප්පියකුයි සපත්තුයි අන්දපු කතා කරන ලොකු බෝනික්කෙක්, ශේන්යාට කණගාටු හිතුණා.

''හොඳයි ඔයගොල්ලන්ට මම පෙන්වන්නම් කාටද සෙල්ලම් බඩු තියෙන්නේ කියලා'' හත්පෙති මලේ තැඹිලි පාට මල් පෙත්ත කඩලා ඈ කවිය කිව්වා.

''මේ ලෝකෙ තිඛෙන ඔක්කොම සෙල්ලම් බඩු මට ලැඛෙන්න ඕනෑ''

ඒ මොහොතේ ම හැම පැත්තෙන් ම ශේන්යා ළඟට සෙල්ලම් බඩු ගලා එන්න පටන් ගත්තා. හැම පාරකින් ම බෝනික්කො, බෝල, බයිසිකල්, සෙල්ලම් කාර්, ට්‍රැක්ටර් පෙරළීගෙන එනවා. බැලූම් කෝටි ගණනක් අහසේ පියඹනවා. පැරෂුට්වලින් බෝනික්කො බසිනවා. රුසියානු සෙල්ලම් බඩුවලින් පස්සේ අමෙරිකානු සෙල්ලම් බඩු එන්න පටන් ගත්තා. දැන් මුළු නගරය ම සෙල්ලම් බඩුවලින් පිරිලා. ශේන්යා පඩි පෙළේ... සෙල්ලම් බඩු ඈ පස්සෙන්.... ශේන්යා සඳළුතලේ.... සෙල්ලම් බඩු ඈ පස්සෙන් එනවා. බැරිම තැන ඈ වහළයට නැගලා හනික දම් පාට මල් පෙත්ත කඩලා විසි කරලා ''මල් පෙත්තේ... මල් පෙත්තේ...'' කවිය ගායනා කළා.

''සෙල්ලම් බඩු හනික ආපසු සාප්පුවලට යන්න ඕනෑ''

එතකොට සෙල්ලම් බඩු ඔක්කොම අතුරුදහන් වුණා. ශේන්යා මල දිහා බැලූවා ම තව තියෙන්නේ එකම එක මල් පෙත්තයි.

''වෙච්ච දේ... පෙති හයක්ම නාස්ති වුණා කිසිම පලක් නැතිව. කමක් නෑ. ඉස්සරහට කල්පනාකාරි වෙනවා''

ඉතින් ශේන්යා වීදියට බැහැලා කල්පනා කර කර යනවා.

ශේන්යා දැක්කා ගේට්ටුව ළඟ හොඳ ලස්සන පිරිමි ළමයෙක් වාඩි වෙලා ඉන්නවා. ඔහුට තිබුණා නිල් පාට ප්‍රීතිමත් ශාන්ත විශාල ඇස්. ශෙAන්යාට හිතුණා ඔහුව දැන අඳුනගන්න. කිසිම බයක් සැකත් නැතිව ඔහු ළඟටම ගියා.

''ඔයාගෙ නම මොකක්ද?''

''වීත්යා.. ඔයාගේ නම?''

''මගේ නම ශේන්යා..වීත්යා එනවද මා එක්ක සෙල්ලම් කරන්න?''

''මට බැහැ. මම කොර වෙලා''

ශේන්යා දැක්කා ඔහුගේ පාදයේ තිබුණ ලොකු සපත්තුව.

''මට හරි දුකයි'' ශේන්යා කිව්වා. ''මම ඔයාට හරි කැමතියි. මට ඔයා එක්ක බොහොම කැමැත්තෙන් සෙල්ලම් කරන්න තිබුණානේ?''

''මමත් ඔයාට හුඟාක් කැමතියි. මමත් ඔයා එක්ක සෙල්ලම් කරන්න බොහොම කැමතියි. නමුත් කණගාටුයි. ඒක කරන්න මට බැහැ. මට කරන්න කිසිම දෙයක් නැහැ. මගේ මුළු ජීවිතේම මෙහෙමයි''

''හානේ වීත්යා ඔයා මොනවද මේ කියන්නේ''

ශේන්යා තම සාක්කුවෙන් පුදුම හත්පෙති මල අරගත්තා.

බොහොම පරිස්සමින් මලේ අවසාන නිල් පාට පෙත්ත කඩලා මල් පෙත්ත තමාගේ ඉදිරියෙන් තියලා ඇඟිලි වලින් විසි කරලා හීන් හඬින් ප්‍රීතියෙන් මෙහෙම කියන්න ගත්තා.

''මල් පෙත්තේ මල් පෙත්තේ

උතුරු දෙසට දකුණු දෙසට

බටහිරටත් නැගෙනහිරටත්

ඉගිල ඉගිල මෙහැම දෙසට

කැරකිලා ඇවිත් බිමට

මා කියන දේ කරදෙන්

මට වීත්යා සනීප කරන්න ඕනෑ''

එතකොට ම වීත්යා බංකුවෙන් නැගිටලා ශේන්යා සමග සෙල්ලම් කරන්න පටන් ගත්තා. ඔහු කොපමණ හොඳට දිව්වාද කියතොත් ශේන්යාට ඔහු අල්ලා ගන්නත් බැරුව ගියා.

[QUOTE="laknath123, post: 14967711, member: 37140"] [SIZE="3"] අදට ඇති...ත්‍රෙඩ් එක උඩම තියා ගන්න ගොඩක් මහන්සි වෙච්ච මෙන්න මගෙන් ගයියාට අද අන්තිම කතාව[/SIZE] --------- [SIZE="4"]පුංචි ගෑනු ළමයෙක් හිටියා. එයාගේ නම ශේන්යා. දවසක් අම්මා ඇය පාන් වළලූ ගේන්න කඩේට යැව්වා. ශේන්යා ගත්තා පාන් වළලූ හතක්. සුවඳ පාන් වළලූ දෙකක් තාත්තාට, පොපි ඇට දාපු දෙකක් අම්මාට, සීනි දමාපු දෙකක් තමාට, රෝස පාට පුංචි එකක් පාව්ලින් මල්ලීට. ඉතින් ශේන්යා පාන් වළලූ එල්ලාගෙන ගෙදර යනවා. ඈ යන්නේ වට පිට බලමින්. පාර දෙපැත්තේ තිඛෙන දැන්වීම් කියවමින්. මේ අතරතුරේ එක් නාඳුනන බල්ලෙක් ඇය පස්සෙන් එන්න පටන් ගත්තා. ඌ ඔක්කොම පාන් වළලූ එකින් එක කෑවා. ශේන්යාගේ අතට සැහැල්ලූවක් දැනුණා. ආපසු හැරිලා බැලින්නම් පමාවෙලා වැඩියි. බල්ලා අන්තිම රෝස පාට පාන් වළල්ලත් අරගෙන කනවා. ''අය්යෝ.... මෙහෙම නපුරු බල්ලෙක්....'' ශේන්යා කෑ ගහල ඌව අල්ලන්න දිව්වා. ඈ දිව්වා.... දිව්වා.... බල්ලා අල්ලාගන්න බැරි වුණා. ශේන්යා බය වෙලා අඬන්න ලෑස්ති වුණා. එක පාරටම කොහෙන්දෝ ආච්චි කෙනෙක් ආවා. ''ළමයෝ.... ළමයෝ මොකද උඹ අඬන්නේ?'' ශේන්යා ආච්චිට ඔක්කොම විස්තර කිව්වා. ආච්චිට ශේන්යා ගැන දුක හිතුණා. ආච්චි ශේන්යා තමන්ගේ මල් වත්තට එක්කගෙන ගිහිල්ලා මෙහෙම කිව්වා. ''කමක් නෑ... අඬන්න එපා... මම උඹට පිහිට වෙන්නම්’...මගේ මල් වත්තේ මලක් පිපිලා තියෙනවා. ඒ මලට කියන්නෙ 'හත්පෙති මල' කියලා. ඒ මලට උඹට ඕන ඔක්කොම කරන්න පුළුවන්. උඹ පාරේ යනකොට වටපිට බැලූවා වුණත් හොඳ ළමයෙක් බව මම දන්නවා. මම උඹට හත්පෙති මල තෑගි කරන්නම්. ඒක ඔක්කොම කර දෙනවා'' ඉතින් මෙහෙම කියලා ආච්චි මල් පාත්තියකින් ලස්සන මලක් කඩලා ශේන්යාට දුන්නා. ඒ මලේ කහ, රතු, තද නිල්, කොළ, තැඹිලි, ලා නිල් පෙති හතක් තිබුණා. ''මේ මල සාමාන්‍ය එකක් නොවෙයි'' ආච්චි කීවා. ''උඹට ඕනෑ දෙයක් කර දෙනවා. මල් පෙත්තක් කඩලා විසි කරලා මෙහෙම කියන එක විතරයි... මල් පෙත්තේ මල් පෙත්තේ උතුරු දෙසට දකුණු දෙසට බටහිරටත් නැගෙනහිරටත් ඉගිල ඉගිල මෙහැම දෙසට කැරකිලා ඇවිත් බිමට මා කියන දේ කරදෙන් මට ඉතින් මෙහෙම කියලා මේ මේ දේ මට කරදෙන්න කියන්න. එතකොට හරියටම කර දෙනවා'' ශේන්යා බොහෝම විනීත විදියට ස්තූති කරලා ගේට්ටුවෙන් එළියට ගියාට පසුවයි මතක් වුණේ ගෙදරට යන්න පාර දන්නේ නැති බව. මල් වත්තත් ආච්චිත් පේන්න නැහැ. ශේන්යා හනික කහ පාට මල් පෙත්ත කඩලා එය විසි කරලා ආච්චි කී කවිය ගායනා කර කීවා. ''පාන් වළලූත් එක්ක මා ගෙදර ඉන්න ඕනෑ'' ඇයට මෙය කියලා ඉවර කරන්න ලැබුණේ නැහැ. ඒ මොහොතේම ඇය පාන් වළලූත් එක්ක ගෙදර. ශේන්යා පාන් වළලූ අම්මට දීලා මෙහෙම හිතනවා. ''මේක හරිම පුදුම මලක්. හොඳම ලස්සන මල් පෝච්චියේ මේ මල තියෙන්න ඕනෑ'' ඈ රාක්කය උඩම තට්ටුවේ තියෙන මල් පෝච්චිය ගන්න පුටුවක් උඩට නැඟුණා. ජනේලය ලඟින් කාක්කො රංචුවක් ඉගිලගෙන යනවා. කාක්කො හත්දෙනෙක්ද අටදෙනෙක්ද කියලා හරියටම දැනගන්න ශේන්යාට ඕනෑ කළා. ඈ ඇඟිල්ලක් දික් කරලා ගනින්න පටන් ගත්තා. දඩාස්... මල් පෝච්චිය බිමට වැටුණා. ''උඹ ආයෙමත් මොකක්ද බින්දා නේද?'' අම්මා කුස්සියේ ඉඳලා කෑ ගැහුවා. ''නෑ.... නෑ.... අම්මා මුකුත් බින්දේ නෑ'' ශේන්යා හනික රතු මල් පෙත්ත කඩලා ''මල් පෙත්තේ... මල් පෙත්තේ...'' කවිය ගායනා කර ''අම්මගේ මල් පෝච්චිය තිබුණ විදියට හැදෙන්න ඕනෑ'' කීවා. එතකොටම කැඩුණු බිඳුණු කෑලි ඔක්කොම එකට එකතු වෙලා මල් පෝච්චිය තිබුණු විදියටම හැදුණා. ශේන්යා මිදුලට ආවා. මිදුලේ පිරිමි ළමයි කට්ටියක් සෙල්ලම් කරනවා. ''අනේ මාවත් ඔය ගොල්ලන්ගේ සෙල්ලමට ගන්න'' ''අපි උතුරේ කෙළවරේ සෙල්ලම් කරනවා... අපි ඒ සෙල්ලමට ගෑනු ළමයින්ව ගන්නෙ නෑ'' ''මට ඔය ගොල්ලො නැතුව.... මම යනවා උතුරු කෙළවරට'' ශේන්යා ගේට්ටුවට මුවා වෙලා හත්පෙති මල අරගෙන තද නිල් පාට පෙත්ත කඩලා ''මල් පෙත්තේ... මල් පෙත්තේ...'' කවිය ගායනා කළා. ''දැන් මාව උතුරු කෙළවරට ගෙනියන්න ඕනෑ'' එකපාරටම හුළං හැමුවා. ඉර නොපෙනී ගියා. භයානක විදියට අඳුරු වුණා. ඇගේ පා යට පොළව බඹරයක් වගේ කරකැවුණා. උතුරු කෙළවරේ ඇයට ලොකු තනිකමක් දැනුණා. ''අය්යෝ.... අම්මා.... සීතලයි'' ශේන්යා කෑ ගහන්න පටන් ගත්තා. කඳුළු මිදිලා අයිස් වගේ නහයෙන් එල්ලූණා. අයිස් කඳුවලින් සුදු වලස්සු හත්දෙනෙක් ශේන්යා ළඬට එනවා. ඔක්කොම එක වගේ භයානකයි. ශේන්යා හොඳටම බය වෙලා හත් පෙති මලේ කොළ පාට පෙත්ත කඩලා විසි කරලා පුළුවන් හයියෙන් ''මල් පෙත්තේ... මල් පෙත්තේ...'' කවිය ගායනා කළා. ''ආයෙමත් මා අපේ මිදුලට ගෙනියන්න ඕනෑ'' කියන කොටම ඈ මිදුලේ. පිරිමි ළමයි ඇය දිහා බලලා හිනා වෙනවා. ශේන්යාට තරහා ගියා. ඈ පිරිමි ළමයින් සමග සෙල්ලම් නොකරන්න තීරණය කරලා වෙන මිදුලකට ගියා. ගෑණු ළමයින් එක්ක සෙල්ලම් කරන්න. ගිහින් බැලින්නම් ගෑණු ළමයින් ගාව තියෙනවා නොයෙක් නොයෙක් ජාතියේ සෙල්ලම් බඩු. එක්කෙනෙක් ළඟ පුංචි කරත්තයක්, තව කෙනෙක් ළඟ රෝද තුනේ බයිසිකලයක්, තව කෙනෙක් ළඟ තොප්පියකුයි සපත්තුයි අන්දපු කතා කරන ලොකු බෝනික්කෙක්, ශේන්යාට කණගාටු හිතුණා. ''හොඳයි ඔයගොල්ලන්ට මම පෙන්වන්නම් කාටද සෙල්ලම් බඩු තියෙන්නේ කියලා'' හත්පෙති මලේ තැඹිලි පාට මල් පෙත්ත කඩලා ඈ කවිය කිව්වා. ''මේ ලෝකෙ තිඛෙන ඔක්කොම සෙල්ලම් බඩු මට ලැඛෙන්න ඕනෑ'' ඒ මොහොතේ ම හැම පැත්තෙන් ම ශේන්යා ළඟට සෙල්ලම් බඩු ගලා එන්න පටන් ගත්තා. හැම පාරකින් ම බෝනික්කො, බෝල, බයිසිකල්, සෙල්ලම් කාර්, ට්‍රැක්ටර් පෙරළීගෙන එනවා. බැලූම් කෝටි ගණනක් අහසේ පියඹනවා. පැරෂුට්වලින් බෝනික්කො බසිනවා. රුසියානු සෙල්ලම් බඩුවලින් පස්සේ අමෙරිකානු සෙල්ලම් බඩු එන්න පටන් ගත්තා. දැන් මුළු නගරය ම සෙල්ලම් බඩුවලින් පිරිලා. ශේන්යා පඩි පෙළේ... සෙල්ලම් බඩු ඈ පස්සෙන්.... ශේන්යා සඳළුතලේ.... සෙල්ලම් බඩු ඈ පස්සෙන් එනවා. බැරිම තැන ඈ වහළයට නැගලා හනික දම් පාට මල් පෙත්ත කඩලා විසි කරලා ''මල් පෙත්තේ... මල් පෙත්තේ...'' කවිය ගායනා කළා. ''සෙල්ලම් බඩු හනික ආපසු සාප්පුවලට යන්න ඕනෑ'' එතකොට සෙල්ලම් බඩු ඔක්කොම අතුරුදහන් වුණා. ශේන්යා මල දිහා බැලූවා ම තව තියෙන්නේ එකම එක මල් පෙත්තයි. ''වෙච්ච දේ... පෙති හයක්ම නාස්ති වුණා කිසිම පලක් නැතිව. කමක් නෑ. ඉස්සරහට කල්පනාකාරි වෙනවා'' ඉතින් ශේන්යා වීදියට බැහැලා කල්පනා කර කර යනවා. ශේන්යා දැක්කා ගේට්ටුව ළඟ හොඳ ලස්සන පිරිමි ළමයෙක් වාඩි වෙලා ඉන්නවා. ඔහුට තිබුණා නිල් පාට ප්‍රීතිමත් ශාන්ත විශාල ඇස්. ශෙAන්යාට හිතුණා ඔහුව දැන අඳුනගන්න. කිසිම බයක් සැකත් නැතිව ඔහු ළඟටම ගියා. ''ඔයාගෙ නම මොකක්ද?'' ''වීත්යා.. ඔයාගේ නම?'' ''මගේ නම ශේන්යා..වීත්යා එනවද මා එක්ක සෙල්ලම් කරන්න?'' ''මට බැහැ. මම කොර වෙලා'' ශේන්යා දැක්කා ඔහුගේ පාදයේ තිබුණ ලොකු සපත්තුව. ''මට හරි දුකයි'' ශේන්යා කිව්වා. ''මම ඔයාට හරි කැමතියි. මට ඔයා එක්ක බොහොම කැමැත්තෙන් සෙල්ලම් කරන්න තිබුණානේ?'' ''මමත් ඔයාට හුඟාක් කැමතියි. මමත් ඔයා එක්ක සෙල්ලම් කරන්න බොහොම කැමතියි. නමුත් කණගාටුයි. ඒක කරන්න මට බැහැ. මට කරන්න කිසිම දෙයක් නැහැ. මගේ මුළු ජීවිතේම මෙහෙමයි'' ''හානේ වීත්යා ඔයා මොනවද මේ කියන්නේ'' ශේන්යා තම සාක්කුවෙන් පුදුම හත්පෙති මල අරගත්තා. බොහොම පරිස්සමින් මලේ අවසාන නිල් පාට පෙත්ත කඩලා මල් පෙත්ත තමාගේ ඉදිරියෙන් තියලා ඇඟිලි වලින් විසි කරලා හීන් හඬින් ප්‍රීතියෙන් මෙහෙම කියන්න ගත්තා. ''මල් පෙත්තේ මල් පෙත්තේ උතුරු දෙසට දකුණු දෙසට බටහිරටත් නැගෙනහිරටත් ඉගිල ඉගිල මෙහැම දෙසට කැරකිලා ඇවිත් බිමට මා කියන දේ කරදෙන් මට වීත්යා සනීප කරන්න ඕනෑ'' එතකොට ම වීත්යා බංකුවෙන් නැගිටලා ශේන්යා සමග සෙල්ලම් කරන්න පටන් ගත්තා. ඔහු කොපමණ හොඳට දිව්වාද කියතොත් ශේන්යාට ඔහු අල්ලා ගන්නත් බැරුව ගියා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom