Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුංකුණාවේ හාමුදුරුවෝ සහ තවත් කතා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චි කිරිල්ලි පහළට පියඹලා ඇවිත් සොල්දාදුවාවගේ උරහිසේ වහලා ගී කියන්න පටන් ගත්තා. හරිම පුදුමයක්.... සොල්දාදුවාවගේ දුක අඩුවෙන්න පටන් අරගෙන බොහොම සතුටින් කිරිල්ලි එක්ක ගී කියන්න පටන් ගත්තා.

පහුවදා උදේ කිරිල්ලියට ආයුබෝවන් කියලා සොල්දාදුවා නගරයට ගියා. එහෙදි රැකියාවක් හොයාගෙන බොහොම ලස්සන තරුණියක් විවාහ කර ගත්තා.

ඔහොම කාලයක් යද්දි මේ දෙන්නට හොඳ ලස්සන පුතෙක් ඉපදුණා. මේ හුරුබුහුට් දරුවට අම්මයි තාත්තයි පණ වගේ ආදරෙයි. ඔන්න ඉතින් මේ විදිහට අවුරුදු දෙක තුනක් ගෙවිලා ගියා.දැන් දරුවා තරමක් ලොකුයි. දුව පැන ඇවිදිනවා. දවසක් පුතා තාත්තාගෙන් අමුතු දෙයක් ඉල්ලුවා.

“තාත්තේ, මට සිංදු කියන කුරුල්ලෙක් ගෙනත් දෙන්න.”

“අනේ පුතේ, කුරුල්ලෝ ඉන්නෙ කැලේ...ඒගොල්ලො එන්නෙ නෑ අපට සිංදු කියන්න.”

සොල්දාදුවා එහෙම කිව්වත් ළමයව සනසන්න බැ. ඔහු කුරුල්ලෙක්ම ඉල්ලනවා. සොල්දාදුවාට ගී ගයන කිරිල්ලි මතක් වුණා.

“ හා හොඳයි, මම ගෙනත් දෙන්නම්” කියලා ඔහු හිස් වැසුමයි, සපත්තු දෙකයි දාගෙන පිටත් වුණා.

ගං ඉවුරට ආපු සොල්දාදුවා මුල් දවසේ වගේම දුක කියන්න පටන් ගත්තා. මේක ඇහුණු කිරිල්ලි පහළට පියඹලා ඇවිත් සොල්දාදුවාවගේ උරහිසේ වැහුවා.

“අනේ කිරිල්ලියේ, නුඹ මා එක්ක නාවොත් මගේ සුරතල් පුතා දුක් වෙලා ලෙඩ වේවි...” සොල්දාදුවා කණගාටු වෙනවා.

පුංචි කිරිල්ලිට දුක හිතුණා. ඇය කැමති වුණා සොල්දාදුවා එක්ක යන්න. ඔන්න ඉතින් සොල්දාදුවාට බොහොම සතුටුයි. දෙන්නා එක්ක තණ බිම් මැදින්, මහ කැළෑ පහුකරගෙන,අතරමගදි මුණ ගැහුණ වෘකයින්ට ආචාර කරලා ගෙදර ආවා.

පුංචි දරුවා කිරිල්ලිව දැකලා සතුටු වෙලා නටන්න පටන් ගත්තා. කිරිල්ලියත් ගී ගයනවා...ගෙදර උත්සවයක් වගේ.

එදා පටන් පුංචි කිරිල්ලිය ගී ගයනවා. එහෙම ලස්සනට කවුරුවත් කවදාවත් ගයලා නැ.

ඒ ගී හඬට සොල්දාදුවාගෙ ගෙවත්තෙ අමුතු ලස්සන මල් පිපුණා. කුරුල්ලෝ ඇවිත් වත්ත පුරා නැටුවා. පාට පාට සමණල්ලු ඇවිත් දේදුන්නක් වගේ පෑව්වා. මල් වැහි වැහැලා මල් උඩ පිණි බින්දු තිබ්බා. දරුවා කිරිල්ලියට බොහොම ආදරේ වුණා. කන්නෙත්,සෙල්ලම් කරන්නෙත්, නිදා ගන්න යන්නෙත් කිරිල්ලි එක්ක.

මේ නිසා සොල්දාදුවාගෙ බිරිඳ අමනාපයට පත් වුණා. පුතා තමන්ට ආදරේ නැතිව කිරිල්ලියට ආදරේ වීම නිසා ඇය කිරිල්ලිය එක්ක තරහ වුණා.

“මේ කිරිල්ලිය මරන්න ඕනේ.” ඇය නපුරු සිතින් කල්පනා කළා. රෑ එළි වෙනකම් ඉඳලා ඇය මේ අදහස සොල්දාදුවාට කිව්වා. සොල්දාදුවා මුලින් කෝප වෙලා ඊට පස්සෙ කණගාටු වුණා. ඔහු බිරිඳට බොහොම ආදරෙයි. කිරිල්ලියටත් ආදරෙයි.

“මරන්න බැහැ. මම ඇයව ආපහු ගිහින් දමන්නම්.” සොල්දාදුවා කිව්වාම බිරිඳ කැමති වුණා.

එදා රෑ දරුවා නින්දට ගියාම සොල්දාදුවා කිරිල්ලිය අරන් යන්න පිටත් වුණා. යන ගමන් ඔහු කණගාටු වෙනවා. සුසුම් හෙළනවා. කිරිල්ලිය ගං ඉවුරේ තියපු සොල්දාදුවා ආපහු ආවා.

පුංචි දරුවා කිරිල්ලිය ඉල්ලලා අඬා වැටුණා. මොනවා කිව්වත් පලක් වුණේ නෑ. දරුවා නොකා නොබී අඬලා ටික දිනකින් ලෙඩ වුණා. බේත් හේත් කළා. අන්තිමට නගරයෙන් ආ වෙද්දු කල්පනා කරලා, ඔළුව වනලා “ කරන්න දෙයක් නෑ” කියලා යන්න ගියා. බිරිඳත් සොල්දාදුවාත් අඬමින් වැළපෙමින් දෙවියන් යැද්දා. දරුවා කතා කළේවත් ඇස් ඇරියෙවත් නෑ.

බිරිඳ අඬ අඬා සොල්දාදුවාට මෙහෙම කිව්වා.

“මේ හැම දෙයක්ම මගේ මෝඩකම නිසයි. ඔයා ගිහින් පුංචි කිරිල්ලිය එක්කන් එන්න.”

සොල්දාදුවා දුර ගෙවලා ගිහින් ගං ඉවුරට ගිහින් හිස පාත් කරගෙන හිටියා. පුංචි දරුවා ගැන අහපු කිරිල්ලිය බොහොම කණගාටුවට පත් වෙලා ආපහු ගෙදර එන්න කැමති වුණා.

එනකොට ගෙදර බොහොම පාළුයි. දරුවා හුස්ම ගන්න හඬවත් ඇහෙන්නේ නෑ. හැම දේම නිහඬයි.

පුංචි කිරිල්ලිය දරුවාගේ ලය මත ඉඳගෙන ගී ගයන්න පටන් ගත්තා. ඒ තරම් දුක්බර ගීතයක් ලෝකයේ කිසිම මිනිහෙක්වත් කුරුල්ලෙක්වත් කවදාවත් ගයලා නෑ. ඒ ගී අහන් ඉන්න අය අඬන්න පටන් ගත්තා. කිරිල්ලිය රෑ එළි වෙනකම් ගැයුවා. මිනිස්සු අඬලා වෙහෙසට පත්වෙලා නින්දට වැටුණා.

ඉර පායන කොට දරුවා ඇස් ඇරලා “අම්මේ” කිව්වා.

ඔන්න දැන් හරිම කළබලයක්. හැමෝටම බොහොම සතුටුයි. මිනිස්සු එකිනෙනා වැළඳගෙන සතුටු වෙනවා. පුංචි දරුවාට සුව වෙලා.

සොල්දාදුවා කිරිල්ලිය දිහා බැලුවා. රෑ එළි වෙනතුරු ජීවිතයේ දුක්බරම ගීතය ගැයූ ඇය දරුවාගේ ලය මතම ලය පැලී මිය ගොස් හිටියා.

මිනිස්සු දුක් වුණා....නගරයේ වීණාකාරයො වීණා වැයීම නතර කළා. සැණකෙළි නැවතුණා.... ඉර වළාකුලක හැංගුණා... කුරුල්ලෝ ගොළු වුණා... මල් බිමබලාගෙන ඇඬුවා.....

මිනිස්සු පුංචි කිරිල්ලියව ඇගේ රන්වන් පාට ගං ඉවුරේ තැන්පත් කළා. දරුවා ඇගේ සිරුර ළඟ දණ ගසාගෙන අඬද්දී වැටුණ කඳුළු ගඟට වැටිලා ගෙඟ් වතුර රිදී පාට වුණා.

කාලය ගතවුණා. පුංචි දරුවා වැඩුණු මිනිසෙකු වී කවියෙකු බවට පත් වුණා.... ඔහුට කවි ලියන්න ඕනෑ වූ විට ඒ ගං ඉවුරේ ඉඳගෙනයි ලියන්නේ...කවියාට රිද්මය දෙන්නේ පුංචි කිරිල්ලියගේ ආත්මය බවයි මිනිස්සු කියන්නේ.

අදටත් හඳ එළිය තියෙන දවසට ඒ ගං ඉවුරෙන් ලස්සන ගීතයක් ඇහෙනවා... ඒ වෙලාවට සුළඟ නවතිනවා.....වනන්තරය ගොළු වෙනවා......ගඟ නිහඬ වෙනවා....

ඒ ගීතය ඒ තරම්ම මිහිරියි...........

[QUOTE="laknath123, post: 14976448, member: 37140"] [SIZE="4"]චි කිරිල්ලි පහළට පියඹලා ඇවිත් සොල්දාදුවාවගේ උරහිසේ වහලා ගී කියන්න පටන් ගත්තා. හරිම පුදුමයක්.... සොල්දාදුවාවගේ දුක අඩුවෙන්න පටන් අරගෙන බොහොම සතුටින් කිරිල්ලි එක්ක ගී කියන්න පටන් ගත්තා. පහුවදා උදේ කිරිල්ලියට ආයුබෝවන් කියලා සොල්දාදුවා නගරයට ගියා. එහෙදි රැකියාවක් හොයාගෙන බොහොම ලස්සන තරුණියක් විවාහ කර ගත්තා. ඔහොම කාලයක් යද්දි මේ දෙන්නට හොඳ ලස්සන පුතෙක් ඉපදුණා. මේ හුරුබුහුට් දරුවට අම්මයි තාත්තයි පණ වගේ ආදරෙයි. ඔන්න ඉතින් මේ විදිහට අවුරුදු දෙක තුනක් ගෙවිලා ගියා.දැන් දරුවා තරමක් ලොකුයි. දුව පැන ඇවිදිනවා. දවසක් පුතා තාත්තාගෙන් අමුතු දෙයක් ඉල්ලුවා. “තාත්තේ, මට සිංදු කියන කුරුල්ලෙක් ගෙනත් දෙන්න.” “අනේ පුතේ, කුරුල්ලෝ ඉන්නෙ කැලේ...ඒගොල්ලො එන්නෙ නෑ අපට සිංදු කියන්න.” සොල්දාදුවා එහෙම කිව්වත් ළමයව සනසන්න බැ. ඔහු කුරුල්ලෙක්ම ඉල්ලනවා. සොල්දාදුවාට ගී ගයන කිරිල්ලි මතක් වුණා. “ හා හොඳයි, මම ගෙනත් දෙන්නම්” කියලා ඔහු හිස් වැසුමයි, සපත්තු දෙකයි දාගෙන පිටත් වුණා. ගං ඉවුරට ආපු සොල්දාදුවා මුල් දවසේ වගේම දුක කියන්න පටන් ගත්තා. මේක ඇහුණු කිරිල්ලි පහළට පියඹලා ඇවිත් සොල්දාදුවාවගේ උරහිසේ වැහුවා. “අනේ කිරිල්ලියේ, නුඹ මා එක්ක නාවොත් මගේ සුරතල් පුතා දුක් වෙලා ලෙඩ වේවි...” සොල්දාදුවා කණගාටු වෙනවා. පුංචි කිරිල්ලිට දුක හිතුණා. ඇය කැමති වුණා සොල්දාදුවා එක්ක යන්න. ඔන්න ඉතින් සොල්දාදුවාට බොහොම සතුටුයි. දෙන්නා එක්ක තණ බිම් මැදින්, මහ කැළෑ පහුකරගෙන,අතරමගදි මුණ ගැහුණ වෘකයින්ට ආචාර කරලා ගෙදර ආවා. පුංචි දරුවා කිරිල්ලිව දැකලා සතුටු වෙලා නටන්න පටන් ගත්තා. කිරිල්ලියත් ගී ගයනවා...ගෙදර උත්සවයක් වගේ. එදා පටන් පුංචි කිරිල්ලිය ගී ගයනවා. එහෙම ලස්සනට කවුරුවත් කවදාවත් ගයලා නැ. ඒ ගී හඬට සොල්දාදුවාගෙ ගෙවත්තෙ අමුතු ලස්සන මල් පිපුණා. කුරුල්ලෝ ඇවිත් වත්ත පුරා නැටුවා. පාට පාට සමණල්ලු ඇවිත් දේදුන්නක් වගේ පෑව්වා. මල් වැහි වැහැලා මල් උඩ පිණි බින්දු තිබ්බා. දරුවා කිරිල්ලියට බොහොම ආදරේ වුණා. කන්නෙත්,සෙල්ලම් කරන්නෙත්, නිදා ගන්න යන්නෙත් කිරිල්ලි එක්ක. මේ නිසා සොල්දාදුවාගෙ බිරිඳ අමනාපයට පත් වුණා. පුතා තමන්ට ආදරේ නැතිව කිරිල්ලියට ආදරේ වීම නිසා ඇය කිරිල්ලිය එක්ක තරහ වුණා. “මේ කිරිල්ලිය මරන්න ඕනේ.” ඇය නපුරු සිතින් කල්පනා කළා. රෑ එළි වෙනකම් ඉඳලා ඇය මේ අදහස සොල්දාදුවාට කිව්වා. සොල්දාදුවා මුලින් කෝප වෙලා ඊට පස්සෙ කණගාටු වුණා. ඔහු බිරිඳට බොහොම ආදරෙයි. කිරිල්ලියටත් ආදරෙයි. “මරන්න බැහැ. මම ඇයව ආපහු ගිහින් දමන්නම්.” සොල්දාදුවා කිව්වාම බිරිඳ කැමති වුණා. එදා රෑ දරුවා නින්දට ගියාම සොල්දාදුවා කිරිල්ලිය අරන් යන්න පිටත් වුණා. යන ගමන් ඔහු කණගාටු වෙනවා. සුසුම් හෙළනවා. කිරිල්ලිය ගං ඉවුරේ තියපු සොල්දාදුවා ආපහු ආවා. පුංචි දරුවා කිරිල්ලිය ඉල්ලලා අඬා වැටුණා. මොනවා කිව්වත් පලක් වුණේ නෑ. දරුවා නොකා නොබී අඬලා ටික දිනකින් ලෙඩ වුණා. බේත් හේත් කළා. අන්තිමට නගරයෙන් ආ වෙද්දු කල්පනා කරලා, ඔළුව වනලා “ කරන්න දෙයක් නෑ” කියලා යන්න ගියා. බිරිඳත් සොල්දාදුවාත් අඬමින් වැළපෙමින් දෙවියන් යැද්දා. දරුවා කතා කළේවත් ඇස් ඇරියෙවත් නෑ. බිරිඳ අඬ අඬා සොල්දාදුවාට මෙහෙම කිව්වා. “මේ හැම දෙයක්ම මගේ මෝඩකම නිසයි. ඔයා ගිහින් පුංචි කිරිල්ලිය එක්කන් එන්න.” සොල්දාදුවා දුර ගෙවලා ගිහින් ගං ඉවුරට ගිහින් හිස පාත් කරගෙන හිටියා. පුංචි දරුවා ගැන අහපු කිරිල්ලිය බොහොම කණගාටුවට පත් වෙලා ආපහු ගෙදර එන්න කැමති වුණා. එනකොට ගෙදර බොහොම පාළුයි. දරුවා හුස්ම ගන්න හඬවත් ඇහෙන්නේ නෑ. හැම දේම නිහඬයි. පුංචි කිරිල්ලිය දරුවාගේ ලය මත ඉඳගෙන ගී ගයන්න පටන් ගත්තා. ඒ තරම් දුක්බර ගීතයක් ලෝකයේ කිසිම මිනිහෙක්වත් කුරුල්ලෙක්වත් කවදාවත් ගයලා නෑ. ඒ ගී අහන් ඉන්න අය අඬන්න පටන් ගත්තා. කිරිල්ලිය රෑ එළි වෙනකම් ගැයුවා. මිනිස්සු අඬලා වෙහෙසට පත්වෙලා නින්දට වැටුණා. ඉර පායන කොට දරුවා ඇස් ඇරලා “අම්මේ” කිව්වා. ඔන්න දැන් හරිම කළබලයක්. හැමෝටම බොහොම සතුටුයි. මිනිස්සු එකිනෙනා වැළඳගෙන සතුටු වෙනවා. පුංචි දරුවාට සුව වෙලා. සොල්දාදුවා කිරිල්ලිය දිහා බැලුවා. රෑ එළි වෙනතුරු ජීවිතයේ දුක්බරම ගීතය ගැයූ ඇය දරුවාගේ ලය මතම ලය පැලී මිය ගොස් හිටියා. මිනිස්සු දුක් වුණා....නගරයේ වීණාකාරයො වීණා වැයීම නතර කළා. සැණකෙළි නැවතුණා.... ඉර වළාකුලක හැංගුණා... කුරුල්ලෝ ගොළු වුණා... මල් බිමබලාගෙන ඇඬුවා..... මිනිස්සු පුංචි කිරිල්ලියව ඇගේ රන්වන් පාට ගං ඉවුරේ තැන්පත් කළා. දරුවා ඇගේ සිරුර ළඟ දණ ගසාගෙන අඬද්දී වැටුණ කඳුළු ගඟට වැටිලා ගෙඟ් වතුර රිදී පාට වුණා. කාලය ගතවුණා. පුංචි දරුවා වැඩුණු මිනිසෙකු වී කවියෙකු බවට පත් වුණා.... ඔහුට කවි ලියන්න ඕනෑ වූ විට ඒ ගං ඉවුරේ ඉඳගෙනයි ලියන්නේ...කවියාට රිද්මය දෙන්නේ පුංචි කිරිල්ලියගේ ආත්මය බවයි මිනිස්සු කියන්නේ. [IMG]http://4.bp.blogspot.com/_BM4S9LbCajI/Sv7Pqfy6uwI/AAAAAAAAADg/BMz7F7W4QMc/s320/fisherman.jpg[/IMG] අදටත් හඳ එළිය තියෙන දවසට ඒ ගං ඉවුරෙන් ලස්සන ගීතයක් ඇහෙනවා... ඒ වෙලාවට සුළඟ නවතිනවා.....වනන්තරය ගොළු වෙනවා......ගඟ නිහඬ වෙනවා.... ඒ ගීතය ඒ තරම්ම මිහිරියි........... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom