කුඩා කාලයේ සිටම මහින්ද
විශ්වාසභංගයෙන් පරාජය වූ අගමැතිලා ඇමැතිලා කතානායක පිළිනොගනී; ඡන්දයකට බිය මරා-සිරා ජුන්ටාව පාර්ලිමේන්තුව තුල යකා නටයි; කතානායක අසුනට වතුර දමයි (Video-10mts docu)
පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති නමුත් ඒ බව පිළිගැනීමද නොකර චන්ඩි කමින් පාර්ලිමේන්තුව තුල කටයුතු කරන මරා-සිරා ජුන්ටාවේ කෙරුවාව අද මුළු ලෝකයාටම හෙළිදරව් විය.
අද පාර්ලිමේන්තුව ආරම්භයේ දීම ඊයේ විශ්වාසභංග යෝජනාවෙන් පරාජය වූ බැවින් මරා-සිරා ජුන්ටා ආණ්ඩුවේ කිසිදු අගමැතිවරයෙකු ඇමැතිවරයෙකු රාජ්‍ය ඇමැතිවරයෙකු සභා නායකවරයෙකු ආණ්ඩු පක්ෂයේ සංවිධායකවරයෙකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48 (2) වගන්තිය යටතේ තමන් පිළිනොගන්නා බව කතානායකතුමා නිවේදනය කෙළේය. පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් කතානායක ලෙස තමාගේ අවසන් තීන්දුවට පිටතින් වෙනත් කිසිවෙකුගේ තීන්දුවක් තමන් පිළිනොගන්නා බවද සභාවට දැනුම් දුන්නේ ව්‍යවස්ථාදායකට ඉහළින් විධායකයට තීන්දු තීරණ ගැනීමට ඉඩ නොදී ව්‍යවස්ථාදායකයේ අයිතිවාසිකම් ආරක්ෂා කරමිනි.
ඉන්පසුව මහින්ද රාජපක්ෂට අගමැතිවරයා ලෙස නොව මන්ත්‍රීවරයෙකු ලෙස සභාව ඇමැතීමට කතානායකතුමා ආරාධනා කෙළේය.
මහින්ද රාජපක්ෂගේ කතාවේ දී තමා කුඩා කාලයේ සිට පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් අත්දැකීම් ඇත්තෙකු බවත්, මේ අගමැතිකම තමාට කජ්ජක් නොවන බවත් කීවේය. කතානායකවරයා ඊයේ විශ්වාස භංග යෝජනාවේ දී කටහඬින් ඡන්දය විමසීමට විරුද්ධව නමින් ඡන්ද විමසීමක් කළ යුතුව තිබුනා යැයි පැවසීය.
මහින්ද රාජපක්ෂගේ කතාව අවසානයේ දී එම කතාවට විශ්වාසයක් නොමැති බව පල කරමින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා යෝජනාවක් ගෙන ආ අතර ඊට නමින් ඡන්දය විමසීමට කතානායකතුමා තීරණය කෙළේය.
ඊට මොහොතකට පෙර නමින් ඡන්දයක් ඉල්ලූ කුඩා කාලයේ සිටම පාර්ලිමේන්තු අත්දැකීම් තිබෙනවා යයි කී මහින්ද රාජපක්ෂ තම මැරයන් කතානායකතුමාට විරුද්ධය මෙහෙයවා නමින් ඡන්දයක් විමසීම කඩා කප්පල් කෙළේය. ඒ අන්කිසිවක් නිසා නොව ඔහුට බහුතරයක් නොමැති බව දන්නා නිසාය.
කතානායකතුමා ඉදිරියට කඩා පිනූ මැරයෝ ඔහුට කුණුහරුපයෙන් බැන වදිමින් පහර දීමට ගියහ. වහා ඉදිරිපත් වූ එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරු කතානායකතුමා වටා වළල්ලක් සේ හිඳිමින් එතුමා ආරක්ෂා කළහ. කතානායකතුමාට විවිධ භාණ්ඩ වලින් පහර එල්ල කළ අතර මන්ත්‍රීවරු ඒ පහරවල් අල්ලා ගනිමින් කතානායකතුමා ආරක්ෂා කිරීම විශේෂය.
කතානායකතුමා අසුනින් ඉවත් වූ පසු කුඩා කාලයේ සිටම පාර්ලිමේන්තු අත්දැකීම් ඇති මහින්ද රාජපක්ෂගේ සට්ටැඹියන් වූ සනත් නිශාන්ත සහ ප්‍රසන්න රණවීර හොර රහසේ ගොස් කතානායකතුමාගේ අසුනට වතුර වත් කළහ. ඒවා කැමරා වල සටහන් වී ඇති අන්දම පහත වීඩියෝවේ දැක්වේ. කතානායකතුමාගේ මයික්‍රෆෝනය කඩා දැමීමට ගිය දිලුම් අමුණුගමට එවෙලේම පව් පටිසන් දෙමින් මයික්‍රෆෝනයට අත කැපී ගියේය.
අවසානයේ කුඩා කාලයේ සිටම පාර්ලිමේන්තුව පිළිබඳ අත්දැකීම් ඇතැයි කී මහින්ද රාජපක්ෂ මුළු ලෝකයා ඉදිරියේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නින්දාවට පත් කරමින් සභාගර්භයෙන් ඉවතට ගියේය.
පාර්ලිමේන්තුව හෙට(16) දහවල් 1.00 ට යළි රැස්වේ.
අද දවසේ පාර්ලිමේන්තුවේ සිදුවීම් වල වැදගත් අවස්ථා අලලා විනාඩි 10 කට සංස්කරණය කළ වීඩියෝවක් පහතින් දැක්වේ. ඒ සඳහා වීඩියෝ මූලාශ්‍ර ලබා දුන් සියලු ආයතනයන්ට ස්තූතිය