කුඩු පුච්චයි

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් පසුගිය වසර තුන තුළ මෙරටදී අත්අඩංගුවට ගත් රුපියල් මිලියන 10935 කට අධික වටිනාකමකින් යුත් කොකෝන් මත්ද්‍රව්‍ය කිලෝ 769 ක් සහ ග්‍රෑම් 464 ක ප්‍රමාණයක් විනාශ කිරීමේ කටයුතු කැලණිය ගෝනවල පිහිටි ඩී.එන්.එස් ගබඩා සංකීර්ණ පරිශ්‍රයේ දී මේ වන විට ආරම්භ වී තිබේ.
    මෙම කොකේන් ඔරුගොඩවත්ත, කැලණිය පෙතියාගොඩ සහ රත්මලාන යන ප්‍රදේශයන්ගෙන් අත් අඩංගුවට ගත් ඒවා වේ.
    එම කොකේන් ජලය ලීටර් 4000 ක් තුළ දියකිරීම සිදුකරන අතර පසුව පුත්තලමේ පිහිටි සිමෙන්ති කර්මාන්ත ශාලාවක් වෙත ගෙනගොස් එහි ඇති උදුනක් තුළ දී සෙලසියස් අංශක 1800 ත් 2000 ක උෂ්ණත්වයක් යටතේ පුළුස්සා විනාශ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
    කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියගේ සහ ගල්කිස්ස මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතාගේ පුර්ණ අධීක්ෂණ යටතේ මෙම ක්‍රියාවලිය ආරම්භ කෙරිණි.
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද මෙම කටයුතු නිරීක්ෂණය සදහා පැමිණීමට නියමිතය.
    2016, 2017 යන වසර වල අත්අඩංගුවට ගෙන ඇති මෙම කොකේන් තොගය අධිකරණ වෙත ඉදිරිපත් කර අධිකරණ ක්‍රියාවලියෙන් පසු මෙලෙස විනාශ කිරීම සිදුවේ.
    මේ සම්බන්ධයෙන් අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය මීට පෙර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාවරියගේ අවසරය මත සාම්පල් පරීක්ෂාවක් සිදුකර ඇති අතර මෙම සියලු ක්‍රියාවලිය පරිසරයට කිසිදු හානියක් සිදු නොවන අයුරින් වායු වශයෙන් පරිසරයට මුදා හැරෙන බව පොලිසිය පවසයි.
    මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතිය ඇති ඉන්සී එකෝසයිකල් නැමති ආයතනය මගින් කොකේන් දිය කිරීමේ කටයුතු සිදුකෙරිණ.
    මෙම අවස්ථාවට අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලය, පරිසර අධිකාරිය ද , පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීහු ද එක්ව සිටිති.:confused::eek:
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඔය ටික රාජ්‍ය අනුග්‍රහයෙන් අපනයනය කරා නන් අණ්ඩුවට පුල් පෝ‍රපිට් නේ. රුපියල වැටෙන එකත් හදන්න තිබුනා
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    56464383_2172873836134307_6609998752088326144_n.jpg