කුඩු බිව්වා,ගංජා ගැවුවා … දැන් සිල් ගන්නවා.. &

rasthaboy612

Junior member
  • Nov 14, 2014
    59
    5
    8
    කුඩු බිව්වා,ගංජා ගැවුවා … දැන් සිල් ගන්නවා.. &

    10434218_647500175334776_7568819423844412477_n.jpg


    දවල්ද රෑද වඩා ලස්සන කියලා ඇහුවොත් කෙනාගෙන් කෙනාට උත්තරේ වෙනස් වෙයි. කොහොම වුණත් කළුවරේ හැංගෙන ලස්සන සුන්දර දේවල් රෑ ඇහැරලා ඉන්න අයට අහන්න දකින්න පුළුවන්. ඇසයි හිතයි ගතයි 3ම සනසවන්න අපේ රටේ බහුතරය රෑට ෆිට් එකේ සෙට් වෙන තැන තමයි ප්‍රසංග වේදිකාව. ඒකනෙ ප්‍රසංග වේදිකාව දුප්පතාගේ නයිට් ක්ලබ් එක කියලා කියන්නෙ. කෑම බීම අතර ලුණු දෙහි අමුත්තක්, යාන වාහන අතර කෝච්චිය අමුත්තක්. ඒ වගේ ගායක ගායිකාවෝ අතර චාමර රණවක කියන්නෙ අමුත්තක්. සින්දු, කවි, කතා, ගාථා වේදිකාවේ කියන නටන හයේ හතරේ චාමර ගැනයි මේ

    චාමර රණවක කියන්නේ කවුද?
    හොඳ නරක, දුක සැප හඳුනන බොහොම සාමාන්‍ය සරල මනුස්සයෙක්.
    ගායකයෙක් වෙන්න දුක් වින්දද?
    නෑ ගායකයෙක් වෙන්න ඕනමයි කියලා අදහසක් තිබ්බෙ නෑ. 89 ඉඳන් සින්දු කිව්වා. ඒ අතරේ ජනප්‍රිය වුණා.
    මේ කාලෙ ප්‍රසංග වේදිකාවේ ජනප්‍රියම ගායකයා කවුද?
    එක්කෙනෙක් කියලා කියන්න බෑ. හැමෝම ජනප්‍රියයි.

    ජීවත් වෙන්නෙ ප්‍රසංග වේදිකාවෙන්ද?
    නෑ මම පොඩි දවස්වල ඉඳන් වැලි ගොඩදානවා. අදටත් ෂෝ නැති දවස්වලට එහෙම කරනවා. කුලී වැඩ වුණත් කරන්න පුළුවන් අවුලක් නෑ.
    අනෙක් ගායකයන්ට වඩා ඔයාගේ ගාණ වැඩි නේද?
    ඔව්. මම මෙතැනට ආවේ මගේම උත්සාහයෙන් කවුරුත් උදවු කළේ නෑ. අනෙක මම වෙනස් දෙයක් කරනවා. මිනිස්සු ටිකට් එකක් අරන් ෂෝ එකක් බලන්න එන්නෙ. මම එයාලට උපරිම සොමියක් දෙනවා. ඒකට හරියන ගාණක් මම ගන්නවා.

    හැම පෝයටම සිල් ගන්නවද?
    ඔව්.
    ටැටූ ගහලා මාල, කරාබු දාලා ඉද්දි හාමුදුරුවෝ මොකුත් කියන්නෙ නැද්ද?
    තමන්ගෙ රස්සාවේ හැටියට තමන්ගෙ පෙනුම තියෙන්න ඕන. ‍ෙදාස්තර කෙනෙක් නම් පෙනුමෙන් තේරෙන්න ඕන ‍ෙදාස්තර කෙනෙක් කියලා. ගුරුවරයෙක් ලිපිකරුවෙක් ඒත් එහෙමයි. කලාකාරයෙක් අනෙක් අය අතරේ කැපිලා පේන්න ඕන. අනන්‍යතාවක් තියෙන්න ඕන. ඒක මගේ විදිය. පන්සලට යද්දි මම මාල කරාබු ගලවල යන්නෙ.
    ඔයා රස්ත බෝයි කෙනෙක්ද?
    නෑ නෑ. රස්ත කියන්නෙ ගෝත්‍රයක්. මම රෙගේ ස්ටයිල් එකට ආසයි. සිං කරන කොට එතැන ඉන්නවා. හැබැයි රස්ත බෝයි කෙනෙක් නෙවෙයි.

    වේදිකාවේ සින්දු විතරක් නෙවෙයි කවි කතා ගාථා එහෙමත් කියනවා නේද?
    කලින් කිව්ව වගේ ෂෝ එක බලන්න එන අයට උපරිම සතුටක් දීලා සැහැල්ලු හිතින් ගෙදර යවන්න තමයි මගේ ආශාව. ඒකට මම පොඩි පොඩි වෙනස් දේවල් කරනවා.
    කුඩු බිව්ව ගංජා බිව්ව කියලා වේදිකාවේ කියන්නෙ ඇයි?
    අපි වැරැදි කරනවා ඒවා හදා ගන්න ඕන. මම ඒ දේවල් කරලා විපාක දන්න නිසයි අනෙක් අයට එපා කියලා කියන්නෙ.

    මේ තරම් ලොකු ආකර්ෂණයක් වේදිකාවේ ඔයාට තියෙන්න හේතුව?
    එකක් මගේ සින්දු සේරම මම ලියලා මමම සංගීතවත් කරපුවා. අනෙක හැමදාමත් යථාර්ථයේ ජීවත් වෙනවා කොල්ලොත් එක්ක ඉන්නවා ඒකයි.
    කෙල්ලන්ගෙ කැමැත්තක් නැද්ද ඔයාට?
    වැඩිය නෑ වගේ. එක කෝල් එකක්වත් එන්නෙ නෑ කෙල්ලන්ගෙන්.

    ගෙදර විස්තර මොනවද?
    මමයි, අම්මයි, තාත්තයි.
    එඩ්‍රස් එක?
    පැලවත්ත පාර, හොරවල, වැලිපැන්න.
    බර්ත්ඩේ එක?
    අගෝස්තු 8

    ඉදිරි බලාපොරොත්තු?
    වැරැදි අඩු කරගෙන ඉක්මනට මැරිලා යන එක.

    මව්බිම පුවත්පත… ගනේෂ් බැද්දගේ
     
    • Like
    Reactions: hector@troy

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo


    Ahapan lassana sinduwak

    ඔව් මැච් ලස්සන සින්දුවක් තැන්කු... :love::love:
    ශාලිත අබේවික්‍රම වගේ වොඉස්.
    රෝහණ වීරසිංහ වගේ තනුවක් හැදුවොත් ලස්සන සින්දුවක් තියෙයි