කුඩු මර්දනයේ දී පොලිසිය ෆේල්..............wesabandu ponnakoon kiyai

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    image_353b033512.jpg

    (සුමිත් පොතුපිටිය )
    වසර 40 ක් මුළුල්ලේ මත්‍ද්‍රව්‍ය මැඩලන්න පොලිසිය අසමත් වෙලා යැයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.
    ඒ මහතා මේ බව සදහන් කළේ අද කළුතර පැවතී සාර කැදැල්ලට පාර කියන්නට යන සංකල්පය යටතේ පැවැත්වූ වැඩසටහන් අමතමිනි.
    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය .මත්කුඩු නතර කරන්න බැරිවෙලා තියෙන්නේ එයින් ලැබෙන අති විශාල ලාභය සහ ධනස්කන්ධය නිසා. මේකෙන් ලෙසියෙන් මුදල් හම්බ කරන්න පුළුවන් ව්‍යාපාරයක්. මත්කුඩු ගංජා මත්පෙති අද වනවිට පාසල් දරුවන් අතටත් පත්වෙලා. මේක නතර කිරීම පොලිස් ස්ථානාධිපති වරුන්ගේ වගකීම.
    1982 පළවෙනියා හෙරෝයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත්තා. ඔහු සංචාරක මගපෙන්වනෙක්. අද නගර උප නගර ගම් ග්‍රාම සේවා වසම් 14022 ක පාසල් ළමුන් කරා මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වෙලා.
    මේක නතර කරන්න ක්‍රම දෙකක් තියෙනවා . එකක් සැපයුම නතර කරන්න ඕන අනික ඉල්ලුම නතර කරන්න ඕන.
    ෙඒ සැපයුම් ජාලය සම්පූර්ණයෙන්ම විනාශ කරන්න ඕන. අපි තරම් පන්සල් පල්ලි කෝවිල් යන ජාතියක් නෑ. ඒත් එයින් ලබාදෙන පණිවුඩය බොහෝ දෙනෙක් ලබාගෙන නෑ. මෙය නතර කරන්න මුල්වෙන්නේ පන්සලද ? පල්ලිය ද ? කෝවිල ද කියන එක අදාල නෑ. අපි සියලු දෙනා එක්වෙලා මෙය නතර කල යුතුයි.
    කළුතර පොලිස් කොට්ඨාශයේ පොලිස් ස්ථාන 17 ක ප්‍රජා පොලිස් ඒකක 94 ක මත් ද්‍රව්‍ය අබ්බැහිවුවන් 171 ක් සහ පානදුර පොලිස් කොට්ඨාසයේ පොලිස් ස්ථාන 13 ක ප්‍රජා පොලිස් ඒකක 73 මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් 146 දෙනෙකු වෙනුවෙන් මෙම වැඩසටහන් පවත්වන ලදී.
    මෙහිදී එම පවුල්වල සාමාජිකයින්ට වියළි සළාක මළු බෙදාදීමක්ද සිදුකරන ලදී.
    image_544a1e422f.jpg



     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113


    ඕක නතර කරන එක කරන්න බැරි වැඩක්
    ලොකුම තැන් වලින් අත දාන්නෙ කේස් එකක් ආවොත්
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,016
    18,942
    113
    ඇමරිකාවෙත් කොරන්න බැරු උන එක කොරයි මෙහෙ
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    දේශබන්දු දැන් කොච්චර කල් පොලිසියේද..?

    මිනිහා රස්සාවට ආවේ ලඟදි ද..?
    ඔය වගේ http ල හින්ද තමයි මේවා නවත්තන්න බැරි