මත්ද්‍රව්‍ය වසංගතයට ගොදුරු වූ පාසල් කිහිපයක් කළුතරින් හඳුනාගනී

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    කළුතර පොලිස් කොට්ඨාස තුළ බහුලව මත්ද්‍රව්‍ය භාවිතා කරන ළමුන් ඉගෙනුම ලබන පාසල් හයක් කළුතර බුද්ධි අංශ විසින් හඳුනාගෙන ඇති බව කළුතර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණගේ මහතා පවසයි.

    ඒ මහතා මේ බව සඳහන් කළේ, කළුතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී අදහස් දක්වමිනි.

    වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවසීය.

    "එම හදුනාගත් පාසල් අතර ජනප්‍රිය පාසල්ද ඇතුළත්, ඒවායේ නම් සඳහන් කිරීම පාසල්වල කීර්ති නාමයට හානියක්. විදුහල්පතිවරුන් සහ ගුරුභවතුන් දැනුවත් කළා. මේ වනවිට පාසල් දරුවන් මත්ද්‍රව්‍යවලට පෙළඹිලා. මේ මත් උවඳුරෙන් පාසල් ළමුන් ගලවාගැනීමට අපි විශේෂ දැනුවත් කිරිමේ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා."

    කළුතර කොට්ඨාසයේ 2023 වර්ෂයේ හෙරෝයින් සම්බන්ධ නඩු 1,334ක්, අයිස් පිළිබඳ නඩු 904ක්, මත්පැන් නඩු 5,880ක් ඇතුළුව නඩු 10,586ක් පනවා තිබේ.

    "පසුගිය මාසයක කාලය තුළ දී ක්‍රියාත්මක කළ යුක්තිය මෙහෙයුම් කළුතර පොලිස් කොට්ඨාසයේ පොලිස් ස්ථාන 17ක් කේන්ද්‍ර කරගනිමින් සිදුකළා. යුක්තිය මෙහෙයුම නිසා සමස්තයක් වශයෙන් කළුතර මත්කුඩු ව්‍යාප්තිය අඩුවෙලා..." යනුවෙන් ද ඒ මහතා පැවසීය.

    පොඩි අය පමණක් නොව මත්කුඩු ජාවාරම්වලට සම්බන්ධ තෝරු මෝරු ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස කමිටුවේ රැඳී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා මෙහිදී අදහස් දැක්වීය.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    ලංකාවේ මත්ද්‍රව්‍ය භාවිතා කරන අය ඒවා ගෙදරදීම නිශ්පාදනය කරගන්න නිසා ආනයනය කරන අය, බෙදාහරින අය අත්අඩංගුවට ගැනීම අනවශ්‍ය වැඩක්.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,292
    34,958
    113
    අපේ ළමයින්ව විනාශ කරන කුඩු ජාවාරම් කාරයින්ව අල්ලන දේශබන්ධු මැතිතුමාට, ටිරාන් ඇමැති තුමාට, සනිල් ජනාධිපති තුමාට තෙරුවන් සරණයි.
    (යූ ටූබ් හා පේස්පුක් එකේ ටොබයි කමෙන්ට්ස් වලින් උපුටා ගන්නා ලදී)
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    EX_C7MhXkAEpCVS.jpg
     

    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,205
    672
    113
    වලස්ගුහාව.
    ලංකාව කියන්නේ මුහුදෙන් වටවෙච්ච දුපතක්. උඩින් එන්නේ ගුවන් තොටුපළෙන්. මුහුදෙන් එන්නේ ධිවර/වාණිජ වරායෙන්. හුළඟ මගින් එන්නේ නැනේ. ඒ එන විදි ක්ලියර් කරා නම් ඉවරනේ. එතකොට මහා එවුන් එක්ක සේරම අහු වෙනවා.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    ලංකාව කියන්නේ මුහුදෙන් වටවෙච්ච දුපතක්. උඩින් එන්නේ ගුවන් තොටුපළෙන්. මුහුදෙන් එන්නේ ධිවර/වාණිජ වරායෙන්. හුළඟ මගින් එන්නේ නැනේ. ඒ එන විදි ක්ලියර් කරා නම් ඉවරනේ. එතකොට මහා එවුන් එක්ක සේරම අහු වෙනවා.
    අනවශ්‍ය තොරතුරක්.
     
    • Haha
    Reactions: olu bakka and FuBaR

    FuBaR

    Well-known member
  • Nov 12, 2023
    383
    313
    63
    ලංකාව කියන්නේ මුහුදෙන් වටවෙච්ච දුපතක්. උඩින් එන්නේ ගුවන් තොටුපළෙන්. මුහුදෙන් එන්නේ ධිවර/වාණිජ වරායෙන්. හුළඟ මගින් එන්නේ නැනේ. ඒ එන විදි ක්ලියර් කරා නම් ඉවරනේ. එතකොට මහා එවුන් එක්ක සේරම අහු වෙනවා.
    Wihilu kathawak
     
    • Like
    Reactions: sarika406