කුණ්ඩලීනී බලය

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    මේක ගැන ගොඩක් කතාවෙනවා දැකලා තිබ්බට හිතුනා මේ ගැන ගොඩක් කට්ටිය දන්නෙ නැතිව ඇති කියලා.ඒක නිසා මේ ගැන පොඩි විස්තරයක් කරන්න හිතුනා.



    කුණ්ඩලීනී බලය,එහෙමත් නැත්නම් ශක්තිය කියන්නේ සිරුරේ විශේෂිත ස්ථාන කීපයක් මත එක් රැස් වෙලාය කියලා තීන ශක්ති විශේෂයක්.මේක විස්තර වෙන්නෙ නම් හින්දු තාන්ත්‍රික යෝග විද්‍යාවේ ඒත් ටිබෙට්,චීන,ජපාන යෝග ක්‍රම වලත් මේක ඉතා ගැඹුරින් විස්තර වෙනවා. හින්දු ඉගැන්වීම් වලට අනුවනම් අපේ ශරීරයේ මේ වගේ මධ්‍යස්ථාන 7ක් විස්තර වෙනවා.

    hatha-yoga.jpg


    1) මූලාධාර චක්‍රය - කොඳු ඇට පෙළ පතුළ
    2) ස්වාධිෂ්ඨාන චක්‍රය - ලිංගය පිටුපස
    3) මණිපුර චක්‍රය - නාභියට යටින්
    4) අනාහත චක්‍රය - හෘදය ආශ්‍රිත
    5) විසුද්ධ චක්‍රය - උගුර
    6) ආඥා චක්‍රය - දෙබැම
    7) සහස්‍රාර චක්‍රය - හිස් මුදුනට යටින්

    යෝග අභ්‍යාස ප්‍රගුණ කිරීමෙන් මේ චක්‍ර පුබුදු කරවන්න පුළුවන්.ඒකට යෝග ක්‍රම ම භාවිතා වෙනවා කියන්න බෑ,තව මන්ත්‍ර,ශ්වසන අභ්‍යාස,භාවනා ක්‍රම මඟිනුත් මේ චක්‍ර පුබුදුවා ගන්න පුළුවන්.ඒ ඒ චක්‍ර වල සිත පිහිටුවල ඒ චක්‍ර පුබුදු කිරීම කරනවා,ඒ ඒ චක්‍රයට ආවේණික වර්ණත් තියෙනවා.

    kundalini.jpg


    1) මූලාධාර චක්‍රය - රතු
    2) ස්වාධිෂ්ඨාන චක්‍රය - තැඹිලි
    3) මණිපුර චක්‍රය - කහ
    4) අනාහත චක්‍රය - කොළ
    5) විසුද්ධ චක්‍රය - නිල්
    6) ආඥා චක්‍රය - ඉන්ඩිගෝ
    7) සහස්‍රාර චක්‍රය - දම්

    මේ බල අවධි කිරීම හින්දු යෝගාසන අභ්‍යාස වලින් පියවර 4කින් කරනවා.

    1) බල අවධි කිරීම
    2) බලයට වැඩෙන්න හැරිම
    3) බලය පාලනය
    4) විශ්ව ශක්තිය සමඟ මුසු වීම

    මේ එක එක චක්‍ර අවධි කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ එකිනෙකට වෙනස්

    1) මූලාධාර චක්‍රය - සියලු භාෂා දැනගත හැක,රෝගී නොවෙයි
    2) ස්වාධිෂ්ඨාන චක්‍රය - සතුරන් දමනය කල හැක,හැඟීම් පාලනය කල හැක
    3) මණිපුර චක්‍රය - මැවීමෙහි,විනාශ කිරීමෙහි බලය ලැබෙයි
    4) අනාහත චක්‍රය - සිත සමාධිගත වෙයි,දිගුකල් ජීවත් වේ
    5) විසුද්ධ චක්‍රය - කථන හැකියා දියුණු වෙයි,අහසට නැඟීමේ හැකියාව දියුණු වෙයි
    6) ආඥා චක්‍රය - දුර දර්ශනය,මැවීම,විනාශ කිරීම හැකියා
    7) සහස්‍රාර චක්‍රය - මනස පාලනය
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මං මේක ගැන හදාරනවා

    මං දන්න දේවල් උඹලත් එකක් බෙදා ගන්න කැමතියි..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,591
    113
    මං මේක ගැන හදාරනවා

    මං දන්න දේවල් උඹලත් එකක් බෙදා ගන්න කැමතියි..

    මේ කුණ්ඩලීනි බලයද බන්?

    ChWXaGk.gif
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    uba yoga karanawada?

    muula dhathuwenda started? :rolleyes:

    මම ජපන් සටන් කලාවක් වන කි අයිකිඩෝ කරනවා
    එතනින් තමයි මේ ගැන අවබෝධය ආවේ..
    ඉන් පස්සේ වෙනමම කුන්ඩලීනි ප්‍රගුණ කරන්න පටන් ගත්තා
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    මම ජපන් සටන් කලාවක් වන කි අයිකිඩෝ කරනවා
    එතනින් තමයි මේ ගැන අවබෝධය ආවේ..
    ඉන් පස්සේ වෙනමම කුන්ඩලීනි ප්‍රගුණ කරන්න පටන් ගත්තා

    Danna dewal kiyapanko mchn...