කුණ්ඩලනී යෝගය
සාධාරණ සාපේක්ෂතාවාදය හෙවත් අයින්ස්ටයින් ගේ "ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය" බටහිර භෞතික විද්‍යාවේ අනෙක් බල ක්ෂෙත්ර තුන සමඟ එකතු කිරීමට නො හැක්කේ ඇයි ද යන ප්‍රශ්නයට දිය හැකි පිළිතුරක් කිසිවකුට නැත. ඇතැමුන් සිතන්නේ අවකාශ කාල මාන සංඛ්‍යාව හතරේ සිට එකොළහට හෝ වෙනත් සංඛ්‍යාවකට හෝ වැඩි කිරීමෙන් ඒ කළ හැකි බව ය. එහෙත් දැනට දශක දෙකක කාලයක තිස්සේ එවැනි ක්‍රියා මාර්ගයකින්වත් විසඳුමක් පෙනෙන මානයක් නැත.
ඒ කෙසේ වෙතත් කාල චාරිකා ගැන බටහිර විද්‍යාඥයෝ විශ්වාස කරති. පණු හිල් (worm holes) මගින් වෙනත් විශ්වවලට යැම හා වෙනත් විශ්වවලින් අපේ විශ්වයට පැමිණීම ආදී මාර්ගවලින් කාලයේ සැරිසැරීමට හැකි යෑයි ඔවුහු විශ්වාස කරති. මේ සෑම විශ්වාසයකට ම මුල කාලය යනුවෙන් භෞතික වූ භූතාර්ථයක් ඇතැයි විශ්වාස කිරීම ය. ඒ පිළිබඳ තවදුරටත් කතා කිරීමට පළමු පෙරදිග ලෝකයේ ද කාල චාරිකා පිළිබඳ විශ්වාසයක් තිබි බැව් සඳහන් කළ යුතු ය.
කාලයේ ආ පස්සට යා හැකි බව වෛදිකයෝ විශ්වාස කළහ. එහෙත් එය හුදු මනෝමය ක්‍රියාවක් බව ප්‍රථමයෙන් ම සඳහන් කළ යුතු ය. වෛදික යෝග අභ්‍යාස වර්ධනය කර යමකුට කුණ්ඩලනී යෝගය උපදවා ගත හැකි ය. යෝගයක් යනු එකතුවකි. යෝග යන්නෙහි තේරුම ද එකතුවකි. ග්‍රහ යෝග යනු ග්‍රහයන් දෙදෙනෙකු හෝ කිහිප දෙනෙකු හෝ එක ම රාශියක දී එකතු වීම ය. වෛදික බමුණන් යෝග වැඩුවේ අවසානයේ දී මහා බ්‍රහ්මයා සමඟ එකතු වී විමුක්තිය ලැබීමට ය. එනම් අමරණීයත්වයට පත්වීමට ය. බ්‍රහ්මන් සමඟ එකතු විය හැක්කේ වෙන්වීම පිළිබඳ මායාව දුරු කිරීමෙන් යෑයි බමුණෝ විශ්වාස කළ හ. දැනුදු විශ්වාස කරති. අප කුඩා ආත්මවලට කැඩී ඇත්තේ මායාව නිසා බවත් මායාව දුරු කළ විට කුඩා ආත්ම මහා ආත්මය වූ බ්‍රහ්මන් සමඟ එකතු වන බවත් වෛදික දර්ශනයෙහි ඉගැන් වෙයි.
එහෙත් අද්වෛත වේදාන්තයට අනුව ඉහත සඳහන් ප්‍රකාශය වැරැදි ය. එයට හේතුව අද්වෛත වේදාන්තයට අනුව ඇත්තේ බ්‍රහ්මන් පමණක් වීම ය. එබැවින් අප වැනි කුඩා ආත්ම ඇතැයි යනුවෙන් සඳහන් කිරීම පවා වැරැදි ය. එක් ආත්මයක් වෙනුවට ආත්ම ගණනාවක් ඇතැයි සිතන්නේ මායාව හේතුවෙනි. මායාව නැති වූ විට එසේ නො සිතෙයි. එවිට එක් ආත්මයක් (බ්‍රහ්මන්) පමණක් ඇති බව වැටහෙයි. එහි දී අපේ ආත්ම බ්‍රහ්මන් සමඟ එකතු වීමක් නො සිදුවෙන බව පැහැදිලි විය යුතු ය.
බුදුන් වහන්සේ අපේ ආත්ම පමණක් නොව බ්‍රහ්මන් ගේ ආත්මය ද නැති බව දෙසූහ. බ්‍රහ්මන් සමඟ එකතු වී හෝ බ්‍රහ්මන් පමණක් ඇති බව තේරුම් ගැනීමෙන් හෝ ඊනියා අමරණීයත්වයක් ලබාගත නො හැකි යෑයි උන් වහන්සේ අපට කියා දුන්හ. බුදුන් වහන්සේ අපට කියා දුන්නේ මරණය නැති කිරීමට නොව ඉපදීම නැති කිරීමට ය. බ්‍රහ්මන් සමඟ යම් යම් පමණට එකතු වී අඩු වැඩි වශයෙන් බ්‍රහ්මන්ට අයත් ගුණ ලබාගැනීම සඳහා යෝග අභ්‍යාසයෙහි යෙදීම බෞද්ධයන් සඳහා නො වේ. සිදුහත් තවුසාණන් අයත් වූයේ දඹදිව ශ්‍රමණ සම්ප්‍රදායට ය. වෛදික බමුණෝ දඹදිව තිබූ ඇතැම් අදහස් උඩු යටි කළෝ ය. එසේ කිරීමෙන් ඔවුහු භාරතයක් බිහි කළ හ. අද ඉන්දියාවේ මධ්‍යම පාංතික සංස්කෘතිය ගාන්ධිගෙන් නියෝජනය වූ මේ භාරතයේත් මවුන්ට්බැට්න්ගෙන් නියෝජනය වූ බටහිර ඉංගිරිසි සංස්කෘතියේත් කැඳ හැළියක් බවට පත් වී ඇත. ජවහර්ලාල් නේරු එහි සංකේතය වෙයි. එක් අතකින් ගත් කල ඔවුහු ගාන්ධි - මවුන්ට්බැට්න් යෝගයෙන් බිහි වූවෙකි.