කුණාටුව අහවරයි
පාට පාට දේදුන්නක්
අලුතින් පායා
කුණාටුව අහවරයි
එන්න දැන් එළියට
මේ ඔබේ කාලයයි
දුක්වුණා දැන් ඇති
කඳුළු කාටත් උරුමයි
ඔබට මෙන්ම මටත්
ඉතින් හිනැහෙන්න
මේ ඔබේ අවස්ථාවයි
කව්රු කොහොම කිව්වත්
වචන වලට නොවැටෙන්න
ආත්මවිශ්වාසය
ජාති,ආගම්,වර්ණ,කුල භේද
සමරිසි නොවුනත් උනත්
ඒ ඔබයි එය පිළිගන්න
එනයින් සතුටු වන්න
දේදුන්නේ පාට අතරේ
ජීවිතය විඳින්න
අපි අපේ හැටියට
හැමෝටම පුළුවන්
ලෝකය දිනන්න
පාට පාට දේදුන්නක්
අලුතින් පායා
කුණාටුව අහවරයි
එන්න දැන් එළියට
මේ ඔබේ කාලයයි
දුක්වුණා දැන් ඇති
කඳුළු කාටත් උරුමයි
ඔබට මෙන්ම මටත්
ඉතින් හිනැහෙන්න
මේ ඔබේ අවස්ථාවයි
කව්රු කොහොම කිව්වත්
වචන වලට නොවැටෙන්න
ආත්මවිශ්වාසය
ජාති,ආගම්,වර්ණ,කුල භේද
සමරිසි නොවුනත් උනත්
ඒ ඔබයි එය පිළිගන්න
එනයින් සතුටු වන්න
දේදුන්නේ පාට අතරේ
ජීවිතය විඳින්න
අපි අපේ හැටියට
හැමෝටම පුළුවන්
ලෝකය දිනන්න
Last edited:


