කුණුහර්ප Comments??

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    මම හිතන්නේ මම දැන් අවුරුදු 8කට ආසන්න කාලයක් එළකිරි එකේ සාමාජිකයෙක්. අවුරුදු කීපයක් කිසිම දෙයක් දාන්නෙත් නැතිව හිටියා. දැන් දාන ලිපි බොහොමයකට කිසිම හේතුවක් නැතිව (-) එක්ක කුණුහර්ප comments දාන පිරිසක් ඉන්නවා. ඒ බොහොමයක් දෙනෙක් Junior Members ලා. මට තේරෙන්නේ නෑ ඇයි එහෙම කරන්නේ සහ මොකක්ද ඒකේ අරමුණ කියන එක. කොහොම වුනත් විනයක් ඇතිව, නිසි අධ්‍යාපනයක් ලබපු කිසිම ලාංකිකයෙක්ට බැහැ අනිත් කෙනෙක්ගේ දෙයක් අහේතුකව, නිර්දය විදිහට විවේචනය කරන්න හෝ කුණුහර්පයෙන් අදහස් දක්වන්න. මොකද සාමාන්‍යයෙන් නියම ශ්‍රී ලාංකිකයෙක්ගේ ස්වභාවය විය යුත්තේ කුමක් හෝ දෙයක ඇති අවම වැදගත් දේ අගය කිරීම සහ වැරදි,අඩුපාඩු සාධාරණව විවේචනය කිරීම. එහෙම තැනකදි මේ විදිහට කුණුහර්ප කමෙන්ට්ස් වලින් ඇතැම් සාමාජිකයන් බලාපොරොත්තු වෙන්නෙ මොනවද කියලා හිතන්න ටිකක් අමාරුයි. එක පැත්තකින් රට කියන සමස්ත දේහයම කුණු පණුවෝ දාලා තියෙද්දේ ඒකේ ඇතුලේ තියන කුඩා අවයවයක් හොඳින් පවතීවි කියලා හිතාගන්න අමාරුයි. නමුත් විනයගරුක සහ අවංක අදහසින් සාධාරණ විවේචනය කරන, අගය කරන හැමදෙනෙක්ටම ගෞරවණීය ස්තූතිය පලකරන්න අමතක නෑ.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    හාල්පාරුවෝ එන්න එන්න වැඩි වෙනවා මිසක් අඩුවක් නම් නැ.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    issra nam bn man kiweth na
    mara rules thibbe
    passe nam hama ekma kiyanawa
    wal share wenawa
    apith ohe kunuharapa kiiya kiya balana innawa bn

    hodama siddiya thama 18+ melo wadakata nathi ewa bump wenawa bn

    mokek hari mahansi wela liuwa deyak bump wenne na
    eken wenne aya liyana eka liyana eka atha arala danwa
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ රෙප් කපන එකට අවුලෙ මට රෙප් කපාගන්න බැරුව දඟලනව :lol: මොන මඟුල කිව්වත් එකයි දෙකයි කපන්නෙ :sorry:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,752
    28,110
    113
    සිරාවට... මන් හිතන්නෙ මමනම් කාටවත් මේකේ කුනුහරපෙන් බැනලා කමෙන්ට් එකක්වත් දාලා නෑ... :) අවුරුදු 18> දි එහෙමනම් මම හෙන මෝඩයා වගේ හැසිරිලා තියේ...මන් හිතන්නෙ වයසේ අවුලක් තියෙන්නේ.. :dull: අවුරුදු 23 දිවත් හැදෙන්නෙ නැත්නම් ඌව ආපහු උපද්දලා ගන්ඩ වෙනවා :) මිනිහෙක්ට හැදෙන්ඩ තියෙන කාලේ තමා මමනම් හිතන්නේ අවු: 25> කාලේ...ඊටපස්සෙ හදන්ඩ බෑ..බලපන් ටිකක් වයසක එකෙක්ට දෙයක් එහෙම තේරුම් කරන්ඩ පුලුවන්ද කියලා... :baffled:


    ඔය රෙප් පැනල් එකනම් මිනිමයිස් කරලම තියපල්ලා බන්....තේරුමක් නෑ... ;)
     
    Last edited:

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    එයාලා හිතන්නේ කුණුහරප කියන එක වීරකමක් කියලා... :lol:
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    කුණුහරුප කීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් නොහිතන තැන තමයි,
    මේ කුණුහරුප කීම ලේසියෙන්ම පුරුද්දට යනවා කියන එක. මේ ඇබ්බැහිය කොයි තරම්ද කියලා
    බලාගන්න පුලුවන් ඔය සමනලයෙක් ඇ‍ඟේ වැහුවත් ‘කයිසර්’ කියලා පටන් ගන්න අය්යලා.
    මේ කට්ටියට තැනක් නොතැනක් නෑ. ආයි මංගල්ලෙක අෂ්ටක කියන්න ගියත් සුද්ධ සිංහලේ විශුද්ධි
    බාසාවෙන් වනයි.

    හැබැයි ඔලුවෙ තියාගන්න ඕන එකම කාරණයයි. කුණුහරුප කීම වීරකමක් නෙවෙයි කියන එක.
    සාමාන්‍යයෙන් ශිෂ්ට සමාජයේ කුණුහරුප කියන එක අශිෂ්ට ක්‍රියාවක් විදියට තමයි සැලකෙන්නේ.
    මේ කට්ටිය තමන්ගේ ඇබ්බැහිය වහගන්න හදාගත්තු කතාවක් තමයි,
    තමන් ඔය ශිෂ්ට අශිෂ්ට ලිමිට්ස් ගැන හිතන්නෙ නැති ජෙනුයින් එකෙක් කියන එක.
    ඒක ඉතින් සිගරට් බොන එක නවත්තගන්න බැරි වුනහම ‘මම වෙනස්’ කියලා කියනවා වගේ
    හිත නිවන කතාවක් තමයි.
    ගොඩක් වෙලාවට පෞරුෂත්වයේ පොඩි පොඩි කේස් තියෙන කට්ටිය
    මෙහෙම තැන නොතැන නොබලා කුණුහරුප කියනවා කියන එක ස්පොට් කරන්න පුලුවන් කාරණයක්.
    ඇයි? ඒ තමන්ට පෞරුෂත්වය පාවිච්චි කරලා ලබාගන්න බැරි අවධානය ලබාගන්න.
    මේ තත්වය නවත්වා ගන්නත් පුලුවන්. එක ක්‍රමයක් තමයි තමන්ට කුණුහරුප කියවෙන තැන් ගැන
    අවධානයෙන් සිටීම. ඊට පස්සේ ටිකින් ටික තමන්ට කුණුහරුප කියවෙන්න එනකොට හිතා මතා
    වලක්වා ගන්න උත්සාහ දරණ එක.
    මේ ක්‍රමේට ඔය කුණුහරුප කියවෙන ඇබ්බැහිය කඩා ගන්න පුලුවන්.

    කාට හරි කුණුහරුපයක් කියන්නේ නැතුව ගේම කෝල් කරන්නවත් බැරි නං,
    ඌ හැබෑවටම ගේමකටවත් යන්න සුදුසු කොල්ලෙක් නෙවෙයි කියන එක තමයි අපේ හැඟීම.


    SOURCE : aniwa.lk/2016/10/15/1610152-obscene-words/

    :)
     
    Last edited:

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    ඕක කොටු ගොඩක් තියෙන අයට වඩා වෙන්නේ අලුතින් කිරියට එන අයට
    අලුතෙන් ආපු කෙනෙක් හොඳ දෙයක් දැම්මත් හැම එකාම ආතල් එකට රෙප් කපනවා.... :lol::lol:

    මේ අකවුන්ට් එකත් එහෙමයි... මං කාර් එකක් ගැන විස්තර අහල ත්‍රෙඩ් එකක් දැම්මා ඒකෙත් රෙප් කපලා :rofl: මුන් හිතන් ඉන්නේ අපි රෙප් කාලා ජීවත් වෙනවා කියලා ලොල්
    දැන් ඉතින් රු.5000 දුන්න ගමන් ස්මාට්ෆෝන් එකක් ගන්න පුළුවන් නිසා අඩු කුලේ මුඩුක්කු ඩයල් කිරියේ වැහි වහැලා :lol:

    දැන් ඉතින් මේකටත් රෙප් කපයි රිදුන අය... ඉතින් මට
    පු*ද? :lol:
     
    Last edited:
    • Like
    Reactions: Dishta Didin

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    issra nam bn man kiweth na
    mara rules thibbe
    passe nam hama ekma kiyanawa
    wal share wenawa
    apith ohe kunuharapa kiiya kiya balana innawa bn

    hodama siddiya thama 18+ melo wadakata nathi ewa bump wenawa bn

    mokek hari mahansi wela liuwa deyak bump wenne na
    eken wenne aya liyana eka liyana eka atha arala danwa

    100% agree mcn :love::love::love::love: