කුණුහරුප කිව්වොත් දඩුවම්!
අසභ්‍ය ප්‍රකාශන ලෝකය පුරා ව්‍යාප්ත වීම වැළැක්වීම උදෙසා විවිධ නීතිමය අවස්ථාවන් පැනවීය. ඒ නීතිමය තත්ත්වයන් විමසීමේදී එහි ඓතිහාසික පසුබිම විමර්ශනය කිරීම වැදගත් වේ. අසභ්‍ය ප්‍රකාශන සම්බන්ධ ව නීතිමය පියවර ගැනීම ප්‍රථමයෙන් ම ආරම්භ වී ඇත්තේ බටහිර රටවල ය. 1927 වනතුරු අසභ්‍ය යැයි නිගමනය කළ සාහිත්‍ය කෘති ප්‍රසිද්ධ කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් නොවීය. 1927 දී Curll නමැත්තා විසින් Venus in the cloiter or the nun in her smock කෘතිය ප්‍රකාශයට පත් කළ අතර මේ කෘතියට තහනම් නියෝග එල්ල වූයේ, එහි අන්තර්ගතය වූ ආගම් විරෝධී සහ ලිංගිකත්වය හුවා දක්වන කරුණු හේතු කොටගෙන ය. ඇමෙරිකා එක්සත් ජනපදයේ අසභ්යතාවය, පොදු නීතියේ හා ව්‍යවස්ථාපිත නීති රීතිවල එය ප්‍රධාන ඉලක්කය විය.
1792 වන විට ප්‍රාන්ත රාජ්‍ය 14ක් පුරා අසභ්‍යත්වය නීතියේ ආරක්ෂාවෙන් ඉවත් නොකළත් ව්‍යවස්ථානුගත නීති බිඳීම අපරාධයක් හෝ අවමන් කිරීමක් හෝ නින්දා කිරීමක් සේ සලකන ලදී. 1712 දීත් මැසවුසෙට්ස් (Massachusetts) ප්‍රාන්ත වැසියන් ඕනෑම අශික්කිත, අසභ්‍ය හෝ අවමන් සහගතක ගීත පත්‍රිකා, ප්‍රකාශ හෝ දේශනයන්ට අවමන් කිරීම වැනි දෙයක් ප්‍රකාශයට පත් කිරීම අපරාධයක් සේ සැලකීමයි. මෙවැනි ම සිද්ධියක් මැසවුසෙට්ස් (Massachusetts) ප්‍රාන්තයේ දී 1812 දී ද සිදුවිය. එනම් ඒ වර්ෂයේදී Vermot නගරයේ අසභ්‍ය ද්‍රව්‍ය විකිණීම හෝ ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් රජය විසින් නීති පනවන ලදී.
9 වන සියවස අවසන් වන විට රාජ්‍යයන් තිහක පමණ අසභ්‍ය ද්‍රව්‍ය ව්‍යාප්තිය වැළැක්වීමට කුමන හෝ නීතිමය තත්ත්වයන් ඇති කර තිබුණි. මේ කාලයේදී ම, එනම් 1873 දී ඒදබඩධදර නම් ලිපිකරුවාගේ විරුද්ධත්වයේ ප්‍රතිඵලයක් ලෙසින් නිව්යෝක් රජය අසභ්‍ය පොත්පත් ලිපි ලේඛන ඇතුළු සියලු ම අසභ්යතාවය දන වන දෑ තැපැල් මඟින් යැවීම තහනම් කළේය.
මෙම අසභ්‍ය ප්‍රකාශන පාලනය සම්බන්ධයෙන් නීතිමය හා පරිපාලනමය වශයෙන් ගෙන ඇති උත්සහයන්ට වඩා උසාවිය ගෙන ඇති ක්‍රියාදාමයන් බොහෝමයකි. 1800 දී ඇමෙරිකා එක්සත් ජනපදයේ කාම ප්‍රකාශන කර්මාන්තය නම් වූ කම්හලක් ‘ඊරෝස්’ නම් ලිංගික ප්රකාශනයක් ප්‍රකාශයට පත්විය. මෙහි විශේෂත්වය නම් මේ ව්‍යාපාරයේ මුල් ම ප්රකාශනය වීමත්, වෙනත් පුවත්පතක පළ කළ දැන්වීමකින් එහි ප්රකාශනය ප්‍රසිද්ධියට පත්කිරීමත් ය. මෙය බෙදා හරිනු ලැබූයේ තැපැල් මඟිනි. මෙය කෙතරම් ශීඝ්‍රයෙන් සිදු වීද යත් තැපැල් ආඥා පනත මඟින් තහනම් කරන තත්ත්වයට පවා පත්විය. ඒ අනුව මෙහි බෙදා හැරීම සපුරා තහනම් විය.
අසභ්‍ය ප්‍රකාශන ප්‍රකාශයට පත්කිරීම සඳහා දඬුවම් පැමිණවීම සම්බන්ධයෙන් ප්‍රථම සිද්ධිය වාර්තා වූයේ 1815 දී පෙන්සිල්වේනියාවේ (Penncylvania) පොදු නීතිය යටතේ ගත් තීරණයයි. මෙය දෙයාකාරයකි. එනම් විවිධ පෙඩරල් ප්‍රාදේශීය සහ රාජ්‍ය ව්‍යවස්ථාවන් වැනි විද්‍යාමාන තත්ත්වයන් සහ පුද්ගලයන් ගේ අයිතීන් කඩ නොකරනු පිණිස අසභ්‍ය ද්‍රව්‍ය නීතිමය වශයෙන් අත් අඩංගුවට ගැනීම හෝ රාජසන්තක කිරීම සම්බන්ධ ක්‍රියාමාර්ග වශයෙනි. මේ තත්ත්වයන් බොහෝමයක් ම උසාවිය ගෙන තිබෙන තීරණ සම්බන්ධ ව විමසා බැලීමේදී වටහා ගත හැකි ය.
ඇමෙරිකා එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු වගන්තිය වන කොංග්‍රසය භාෂණයේ නිදහස සහ පුවත්පත් නිදහස සීමා වන පරිද්දෙන් නීති රෙගුලාසි නොපවත්නේ ය. යන වගන්තිය අනුව බොහෝ අවස්ථාවලදී අසභ්‍ය ප්‍රකාශන සඳහා නීතිමය පියවර ගැනීමට නොහැකි වී ඇත. නමුත් 1967 දී ඇ.එ.ජ. විසින් Roth එරෙහි ව ඉදිරිපත් කළ නඩු තීන්දුවෙන් එරට උසාවිය අසභ්යතාවය ව්‍යවස්ථානුගත භාෂණයේ සහ පුවත්පත් නිදහස යන සීමාවට නොගැනෙන බව තීරණය කළේ ය.
1966 දී අධිකරණය නැවත අසභ්‍ය ප්‍රකාශන සම්බන්ධ තීරණයක් ගැනීමට උත්සහ කළේ ය. ඒ මැසවුසෙට් (massachusetts) ඉහළ උසාවිය Memories of a woment of Pleasure නමැති කෘතිය අසභ්‍ය කෘතියක් ලෙස පවසමින් ගත් තීරණයයි. වැඩි දෙනෙකුගේ අදහස වූයේ මෙය අසභ්‍ය නොවන බවයි. එනිසා ම මෙහි දී විනිසුරු Brennan ඕනෑ ම කෘතියක් අසභ්‍ය ලෙස තීරණය කිරීමට පෙර ඒකාබද්ධ විය යුතු කරුණු තුනක් මෙසේ දැක්වීය.
1) කෘතියක මූලික තේමාව සමස්තයක් ලෙස ගත් කළ අධික ලෙසින් කාමාශාව උද්දීපනය කරන්නක් වීම.
2) ලිංගික කරුණු නියෝජනය කරන හෝ විස්තර කරන සහ සම්බන්ධව ප්‍රජාවේ ස්ථාවරයට අවමන් කිරීම නිසා මේ ද්‍රව්‍ය වරදකාරී වීම.
3) සම්පූර්ණයෙන් ම මිනිස් වටිනාකම් වලින් මුදවා ගැනීමෙන් තොරවීම.
විද්‍යාඥයන් ගේ හැඟීම නම් මිනිසාගේ යටි සිතෙහි සැඟ වී ඇති මේ අනර්ථකර මනෝභාවයන්ගෙන් මනස සැහැල්ලු කර ගන්නට මෙබඳු පොතපත ඉවහල් වන බවයි.
කෙසේ නමුත් වර්තමාන සමාජය හා සංසන්දනය කරන විට එදා තිබූ යථෝක්ත අසභ්‍ය සාහිත්‍ය පොත් පත් හා අද ව්‍යාප්ත වී ඇති අසභ්‍ය පොතපත අතර ඇත්තේ අහසට පොළොව මෙන් විශාල වෙනස්කමකි. අද බිහිවන අසභ්‍ය කාම ප්රකාශනවල බෙහෙවින් ම දකින්නට ලැබෙනුයේ අප කිසිවිටෙකත් අසා දැන නොසිටි පුදුමයට පත් කරවන තරම් විකෘති කාමාශාවන්ගෙන් යුත් කතා සහ රූප ය. රූපයෙන් කතාව ද කතාවෙන් රූපය ද පාඨකයා තුළ මනෝ රූප මවයි. මේ නිසා ම විකෘති මානසිකත්වයෙන් යුත් කාම පිපාසිතයින් බිහි වී විවිධ වූ කාමාපරාධ සිදු වේ. මහල්ලා විසින් දැරිය දූෂණය වන්නේ් ද මෙහි අතුරුඵලයක් ලෙසින් නොවේද?
සාහිත්‍යයේ සභ්යාසභ්යතාව විමසීමේදී රසවින්දනය එහිදී මූලික ප්‍රශ්නයක් වෙයි. එහෙත් නීතියට මේ ප්රශ්නය සහමුලින් ම අමතක කළ හැකි නොවේ.
නමුත් මේ සඳහා විවිධ ගැටුම් සහ මතිමතාන්තර උද්ගත ව ඇත. නීතිය සහ අසභ්‍ය ග්රන්ථ ගැන ගැඹුරට විග්රහ කොට ඇති අතර බටහිර රටවල ද මේ නීතිය සම්බන්ධයෙන් කිසිදු පොදු සම්මතයක් තිබෙන බවක් නම් පෙනෙන්නේ නැත. ඩෙන්මාර්කයේ සහ ස්විට්සර්ලන්තයේ එය පොදු දණ්ඩ නීති සංග්‍රහයට ඇතුළත් වන අතර ස්වීඩනය, යුගෝස්ලාවැකියාව, වැනි රටවල අසභ්‍ය ග්රන්ථ මුද්‍රණයට නීති පනවා ඇත.
බෙල්ජියම, ප්‍රංශය, ඉතාලිය, ලක්ස්ම්බර්ග් වැනි රටවල බාලයන්ගේ චරිත වර්ධනයට හානිකර විය හැකි ග්රන්ථ පළ කිරීම සම්බන්ධයෙන් අණ පනත් ඇත. ලංකාවේ ද දණ්ඩ නීති සංග්‍රහයේ 285, 286 යන වගන්තිවලද 1869යේ 17 වැනි රේගු ආඥා පනතේ ද 1908 වේ 11 වැනි තැපැල් කන්තෝරු ආඥා පනතේ් ද 1908, 35 වැනි තැපැල් පණිවුඩ ආඥා පනතේ 1841, 4 වැනි ආඥාපනතේ මෙන්ම 1995 අංක 22 දරන (සංශෝධිත) දණ්ඩ නීති සංග්‍රහය යන ප්‍රකාශනයන්හි මේ සම්බන්ධයෙන් නීති රීති අඩංගු ව ඇත. අසභ්‍ය ග්රන්ථකරණයට මෙසේ නීතිරීති මාලාවක් සකස් වී ඇතත් එවැනි නීතීන් අසභ්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කොතෙක් දුරට සාධාරණදැයි සැක සහිත ය.
උසස් අසභ්‍ය යැයි සැලැකෙන සාහිත්‍ය කෘතියක් හා ඉන් ලැබෙන තෘප්තිය කිසිවිටෙකත් අසභ්‍ය ප්රකාශනයක් තුළින් ලැබෙන වින්දනයට සම කළ නොහැකි ය. අසභ්‍ය පුවත්පත් තුළින් සිදුවන්නේ බොහෝ විට කාමාශාවන් විකෘති අන්දමින් උළුප්පාලීමට උඩගෙඩි දීම ය. මේ නිසා අසභ්‍ය පුවත්පත් සඟරා ආශ්රිත ව තිබෙන නීතිමය තත්ත්වය ගැන සලකා බැලිය යුතුª ය. සමාජයේ අපගමනයට හේතු වන මෙවන් වෙළඳාමෙහි නියැළෙන අලෙවිකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකි වන නීති රීති මාලාවන් තිබේද යන්න ගැටලු සහගත ය.
අසභ්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් ලංකාවේ පවත්නා නීතිමය තත්ත්වය:-
අසභ්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් ලංකාවේ පවතින නීතිරීතිවලට දීර්ඝ ඉතිහාසයක් ඇතත් එය වරින් වර වෙනස් වීමකට භාජනය වී ඇති බවක් පෙනේ. අසභ්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් ප්‍රථම වරට නීතිමය පියවරක් ගනු ලැබුවේ 1889 දී ය. එහෙත් 1927 දී අංක 04 දරන අසභ්‍ය ප්‍රකාශන පනතට අනුව අසභ්‍ය ප්‍රකාශන නිපදවීම, සතු ව පැවතීම, ආනයනය,, අපනයනය, ගෙනයෑම හෝ ගෙන ඒම, වෙළදාමට සම්බන්ධ වීම හෝ දැන්වීම් තොරතුරු ප්‍රයෝජනයට ගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් බව සඳහන් විය.
අසභ්‍ය ප්‍රකාශන පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව:- අසභ්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් ඇමෙරිකානු සමාජය තුළ ඇතිවූ විවිධ මතවාද හේතු කොට ගෙන 1967 දී ඇමෙරිකානු ජනාධිපති Lundon Johnson විසින් මේ කොමිෂන් සභාව පත්කරන ලදී. මේ කොමිෂන් සභාවට සාමාජිකයන් දහඅට දෙනෙකු සිටින අතර කොටස් අටකින් යුත් වාර්තාව 1970 දී Richard Nixon ජනාධිපතිට ඉදිරිපත් කරනු ලද අතර ඒ වාර්තාවේ නිර්දේශයන් ඔහු විසින් ප්‍රතික්ෂේප කරන ලදී.
නිර්මාණාත්මක සාහිත්‍ය විෂයයෙහි සභ්යාසභ්යවාදය ලෝකයේ බොහෝ රටවල පුරාතන කාලවලදී පටන් කතා බහට ලක්වූවකි. එය අද ද ඇති වන්නකි. පැරණි භාරතය, එංගලන්තය, රුසියාව, ප්‍රංශය ආදී විශිෂ්ට සාහිත්‍යයන්ට හිමිකම් කියන නොයෙක් රටවල්වල ලේඛකයන්ට හා එම කෘතිවලට විරුද්ධව අසභ්‍ය යෝජනාව නැඟිණි. එතැනින්දු නොනැවතුණු ඔවුහු ඔවුන්ගේ කෘතීන් නීතිය මඟින් තහනම් කළ යුතු බවද පැවසූහ.
වර්ෂ 1960 ඔක්තෝබර් 20 වැනිදා මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ නඩුවක් පැවැරුණි. ඩී.එච්.ලෝරන්ස් ගේ චැටර්ලි ආර්යාවගේ පෙම්වතා යන නවකතාව තහනම් නොකළ යුතුª බවට කරුණු අධිකරණය වෙත ඉදිරිපත් කරමින් සාක්ෂි දුන්හ. කෙසේ හෝ නමුදු අවසානයේ අධිකරණය විසින් විචාරකයන්ගේ මතය පිළිගනු ලැබී ය.
ඇතැම්හු අසභ්‍ය යැයි සැලැකෙන පොත පත තහනම් කළ යුතු යැයි පවසති. නමුත් ප්‍රතිභාසම්පන්න ලේඛකයෝ කාලීන සමාජ සංස්ථාවල චාරිත්‍ර වාරිත්‍රවල ආචාර විධිවල කාලෝචිත භාවය කෙරෙහි නිරතුරු ව ම ප්‍රශ්න නඟන්නෝ වෙති. මක්නිසාද උසස් සාහිත්‍යකරුවෝ වනාහි ප්රාශ්නිකයෝ ම වන්නෝ ය.
සමාජයේ පොදු චින්තනයට එහායින් සිටින හෙයින් එබඳු ලේඛකයන් පිළිබඳ ව මිථ්‍යා ආකල්ප වුවද ඇති කර ගැනීමට ඉඩ තිබේ.
කාමචාර පිළිබඳ ව කතා කළ හෙයින් ම ඔවුහු සමාජයෙන් වෙන් කළ යුතුද? අවමානයට පාත්‍ර විය යුතුද? මහා කවි කාලිදාස, වාත්ස්යයනය. ලියෝ තෝල්ස්තෝයි, ගුස්ටාව්, ෆ්ලොබෙයාර්, එමිල් සෝලා, හෙන්රික් ඉබිසන්, ඩී.එච්.ලෝරන්ස්, ජේම්ස් ජොයිස් බඳු විශ්ව සම්භාවනීය ලේඛකයන් මෙබඳු අවාසනාවන්ත ඉරණම්වලට මුහුණ නුදුන්නාමත් ම නොවේ. යම්තරමකින් හෝ ඔවුන්ගේ කෘති නීතිය මඟින් තහනමට ලක්වූයේ නම් පශ්චාත් කාලීන පාඨකයන්ට විශ්ව සාහිත්‍යයෙන් වැදගත් කොටසක් අහිමි වන්නට ඉඩකඩ නොතිබුණා ම නොවේ.
ලෝක නවකතා සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨතම කෘතීන් වන ෆ්ලොබෙයාර් ගේ ‘මදාමි බෝවාර්’ සහ ජේම්ස් ජොයිස් ගේ ‘යුලිසීස්’ යන නවකතා 1850 සහ 1922 යන වර්ෂවලදී තහනම් කිරීමට උත්සාහ ගත්තේ ය. එහෙත් අද අසභ්‍ය යැයි සැලැකූ මේ කෘතීන් විශ්වවිද්‍යාලයන්හි නිර්දිෂ්ට ග්රන්ථයක් බවට පත්වී ඇත.
මෙයින් අපට වැදගත් කාරණාවක් මතු කර දක්වයි. එනම් සාහිත්‍ය නිර්මාණයක සභ්යාසභ්යතාවය තීරණය කළ හැකි හොඳ ම විචාරකයා කාලය බවයි.
පාඨකයා දුරාචාරයට පොලඹවන යැයි කියනු ලබන අසභ්‍ය පොත පත නීතියෙන් තහනම් කිරීමේදී බොහෝ ප්‍රායෝගික දුෂ්කරතාවයන්ට මුහුණපෑමට සිදුවේ.
1927 සකස් වී ඇති මේ නියෝගයට වෙනස් පනතක් 1956 දී නැවතත් පනවන ලදී. 1956 අංක 48 දරන (Children and Young Person) නැමැත්තා පනතෙන් එතෙක් පැවති නීති වෙනස් දිශාවකට යොමු කරන ලදී. එනම් අසභ්‍ය නැතහොත් කාම ප්‍රකාශන ළමුන් කෙරෙහි අහිතකර තත්ත්වයක් එල්ල කරන බව අවබෝධ කර ගැනීම ය. මෙමඟින් බාල හා තරුණ පරපුරට අහිතකර ලෙස බලපෑ හැකි හිංසාකාරි ප්‍රකාශන සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙන අතර ළමයා යන්නෙන් අවුරුදු දහහතරට (14) අඩු පිරිස ද අවු 14 - 16 ක් අතර පිරිස තරුණයන් යනුවෙන් ද අදහස් කර ඇත.
70 දශකයෙන් පසු ලංකාවේ ඇති කරන ලද විවෘත ආර්ථික ලිහිල් ප්‍රතිපත්ති අසභ්‍ය ප්‍රකාශන ප්‍රචලිතයට පිටුබලයක් වූ නිසා තිබු නීති වල සංශෝධන ඇති කරන ලදි. 1983 අංක 22 දරන අසභ්‍ය ප්‍රකාශන (සංශෝධන) පනත ද (Obscence Publication Amendment Act) එවැන්නකි.
මේ පනත මගින් අසභ්‍ය ලේඛණ, මුද්‍රිත චිත්‍ර සිතුවම්, පිංතූර, පෝස්ටර්, සංඥා, ඡායාරූප, චිත්‍රපට හෝ වීඩියෝ පට හෝ වෙනත් අසභ්‍ය ද්‍රව්‍ය මහජන ප්‍රදර්ශන හෝ බෙදා හැරීම සඳහා ළඟ තබා ගැනීම හෝ නිපදවීම, ආනයනය අපනයන යනාදි දෑ පොදුවේ හෝ පුද්ගලිකව වෙළඳාමේ නිරත වීමක් හෝ සහය දැක්වීම, පළ කිරීම හෝ ප්‍රසිද්ධ කරවීම දඬුවම් ලැබිය හැකි වරදවල් අතර වෙයි.
මෙයට අමතර ව ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ ද අංක 285 හා 287 යන වගන්ති මගින් අසභ්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් පවත්නා නීතිමය තත්ත්වයන් අවධානය කර තිබේ. දණ්ඩ නීති සංග්‍රහයේ අංක 285 වගන්තියට අනුව යම් පුද්ගලයෙක් අසභ්‍ය පොත්, පත්‍රිකා, පුවත්පත්, චිත්‍ර, සිතුවම්, ඡායාරූප, නිරීක්ෂණ කිරීම හෝ විකිණීම හෝ බෙදා හැරීම, අපනයනය හෝ කුළිය දීම හෝ විකිණීම සඳහා නිපදවීම කැමැත්තෙන් මහජන ප්‍රදර්ශනය කිරීම හෝ එසේ කිරීමට උත්සාහ කිරීම හෝ එසේ කිරීමට පොරොන්දු වීම තෙමසකට නොවැඩි කාලයක් සිර දඬුවමකට හෝ දඩයකට හෝ ඒ දෙකට ම යටත් වන වරදක් වේ යනුවෙන් වෙයි.
අංක 286 වන වගන්තියට අනුව අසභ්‍ය ද්‍රව්‍ය විකිණීම බෙදා හැරීම හෝ මහජන ප්‍රදර්ශනය සඳහා ළඟ තබා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදකි. නමුත් මෑතදී අංක 286 දරන දණ්ඩ නීති සංග්‍රහයේ නියෝග 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත මඟින් සංශෝධන කර ඇත.
වගන්ති අංක 286 සංශෝධන පනතට අනුව
අ. (1) පහත සඳහන් යම් ක්‍රියාවක් සිදු කරන, එනම්,
(අ) යම් අසභ්‍ය හෝ අශ්ලිල ප්‍රදර්ශනයක හෝ දර්ශනයක පෙනී සිටීමට හෝ රඟපෑම හෝ යම් අසභ්‍ය හෝ අශ්ලිල ඡායාරූපයකට හෝ චිත්‍රපටයක රූගත කිරීමට, එහි නිරූපණයක් කිරීමට හෝ පෙනී සිටීමට, යම් ළමයකු කුළියට ගන්නා හෝ සේවයෙහි නියුක්ත කරන එහිලා උපකාර කර ඒ සඳහා කැමති කර ගන්නා යොදවන පොලඹවන හෝ බල කරන හෝ එවැනි ඡායාරූපයක් හෝ චිත්‍රපටයක් විකුණන හෝ බෙදා හරින නැතහොත් අන්‍යාකාරයකින් පළ කරන හෝ තම සන්තකයෙහි තබා ගන්නා කවර හෝ තැනැත්තෙකු හෝ,
(ආ) ළමයෙකු ගේ දෙමාපියන් ගෙන් කෙනෙකු භාරකාරයකු හෝ ඒ ළමයාගේ භාරකාරත්වය දරන තැනැත්තකු ව සිටිමින්, මේ අසභ්‍ය හෝ අශ්ලිල ප්‍රදර්ශනයක හෝ දර්ශනයක සේවයෙහි නියුක්ත කිරීමට හෝ එවැන්නකට සහභාගි වීමට හෝ (අ) ඡේදයෙහි සඳහන් අන්දමේ යම් ඡායාරූපයක හෝ චිත්‍රපටයක රූගත කරනු ලැබීමට නිරූපණය කිරීමට හෝ පෙනී සිටීමට ඒ ළමයාට සලස්වන හෝ ඉඩ දෙන කවර හෝ තැනැත්තකු හෝ ගන්නා හෝ ගැනීමට උපකාර කරන කවර හෝ තැනැත්තකු හෝ
(ඇ) (1) ළමයෙකුගේ යම් අශ්ලිල ඡායාරූපය
(2) එවැනි යම් ඡායාරූපයක් බෙදා හරින හෝ පෙන්වන හෝ එවැනි යම් ඡායාරූපයක් සහිත පළ කිරීමක් බෙදා හරින හෝ පෙන්වන කවර හෝ තැනැත්තකු හෝ
(3) එවැනි යම් ඡායාරූපයක් හෝ පළ කිරීමක් හෝ බෙදා හැරීම සඳහා හෝ නොවීම සඳහා තම සන්තකයෙහි තමා ගෙන සිටින කවර හෝ තැනැත්තෙකු හෝ
(4) එවැනි යම් ඡායාරූපයක් පළ කරන හෝ පළ කිරීමට සලස්වන හෝ ප්රචාරක දැන්වීමක් පළ කරන්නා හෝ ඒ ප්රචාරක දැන්වීමෙහි නම් කර ඇති තැනැත්තා එවැනි යම් ඡායාරූපයක් හෝ පළ කිරීමක් බෙදා හැරීම නැත හොත් පෙන්වන තැනැත්තකු හෝ එසේ කිරීමට අදහස් කරන තැනැත්තකු ය යන පණිවුඩය දීමට හැකි වන ආකාරයේ යම් ප්රචාරක දැන්වීමක් පළ කරන හෝ පළ කිරීමට සලස්වන කවර හෝ තැනැත්තකුට ආදි වශයෙන් ළමයින්ට අදාළ ව අසභ්‍ය දෑ පළ කිරීම හා ප්‍රදර්ශනය පිළිබඳ වරද සිදුකරන අතර ඒ තැනැත්තා වරදකරු කරනු ලැබූ විට වසර දෙකකට නොඅඩු වූද අවුරුදු දහය නොඉක්මවන්නා වූද කාලයකට දෙආකාරයෙන් එක් ආකාරයක බන්ධනාගත කිරීමක් ඒ තැනැත්තාට දඬුවම් ලෙස ලබා දිය යුතු ය. තවද ඒ තැනැත්තාට දඩයකින් දඬුවම් ද කරනු ලැබිය හැකි ය.
මේ පනතට අනුව ළමයි ඒ සඳහා යොදා ගැනීමත් අසභ්‍ය චිත්‍රපටයක රඟපෑමත් වරදක් ලෙස පෙන්වා දී ඇත. 1983 අංක 22 දරන අසභ්‍ය ප්‍රකාශන සංශෝධන පනත තුළ මේ සම්බන්ධයෙන් වරදකරුවන් වන අය සඳහා දෙන දඬුවම් ද පැහැදිලි ව එහි මෙසේ දක්වා ඇත.
(1) පළමු වරදට රුපියල් දෙදහසකට නොවැඩි දඩයකින් හෝ මාස හයකට නොවැඩි කාලයකට දෙආකාරයකින් එක් ආකාරයක බන්ධනාගාර ගත කරනු ලැබීමෙන් හෝ එකී දඩය හා බන්ධනාගාර ගත කරනු ලැබීම යන දඬුවම් දෙකින් ම ද
(2) පළමු වරට වරදකරු කරනු ලැබීමෙන් පසු කරන ලද කරන ලද වරදට සඳහා මාස 6 කට නොවැඩි කාලයකට දෙආකාරයකින් එක් ආකාරයක බන්ධනාගාර ගත කරනු ලැබීමෙන් සහ ඊට අතිරේකව රුපියල් දෙදහසක් නොඉක්මන දඩයකින් දඬුවම් කළ හැකි ය.
ලංකාවේ මෙතෙක් ක්‍රියාත්මක වූ නීතින් විමර්ශනය කිරීමේදී ලංකාව පුරා ව්‍යාප්ත වූ අසභ්‍ය ප්‍රකාශ වල ස්වභාවය හා ව්‍යාප්තියේ ස්වභාවය අනුව කලින් කලට නීති රීති වෙනස් වී තිබෙන අතර ඒවා වඩාත් පුළුල් තත්ත්වයට පත් වී තිබේ. එහෙත් සමස්ත ලෝක සමාජය දෙස බැලීමේදී අසභ්‍ය ප්‍රකාශන සමාජය පුරා නිදහසේ සැරිසැරීමට ඉඩ දී තිබෙන එක ම සමාජය ලෙසින් ඩෙන්මාර්කය හඳුනාගත හැකි ය. ඩෙන්මාර්ක රජය විසින් 1969 දී අසභ්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තිබු නීති රීති සියල්ල ම අවලංගු කරන ලදි.