කුණු බැනුම් අහන්න බලාගෙනම වැඩි වෙන බස් ගාස්තුව…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අකමැත්තෙන් වුවද අවම වශයෙන් හෝ බස් ගාස්තු ඉහළ දැමීමක් සිදු කිරීමට වන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.

    හාරිස්පත්තුව, අංකුඹුර නගර සංවර්ධන ව්‍යාපෘතියකට 26 දින සහභාගිවු අමාත්‍යවරයා මහජන හමුව අමතමින් ඉහත අදහස් පළ කළේය.

    මෙහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා මෙසේද කීය.

    පවතින තත්ත්වය මත අකමැත්තෙන් වුවත් ඉන්ධන මිල ඉහළ දැමීමට රජයට සිද්ධ වුණා. ඉන්ධන මිල ඉහළ යාමට සමගාමීව මතුවන ප්‍රශ්නය තමයි ප්‍රවාහන ගාස්තු ඉහළ යාම. ඒ අනුව ලබන බදාදා වෙනකොට බස් ගාස්තු සංශෝධනයක් පිළිබඳ අපට තීරණයක් ගන්න වෙනවා. රටේ පවතින තත්ත්වය අනුව ප්‍රවාහන ඇමැති වශයෙන් බස් ගාස්තු වැඩි කරලා ජනතාවගෙන් කුණුහරප අහ ගන්න මම කැමැති නෑ.

    නමුත් සියලු දේ ඒකාබද්ධව සමබරව කළ යුතුයි. ඉන්ධන මිල ඉහළ දමලා බස් ගාස්තු පහළට දමනවා වගේ ප්‍රාතිහාර්යක් පාන්න අපට බෑ. ඒ නිසා ලබන බදාදා වන විට යම් බස්ගාස්තු සංශෝධනයකට අපට අකමැත්තෙන් වුවත් යන්න වෙනවා. ඒ ආකාරයෙන් බස් ගාස්තු සංශෝධනයකට අපි ගියත් බස් ව්‍යාපාරය වගේම මගියා ගැන විශේෂයෙන් මහජනතාව ගැන කල්පනා කරලා යන්න පුළුවන් අවම සංශෝධනයකට අපි යනවා.