කුප්පි ලාම්පුව පෙරැලී මියගිය ජාතික වස්තුව- නිත්තවෙල ගුණයා....... 😥💔

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    කුප්පි ලාම්පුව පෙරැලී මියගිය ජාතික වස්තුව- නිත්තවෙල ගුණයා....... 😥💔

    50.png


    විදේශ සම්මානයට බුහුමනට ලක් වුවද සිය දේශයේදී කෲර ඉරණමකට ලක්වූ මෙරට අති දක්ෂ නැට්ටුවා
    නි ත් ත ව ල ගු ණ යා
    කප්පරක සම්මාන ලාභී වූවත් ඔහුගේ ජීවිතයට වටිනාකමක් නොදුන් පාලකයෝ කුමට
    *****
    ප්‍රංශයේ සෝබෝන් විශ්වවිද්‍යාලයෙන් ගුරු සේවයට ආරාධනා ලැබූ
    යක්දෙස්සලාගේ ගුණයා ගුරුන්නාන්සේ නොහොත් නිත්තවෙල ගුණයා:
    නිත්තවෙල ගුණයා උපන්නේ 1906 දී දුම්බර මිටියාවතේ පිහිටි නිත්තවෙල කියන සුන්දර ගමේ.
    පියාගේ නම කිරි උක්කුවා.
    කිරි උක්කුවා 6 වෙනි බුවනෙකබාහු රජතුමාගේ කාලයේ පටන් පැවත එන විශිෂ්ඨ පනික්කි පරම්පරාවක පනික්කි ගුරුන්නාන්සේ කෙනෙක්.
    ගුණයා කිරි උක්කුවගේ එකම පුතා.
    උඩරට කැරැල්ලෙ දී කැප්පෙටිපොළ නිළමේ එක්ක හිටපු නිත්තවෙල මහා පනික්කියා නිත්තවෙල ගුණයගේ මී මුත්තා.
    ගුණයා අවුරුදු හතරේ ඉඳන් නැටුම් ඉගෙන ගත්තා.
    අවුරුදු අටේ ඉඳන් මහනුවර සිරි දළදා පෙරහරේ නැටුවා.
    අවුරුදු දහ අටේදි වෙස් කිරුළු පැළැන්දා.
    අවුරුදු පනස්හතක් නුවර පෙරහැරේ නැටුවා.
    සමනල වන්නම, තුරඟා වන්නම, මහබෝ වන්නම, මයුරා වන්නම නිත්තවෙල ගුණයගේ ම නිර්මාණ.
    පණ්ඩිත් අමරදේවයන් ගයන 'වැලිතල අතරේ' ගීතය චන්ද්‍රරත්න ශ්‍රී මානවසිංහයන් රචනා කළේ මහබෝ වන්නමට අනුව.
    නිත්තවෙල ගුණයා 1927 දි ජර්මනියේ නැටුවා.
    1957 දී රුසියාවේ තිබුණු ලෝක තරුණ සම්මේලනයට සහභාගි වුණු ලංකා සංස්කෘතික කංඩායමේ නායකයා නිත්තවෙල ගුණයා.
    යුරෝපා සංචාරයේ දී නිත්තවෙල ගුණයා එංගලන්ත මහා රැජිනගේ ප්‍රශංසාවට පවා ලක් වුණා.
    නිත්තවෙල ගුණයා 1958 දී ෆිල්ම්⁣ෆෙයාර් සම්මාන උලෙළේ නැටුවා.
    ෆිල්ම්ෆෙයාර් සඟරාවේ පිටු හතරක් නිත්තවෙල ගුණයගේ නැටුම්වලින් පිරුණා.
    ප්‍රංශයේ සෝබෝන් විශ්ව විද්‍යාලයේ උගන්වන්න ලැබුණු ආරාධනාව නිත්තවෙල ගුණයා ප්‍රතික්ෂේප කරා.
    ඇමරිකාව, රුසියාව, මහා බ්‍රිතාන්‍ය, චීනය, ජපානය, නෙදර්ලන්තය, ජර්මනිය, චෙකොස්ලෝවැකියාව, ඉන්දියාව වැනි රටවල්වල නිත්තවෙල ගුණයා අතීශය ජනප්‍රිය වුණා.

    1950 අගමැති ඩී.ඇස්.සේනානායක මැතිතුමාගේ උපදෙස් පරිදි නිදහස් සමරු මුද්දරේ සැරසුණේ නිත්තවෙල ගුණයගේ රුවෙන්.

    අගමැති බණ්ඩාරනායක මැතිතුමා නිත්තවෙල ගුණයව ස්වර්ණ ජයන්ති සම්මානයෙන් පිදුවා.

    1975 දී ජනාධිපති විලියම් ගොපල්ලව මැතිතුමා ශ්‍රී ලංකා සාහිත්‍ය දිනය වෙනුවෙන් නිත්තවෙල ගුණයව සම්මානයෙන් පිදුවා.
    2005 ඉඳන් අද දක්වාම රුපියල් පනහේ නෝට්ටුව නිත්තවෙල ගුණය⁣ගේ රුවෙන් සැරසෙනවා.
    දෙස් විදෙස් සඟරා, පර්යේෂණ ග්‍රන්ථ සිය ගණනක නිත්තවෙල ගුණයා ගැන ලිපි පළවුණා.
    1947 ජර්මනියේ දී නිත්තවෙල ගුණයට ලැබුණු රන් සම්මානය කොළඹ දී පාදඩයෙක් හොරකම් කරා.
    බිරිඳ 'සොඳිනා' ත් දියණිය 'අමරාවති'ත් මිය ගිය පසු නිත්තවෙල ගුණයා තනි වුණා.
    අන්තිම කාලේ නිත්තවෙල ගුණයා ජීවත් වෙන්නෙ කෝපි කඩලා.
    කෝපි කඩන අතරේ දිමි ගොට්ටක් ඇහැට වැටිලා නිත්තවෙල ගුණයගේ එක ඇහැක් අන්ධ වුණා.
    ජීවිතේ අවසා⁣න භාගයේ අන්ත අසරණ ජීවිතයක් ගත කරපු නිත්තවෙල ගුණයා රෑ නින්දේදි කුප්පි ලාම්පුව පෙරළී පිලිස්සී මිය ගියා.

    :yes: 👇මෙතුමන් ගැන තව විස්තර කියවන්න කැමති අයට කිරියෙ සහෝදරවරු දාපු පහල ත්‍රෙඩ් වලින් කියවන්න පුළුවන්...


    50 නෝට්ටුවට ආ නර්ථන ශිල්පියා

    නිත්තවෙල_ගුණයා

    එහෙනම් උබල හැමෝටම ජය වේවා..! ;):P

     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ඔහුගේ ජීවිතයට වටිනාකමක් නොදුන් පාලකයෝ කුමට
    මෙච්චර දේවල් කරලත් තවත් මොනවද පාලකයෝ කරන්න ඕනේ

    අමරදේව මාස්ටර් ගේ වත් රූපයක් ලංකාවේ සල්ලි කොලයකට දාලා නැහැ
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,884
    113
    හස්තිශෛලපුර
    පාඨලි චම්පික ගෙන් අහලා බැලුවේ නැද්ද
    මුළු රටේම නම කැත උනා මේ වැඩෙන්.

    පාඨලි චම්පික ගෙන් අහලා බැලුවේ නැද්ද
    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
    ------ Post added on Mar 16, 2023 at 6:53 PM
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,685
    10,277
    113
    මෙච්චර දේවල් කරලත් තවත් මොනවද පාලකයෝ කරන්න ඕනේ

    අමරදේව මාස්ටර් ගේ වත් රූපයක් ලංකාවේ සල්ලි කොලයකට දාලා නැහැ
    අමරදේව overrated නැද්ද?
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,604
    6,011
    113
    හෝම් ස්වීට් හෝම්
    රුසියාවේ තිබුණු ලෝක තරුණ සම්මේලනයට සහභාගි වුණු ලංකා සංස්කෘතික කංඩායමේ නායකයා නිත්තවෙල ගුණයා.

    ඉස්සර ඉදංම තරුණ සම්මේලන වලට නාකි ඩයල් යවලා නේ ?

    1906 ඉපදුනු මනුස්සයා 1957 තරුණ සම්මේලනයට යද්දි 51
    මරු තරුණ සම්මේලන
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,884
    113
    හස්තිශෛලපුර
    හුත්තෝ මේ මනුස්සයා නැත්තම් තොගෙ පවුලම බොම්බ කාලා මැරිලා. ලංකාව වටේ පිලිම හැදුවත් දේවත් වෙන් ඇදහුවත් ඒ ණය ගෙවන්න බෑ
    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
     
    • Dislike
    • Haha
    Reactions: Cypress and hitter

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    අමරදේව overrated නැද්ද?
    hmm නැහැ කියන්න ත් බැහැ ඔව් කියලා කියන්නත් බැහැ බන් මොකෝ මම උණත් වැඩිය අමරදේවයන්ගේ සින්දු අහ න්නේ නැහැ
    ඒත් හොදට සංගීතය දන්න අය අතරේ අමරදේව කියන්නේ ලොකු චිත්‍රයක්
    ගොඩක්ම හුදි ජනප්‍රිය සංගීත අතරේ ජනප්‍රිය නොවුනාට ලංකාවේ ප්‍රවීන සංගීතය අතරේ ඔහුට තැනක් තිබුණා නේද
     
    • Like
    Reactions: hitter

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    අවුරුදු 30 ක යුද්ධය අවසන් කරපු නායකයා ❤️❤️❤️
    කවුද මිනිහෝ කොටින්ට කඩේ ගියේ.
    වෙච්ච දේ තමයි ඕක.
    හැම දේටම කොටි කොටි ගෑවට හරියන්නෑ

    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහින්දම තමා.

    මුළු රටේම නම කැත උනා මේ වැඩෙන්.


    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭
     
    • Haha
    Reactions: Smartm