Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
--කුප්ප ත්රෙඩ් එක--
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]සුරාවට පෙම් බැඳ නුරාවෙන් දිවි ගෙවන

"සිරෝසීස් අක්කලාගේ" කතාව

[/FONT][FONT=&quot]

මා බාබරාව දුටුවේ හරියටම වසර විසි දෙකකට පසුව බව කීවොත් නිවැරදිය. ඇගේ කතාව මුළු ලෝකයටම කියන ලෙස ඈ මට ආයාචනය කර සිටි නිසාත් ඒ කතාව තුළින් අද සමාජයේ සිටින අයට විශේෂයෙන්ම කාන්තාවන්ට බොහෝ පාඩම් උගත හැකි වන නිසාත් මෙසේ අද බාබරාගේ කතාව ඔබ හමුවේ තබමින් සමාජ විමර්ශන ලිපිය ආරම්භ කරමි.

මා 87 වසරේ එවකට ඔබරෝයි නමින් තිබූ තරු පහේ හෝටලයක හෝටල් කළමනාකරණය පිළිබඳ පාඨමාලාවක් හදාරමින් සිටියෙමි. ඒ යටතේ අපට ප්රායෝගිකව වැඩ කරමින් ඉගෙන ගන්නට තිබූ දේවල් බොහෝ විය. කළමනාකරුගේ වායු සමනය කළ කාමරයේ පුටුවක වාඩිවී වැඩසටහන් සැලසුම් කිරීම ඉගෙන ගැනීමේ සිට කාමර පාලනය, පිළිවෙළට කැරට් බීට් තක්කාලි කැපීම, පිඟන් සේදීම, පිළිගැනීමේ මේසයේ වාඩිවී සිටීම සහ වැසිකිලි සේදීම දක්වා හැම අධ්යයන කටයුත්තක්ම එයට අඩංගුව තිබුනි. එකල නව යොවුන් තරුණයන්ව සිටි අප වැඩිපුරම ඇළුම් කළේ පමාවූ සවස් කාලයේ සිට යක්කු ගස් නගින රෑ මැදියම දක්වා පැවැත්වෙන කොක්ටේල් පාටිවල ඩිනර් ඩාන්ස්වල නිරුවත් නාටිකාංගනාවන්ගේ කැබරේ නැටුම් සහිත අඩ අඳුරු සාද පවත්වන ප්රධාන ශාලාවේ සේවය කිරීමය. අද වේටර්වරයෙක් ගේ කාර්ය භාරය පැවරෙන අපට හෙට ලැබෙන්නේ පිළිගැනීමේ නිලධාරියාගේ වගකීමයි. යළිත් අනිද්දා බස්බෝයි හෙවත් ඉඳුල් පිඟන් කෝප්ප අදින රාජකාරිය පැවරේ. සමහරවිට සහය භෝජනාගාර කළමනාකරුගේ චරිතයටද පණ පොවන්නට සිදුවෙයි. මෙවැනි අවස්ථාවලදී එම හෝටලයේ අප නිතර නිතර දකින පුරුද්දට මෙන් සැමදා මෙහි එන චරිත කීපයක්ම මට මතකය. ඔවුන් අප සමහරෙක් අප සමග ඉතාම හිතවත්ව සිටියෝය. අප කලින් කී බාබරා හෙවත් මිස් බාබරා ඉන් එකියකි.

මෑතකදී ඇයව මට රජයේ රෝහලක කොරිඩෝවක අහම්බෙන් හමුවන විට හිතාගන්නට අමාරු ලෙස ඉතා කෙට්ටු වී සායම් ගිය සායකින් හා චාම් හැට්ටයකින් සැරසී අසරන ලීලාවෙන් සිටියද එදා ඇය විසේකාර බඹරියක් නොහොත් ගිනි කිකිලියක් එසේත් නැත්නම් දකින ඕනෑම අයෙකුගේ ඇස් උඩ ඉන්දවන රුවැත්තියක්ව උන්නාය. උකුළ ලැම හස මළවි කරලිය මුවා නොකරන දුහුල් සළු තිරෙන් සැරසී සරාගි පෙනුමක් දිස් වුනද මිස් බාබරා යනු අනවශ්ය සබඳතා පවත්වන අයාලේ යන අනාචාර ස්ත්රියක් හෝ වානිජමය ලිංගික ශ්රමිකාවියක්ව නොසිටි බව අපි සියලු දෙනා හොඳින්ම දැන සිටියෙමු. නමුත් ඇය ඉතා අධික ලෙස මත්පැන් පානයට ලොල්ව එහි ඇලී ගැලී සිටි බව නම් අපට මෙන්ම සාද සමාජයේ සහ සැඳෑ සංස්කෘතියේ සැරිසරන්නන් අතරත් ප්රසිද්ධ කරුණකි. තනියම එන බාබරා රෑ දෙගොඩ හරියේ නැවත හෝටලයෙන් පිටව යන්නේත් තනියමය. කොතරම් මත් වෙන්නට බීවත් ඇයට ඇගේ ගැලන්ට් සැලූන් කාරය තනිවම ආම්බාන් කරගන්නට හැකියාව තිබුනි. නමුත් සාද ශාලාවේ සිට රිය ගාලේ නවතා ඇති ඇගේ මෝටර් රථය වෙත ඇයව වත්තන් කරගෙන යාමට සිදුවන්නේ නම් අපේ වේටර් කොල්ලෙකුටය. මෙසේ එම "වත්තන් සේවය" ලබා දීම සඳහා වේටර් කොල්ලන් පමණක් නොව තරුණ වැඩිහිටි වයස්වල කැප්ටන්ලා, සුපවයිසර්ලා, ඩෝමන්ලා, බෙල්බෝයිලා මෙන්ම මැනේජර්ලා පවා වලිකන්නේ බාබරාගෙන් ලැබෙන රුපියල් පනහේ ටිප් එක නිසාම නොවේ (එකල රුපියල් පනහක් යනු හොඳ ගානකි) ඇගේ සුමුදු සිරුරේ පහස ලබමින් බඳ වටා අතක් යවමින් ඇඟට ඇලී ගැලී යාර දෙතුන් සීයක් ඇවිද යන්නට ලැබෙන දුර්ලභ අවස්ථාව නිසා බවටද එකල අප අතර රාවයක් තිබුනි.

එදා එසේ සිටි බාබරා අද හුඹහෙන් එළියට ඇද ගත් තලගොයකු මෙන් දිස්වෙන්නේ සමාජයේ වරදින්වත් දෙමාපිය ආභාසයෙන්වත් විවෘත ආර්ථිකයේ නොනිසි අතුරුපලයකින්වත් නොකියා ඇය තුළ තිබූ මත්පැන් පානයට තිබූ අධික ලොල් බව හෙවත් බේබදු ආත්මය නිසා බව කීවොත් එය සත්යයකි.

"මට සිරෝසිස් මල්ලී... දැන් අවුරුදු හයක් විතර ක්ලිනික් එනවා, බෙහෙත් ගන්නවා, අරක්කු නිසා තමයි මේ ඔක්කොම" කියමින් ඇය ඇගේ කතාව සෘජුවම ආරම්භ කළ අතර මා ඇයව අඳුනාගෙන කතා කිරීම නිසා ස්තූති කරන්නටද අමතක නොකළාය. කොතරම් මුදල් ඇති ධනවත් අයෙකුව සිටියද එදත් ඇය ඉතාම නිහතමානී ගති ඇත්තියකි. නමුත් ඒ නිහතමානීකමට වඩා ඇය තුල තිබූ මතට ගිජු බව විසින් බාබරාව විනාස කර දමා තිබුණි. වැදගත් යයි සම්මත දෙමාපිය යුවලකට දාව අගනුවර උසස් යයි සලකන බාලිකා පාසලක උසස් පෙළ දක්වාම ඉගෙන ගෙන තිබූ ඇය දෙමාපිය වියෝවෙන් පසු උරුම ලද සුවිසල් මැදුර පවා අහිමිව අද ඉතා දුක්බර තත්ත්වයකට පත්ව වැඩිහිටි නිවාසයක කාලය ගත කරන්නේ ඇත්තටම වියපත් මහලු බවට පත් වූ නිසා නොව කාත් කවුරුත් නැති, යන්න එන්න නැති තත්ත්වයට පත් වී ඇති නිසාය. සිරෝසිස් හෙවත් අක්මාව ඉදිමෙන (අක්මා ප්රදාහය) රෝගයෙන් ඇය පෙළෙන්නේ වසර තිහකට ආසන්න කාලයක් එක දිගට මත්පැන් පානය කිරීම නිසාය. විස්කි බ්රැන්ඩි ජින් වොඩ්කා නැමැති නම්වලින් ඇමතෙන මත්පැනින් ඇරඹුනු ඇගේ බේබදු ගමන දෙවනුව ගල් පොල්වලට බැස අවසානයේ නතර වී ඇත්තේ පොලිතින් උරවලට මැන දෙන කසිප්පු පැකට් වලිනි. ගැලන්ට් කාර් අඩ නිරුවත් ඇඳුම් සාද සමාජ මහල් මන්දිර සියල්ල බාබරාගෙන් උඳුරාගත්තේ මත්පැන්වලට ඇති ගිජුකමයි.

"එදා අපිත් එක්ක හිටිය කෙල්ලො අද මහ ගෑනු වෙලා ඇති. උන් සමහර විට තාම බොනවත් ඇති. ඒ වගේම පොඩි කෙල්ලො තරුණ ගෑනු එහෙමත් ඉන්නව බොන අය. අනේ මල්ලි ඔයාගේ ලිපියෙන් කියන්න ඒ අයට මේ ගිනි වතුරවල තියෙන භයානක කම" කියා ඇය මගෙන් ඉතාම ගරු සරුව ඉල්ලා සිටියාය. බාබරා කී පරිදි නිවාසයේ ඉන්නා විට ඇයට කියවන්නට ලැබෙන එකම පුවත් පත අපගේ දිවයින ඉරිදා සංග්රහයයි. කාලය ගත කරනු වස් ඇය එහි ඇති අකුරක් අකුරක් නෑර කියවන බවත් විශේෂයෙන්ම සමාජ විමර්ශන ලිපිය කියවන්නේ එය ලියන්නේ මා බව කිසිසේත්ම නොදැන බවත් පැවසීය. එසේම එම ලිපියට ජීවමානව චිත්ර අඳින ජනක රත්නායක නිසා එයට ලැබෙන වටිනාකමත් ජනක යනු ඇගේ සිහින ලොව එදා සිට අද දක්වාම රජ කරන වීරයෙක් බවත් ඈ කියා සිටියේ මත් පැන්වලින් විනාස වුන සිරුරක් ඇතත් කලාව අගයන රසකාමියක්ද ඇය තුළ තවම සිටින බව පෙන්වමිනි.

මට හමු වූ බාබරා යනු මත්පැන් නිසා විනාසයට පත්වුණු තවත් එක් කාන්තාවක් පමණි. තවත් එවැනි චරිත අතරින් මගේ සිහියට එන්නේ පසුගිය වසර කීපය තුළ මට හමු වූ විවිධ අයුරින් අපටද උපකාර කරන්නට හැකි වූ එමෙන්ම අපට බොහෝ කරුණු සපයා සිටි පින්කි, චලා, ජීන්, ඩැෆ්නි, ටයිනි, චින්තී, ජැකී වැනි සමාජයේ උසස් තැන්වල හැසිරෙන අයත් කාන්ති, සීතා, දයානි, සුදු අක්කා වැනි ගැමි ලියන් මෙන්ම අඩු ආදායම් ලබන හිඟා කන සාත්තර කියන පාර්වදී ලක්ෂමි හින්නි දේවි, වල්ලිආච්චි, කදිරම්මා, කැතරින්, මාග්රට්, සුද්දී, පේමක්කා වැනි අයයි මේ. සියලුම දෙනාගේ පොදු ලක්ෂණය වන්නේ ඔවුන් සතුව පවතින මත්පැනට ඇති ගිජුකම සහ එනිසා පැන නැගී ඇති ගැටලු සමුදායන් පෙළයි. අප සමාජයේ සිටින බොහෝ දෙනෙක් සිතන්නේ මත්පැන්වලට මත්ද්රව්යවලට ඇබ්බැහිවී සිටින්නේ පිරිමින් පමණක් බවයි. මෙම විශේෂාංගය යටතේ අප මත්ද්රව්යවලට හුරුවී සිටින තරුණියන් ගැන කාන්තාවන් ගැන බොහෝ වර කතා කර ඇත්තෙමු. නමුත් මත්පැන් බොන්නියන් ගැන එතරම් ගැඹුරට කතා කර නැත. බාබරා මෙන් ඉහළ සමාජයේ වැජඹෙන්නට ආසා රාත්රී සාදවලට යන පිරිමින් සමග හරි හරියට ගැටී වීදුරු උඩට ඔසවා චියර්ස් කියමින් එකට හප්පන අමන ගැහැණු අපට අනන්තවත් හමු වී තිබේ. දුකට කරුණක් වන්නේද අද දකින්නට ලැබෙන බොන ගැහැණු අයගෙන් හරි හරියට අඩක් ම වගේ සිටින්නේ තරුණ කෙල්ලන් වීමයි. අප කීප වරක්ම ලියා ඇති පරිදි මෙම නව යොවුන් තරුණියන් අතරේ වැඩියෙන්ම දකින්නට ඉන්නේ නාගරිකව ජීවත්වන ජාත්යන්තර පාසල් යයි කියනු ලබන අධ්යාපන ආයතනවල ඉගෙන ගන්නා හෝ ඒවායේ උගත් කෙල්ලන් වීමයි. නගරාශ්රිතව දකින්නට ඇති රාත්රී සමාජ ශාලා කැරොකේ කැසිනෝ හෝ හෝටල්වලට ගොඩවී බැලුවහොත් එහි ඇති රවුං මේසවල වටේට වාඩිවී මධු විත තොලගාන හෝ තවත් එවැනිම අන්දමට බමන මතින් වැනෙන පෙම්වතෙකු හෝ සහකාරයෙක් සමග වෙලී පැටලී බඳ වටා අත් යවා ගෙන බාල් නැටුම් නටන හෝ යක්කුන් වැද්දන් මෙන් සන්නි නැටුම් දාන අඩ නිරුවත් ඇඳුම් ඇඳි මානවිකාවන් අනන්තවත් ඔබට දැක ගත හැකි වනු ඇත. මෙය ජාතියේ අවාසනාවකි. ශ්රී ලාංකික තරුණියන් මෙන්ම රුසියානු යුක්රේන් තායි චීන තරුණ කතුන්ද සැර මත් පැන් බොමින් විවිධ අන්දමේ කටයුතුවලට අනුයුක්ත වීමට මාන බලනු ඔබට දකින්නට හැක. විටින් විට අපට හමුවී ඇති පනහකට ආසන්න මත්පැන්ලෝලී කතුන් හා තරුණියන් ප්රකාශ කළ කරුණු සහ අප අධ්යයනය කර ලබා ගත් දැනුමට අනුව ඔවුන් මත්පැන්වලට යොමු වන්නේ මේ හේතුන් නිසාය.

ෆ සමකාලීනයන්ගේ බලපෑම එනම් පාසල් උත්සව නිවෙස්වල පාටි ක්රීඩා තරග රාත්රී සමාජ ශාලා කැරෝකේ වැනි තැන්වලදී මුණ ගැසෙන ඇසුරු කරන මිතුරියන්ගේ හෝ මිතුරන්ගේ බලපෑම හෝ ආරාධනය නිසා

* එවැනි තැන්වලදී දකින්නට ලැබෙන දේ අනුකරණය කරන්නට යැම නිසා.

* තමා එතැනදී කොන් වේ යයි සිතන නිසා.

* පෙම්වතාගේ හෝ සහකරුගේ බලපෑම නිසා.

* යමෙක් විසින් මුලින්ම රවටා ඇයට නොදන්නා ලෙස පොවා පසුව එයට හුරු වීම.

* රස බලන්නට හෝ කුමක් වෙන්නෙදැයි බලන්නට ඇති කුකුස හෝ ආසාව නිසා.

* දෙමාපියන්ගේ වැඩිහිටියන්ගෙන් හෝ පෙම්වතාගෙන් පලිගැනීමට හෝ අවධානය ලබා ගැනීමට.

* තම ගැටලුවලට උත්තරයක් හෝ සහනයක් ලැබෙතැයි යන දුර්මතය නිසා.

* ජීවිතය එපා වී කලකිරීම නිසා.

ඉහත කරුණු නිසා මත්පැනට හුරුවන්නේ සමාජයේ ධනවත් අය සහ උසස් යයි කියා ඔවුන්ම සිතන පැලැන්තියේ අය වෙති. නමුත් සාමාන්ය සමාජයේ ගැහැණුන් මත්පැන් බොන්නට යොමු වන්නේ බොහෝ විට තම සැමියාගේ බලපෑම හෝ ආරාධනය නිසා බව අපට දැන ගන්නට ලැබුණි. මේ වරක් අපට හමු වූ සුනන්දා අපට ඉතාම අසීරුවෙන් කියා හිටි කතාවයි.

"මගේ සැමියා හරි රාගාධිකයි. ඒ වගේම ආත්මාර්ථකාමීයි එයාට ඕනි මං හැමදාම රෑට අරක්කු බීල ඉන්නවට. එයා වීදුරුවක් බොනකොට මට දෙකක් බොන්න කියනව. අන්තිමට මං මහ බේබද්දියක් වුනා. දැන් මට මේක නවත්ත ගන්න බැහැ. ළමයි මාව ගනන් ගන්නෙ නැහැ." දිවයිනේ සුප්රසිද්ධ කාන්තා පාසලක උසස් පෙළ විෂයයන් උගන්වන ගුරුවරියක් සමග දුරකථනයෙන් කතා කර සහනයක් සපයන ලෙස වරක් මා වෙත පංගාර්තු කළේ මගේ හිතවත් පත්ර කලාවේදියෙකි. ඇය දැන් නිතර නිතර මට කතා කරන්නීය. ඉතාම කාරුණික කටහඬක් ඇති තවම හතලිස් අට වියේ සිටින මට ඇය අමතන්නේ පුතා කියාය. ඇගේ සැමියා විදෙශ රටක රැකියාව කරන අතර තවම පාසල් යන දියණියන් දෙදෙනෙක් ඇයට සිටී. මේ ඇගේ කතාවේ ඉතිරි කොටසයි.

"පුතා මගේ මහත්තයා රෑට ටිකක් බොනව. එයා රට ගියාට පස්සෙ මට හම්බ වුනා එයාගේ කාමරේ අල්මාරිය පිටිපස්සෙ තියල රට අරක්කු බෝතලයක්. මං වැඩිය හිතන් නැතිව එක දවසක් ටිකක් බිව්ව. බඩ පපුව දාලා ගියා. ඒත් ආයෙත් දවසක් බිව්ව මට හිතුන මට ඒක නින්ද යන්න හොඳ බේතක් කියල. ඒත් පස්සෙ තමයි තේරුනේ අල්ල ගත්තෙ කොටි වලිගයක් කියල. මට ජීවිතේ කිසි ප්රශ්නයක් තිබුණෙ නැති කෙනෙක්. ඒත් දැන් මේ බීම මට ප්රශ්නයක් වෙලා හැම සතියෙම මම දුවල දෙන්නට හොරෙන් සුපර් මාකට් එකෙන් බෝතලයක් ගෙනෙල්ල හංගන් තියාගෙන ටික ටික බොනව. දැන් නවත්තගන්න බැහැ. කාටවත් කියන්නවත් බැහැ. මං හරි බයෙකින් ජීවත් වෙන්නෙ."

ඊළඟට එන පාසල් නිවාඩු වාරය තුරු ඇය බලා සිටින්නේ අප විසින් දුන් උපදෙස් ක්රියාවට නගමින් කෙටි කාලයකට රෝහල්ගතව ඇය දැනට ලක්වී ඇති අසරණතාවයෙන් මිදෙනු පිණිසය. චරිතය අතින් වත් ආකල්ප අතින් වත් වෙන කිසිම වරදක් දකින්නට නැති මැයට මත්පැන් ලෝලත්වයෙන් ගැලවීමට උදව් කරනු පිනිස මා හිතවත් වෛද්යවරයෙක් ඉදිරිපත් වී සිටී.

මල්කි දයා නයනා සහ කුමාරි යනු මොන්ටිසෝරි යන දරුවන් සිටින තරුණ අම්මලා පිරිසකි. එවන් සමානකම් ඇති තවත් තරුණ අම්මලා රැසක්ම එතැන සිටී. මාව ඔවුන්ගේ සමාජයට වරක් රැගෙන ගියේ මා හිතවත් නිශාන්ති නම් මිතුරිය විසිනි. ඒ ඡායාරූප ටිකක් ලබා ගැනීමේ මුවාවෙනි. ඒ ගැහැණු කණ්ඩායම සතියේ සෑම සිකුරාදා දිනකම උදැසන එක නිවසකට රැස්වී බයිට් හදාගෙන සිංදු සීඩී අසමින් බියර් බොන්නට පුරුදු වී සිටිති. කාලයක් තිස්සේ අමද්යප දිවියක් ගෙවන මටද වදෙන් පොරෙන් මත්පැන් පොවන්නට එදා උන් ගත් උත්සාහයන් දැක මට ඇති වුණේ කලකිරීමක් සහ උන් ගැන දුකකි.

සළෙලුන් පිනවන ගණිකාවන් බොහෝ දෙනෙක් තම දවසේ අන්තිම පැය කීපය ගෙවා දමන්නේ මත්පැන් පානය කරමින් බව සමාජ කරුණු ගැන දන්නා අය දනී. බොහෝ විට ඒ සඳහා බරපැණ දරන්නට වන්නේ ඇය සොයා යන දවසේ අවසන් පාරිභෝගිකයාටය. හෝටල්වලට යන මධ්යම පන්තියේ ගණිකාවන්ගේ තත්ත්වය එසේ වෙද්දී වීදියේ හෝ අඳුරු පදික වේදිකාවල සිට ලිංගික සේවාදායකත්වයේ යෙදෙන පහත් පන්තියේ කාන්තාවන් තම ඇඟේ පතේ තෙහෙට්ටුව නිවා ගන්නට සිතා හෝ සේවාලාභියාගේ හිරිහැර ඉවසා දරාගන්නට යයි සිතා සොයා යන්නේ අඩු මිල අරක්කු වීදුරුවක් හෝ කසිප්පු පැකට්ටුවකි. අප කලින්ද කියා ඇති පරිදි වීදි මට්ටමේ අඩු මිල ගණිකාවන් අරක්කුවලට පමණක් නොව ගංජා, කුඩු වැනි ඇබ්බැහිකාරී විස මත්ද්රව්යයන්ටද හුරු වූ අය වෙති. නගරයෙන් ඈත වතුකරයේ හෝ පොල් මෝල්වල කොහුමෝල්වල වැඩ කරන කාන්තාවන් අතරේද මත්පැන් බොන ගැහැණුන් අනන්තවත් සිටී. විශේෂයෙන්ම තොටළඟ, වත්තල, ජා ඇළ, මීගමුව, හලාවත වැනි මුහුදුකරේ මෙවැනි අය බුරුතු පිටින් දකින්නට ඇත. ඒ අයගේ පානය කසිප්පුය, නැත්නම් පොල් රාය.

89-90 භීෂණය කාලයේ මා සිටි හලාවතට මෙහා කාක්කපල්ලියෙන් හැරී යන මැදගම පාරේ මාදම්පේ ප්රදේශය ප්රසිද්ධියක් උසුලන්නේ පොල් වතු සහ පොල් මෝල්වලටය. ඒ ආශ්රිත වතුවල ලැයිංවල සිටි කැතරින්, කදිරම්මා, මාරි ඇනා, ජසින්තා වැනි කාන්තාවන් හැමදාම හවසට හොඳට මත්වෙන්නට පොල් රා සහ කසිප්පු බී රබන් ගසමින් නටමින් සිංදු කියන්නට පුරුදුවී සිටියහ. දහදිය ගඳ හමන සුකුමාල සුරූපී නැති හැඩිදැඩි නිතරම බොඩියට උඩින් කඩමාළු රෙද්දකින් තනපටේ ගසාගෙන සිටින කිළිටි නූගත් ගැහැණුන් පිරිසක් වුවද ඔවුන් මගේ හොඳ මිතුරියන්ව සිටියාය. මා ඔවුන්ගේ ජෝගි බලන්නට හවසට ඉඳහිට එහි යන කල බැදපු සූඩෙක් ලුනු දාපු ගං ඌරු මස් කෑල්ලක් දැලි බැඳුනු පීරිසියක තබා තැම්බූ මයියොක්කා අලයක් සමග දෝතින්ම මට පිළිගන්වන්නේ සැබෑම ගරුත්වයකිනි. පසුගිය දිනෙක මා හලාවත සිප්පිකලානේ ප්රජා සේවා කටයුත්තකට ගොස් යළි එන ගමනේදී මගේ පැරණි දුප්පත් මිතුරු මිතුරියන් බලන්නට එකී වත්තට ගිය අවස්ථාවේදී දැන ගන්නට ලැබුනේ කැතරින්, මැගිලින් සහ කදිරම්මා යන තිදෙනාම අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇති බවයි. කැතරින් මළේ අරක්කු විස වීමෙනි. මැගිලින්ට ක්ෂය රෝගය සහ අක්මා රෝග එදා සිටම තිබුණි. කදිරම්මා බීමතින් රාත්රියේ කටයුත්තකට කැලේට ගිය කල්හි පොළෙගෙකු විසින් දෂ්ට කර ඇත.

පාරේ නිදාගන්නා යාචක ස්ත්රීන්ද සාත්තර කියන හිඟාකන අහිගුණ්ඨික ගැහැණුන්ද බහුතරයක් කසිප්පු බොන්නට හුරුවී සිටී. ඔවුන් හවසට රංචු ගැසී තම කුප්පායම්වල මත් පැන් බොති. තුන් දරු මවක වන පාර්වදීගේ බාල කොල්ලා තවමත් කිරි උරන වයසේය. ඔහු කිරිබොන්නේ තම මව වන පාර්වදී හොඳින් කසිප්පුවලින් පදම් වූ පසු පමණක් බව මට කීවේ අහිගුණ්ඨික රැල වාඩි ගසා සිටින හිස් වත්තේ හරක් බඳින සෝමසිරිය. ඔහු ඉඳ හිට එම කුප්පායම පැත්තේ රිංගන්නේ අහිගුණ්ඨිකයෙක් සමග එකතුව ගංජා උගුරක් දෙකක් අදින්නටත් සුළු ගානක් ගෙවා ඒ පැලක වෙසෙන කසිප්පුකාරියක සමග එකතුව තුන් වන සිල්පදය කඩා දැමීමටත් බව අපට සිතා ගත හැක. අරක්කු බොන ගැහැණුන් ගැන අප කතා කළ යුතුය. අපට වඩා කාන්තා සංගම් මේ ගැන උනන්දු විය යුතුය. අඩු ආදායම් ලබන හෝ පහත් තලයේ සිටින ගැහැණු කසිප්පු බොන්නේ කුමක් හෝ රැකියාවක් කිරීමෙනි. එනම් තේ දළු නෙලීම, මෝල් වල වැඩ, පාර අතු ගෑම, කොන්ක්රීට් දැමීම, මාළු විකිණීම වැනි රස්සාවල්ය. කුමන හෝ ආකාරයෙන් ඔවුන් තම ශ්රමය ජාතික ප්රාග්ධනය සඳහා දායක කරයි. එම නිසා යමක් කමක් ඇති නෝනා මහත්වරු රාත්රී සමාජ ශාලාවලට ගොස් මහත්වරුන්ගේ කසන සල්ලි වැය කර මත්පැන් බොනවා සේම අහිංසක ගැහැණුන් දුක්විඳ උපයන මුදල් අරක්කු වලට නාස්ති කිරීමද නැවැත්විය යුතුය. එමෙන්ම ඒ ජීවිත ගලවා යහමගට ගැනීමට මුල් තැන ගෙන ක්රියා කළ යුත්තේ කාන්තා විමුක්තිය, මානව හිමිකම් ගැන කෑමොර දෙන කාන්තාවන් විසින්මය.

[/FONT][FONT=&quot]

මිත්ර ශ්රී කරුණානායක[/FONT]

[QUOTE="Dr.Amdan, post: 22000727, member: 549909"] [SIZE=5][COLOR=#000080][FONT="]සුරාවට පෙම් බැඳ නුරාවෙන් දිවි ගෙවන "සිරෝසීස් අක්කලාගේ" කතාව [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=#000000][FONT="] මා බාබරාව දුටුවේ හරියටම වසර විසි දෙකකට පසුව බව කීවොත් නිවැරදිය. ඇගේ කතාව මුළු ලෝකයටම කියන ලෙස ඈ මට ආයාචනය කර සිටි නිසාත් ඒ කතාව තුළින් අද සමාජයේ සිටින අයට විශේෂයෙන්ම කාන්තාවන්ට බොහෝ පාඩම් උගත හැකි වන නිසාත් මෙසේ අද බාබරාගේ කතාව ඔබ හමුවේ තබමින් සමාජ විමර්ශන ලිපිය ආරම්භ කරමි. මා 87 වසරේ එවකට ඔබරෝයි නමින් තිබූ තරු පහේ හෝටලයක හෝටල් කළමනාකරණය පිළිබඳ පාඨමාලාවක් හදාරමින් සිටියෙමි. ඒ යටතේ අපට ප්රායෝගිකව වැඩ කරමින් ඉගෙන ගන්නට තිබූ දේවල් බොහෝ විය. කළමනාකරුගේ වායු සමනය කළ කාමරයේ පුටුවක වාඩිවී වැඩසටහන් සැලසුම් කිරීම ඉගෙන ගැනීමේ සිට කාමර පාලනය, පිළිවෙළට කැරට් බීට් තක්කාලි කැපීම, පිඟන් සේදීම, පිළිගැනීමේ මේසයේ වාඩිවී සිටීම සහ වැසිකිලි සේදීම දක්වා හැම අධ්යයන කටයුත්තක්ම එයට අඩංගුව තිබුනි. එකල නව යොවුන් තරුණයන්ව සිටි අප වැඩිපුරම ඇළුම් කළේ පමාවූ සවස් කාලයේ සිට යක්කු ගස් නගින රෑ මැදියම දක්වා පැවැත්වෙන කොක්ටේල් පාටිවල ඩිනර් ඩාන්ස්වල නිරුවත් නාටිකාංගනාවන්ගේ කැබරේ නැටුම් සහිත අඩ අඳුරු සාද පවත්වන ප්රධාන ශාලාවේ සේවය කිරීමය. අද වේටර්වරයෙක් ගේ කාර්ය භාරය පැවරෙන අපට හෙට ලැබෙන්නේ පිළිගැනීමේ නිලධාරියාගේ වගකීමයි. යළිත් අනිද්දා බස්බෝයි හෙවත් ඉඳුල් පිඟන් කෝප්ප අදින රාජකාරිය පැවරේ. සමහරවිට සහය භෝජනාගාර කළමනාකරුගේ චරිතයටද පණ පොවන්නට සිදුවෙයි. මෙවැනි අවස්ථාවලදී එම හෝටලයේ අප නිතර නිතර දකින පුරුද්දට මෙන් සැමදා මෙහි එන චරිත කීපයක්ම මට මතකය. ඔවුන් අප සමහරෙක් අප සමග ඉතාම හිතවත්ව සිටියෝය. අප කලින් කී බාබරා හෙවත් මිස් බාබරා ඉන් එකියකි. මෑතකදී ඇයව මට රජයේ රෝහලක කොරිඩෝවක අහම්බෙන් හමුවන විට හිතාගන්නට අමාරු ලෙස ඉතා කෙට්ටු වී සායම් ගිය සායකින් හා චාම් හැට්ටයකින් සැරසී අසරන ලීලාවෙන් සිටියද එදා ඇය විසේකාර බඹරියක් නොහොත් ගිනි කිකිලියක් එසේත් නැත්නම් දකින ඕනෑම අයෙකුගේ ඇස් උඩ ඉන්දවන රුවැත්තියක්ව උන්නාය. උකුළ ලැම හස මළවි කරලිය මුවා නොකරන දුහුල් සළු තිරෙන් සැරසී සරාගි පෙනුමක් දිස් වුනද මිස් බාබරා යනු අනවශ්ය සබඳතා පවත්වන අයාලේ යන අනාචාර ස්ත්රියක් හෝ වානිජමය ලිංගික ශ්රමිකාවියක්ව නොසිටි බව අපි සියලු දෙනා හොඳින්ම දැන සිටියෙමු. නමුත් ඇය ඉතා අධික ලෙස මත්පැන් පානයට ලොල්ව එහි ඇලී ගැලී සිටි බව නම් අපට මෙන්ම සාද සමාජයේ සහ සැඳෑ සංස්කෘතියේ සැරිසරන්නන් අතරත් ප්රසිද්ධ කරුණකි. තනියම එන බාබරා රෑ දෙගොඩ හරියේ නැවත හෝටලයෙන් පිටව යන්නේත් තනියමය. කොතරම් මත් වෙන්නට බීවත් ඇයට ඇගේ ගැලන්ට් සැලූන් කාරය තනිවම ආම්බාන් කරගන්නට හැකියාව තිබුනි. නමුත් සාද ශාලාවේ සිට රිය ගාලේ නවතා ඇති ඇගේ මෝටර් රථය වෙත ඇයව වත්තන් කරගෙන යාමට සිදුවන්නේ නම් අපේ වේටර් කොල්ලෙකුටය. මෙසේ එම "වත්තන් සේවය" ලබා දීම සඳහා වේටර් කොල්ලන් පමණක් නොව තරුණ වැඩිහිටි වයස්වල කැප්ටන්ලා, සුපවයිසර්ලා, ඩෝමන්ලා, බෙල්බෝයිලා මෙන්ම මැනේජර්ලා පවා වලිකන්නේ බාබරාගෙන් ලැබෙන රුපියල් පනහේ ටිප් එක නිසාම නොවේ (එකල රුපියල් පනහක් යනු හොඳ ගානකි) ඇගේ සුමුදු සිරුරේ පහස ලබමින් බඳ වටා අතක් යවමින් ඇඟට ඇලී ගැලී යාර දෙතුන් සීයක් ඇවිද යන්නට ලැබෙන දුර්ලභ අවස්ථාව නිසා බවටද එකල අප අතර රාවයක් තිබුනි. එදා එසේ සිටි බාබරා අද හුඹහෙන් එළියට ඇද ගත් තලගොයකු මෙන් දිස්වෙන්නේ සමාජයේ වරදින්වත් දෙමාපිය ආභාසයෙන්වත් විවෘත ආර්ථිකයේ නොනිසි අතුරුපලයකින්වත් නොකියා ඇය තුළ තිබූ මත්පැන් පානයට තිබූ අධික ලොල් බව හෙවත් බේබදු ආත්මය නිසා බව කීවොත් එය සත්යයකි. "මට සිරෝසිස් මල්ලී... දැන් අවුරුදු හයක් විතර ක්ලිනික් එනවා, බෙහෙත් ගන්නවා, අරක්කු නිසා තමයි මේ ඔක්කොම" කියමින් ඇය ඇගේ කතාව සෘජුවම ආරම්භ කළ අතර මා ඇයව අඳුනාගෙන කතා කිරීම නිසා ස්තූති කරන්නටද අමතක නොකළාය. කොතරම් මුදල් ඇති ධනවත් අයෙකුව සිටියද එදත් ඇය ඉතාම නිහතමානී ගති ඇත්තියකි. නමුත් ඒ නිහතමානීකමට වඩා ඇය තුල තිබූ මතට ගිජු බව විසින් බාබරාව විනාස කර දමා තිබුණි. වැදගත් යයි සම්මත දෙමාපිය යුවලකට දාව අගනුවර උසස් යයි සලකන බාලිකා පාසලක උසස් පෙළ දක්වාම ඉගෙන ගෙන තිබූ ඇය දෙමාපිය වියෝවෙන් පසු උරුම ලද සුවිසල් මැදුර පවා අහිමිව අද ඉතා දුක්බර තත්ත්වයකට පත්ව වැඩිහිටි නිවාසයක කාලය ගත කරන්නේ ඇත්තටම වියපත් මහලු බවට පත් වූ නිසා නොව කාත් කවුරුත් නැති, යන්න එන්න නැති තත්ත්වයට පත් වී ඇති නිසාය. සිරෝසිස් හෙවත් අක්මාව ඉදිමෙන (අක්මා ප්රදාහය) රෝගයෙන් ඇය පෙළෙන්නේ වසර තිහකට ආසන්න කාලයක් එක දිගට මත්පැන් පානය කිරීම නිසාය. විස්කි බ්රැන්ඩි ජින් වොඩ්කා නැමැති නම්වලින් ඇමතෙන මත්පැනින් ඇරඹුනු ඇගේ බේබදු ගමන දෙවනුව ගල් පොල්වලට බැස අවසානයේ නතර වී ඇත්තේ පොලිතින් උරවලට මැන දෙන කසිප්පු පැකට් වලිනි. ගැලන්ට් කාර් අඩ නිරුවත් ඇඳුම් සාද සමාජ මහල් මන්දිර සියල්ල බාබරාගෙන් උඳුරාගත්තේ මත්පැන්වලට ඇති ගිජුකමයි. "එදා අපිත් එක්ක හිටිය කෙල්ලො අද මහ ගෑනු වෙලා ඇති. උන් සමහර විට තාම බොනවත් ඇති. ඒ වගේම පොඩි කෙල්ලො තරුණ ගෑනු එහෙමත් ඉන්නව බොන අය. අනේ මල්ලි ඔයාගේ ලිපියෙන් කියන්න ඒ අයට මේ ගිනි වතුරවල තියෙන භයානක කම" කියා ඇය මගෙන් ඉතාම ගරු සරුව ඉල්ලා සිටියාය. බාබරා කී පරිදි නිවාසයේ ඉන්නා විට ඇයට කියවන්නට ලැබෙන එකම පුවත් පත අපගේ දිවයින ඉරිදා සංග්රහයයි. කාලය ගත කරනු වස් ඇය එහි ඇති අකුරක් අකුරක් නෑර කියවන බවත් විශේෂයෙන්ම සමාජ විමර්ශන ලිපිය කියවන්නේ එය ලියන්නේ මා බව කිසිසේත්ම නොදැන බවත් පැවසීය. එසේම එම ලිපියට ජීවමානව චිත්ර අඳින ජනක රත්නායක නිසා එයට ලැබෙන වටිනාකමත් ජනක යනු ඇගේ සිහින ලොව එදා සිට අද දක්වාම රජ කරන වීරයෙක් බවත් ඈ කියා සිටියේ මත් පැන්වලින් විනාස වුන සිරුරක් ඇතත් කලාව අගයන රසකාමියක්ද ඇය තුළ තවම සිටින බව පෙන්වමිනි. මට හමු වූ බාබරා යනු මත්පැන් නිසා විනාසයට පත්වුණු තවත් එක් කාන්තාවක් පමණි. තවත් එවැනි චරිත අතරින් මගේ සිහියට එන්නේ පසුගිය වසර කීපය තුළ මට හමු වූ විවිධ අයුරින් අපටද උපකාර කරන්නට හැකි වූ එමෙන්ම අපට බොහෝ කරුණු සපයා සිටි පින්කි, චලා, ජීන්, ඩැෆ්නි, ටයිනි, චින්තී, ජැකී වැනි සමාජයේ උසස් තැන්වල හැසිරෙන අයත් කාන්ති, සීතා, දයානි, සුදු අක්කා වැනි ගැමි ලියන් මෙන්ම අඩු ආදායම් ලබන හිඟා කන සාත්තර කියන පාර්වදී ලක්ෂමි හින්නි දේවි, වල්ලිආච්චි, කදිරම්මා, කැතරින්, මාග්රට්, සුද්දී, පේමක්කා වැනි අයයි මේ. සියලුම දෙනාගේ පොදු ලක්ෂණය වන්නේ ඔවුන් සතුව පවතින මත්පැනට ඇති ගිජුකම සහ එනිසා පැන නැගී ඇති ගැටලු සමුදායන් පෙළයි. අප සමාජයේ සිටින බොහෝ දෙනෙක් සිතන්නේ මත්පැන්වලට මත්ද්රව්යවලට ඇබ්බැහිවී සිටින්නේ පිරිමින් පමණක් බවයි. මෙම විශේෂාංගය යටතේ අප මත්ද්රව්යවලට හුරුවී සිටින තරුණියන් ගැන කාන්තාවන් ගැන බොහෝ වර කතා කර ඇත්තෙමු. නමුත් මත්පැන් බොන්නියන් ගැන එතරම් ගැඹුරට කතා කර නැත. බාබරා මෙන් ඉහළ සමාජයේ වැජඹෙන්නට ආසා රාත්රී සාදවලට යන පිරිමින් සමග හරි හරියට ගැටී වීදුරු උඩට ඔසවා චියර්ස් කියමින් එකට හප්පන අමන ගැහැණු අපට අනන්තවත් හමු වී තිබේ. දුකට කරුණක් වන්නේද අද දකින්නට ලැබෙන බොන ගැහැණු අයගෙන් හරි හරියට අඩක් ම වගේ සිටින්නේ තරුණ කෙල්ලන් වීමයි. අප කීප වරක්ම ලියා ඇති පරිදි මෙම නව යොවුන් තරුණියන් අතරේ වැඩියෙන්ම දකින්නට ඉන්නේ නාගරිකව ජීවත්වන ජාත්යන්තර පාසල් යයි කියනු ලබන අධ්යාපන ආයතනවල ඉගෙන ගන්නා හෝ ඒවායේ උගත් කෙල්ලන් වීමයි. නගරාශ්රිතව දකින්නට ඇති රාත්රී සමාජ ශාලා කැරොකේ කැසිනෝ හෝ හෝටල්වලට ගොඩවී බැලුවහොත් එහි ඇති රවුං මේසවල වටේට වාඩිවී මධු විත තොලගාන හෝ තවත් එවැනිම අන්දමට බමන මතින් වැනෙන පෙම්වතෙකු හෝ සහකාරයෙක් සමග වෙලී පැටලී බඳ වටා අත් යවා ගෙන බාල් නැටුම් නටන හෝ යක්කුන් වැද්දන් මෙන් සන්නි නැටුම් දාන අඩ නිරුවත් ඇඳුම් ඇඳි මානවිකාවන් අනන්තවත් ඔබට දැක ගත හැකි වනු ඇත. මෙය ජාතියේ අවාසනාවකි. ශ්රී ලාංකික තරුණියන් මෙන්ම රුසියානු යුක්රේන් තායි චීන තරුණ කතුන්ද සැර මත් පැන් බොමින් විවිධ අන්දමේ කටයුතුවලට අනුයුක්ත වීමට මාන බලනු ඔබට දකින්නට හැක. විටින් විට අපට හමුවී ඇති පනහකට ආසන්න මත්පැන්ලෝලී කතුන් හා තරුණියන් ප්රකාශ කළ කරුණු සහ අප අධ්යයනය කර ලබා ගත් දැනුමට අනුව ඔවුන් මත්පැන්වලට යොමු වන්නේ මේ හේතුන් නිසාය. ෆ සමකාලීනයන්ගේ බලපෑම එනම් පාසල් උත්සව නිවෙස්වල පාටි ක්රීඩා තරග රාත්රී සමාජ ශාලා කැරෝකේ වැනි තැන්වලදී මුණ ගැසෙන ඇසුරු කරන මිතුරියන්ගේ හෝ මිතුරන්ගේ බලපෑම හෝ ආරාධනය නිසා * එවැනි තැන්වලදී දකින්නට ලැබෙන දේ අනුකරණය කරන්නට යැම නිසා. * තමා එතැනදී කොන් වේ යයි සිතන නිසා. * පෙම්වතාගේ හෝ සහකරුගේ බලපෑම නිසා. * යමෙක් විසින් මුලින්ම රවටා ඇයට නොදන්නා ලෙස පොවා පසුව එයට හුරු වීම. * රස බලන්නට හෝ කුමක් වෙන්නෙදැයි බලන්නට ඇති කුකුස හෝ ආසාව නිසා. * දෙමාපියන්ගේ වැඩිහිටියන්ගෙන් හෝ පෙම්වතාගෙන් පලිගැනීමට හෝ අවධානය ලබා ගැනීමට. * තම ගැටලුවලට උත්තරයක් හෝ සහනයක් ලැබෙතැයි යන දුර්මතය නිසා. * ජීවිතය එපා වී කලකිරීම නිසා. ඉහත කරුණු නිසා මත්පැනට හුරුවන්නේ සමාජයේ ධනවත් අය සහ උසස් යයි කියා ඔවුන්ම සිතන පැලැන්තියේ අය වෙති. නමුත් සාමාන්ය සමාජයේ ගැහැණුන් මත්පැන් බොන්නට යොමු වන්නේ බොහෝ විට තම සැමියාගේ බලපෑම හෝ ආරාධනය නිසා බව අපට දැන ගන්නට ලැබුණි. මේ වරක් අපට හමු වූ සුනන්දා අපට ඉතාම අසීරුවෙන් කියා හිටි කතාවයි. "මගේ සැමියා හරි රාගාධිකයි. ඒ වගේම ආත්මාර්ථකාමීයි එයාට ඕනි මං හැමදාම රෑට අරක්කු බීල ඉන්නවට. එයා වීදුරුවක් බොනකොට මට දෙකක් බොන්න කියනව. අන්තිමට මං මහ බේබද්දියක් වුනා. දැන් මට මේක නවත්ත ගන්න බැහැ. ළමයි මාව ගනන් ගන්නෙ නැහැ." දිවයිනේ සුප්රසිද්ධ කාන්තා පාසලක උසස් පෙළ විෂයයන් උගන්වන ගුරුවරියක් සමග දුරකථනයෙන් කතා කර සහනයක් සපයන ලෙස වරක් මා වෙත පංගාර්තු කළේ මගේ හිතවත් පත්ර කලාවේදියෙකි. ඇය දැන් නිතර නිතර මට කතා කරන්නීය. ඉතාම කාරුණික කටහඬක් ඇති තවම හතලිස් අට වියේ සිටින මට ඇය අමතන්නේ පුතා කියාය. ඇගේ සැමියා විදෙශ රටක රැකියාව කරන අතර තවම පාසල් යන දියණියන් දෙදෙනෙක් ඇයට සිටී. මේ ඇගේ කතාවේ ඉතිරි කොටසයි. "පුතා මගේ මහත්තයා රෑට ටිකක් බොනව. එයා රට ගියාට පස්සෙ මට හම්බ වුනා එයාගේ කාමරේ අල්මාරිය පිටිපස්සෙ තියල රට අරක්කු බෝතලයක්. මං වැඩිය හිතන් නැතිව එක දවසක් ටිකක් බිව්ව. බඩ පපුව දාලා ගියා. ඒත් ආයෙත් දවසක් බිව්ව මට හිතුන මට ඒක නින්ද යන්න හොඳ බේතක් කියල. ඒත් පස්සෙ තමයි තේරුනේ අල්ල ගත්තෙ කොටි වලිගයක් කියල. මට ජීවිතේ කිසි ප්රශ්නයක් තිබුණෙ නැති කෙනෙක්. ඒත් දැන් මේ බීම මට ප්රශ්නයක් වෙලා හැම සතියෙම මම දුවල දෙන්නට හොරෙන් සුපර් මාකට් එකෙන් බෝතලයක් ගෙනෙල්ල හංගන් තියාගෙන ටික ටික බොනව. දැන් නවත්තගන්න බැහැ. කාටවත් කියන්නවත් බැහැ. මං හරි බයෙකින් ජීවත් වෙන්නෙ." ඊළඟට එන පාසල් නිවාඩු වාරය තුරු ඇය බලා සිටින්නේ අප විසින් දුන් උපදෙස් ක්රියාවට නගමින් කෙටි කාලයකට රෝහල්ගතව ඇය දැනට ලක්වී ඇති අසරණතාවයෙන් මිදෙනු පිණිසය. චරිතය අතින් වත් ආකල්ප අතින් වත් වෙන කිසිම වරදක් දකින්නට නැති මැයට මත්පැන් ලෝලත්වයෙන් ගැලවීමට උදව් කරනු පිනිස මා හිතවත් වෛද්යවරයෙක් ඉදිරිපත් වී සිටී. මල්කි දයා නයනා සහ කුමාරි යනු මොන්ටිසෝරි යන දරුවන් සිටින තරුණ අම්මලා පිරිසකි. එවන් සමානකම් ඇති තවත් තරුණ අම්මලා රැසක්ම එතැන සිටී. මාව ඔවුන්ගේ සමාජයට වරක් රැගෙන ගියේ මා හිතවත් නිශාන්ති නම් මිතුරිය විසිනි. ඒ ඡායාරූප ටිකක් ලබා ගැනීමේ මුවාවෙනි. ඒ ගැහැණු කණ්ඩායම සතියේ සෑම සිකුරාදා දිනකම උදැසන එක නිවසකට රැස්වී බයිට් හදාගෙන සිංදු සීඩී අසමින් බියර් බොන්නට පුරුදු වී සිටිති. කාලයක් තිස්සේ අමද්යප දිවියක් ගෙවන මටද වදෙන් පොරෙන් මත්පැන් පොවන්නට එදා උන් ගත් උත්සාහයන් දැක මට ඇති වුණේ කලකිරීමක් සහ උන් ගැන දුකකි. සළෙලුන් පිනවන ගණිකාවන් බොහෝ දෙනෙක් තම දවසේ අන්තිම පැය කීපය ගෙවා දමන්නේ මත්පැන් පානය කරමින් බව සමාජ කරුණු ගැන දන්නා අය දනී. බොහෝ විට ඒ සඳහා බරපැණ දරන්නට වන්නේ ඇය සොයා යන දවසේ අවසන් පාරිභෝගිකයාටය. හෝටල්වලට යන මධ්යම පන්තියේ ගණිකාවන්ගේ තත්ත්වය එසේ වෙද්දී වීදියේ හෝ අඳුරු පදික වේදිකාවල සිට ලිංගික සේවාදායකත්වයේ යෙදෙන පහත් පන්තියේ කාන්තාවන් තම ඇඟේ පතේ තෙහෙට්ටුව නිවා ගන්නට සිතා හෝ සේවාලාභියාගේ හිරිහැර ඉවසා දරාගන්නට යයි සිතා සොයා යන්නේ අඩු මිල අරක්කු වීදුරුවක් හෝ කසිප්පු පැකට්ටුවකි. අප කලින්ද කියා ඇති පරිදි වීදි මට්ටමේ අඩු මිල ගණිකාවන් අරක්කුවලට පමණක් නොව ගංජා, කුඩු වැනි ඇබ්බැහිකාරී විස මත්ද්රව්යයන්ටද හුරු වූ අය වෙති. නගරයෙන් ඈත වතුකරයේ හෝ පොල් මෝල්වල කොහුමෝල්වල වැඩ කරන කාන්තාවන් අතරේද මත්පැන් බොන ගැහැණුන් අනන්තවත් සිටී. විශේෂයෙන්ම තොටළඟ, වත්තල, ජා ඇළ, මීගමුව, හලාවත වැනි මුහුදුකරේ මෙවැනි අය බුරුතු පිටින් දකින්නට ඇත. ඒ අයගේ පානය කසිප්පුය, නැත්නම් පොල් රාය. 89-90 භීෂණය කාලයේ මා සිටි හලාවතට මෙහා කාක්කපල්ලියෙන් හැරී යන මැදගම පාරේ මාදම්පේ ප්රදේශය ප්රසිද්ධියක් උසුලන්නේ පොල් වතු සහ පොල් මෝල්වලටය. ඒ ආශ්රිත වතුවල ලැයිංවල සිටි කැතරින්, කදිරම්මා, මාරි ඇනා, ජසින්තා වැනි කාන්තාවන් හැමදාම හවසට හොඳට මත්වෙන්නට පොල් රා සහ කසිප්පු බී රබන් ගසමින් නටමින් සිංදු කියන්නට පුරුදුවී සිටියහ. දහදිය ගඳ හමන සුකුමාල සුරූපී නැති හැඩිදැඩි නිතරම බොඩියට උඩින් කඩමාළු රෙද්දකින් තනපටේ ගසාගෙන සිටින කිළිටි නූගත් ගැහැණුන් පිරිසක් වුවද ඔවුන් මගේ හොඳ මිතුරියන්ව සිටියාය. මා ඔවුන්ගේ ජෝගි බලන්නට හවසට ඉඳහිට එහි යන කල බැදපු සූඩෙක් ලුනු දාපු ගං ඌරු මස් කෑල්ලක් දැලි බැඳුනු පීරිසියක තබා තැම්බූ මයියොක්කා අලයක් සමග දෝතින්ම මට පිළිගන්වන්නේ සැබෑම ගරුත්වයකිනි. පසුගිය දිනෙක මා හලාවත සිප්පිකලානේ ප්රජා සේවා කටයුත්තකට ගොස් යළි එන ගමනේදී මගේ පැරණි දුප්පත් මිතුරු මිතුරියන් බලන්නට එකී වත්තට ගිය අවස්ථාවේදී දැන ගන්නට ලැබුනේ කැතරින්, මැගිලින් සහ කදිරම්මා යන තිදෙනාම අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇති බවයි. කැතරින් මළේ අරක්කු විස වීමෙනි. මැගිලින්ට ක්ෂය රෝගය සහ අක්මා රෝග එදා සිටම තිබුණි. කදිරම්මා බීමතින් රාත්රියේ කටයුත්තකට කැලේට ගිය කල්හි පොළෙගෙකු විසින් දෂ්ට කර ඇත. පාරේ නිදාගන්නා යාචක ස්ත්රීන්ද සාත්තර කියන හිඟාකන අහිගුණ්ඨික ගැහැණුන්ද බහුතරයක් කසිප්පු බොන්නට හුරුවී සිටී. ඔවුන් හවසට රංචු ගැසී තම කුප්පායම්වල මත් පැන් බොති. තුන් දරු මවක වන පාර්වදීගේ බාල කොල්ලා තවමත් කිරි උරන වයසේය. ඔහු කිරිබොන්නේ තම මව වන පාර්වදී හොඳින් කසිප්පුවලින් පදම් වූ පසු පමණක් බව මට කීවේ අහිගුණ්ඨික රැල වාඩි ගසා සිටින හිස් වත්තේ හරක් බඳින සෝමසිරිය. ඔහු ඉඳ හිට එම කුප්පායම පැත්තේ රිංගන්නේ අහිගුණ්ඨිකයෙක් සමග එකතුව ගංජා උගුරක් දෙකක් අදින්නටත් සුළු ගානක් ගෙවා ඒ පැලක වෙසෙන කසිප්පුකාරියක සමග එකතුව තුන් වන සිල්පදය කඩා දැමීමටත් බව අපට සිතා ගත හැක. අරක්කු බොන ගැහැණුන් ගැන අප කතා කළ යුතුය. අපට වඩා කාන්තා සංගම් මේ ගැන උනන්දු විය යුතුය. අඩු ආදායම් ලබන හෝ පහත් තලයේ සිටින ගැහැණු කසිප්පු බොන්නේ කුමක් හෝ රැකියාවක් කිරීමෙනි. එනම් තේ දළු නෙලීම, මෝල් වල වැඩ, පාර අතු ගෑම, කොන්ක්රීට් දැමීම, මාළු විකිණීම වැනි රස්සාවල්ය. කුමන හෝ ආකාරයෙන් ඔවුන් තම ශ්රමය ජාතික ප්රාග්ධනය සඳහා දායක කරයි. එම නිසා යමක් කමක් ඇති නෝනා මහත්වරු රාත්රී සමාජ ශාලාවලට ගොස් මහත්වරුන්ගේ කසන සල්ලි වැය කර මත්පැන් බොනවා සේම අහිංසක ගැහැණුන් දුක්විඳ උපයන මුදල් අරක්කු වලට නාස්ති කිරීමද නැවැත්විය යුතුය. එමෙන්ම ඒ ජීවිත ගලවා යහමගට ගැනීමට මුල් තැන ගෙන ක්රියා කළ යුත්තේ කාන්තා විමුක්තිය, මානව හිමිකම් ගැන කෑමොර දෙන කාන්තාවන් විසින්මය. [/FONT][/COLOR][/SIZE][SIZE=2][COLOR=#000000][FONT="] මිත්ර ශ්රී කරුණානායක[/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom