Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
--කුප්ප ත්‍රෙඩ් එක--
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]සම්බාහන කාමරේ ගින්දර කන සුන්දරී!

මිත්‍ර ශ්‍රී කරුණානායක[/FONT]

[FONT=&quot]ශරීරයේ සමහර අවයව මිරීකීමෙන් කරන වෙදකමට සම්භාහනය කියා කියන බව මහාචාර්ය ගුණපාල මලලසේකරයන් අපට තම ශබ්දකෝෂයෙන් පැහැදිලි කර ඇත. ඉංග්‍රීසියෙන් එයට කියන්නේ මසාජ්ජ් (massage) බවද අපි දනිමු. මසාජ් හෙවත් අවයව මිරීකීමෙන් වෙදකම කරන්නා සම්බාහකයායි. එහි ස්ත්‍රී ලිංග පදය සම්බාහිකාවයි. (masseur and masseuse)) අද අප සමාජයේ සමහරු මෙයට තවත් ගෞරවයක් එකතු කරමින් තෙරපිස්ට් එයෑර්චයසිඑ කියා ආමන්ත්‍රණය කරන්නට පුරුදු වී සිටී නමුත් එවන් වචනයක් පිරිසිදු ඉංග්‍රීසි භාෂාවේ නම් නැත.

මසාජ් යන නම කී පමණින් බොහෝ දෙනෙකුගේ මනසට එන්නේ නිරුවත් අයෙකුව මුනින් අතට හරවා ඇඳක හෝ මෙට්ටයක දිගා කර ඇඟ පිරිමදින සුරුපි තරුනියකගේ රුව නොවේ නම් මා මේ පිළිබඳව කළ විමර්ශනය අසාර්ථක බව මා සිතා ගත යුතුය.

මසාජ් පවුල් සංස්ථාවේ අලුත උපන් බාල සහෝදරිය ස්පා (SPA) යෑයි කීවොත් මා නිවැරදි යයි මම සිතමි. ස්පා යන්නෙහි වත්මන් අර්ථය ඖෂධ හෝ ලෝහ මුසු වතුර උල්පතයි. නමුත් ස්පා යන වචනයේ මූලාශ්රයන් ගැන ගැඹුරින් සොයා යද්දි අපට හමුවන්නේ එය බෙල්ජියමේ ස්පා නම් නගරය පසුබිම් කරගෙන ඉපිද ඇති බවයි. ජලයෙන් ලැබෙන සෞඛ්‍යය (හෙල්ත් තෲ වෝටර් health through water) යන අර්ථය දෙන ලතින් කියමනක් වන Salus Per AQuam යන පද තුනේ මුල් අකුරු තුනින් SPA යන්න හැදී ඇති බවටද මතයක් ඇත.

කෙසේ වෙතත් ආසියාවේ ඇතුළු අප රටේ ක්‍රියාත්මක වන ස්පා සහ මසාජ් ක්ලිනික් අතර ඇත්තේ ඉතා සුළු වෙනක් වුවද ඇත්ත වශයෙන්ම ස්පා යනු සම්පූර්ණ ලෙස ජලයේ ගිල්වා කරනු ලබන ශරීර සුවතා ක්‍රියාවලියකි. මල් පියළි ශාක සාර තුරු පොතු සුවඳ ලාටු තෙල් වර්ග පලතුරු යුෂ මී පැණි කිරි රත්රන් රිදී වැනි දෑ මුසු කළ ජලයෙහි ගිළීමෙන් කරන ප්‍රතිකර්ම වලින් හමේ පැහැය ලස්සන වන බව පුරාණයේ සිටම ජනයා විශ්වාස කළහ. අපේ පුරාණ රජ දරුවන් කුමාරියන් බිසෝවරුන් අන්තඃපුර ස්ත්‍රීන් රිසි සේ ස්පා ඔරු වල බැස තම රූ සපුව තවත් ලස්සන කර ගන්නට ඇති බව අපගේ මනසේ නිතර ඇඳ තබන්නේ සමහර වෙළඳ දැන්වීම් බවද සිහිකළ යුතුය. අපේ කුමරියන් පමණක් නොව ක්ලියෝ පැට්රා පවා රත්රන් හා කිරි මුසු ජලයෙහි බැස සිටීමෙන් තම රුව සහ සම දීප්තිමත් කරගෙන ඇති බව ඉතිහාසය සාක්ෂි දෙයි. එපමණක් නොව යුදෙව්වන්ගේ ශුද්ධ ලියවිල්ල වන බයිබලය සඳහන් කරන පරිදි රූමත් එස්තර් නම් බිසව සයනය කරනු පිණිස අහෂ්වේරොෂ් රජු වෙතට යාමට පෙර මාස දොලහක කාලයක් අන්තඃපුරයේ ස්පා එකක සිට සුවඳ ලාටු තෙල් සුගන්ධ ද්‍රව්‍ය රූප ලාවණ්‍ය තෛලය පාවිච්චි කර ඇත.

වෙදකමක් යයි කීවාට තවත් කරුනු කාරණා වලටද අපේ අය මසාජ ක්ලිනික් සොයා යති. ඒ ගැන වැඩිපුර කතා කළ යුතු නොවන්නේ බහුතරයක් දෙනා මේ පිළිබඳව දන්නා නිසාත් ඉන් අපට ඉගෙනගත හැකි පාඩමක් හෝ ගත හැකි ආදර්ශයක් නැති නිසාය. නමුත් සම්බාහන ආයතන වල සේවය සොයා සේවාලාභින් ඇදෙන්නේත් සම්බාහන ආයතන වල තෙරපිස්ට්ලා ලෙස තරුණ ගැහැනුන් රස්සාවට යන්නේත් ඇයිද කියා නම් ගැඹුරින් සොයා බැලීම වටී.

අද අප රටේ සෑම නගරයකම වාගේ ස්පා සහ සම්භාහන මධ්‍යස්ථාන දක්න්නට ඇත. මෙම සම්භාහන ආයතනවල කිසි වරදක් හෝ නීති විරෝධීතාවයක් නැත. ඒවා ගැන දැන්වීම් පළ කළ හැක්කේ ඒ නිසාය. මේවා බහුතරයක් රජයේ ලියාපදිංචි ආයතනද වෙයි. විවිධ ශාරීරික අපහසුතා ඇති ආතරයිටිස් ආඝාත, පක්ෂගාත, අංශභාග ආදී රෝග ඇති බාල මහලු වැඩිහිටි තරුණ අය මේවාට ගොස් සුවය ලබා ඇති බව අපි දනිමු.

ආයුර්වේද සහ හෝමියෝපති ක්‍රමයට බෙහෙත් ඔරු ශිරෝධාරා පංචකර්ම නිල ඇල්ලීම ආදී ක්‍රම වලින් සම්භාහනය කරන මධ්‍යස්ථානද අද රට පුරා ඇත. එසේම ශීග්‍රයෙන් ඒවා බොහෝ නගර වල ව්‍යාප්ත වන්නේ රසායන වලින් මිදී ස්වභාවික ඖෂධ වලින් සුවය ලබා ගැනීම අද විලාසිතාවක් බවට පත් වී ඇති නිසාත් ඒවායේ අතුරු ඵල අවම නිසාත්ය.

තරු පන්තියේ හෝටල් වල සහ විදේශීකයන් ගැවසෙන මුහුදාශ්‍රිත නගර වල සංචාරක පුරවර වල මෙම මධ්‍යස්ථාන සුලබය. එමෙන්ම ප්‍රධාන සහ ජනාකීර්ණ නගරවලද දැන් දැන් ස්පා සහ මසාජ් බිහිවෙමින් පවතී.

"නිහාල් අයියා ඉන්න කාලේ අපි එයාට තමයි ගාන දුන්නෙ, එයා අපිට සම්පූර්ණ ආරක්ෂාව සැපයුවා. කෙල්ලො ටික බය නැතුව පාරෙ බැහැල උදේ හවස වැඩට ආවා ගියා. ඒත් දැන් ටිකක් කරදරයි. එක එකා එනව කප්පං ඉල්ලගෙන පාතාලෙං අරතාලෙං මේ තාලෙං කියල කොච්චර කියල දෙන්නද? ඒ මදිවට පොලිසි කීයකින් පනිනවද කී පාරක් අපේ කෙල්ලන්ව පෝලිමෙ අරන් ගිහින් උසාවි නැග්ගුවද කොච්චර කියල නං මං ඇප තියල ඇද්ද?".

ඒ නාවල නගරයට ආසන්න සාමකාමී අතුරු පාරක ලොකු ලොකු නිවාස පිහිටි මාවතක පවත්වාගෙන යන සම්බාහන ආයතනයක හිමිකාරියක් තම අත්දැකීම් මා සමඟ බෙදා ගත් අයුරුයි. ඇය මෙයට වසර අටකට පමණ පෙර කොහුවල පැත්තේ මසාජ් සෙන්ටරයක රැකියාව කර ඇති අතර ඉන් උපයා ගත් මුදලින් සහ දැනුමෙන් මෙම මධ්‍යස්ථානය පවත්වාගෙන යයි. මා ඇයව අඳුනා ගත්තේ කලකට පෙර අගේ එකම සහෝදරයාව පුනරුත්ථාපනය කිරීම සඳහා අපගේ මිතුරු සෙවන වෙත රැගෙන ආ නිසාය.

පිලියන්දල සිට ගල්කිස්ස නගරයේ ඇති මසාජ් ක්ලිනික් එකට උදේම වැඩට එන නදීරා පෙනුමෙන් ළදරු පාසල් ගුරුවරියක මෙනි. කොණ්ඩය පිළිවෙලට බැඳ ඔසරිය අඳින ඇය පොත් කීපයක්ද ඇතිව බිම බලාගෙන ඉතාම ශාන්ත දාන්තව ගමන් කරන්නේ ඉතා වැදගත් ලෙසිනි. සති ගණනක අසීරු පරිශ්‍රමයකින් පසුව මම ඇයව කතාවට අල්ලා ගත්තේ මගේ අනන්‍යතාවය හෙලි කිරීමෙන් පසුය.

"අපේ මහත්තයා ඇරුනාම පවුලෙ අයවත් ගමේ අයවත් දන්නෙ නැහැ මං කරන රස්සාව මොකක්ද කියල මහත්තයට මං කියල තියෙන්නෙ විස්තරේ. එයාගේ කකුලක් කැඩිල එක්තැන් වෙලා අපි හරි අසරණයි. එ වගේම වට පිටට ගොඩක් ණය වෙලා තියෙන්නෙ. මහත්තයගෙ කකුලට බේත් කරන්නයි දරුවගේ මොන්ටිසෝරි වියදමුයි පියවන්න තමයි මම අකමැත්තෙන් හරි මේ රස්සාව තෝරා ගත්තෙ. තාම මට ප්‍රශ්න මුකුත් ඇවිල්ලා නැහැ. මෙතනට පනින්නෙ එහෙම නැහැ. මා එක්ක තව කෙල්ලො හතක් මෙතන වැඩ. අපි පිරිමි අයව අතගාන්නෙ ආසාවෙන් නෙමයි. ආර්ථික ප්‍රශ්න නිසා සල්ලි නැති කමට අපිව තේරුම් ගන්න අය ගොඩක් අඩුයි. අපි මේව ඇතුලේ හරියට යන්තර වගෙයි කිසිම හැඟීමක් දැනීමක් නැහැ ඒත් අපේ සේවය බලාගෙන එන සමහර අයගෙ කතාවල් ඇහුවම හිත වාවන්නෙ නැහැ. ගොඩක් අයගේ නෝනල ඒ අයට සලකන්නෙ නැහැ. සමහරු බැඳල නැහැ තවත් අය අමුතු බයකින් පෙළෙනව මහ නරක සල්ලාලයොත් ගොඩක් ඉන්නවා. ඒ ඔක්කොම දෙනා නරක හිතෙන් තමයි මේවට එන්නෙ. නමුත් ඒ අයගෙ ජීවිතවලත් ලොකු හිස්කමක් රික්තකයක් තියෙන බව නම් මට හොඳටම පේනව".

නදීරාගේ කතාව අන් බොහෝ තෙරපිස්ට්ලාගේ කතාවට ඉතා සමානය. ඇයගේ සැමියා අබ්බගාතයෙකු වුවා සේම තව තරුණියකගේ සැමියා මත් ලෝලියෙකි. නැත්නම් බේබද්දෙකි. එසේත් නැත්නම් සූදු අන්තුවෙකි. තවත් කෙල්ලෙකුගේ සැමියා ඇයව සහ දරුවන්ව හැරගොසිනි. එසේත් නැත්නම් එක්තැන් වූ රෝගියෙකි ප්‍රශ්නවලින් ගැලවීමටත් මුදල් උපයා ගැනීමටත් එකම රස්සාව මසාජ් කිරීම බව මම කිසිසේත් නොකියමි. එය අනුමත කිරීමටද මට නොහැක. නමුත් මට හමුවූ මසාජ් කරන්නියන් ගෙන් සියයට සීයක්ම මෙම රස්සාව කරන්නේ කැමැත්තෙන් හෝ රාගී කාමුක මනසින් නොව මුදල් නැතිකම නිසාත් ගොඩ එන්නට බැරි ලෙස ආර්ථික ප්‍රශ්න වලට ගිලී සිටින නිසාත් බව කිව යුතුය.

පිලිප් නම් වූ මගේ පැරණි ගෝලයෙක් පිටකොටුවේ දුම්රිය පල ඉදිරිපිට සම්භාහන සායනයක බොඩි ගාඩ් කෙනෙක් ලෙස වැඩ කරන බව ආරංචි වී මා ඔහු සොයා ගියේ ජංගම වෙළෙන්දෙකුගේ වේශයක් ගනිමිනි. ගෙනා සුවඳ විලවුන් සහ තොල් ආලේපන තොගයක් අප නිවසේ තිබුණු අතර කල් ඉකුත් වන්නට ඉතා ආසන්න එම බෝතල් තොගය ඉතා අඩු මුදලකට අලෙවි කළ හැකි නිසා මට ඒ මසාජ් එක ඇතුලට කිසි ගැටළුවක් නැතිව ඇතුල් වන්නට අවස්ථාව හිමි විය. එතැන සිටි දහයකට ආසන්න තරුණියන් සමග මා සුවඳ විලවුන් අලෙවි කරමින් කතා කියමින් ඔවුන්ගේ කතා අහමින් පැය හත අටක් ඉතාම සුහදව කල් ගත කලෙමි. ඒ බොහෝ දෙනෙකුට ඇත්තේ කියන්නට එකම කතාවකි. සල්ලි සල්ලි සල්ලි. ප්‍රශ්න ප්‍රශ්න ප්‍රශ්න. එදා ඒ පැය කASපයට විවිධ තරාතිරම් වල කස්ටමර්ලා පනහකට ආසන්න ප්‍රමාණයක් ඇවිත් ගිය අතර ඔවුන් තුළ තිබූ හදිස්සිය නොසන්සුන්කම අපිළිවෙල වෙහෙස මම ඉතා හොඳින් දැක්කෙමි.

පැය තුනකට රුපියල් අටදාහක් අය කරන සුපිරි පන්තියේ සම්බාහන මධ්‍යස්ථානයකට ඇතුල්වීමේ අපූරු අවස්ථාව මට උදා වූයේ පසුගිය බිග් මැච් සමයේය. ඒ මැච් එක දාට අනිවාර්යයෙන්ම ලංකාවට එන ප්‍රංශයේ ජීවත් වන මගේ මිතුරෙක්ගේ බලවත් පෙරත්තය මතයි. ආලින්දයේ තිබූ අඩිය අඟලට බහින සැප සැටියේ වාඩිවීල ඇතුළට ගිය මිතුරන් එනතෙක් මා රූපවාහිනිය නරඹමින් සිටියද එදා මම බොහෝ දේ සියෑසින්ම දැක ගතිමි. කොල්ලුපිටියේ පිහිටි නගරයේ ධන කුවේරයන් සහ විදේශිකයන් පමණක් යන සුරභවනක් වැනි මෙම මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ ඉතා පැරණි පන්නයට තැනූ ලොකු කුඵණු සහිත ශාලාවක් ඇති විශාල මන්දිරයකයි. එහි සේවය කරන සුර ලොවින් පොලවට බට දිව්‍ය අප්සරාවන් වැනි සුරූපියන් අපව පිළි ගත්තේ බිම වැටී අපේ දෙපා සිප ගැනීමෙනි. එතැන් සිට ආරම්භ වන්නේ පිරිමියෙකුට ගැහැණියකගෙන් ඉතා කලාතුරකින් ලැබෙන හෝ කිසිදා නොලැබෙන උපරිම සැලකිලි ගරුත්වය සහ ස්නේහය ලැබෙන ක්‍රියාවලියකි. ඇය ඔබගේ දෙපා මද උණු වතුරෙන් දොවයි. නියපොතු කන් පෙති පයේ මහපට ඇඟිලි දත් ආදිය ඉතාම ලෙන්ගතුව පිරිසිදු කරයි මල් පෙත්තෙන් සුවඳ පැනින් පිරි දිය ඔරුවක ඔබව ගිල්වා ඇඟ පිරිමැද තෙත මාත්තු කොට සුවඳ තෙලින් ඔබව ආලේප කරයි හිස පිරිමදිමින් මනාව පීරා කෙස් සකස් කරයි ඇඳගෙන ආ ඇඳුම මදක් හෝ කිළිටි නම් එය රෙදි සෝදන යන්ත්‍රයට දමා ඉතාම ඉක්මණට පිරිසිදු කර නැවත වියළා මැද ඔබට අන්දවයි මධ්‍යස්ථානයට ගෙවන රුපියල් අටදාහට අමතරව සන්තෝෂමක් වශයෙන් ඇයට ඔබට ඕනෑම මුදලක් පිරිනැමිය හැක. නමුත් කීයක් දුන්නත් කොතරම් දුරට හෝ දරුනු ලෙසට ඔබගේ රාගික හැඟීම් උද්දීපනය වුවද කිසිම සිල්ලර හෝ බරපතළ ලිංගික ක්‍රියාවකට මෙම සුවිසල් කාමරය තුළ හෝ මන්දිරය තුළ හෝ ඉඩ ප්‍රස්ථාවක් නැත. ඇය ඒ සඳහා ඔබව පොළඹවන්නේ වත් ඉඟියක් හෝ දෙන්නේ වත් නැත. මේවා පසුපස ඇත්තේ තනිකරම මුදල් උපයන සුක්ෂම කූට ජාවාරමක් බව අපට පෙනුනත් බොහෝ පිරිමියන් ඉල්ලන සෙනෙහස කරුනාව අවධානය කැපවීම තේරුම් ගන්නේ කීයෙන් කී දෙනාද?

ස්වයං රැකියාවක් වශයෙන් සම්භාහන සේවා වල නිරත වන අය කීප දෙනෙක් ගැනද මම දනිමි. මේ අය අතරින් වැඩි දෙනා තරුණ කාන්තාවන්ය. එමෙන්ම නපුංසකයන් යයි සමාජය හඳුන්වන කාන්තාවන් සේ සියුමැලි ලතාවට ඇද පැද කතා කරන තරුණයන් කීප දෙනෙක්ද තම ජීවන වෘත්තිය ලෙස මසාජ් රස්සාවේ නිරත වෙති. අවශ්‍ය අයගේ ඇඟපත මිරිකා මුදල් උපයා ගන්නා හැඩි දැඩි පිරිමිද නැත්තේ නොවේ. ඔවුන් සියලුදෙනා බොහෝ විට කරන්නේ දන්නා දන්නා අයට තමන්ගේ ජංගම දුරකතන අංකය ලබා දී වැඩක් ඇත්නම් දන්වන ලෙස කියා සිටීමයි. මේ අනුව විශ්වාස වන්ත අයගේ ඉල්ලීම සහ (එපොයින්මන්ට්) දින සහ කාලය වෙන් කර ගැනීම් වලට අනුව සම්බාහකයන් සේවාලාභියාගේ නිවෙස් වලටම ගොස් තම සේවාව උපරිමයෙන් ලබා දෙයි. පැයකට දෙදාහක් තුන්දාහක් මෙන්ම හත් අට දාහ අය කරන තෙරපිස්ට්ලාද අප රටේ සිටිති. ටානියා යනු මට හිතවත් µ්‍රSලාන්ස් මැසර් කෙනෙකි. (ස්වාධීන සම්භාහවිකාවකි) ඇය තම වසර අටක අත්දැකීම් මා සමග මෙලෙස බෙදා ගත්තාය.

"අපේ රස්සාව ලේසි නැහැ. අවදානම වැඩියි. හැමෝම මහත්තුරු නෙමේනේ. හැබැයි අපි හරි නං අපි කෙලින්නං කාටවත් බැහැ අපට වරදක් කරන්න ඒත් වැඩියෙන්ම මං යන්නෙ දන්න අඳුනන වැදගත් ගෙවල් වලට විතරයි. නෝනල මහත්තුරු පනහක් විතර මගේ ලැයිස්තුවේ ඉන්නවා මාසෙකට මම ඒ අයගෙන් හතලිස් දෙනෙක් විතර කවර් කරනව ලැබෙන ආදායම හොඳයි. මටම කියල දැන් පොඩි කාර් එකක් තියෙනව ගෑනු පිරිමි කියල භේදයක් නැහැ මං දෙගොල්ලොම මසාජ් කරනව හැබැයි වැඩි ඉල්ලුමක් තියෙන්නෙ වැඩිහිටි මහත්තුරුන්ගෙන් ගොඩක් දෙනෙක් හරිම වැදගත් අපට අනවශ්‍ය බලපෑම් යෝජනා කරන්න එන්නෙ නැහැ".

ඇය විසින් අපට හඳුන්වා දුන් ජැකී නම් තරුණයා කොළඹ හතේ නිවෙස් වලට ගොස් සම්භාහන සේවය ලබා දෙන මා කලින් කී අන්දමේ සුලලිත මැසස් කෙනෙකි. (සම්භායකයෙකි) මේ ඔහුගේ කතාවයි.

"අයියෝ මෙයා මට නං වැඩ වැඩියි අනේ මැඩම්ලා තමයි ගොඩක් මගේ ක්ලයන්ට්ස්ලා හොඳට ගෙවනවා ඒ අයගේ මහත්තුරුන්ට මාව විශ්වාසයිනේ මං පැයකට තුන්දාහක් ගන්නවා කන්න බොන්න නාන්න අඳින්න ඔක්කොම මට හම්බ වෙන බංගලා තියෙනවා. වයසක නෝනලාගෙන් එච්චර කරදරයක් නැහැ. හැබයි වයසක මහත්තුරු නං ටිකක් අමාරු කාරයෝ තරුණ ගර්ල්ස්ලත් මං මසාජ් කරනව ගොඩාක් පිටරට අයයි එහේ ඉඳල ආපු අයයි තමයි ඒ අයට කෙල්ලන්ගේ සොµaට් මසාජ් අල්ලන්නෙ නැහැ හොඳට බර දාලා අපි දෙන හාඩ් මසා පාරට ඒ අය කැමතී".

මට මතක හැටියට කොළඹ නගරයේ මුලින්ම ආරම්භ කළ මසාජ් කිලිනික් එක තිබුනේ මෙයට අවුරුදු තිහකට පමණ පෙර 80 දසකයේය. ඒ තිඹිරිගස්යාය හන්දියේ සුප්‍රසිද්ධ පන්සලක් ඉදිරිපිට ඇති පැරණි දෙමහල් ගොඩනැගිල්ලේ උඩු මහලේය ලොලිටා මසාජ් ක්ලිනික් නමින් නාම පුවරුවක්ද සවි කරු තිබූ එයට රිංගා එහි වන්නේ කුමක්දැයි බැලීමට එකල නව යොවුන් පාසල් සිසුවන්ව සිටි අපට තිබුනේ නොතිත් ආසාවකි. එහි ප්‍රතිපලයක් වශයෙන් තවත් නිර්භීත මිතුරන් දෙදෙනෙකුවද එකතු කරගත් මා පාසල් ඇරී ගෙදර එන අතර වාරයේ සුදු නිල ඇඳුම පිටින්ම කුඩා පියගැට පෙළ නැග මසාජ් එකට ඇතුළු වුන අයුරු තාම මතකය. අපව සිනා මුසු මුහුණින් පිළිගත්තේ අත් නැති කුඩා කළු හැට්ටයකින් සහ ලේ රතු පැහැති සාරියකින් සැරසුනු තරබාරු මැදිවියේ සුදුම සුදු ලන්සි කාන්තාවකි. අපි ඇයට ලොලිටැන්ටි යයි කීයමු. ඇයගේ උපදෙස් දැනුවත් කිරීම සහ පෙළඹවීම මත එකාට රුපියල් තිහ බැගින් කවුන්ටරයට ගෙවා කුඩා කුටි තුනකට වෙන වෙනම ඇතුල් වුනෙමු. රෙක්සින් රෙද්දක් පමණක් එලන ලද ට්‍රොලියක් වැනි කුඩා යකඩ ඇඳක් සහ ඉහල සීලිමේ මහ හඬ දෙමින් කැරකෙන විදුලි පංකාවක් පමණක් තිබූ ඒ කුටියෙදී මගේ පපුව දිඩි දිඩි ගා වෙව්ලන්නට වූ අතර මාව තෝරාගෙන ඇතුළට රැගෙන ගිය සුරූපී ලාබාල තරුන ගැහැණිය "ආඃ ඇඳුම් ගලවල මේක ඇඳ ගන්න මල්ලී" කියා තුවායක් මවෙත විසි කර පිටවී ගියාය. ස්වාමියාට කීකරු වෙන පූස් පැටවෙකු මෙන් මටද සිද්ධ වුනේ ඇයගේ අණට යටත් වීමටයි. අනෙක් මිතුරන් දෙදෙනාටද අත් වුනේ මට අත් වූ ඉරණමම බව පසුව දැන ගන්නට ලැබුණි. මගේ අල්ලපු කුටියට රිංගූ මිතුරා එහි සිට මා අමතා විස්තර ප්‍රචාරය කරමින් මහ හඩින් කෑ ගසමින් විහිළුවට විකාර කියවන්නට වූ අතර ඔහුගේ සේවයට පැමිණි තරුණිය අනේ කෑ ගහන්න එපා මල්ලි හන්දියෙ සෙනඟ මෙහෙට දුවගෙන ඒවි ඔයාගේ සද්දෙට කියමින් විහිළු කරනවාද මට ඇසුනි. එදා එසේ කෑ ගැසූ මා මිතුරා අද ප්‍රකට දේශපාලන චරිතයකි. පටන් තිබූ බව පෙන්වා දීමටයි.

මා තෝරා ගත් (මාව තෝරා ගත්) තරුණ ගැහැණිය තෙල් පවුඩර් සහ කුඩා අත් පිස්නාවක්ද දකුණතින් රැගෙන හිනා වෙමින් ඔයාලගෙ යාළුවා මාර බඩුවක්නේ කියාගෙන කුටියට ඇතුල් වූ අතර දොරක් නැති ඒ කුඩා කාමරයේ තිබූ දොර රෙද්ද වමතින් වසා දැමුවාය.

එදා රුපියල් තිහක් වැනි මුදලකට සම්බාහනයක් ලබා ගැනීමට හැකි වුවත් අද වන විට මසාජ් එකකට ඇතුළුවීමේ අවම ගාස්තුව රුපියල් අටසීයකි. නැත්නම් දාහකි. ධනවත් සල්ලිකාරයන් යන තැන්වල උපරිමය අටදාහක් හෝ දහ දාහකි. මෙය සම්බාහනය සඳහා පමණකි දන්නෝ පමණක් දන්නා වෙනත් සේවා හෝ විකල්ප සඳහා වෙනම ගෙවිය යුතුය එයට කියන්නේ ටිප් එක කියාය.

මාළුන්ගෙන් හා සර්පයන්ගෙන් කරන සම්භාහන මා දැක්කේ මැලේසියාවේදී සහ පිලිපීනයේදීය. රාත්‍රී කාලයේ ක්වාලාලම්පූර් නගරයේ ආලෝකමත් චයිනා ටවුන් හි වීදියක මාළු මසාජ් එකකට රිංගා ඔළුව ඔබා බැළුව කල දැක්කේ විශාල මාළු රැනක් දඟලන වතුරින් පිරි ටැංකියක තඩි සුද්දෙක් සහ අසලම තවත් ටැංකියක නාකි සුද්දියක් නිරුවතින් ගිලී සිටිමින් මාළු මසාජ් ගන්නා අන්දමයි " ගෝ ගෝ ඔන්ලි වයිට් පීපල්" (පලයන් පලයන් සුද්දන්ට විතරයි.) කියමින් පාට මලයාසියානු දමිලයෙක් මාව එලවා ගත් අතර මම එතැනින් හෙමිට මාරු වුනෙමි.

කොතෙක් අසම්මත ක්‍රියා සිදු වුනද සම්බාහන ආයතන වසා දැමීමට නීතියක් හෝ පියවරක් තවම අප රටේ ක්‍රියාත්මක නොවන්නේ මේවායෙන් යම් යහපතක්ද සිදුනොවන නිසා විය යුතුය. කෙසේ වෙතත් ජරාව නොලැබුන කල්හි මස් කෑල්ලට බල්ලා පනිනවා සේ එක්වර කඩා පැන තෙරපිස්ට්ලා සහ කස්ටමර්ලා පොලීසියට දක්කාගෙන යනවාට වඩා ප්‍රඥාවන්ත ලෙස මෙම වැටලීම් කිරීමට නීතිය කරවන්නන් උත්සුක විය යුතුය. එමෙන්ම සැමට එකසේ ප්‍රතිලාබ ලැබෙන මනුෂ්‍යයන් ලෙස සතුටින් ජීවත් විය හැකි ආර්ථික ක්‍රමයක් ඇති කිරීමටත් භෞතික පැති පමණක් නොව මිනිසාගේ මානසික සෞඛ්‍ය ගැනත් හිතන මනෝ විද්‍යාත්මක ක්‍රමවේදයක් සකසා අසම්මතවූ අන් සැප සොයා යන පිරිමින් අවම කිරීමටත් වග කිවයුත්තෝ උත්සාහයක් හෝ ගත යුතු බවද සිහිකරන්නට කැමැත්තෙමි.[/FONT]

[QUOTE="Dr.Amdan, post: 22000800, member: 549909"] [COLOR=#000000][FONT="][COLOR=#003300]සම්බාහන කාමරේ ගින්දර කන සුන්දරී![/COLOR][SIZE=4] මිත්‍ර ශ්‍රී කරුණානායක[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT="][IMG]http://www.divaina.com/2011/12/04/masaaj.jpg[/IMG][SIZE=4]ශරීරයේ සමහර අවයව මිරීකීමෙන් කරන වෙදකමට සම්භාහනය කියා කියන බව මහාචාර්ය ගුණපාල මලලසේකරයන් අපට තම ශබ්දකෝෂයෙන් පැහැදිලි කර ඇත. ඉංග්‍රීසියෙන් එයට කියන්නේ මසාජ්ජ් (massage) බවද අපි දනිමු. මසාජ් හෙවත් අවයව මිරීකීමෙන් වෙදකම කරන්නා සම්බාහකයායි. එහි ස්ත්‍රී ලිංග පදය සම්බාහිකාවයි. (masseur and masseuse)) අද අප සමාජයේ සමහරු මෙයට තවත් ගෞරවයක් එකතු කරමින් තෙරපිස්ට් එයෑර්චයසිඑ කියා ආමන්ත්‍රණය කරන්නට පුරුදු වී සිටී නමුත් එවන් වචනයක් පිරිසිදු ඉංග්‍රීසි භාෂාවේ නම් නැත. මසාජ් යන නම කී පමණින් බොහෝ දෙනෙකුගේ මනසට එන්නේ නිරුවත් අයෙකුව මුනින් අතට හරවා ඇඳක හෝ මෙට්ටයක දිගා කර ඇඟ පිරිමදින සුරුපි තරුනියකගේ රුව නොවේ නම් මා මේ පිළිබඳව කළ විමර්ශනය අසාර්ථක බව මා සිතා ගත යුතුය. මසාජ් පවුල් සංස්ථාවේ අලුත උපන් බාල සහෝදරිය ස්පා (SPA) යෑයි කීවොත් මා නිවැරදි යයි මම සිතමි. ස්පා යන්නෙහි වත්මන් අර්ථය ඖෂධ හෝ ලෝහ මුසු වතුර උල්පතයි. නමුත් ස්පා යන වචනයේ මූලාශ්රයන් ගැන ගැඹුරින් සොයා යද්දි අපට හමුවන්නේ එය බෙල්ජියමේ ස්පා නම් නගරය පසුබිම් කරගෙන ඉපිද ඇති බවයි. ජලයෙන් ලැබෙන සෞඛ්‍යය (හෙල්ත් තෲ වෝටර් health through water) යන අර්ථය දෙන ලතින් කියමනක් වන Salus Per AQuam යන පද තුනේ මුල් අකුරු තුනින් SPA යන්න හැදී ඇති බවටද මතයක් ඇත. කෙසේ වෙතත් ආසියාවේ ඇතුළු අප රටේ ක්‍රියාත්මක වන ස්පා සහ මසාජ් ක්ලිනික් අතර ඇත්තේ ඉතා සුළු වෙනක් වුවද ඇත්ත වශයෙන්ම ස්පා යනු සම්පූර්ණ ලෙස ජලයේ ගිල්වා කරනු ලබන ශරීර සුවතා ක්‍රියාවලියකි. මල් පියළි ශාක සාර තුරු පොතු සුවඳ ලාටු තෙල් වර්ග පලතුරු යුෂ මී පැණි කිරි රත්රන් රිදී වැනි දෑ මුසු කළ ජලයෙහි ගිළීමෙන් කරන ප්‍රතිකර්ම වලින් හමේ පැහැය ලස්සන වන බව පුරාණයේ සිටම ජනයා විශ්වාස කළහ. අපේ පුරාණ රජ දරුවන් කුමාරියන් බිසෝවරුන් අන්තඃපුර ස්ත්‍රීන් රිසි සේ ස්පා ඔරු වල බැස තම රූ සපුව තවත් ලස්සන කර ගන්නට ඇති බව අපගේ මනසේ නිතර ඇඳ තබන්නේ සමහර වෙළඳ දැන්වීම් බවද සිහිකළ යුතුය. අපේ කුමරියන් පමණක් නොව ක්ලියෝ පැට්රා පවා රත්රන් හා කිරි මුසු ජලයෙහි බැස සිටීමෙන් තම රුව සහ සම දීප්තිමත් කරගෙන ඇති බව ඉතිහාසය සාක්ෂි දෙයි. එපමණක් නොව යුදෙව්වන්ගේ ශුද්ධ ලියවිල්ල වන බයිබලය සඳහන් කරන පරිදි රූමත් එස්තර් නම් බිසව සයනය කරනු පිණිස අහෂ්වේරොෂ් රජු වෙතට යාමට පෙර මාස දොලහක කාලයක් අන්තඃපුරයේ ස්පා එකක සිට සුවඳ ලාටු තෙල් සුගන්ධ ද්‍රව්‍ය රූප ලාවණ්‍ය තෛලය පාවිච්චි කර ඇත. වෙදකමක් යයි කීවාට තවත් කරුනු කාරණා වලටද අපේ අය මසාජ ක්ලිනික් සොයා යති. ඒ ගැන වැඩිපුර කතා කළ යුතු නොවන්නේ බහුතරයක් දෙනා මේ පිළිබඳව දන්නා නිසාත් ඉන් අපට ඉගෙනගත හැකි පාඩමක් හෝ ගත හැකි ආදර්ශයක් නැති නිසාය. නමුත් සම්බාහන ආයතන වල සේවය සොයා සේවාලාභින් ඇදෙන්නේත් සම්බාහන ආයතන වල තෙරපිස්ට්ලා ලෙස තරුණ ගැහැනුන් රස්සාවට යන්නේත් ඇයිද කියා නම් ගැඹුරින් සොයා බැලීම වටී. අද අප රටේ සෑම නගරයකම වාගේ ස්පා සහ සම්භාහන මධ්‍යස්ථාන දක්න්නට ඇත. මෙම සම්භාහන ආයතනවල කිසි වරදක් හෝ නීති විරෝධීතාවයක් නැත. ඒවා ගැන දැන්වීම් පළ කළ හැක්කේ ඒ නිසාය. මේවා බහුතරයක් රජයේ ලියාපදිංචි ආයතනද වෙයි. විවිධ ශාරීරික අපහසුතා ඇති ආතරයිටිස් ආඝාත, පක්ෂගාත, අංශභාග ආදී රෝග ඇති බාල මහලු වැඩිහිටි තරුණ අය මේවාට ගොස් සුවය ලබා ඇති බව අපි දනිමු. ආයුර්වේද සහ හෝමියෝපති ක්‍රමයට බෙහෙත් ඔරු ශිරෝධාරා පංචකර්ම නිල ඇල්ලීම ආදී ක්‍රම වලින් සම්භාහනය කරන මධ්‍යස්ථානද අද රට පුරා ඇත. එසේම ශීග්‍රයෙන් ඒවා බොහෝ නගර වල ව්‍යාප්ත වන්නේ රසායන වලින් මිදී ස්වභාවික ඖෂධ වලින් සුවය ලබා ගැනීම අද විලාසිතාවක් බවට පත් වී ඇති නිසාත් ඒවායේ අතුරු ඵල අවම නිසාත්ය. තරු පන්තියේ හෝටල් වල සහ විදේශීකයන් ගැවසෙන මුහුදාශ්‍රිත නගර වල සංචාරක පුරවර වල මෙම මධ්‍යස්ථාන සුලබය. එමෙන්ම ප්‍රධාන සහ ජනාකීර්ණ නගරවලද දැන් දැන් ස්පා සහ මසාජ් බිහිවෙමින් පවතී. "නිහාල් අයියා ඉන්න කාලේ අපි එයාට තමයි ගාන දුන්නෙ, එයා අපිට සම්පූර්ණ ආරක්ෂාව සැපයුවා. කෙල්ලො ටික බය නැතුව පාරෙ බැහැල උදේ හවස වැඩට ආවා ගියා. ඒත් දැන් ටිකක් කරදරයි. එක එකා එනව කප්පං ඉල්ලගෙන පාතාලෙං අරතාලෙං මේ තාලෙං කියල කොච්චර කියල දෙන්නද? ඒ මදිවට පොලිසි කීයකින් පනිනවද කී පාරක් අපේ කෙල්ලන්ව පෝලිමෙ අරන් ගිහින් උසාවි නැග්ගුවද කොච්චර කියල නං මං ඇප තියල ඇද්ද?". ඒ නාවල නගරයට ආසන්න සාමකාමී අතුරු පාරක ලොකු ලොකු නිවාස පිහිටි මාවතක පවත්වාගෙන යන සම්බාහන ආයතනයක හිමිකාරියක් තම අත්දැකීම් මා සමඟ බෙදා ගත් අයුරුයි. ඇය මෙයට වසර අටකට පමණ පෙර කොහුවල පැත්තේ මසාජ් සෙන්ටරයක රැකියාව කර ඇති අතර ඉන් උපයා ගත් මුදලින් සහ දැනුමෙන් මෙම මධ්‍යස්ථානය පවත්වාගෙන යයි. මා ඇයව අඳුනා ගත්තේ කලකට පෙර අගේ එකම සහෝදරයාව පුනරුත්ථාපනය කිරීම සඳහා අපගේ මිතුරු සෙවන වෙත රැගෙන ආ නිසාය. පිලියන්දල සිට ගල්කිස්ස නගරයේ ඇති මසාජ් ක්ලිනික් එකට උදේම වැඩට එන නදීරා පෙනුමෙන් ළදරු පාසල් ගුරුවරියක මෙනි. කොණ්ඩය පිළිවෙලට බැඳ ඔසරිය අඳින ඇය පොත් කීපයක්ද ඇතිව බිම බලාගෙන ඉතාම ශාන්ත දාන්තව ගමන් කරන්නේ ඉතා වැදගත් ලෙසිනි. සති ගණනක අසීරු පරිශ්‍රමයකින් පසුව මම ඇයව කතාවට අල්ලා ගත්තේ මගේ අනන්‍යතාවය හෙලි කිරීමෙන් පසුය. "අපේ මහත්තයා ඇරුනාම පවුලෙ අයවත් ගමේ අයවත් දන්නෙ නැහැ මං කරන රස්සාව මොකක්ද කියල මහත්තයට මං කියල තියෙන්නෙ විස්තරේ. එයාගේ කකුලක් කැඩිල එක්තැන් වෙලා අපි හරි අසරණයි. එ වගේම වට පිටට ගොඩක් ණය වෙලා තියෙන්නෙ. මහත්තයගෙ කකුලට බේත් කරන්නයි දරුවගේ මොන්ටිසෝරි වියදමුයි පියවන්න තමයි මම අකමැත්තෙන් හරි මේ රස්සාව තෝරා ගත්තෙ. තාම මට ප්‍රශ්න මුකුත් ඇවිල්ලා නැහැ. මෙතනට පනින්නෙ එහෙම නැහැ. මා එක්ක තව කෙල්ලො හතක් මෙතන වැඩ. අපි පිරිමි අයව අතගාන්නෙ ආසාවෙන් නෙමයි. ආර්ථික ප්‍රශ්න නිසා සල්ලි නැති කමට අපිව තේරුම් ගන්න අය ගොඩක් අඩුයි. අපි මේව ඇතුලේ හරියට යන්තර වගෙයි කිසිම හැඟීමක් දැනීමක් නැහැ ඒත් අපේ සේවය බලාගෙන එන සමහර අයගෙ කතාවල් ඇහුවම හිත වාවන්නෙ නැහැ. ගොඩක් අයගේ නෝනල ඒ අයට සලකන්නෙ නැහැ. සමහරු බැඳල නැහැ තවත් අය අමුතු බයකින් පෙළෙනව මහ නරක සල්ලාලයොත් ගොඩක් ඉන්නවා. ඒ ඔක්කොම දෙනා නරක හිතෙන් තමයි මේවට එන්නෙ. නමුත් ඒ අයගෙ ජීවිතවලත් ලොකු හිස්කමක් රික්තකයක් තියෙන බව නම් මට හොඳටම පේනව". නදීරාගේ කතාව අන් බොහෝ තෙරපිස්ට්ලාගේ කතාවට ඉතා සමානය. ඇයගේ සැමියා අබ්බගාතයෙකු වුවා සේම තව තරුණියකගේ සැමියා මත් ලෝලියෙකි. නැත්නම් බේබද්දෙකි. එසේත් නැත්නම් සූදු අන්තුවෙකි. තවත් කෙල්ලෙකුගේ සැමියා ඇයව සහ දරුවන්ව හැරගොසිනි. එසේත් නැත්නම් එක්තැන් වූ රෝගියෙකි ප්‍රශ්නවලින් ගැලවීමටත් මුදල් උපයා ගැනීමටත් එකම රස්සාව මසාජ් කිරීම බව මම කිසිසේත් නොකියමි. එය අනුමත කිරීමටද මට නොහැක. නමුත් මට හමුවූ මසාජ් කරන්නියන් ගෙන් සියයට සීයක්ම මෙම රස්සාව කරන්නේ කැමැත්තෙන් හෝ රාගී කාමුක මනසින් නොව මුදල් නැතිකම නිසාත් ගොඩ එන්නට බැරි ලෙස ආර්ථික ප්‍රශ්න වලට ගිලී සිටින නිසාත් බව කිව යුතුය. පිලිප් නම් වූ මගේ පැරණි ගෝලයෙක් පිටකොටුවේ දුම්රිය පල ඉදිරිපිට සම්භාහන සායනයක බොඩි ගාඩ් කෙනෙක් ලෙස වැඩ කරන බව ආරංචි වී මා ඔහු සොයා ගියේ ජංගම වෙළෙන්දෙකුගේ වේශයක් ගනිමිනි. ගෙනා සුවඳ විලවුන් සහ තොල් ආලේපන තොගයක් අප නිවසේ තිබුණු අතර කල් ඉකුත් වන්නට ඉතා ආසන්න එම බෝතල් තොගය ඉතා අඩු මුදලකට අලෙවි කළ හැකි නිසා මට ඒ මසාජ් එක ඇතුලට කිසි ගැටළුවක් නැතිව ඇතුල් වන්නට අවස්ථාව හිමි විය. එතැන සිටි දහයකට ආසන්න තරුණියන් සමග මා සුවඳ විලවුන් අලෙවි කරමින් කතා කියමින් ඔවුන්ගේ කතා අහමින් පැය හත අටක් ඉතාම සුහදව කල් ගත කලෙමි. ඒ බොහෝ දෙනෙකුට ඇත්තේ කියන්නට එකම කතාවකි. සල්ලි සල්ලි සල්ලි. ප්‍රශ්න ප්‍රශ්න ප්‍රශ්න. එදා ඒ පැය කASපයට විවිධ තරාතිරම් වල කස්ටමර්ලා පනහකට ආසන්න ප්‍රමාණයක් ඇවිත් ගිය අතර ඔවුන් තුළ තිබූ හදිස්සිය නොසන්සුන්කම අපිළිවෙල වෙහෙස මම ඉතා හොඳින් දැක්කෙමි. පැය තුනකට රුපියල් අටදාහක් අය කරන සුපිරි පන්තියේ සම්බාහන මධ්‍යස්ථානයකට ඇතුල්වීමේ අපූරු අවස්ථාව මට උදා වූයේ පසුගිය බිග් මැච් සමයේය. ඒ මැච් එක දාට අනිවාර්යයෙන්ම ලංකාවට එන ප්‍රංශයේ ජීවත් වන මගේ මිතුරෙක්ගේ බලවත් පෙරත්තය මතයි. ආලින්දයේ තිබූ අඩිය අඟලට බහින සැප සැටියේ වාඩිවීල ඇතුළට ගිය මිතුරන් එනතෙක් මා රූපවාහිනිය නරඹමින් සිටියද එදා මම බොහෝ දේ සියෑසින්ම දැක ගතිමි. කොල්ලුපිටියේ පිහිටි නගරයේ ධන කුවේරයන් සහ විදේශිකයන් පමණක් යන සුරභවනක් වැනි මෙම මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ ඉතා පැරණි පන්නයට තැනූ ලොකු කුඵණු සහිත ශාලාවක් ඇති විශාල මන්දිරයකයි. එහි සේවය කරන සුර ලොවින් පොලවට බට දිව්‍ය අප්සරාවන් වැනි සුරූපියන් අපව පිළි ගත්තේ බිම වැටී අපේ දෙපා සිප ගැනීමෙනි. එතැන් සිට ආරම්භ වන්නේ පිරිමියෙකුට ගැහැණියකගෙන් ඉතා කලාතුරකින් ලැබෙන හෝ කිසිදා නොලැබෙන උපරිම සැලකිලි ගරුත්වය සහ ස්නේහය ලැබෙන ක්‍රියාවලියකි. ඇය ඔබගේ දෙපා මද උණු වතුරෙන් දොවයි. නියපොතු කන් පෙති පයේ මහපට ඇඟිලි දත් ආදිය ඉතාම ලෙන්ගතුව පිරිසිදු කරයි මල් පෙත්තෙන් සුවඳ පැනින් පිරි දිය ඔරුවක ඔබව ගිල්වා ඇඟ පිරිමැද තෙත මාත්තු කොට සුවඳ තෙලින් ඔබව ආලේප කරයි හිස පිරිමදිමින් මනාව පීරා කෙස් සකස් කරයි ඇඳගෙන ආ ඇඳුම මදක් හෝ කිළිටි නම් එය රෙදි සෝදන යන්ත්‍රයට දමා ඉතාම ඉක්මණට පිරිසිදු කර නැවත වියළා මැද ඔබට අන්දවයි මධ්‍යස්ථානයට ගෙවන රුපියල් අටදාහට අමතරව සන්තෝෂමක් වශයෙන් ඇයට ඔබට ඕනෑම මුදලක් පිරිනැමිය හැක. නමුත් කීයක් දුන්නත් කොතරම් දුරට හෝ දරුනු ලෙසට ඔබගේ රාගික හැඟීම් උද්දීපනය වුවද කිසිම සිල්ලර හෝ බරපතළ ලිංගික ක්‍රියාවකට මෙම සුවිසල් කාමරය තුළ හෝ මන්දිරය තුළ හෝ ඉඩ ප්‍රස්ථාවක් නැත. ඇය ඒ සඳහා ඔබව පොළඹවන්නේ වත් ඉඟියක් හෝ දෙන්නේ වත් නැත. මේවා පසුපස ඇත්තේ තනිකරම මුදල් උපයන සුක්ෂම කූට ජාවාරමක් බව අපට පෙනුනත් බොහෝ පිරිමියන් ඉල්ලන සෙනෙහස කරුනාව අවධානය කැපවීම තේරුම් ගන්නේ කීයෙන් කී දෙනාද? ස්වයං රැකියාවක් වශයෙන් සම්භාහන සේවා වල නිරත වන අය කීප දෙනෙක් ගැනද මම දනිමි. මේ අය අතරින් වැඩි දෙනා තරුණ කාන්තාවන්ය. එමෙන්ම නපුංසකයන් යයි සමාජය හඳුන්වන කාන්තාවන් සේ සියුමැලි ලතාවට ඇද පැද කතා කරන තරුණයන් කීප දෙනෙක්ද තම ජීවන වෘත්තිය ලෙස මසාජ් රස්සාවේ නිරත වෙති. අවශ්‍ය අයගේ ඇඟපත මිරිකා මුදල් උපයා ගන්නා හැඩි දැඩි පිරිමිද නැත්තේ නොවේ. ඔවුන් සියලුදෙනා බොහෝ විට කරන්නේ දන්නා දන්නා අයට තමන්ගේ ජංගම දුරකතන අංකය ලබා දී වැඩක් ඇත්නම් දන්වන ලෙස කියා සිටීමයි. මේ අනුව විශ්වාස වන්ත අයගේ ඉල්ලීම සහ (එපොයින්මන්ට්) දින සහ කාලය වෙන් කර ගැනීම් වලට අනුව සම්බාහකයන් සේවාලාභියාගේ නිවෙස් වලටම ගොස් තම සේවාව උපරිමයෙන් ලබා දෙයි. පැයකට දෙදාහක් තුන්දාහක් මෙන්ම හත් අට දාහ අය කරන තෙරපිස්ට්ලාද අප රටේ සිටිති. ටානියා යනු මට හිතවත් µ්‍රSලාන්ස් මැසර් කෙනෙකි. (ස්වාධීන සම්භාහවිකාවකි) ඇය තම වසර අටක අත්දැකීම් මා සමග මෙලෙස බෙදා ගත්තාය. "අපේ රස්සාව ලේසි නැහැ. අවදානම වැඩියි. හැමෝම මහත්තුරු නෙමේනේ. හැබැයි අපි හරි නං අපි කෙලින්නං කාටවත් බැහැ අපට වරදක් කරන්න ඒත් වැඩියෙන්ම මං යන්නෙ දන්න අඳුනන වැදගත් ගෙවල් වලට විතරයි. නෝනල මහත්තුරු පනහක් විතර මගේ ලැයිස්තුවේ ඉන්නවා මාසෙකට මම ඒ අයගෙන් හතලිස් දෙනෙක් විතර කවර් කරනව ලැබෙන ආදායම හොඳයි. මටම කියල දැන් පොඩි කාර් එකක් තියෙනව ගෑනු පිරිමි කියල භේදයක් නැහැ මං දෙගොල්ලොම මසාජ් කරනව හැබැයි වැඩි ඉල්ලුමක් තියෙන්නෙ වැඩිහිටි මහත්තුරුන්ගෙන් ගොඩක් දෙනෙක් හරිම වැදගත් අපට අනවශ්‍ය බලපෑම් යෝජනා කරන්න එන්නෙ නැහැ". ඇය විසින් අපට හඳුන්වා දුන් ජැකී නම් තරුණයා කොළඹ හතේ නිවෙස් වලට ගොස් සම්භාහන සේවය ලබා දෙන මා කලින් කී අන්දමේ සුලලිත මැසස් කෙනෙකි. (සම්භායකයෙකි) මේ ඔහුගේ කතාවයි. "අයියෝ මෙයා මට නං වැඩ වැඩියි අනේ මැඩම්ලා තමයි ගොඩක් මගේ ක්ලයන්ට්ස්ලා හොඳට ගෙවනවා ඒ අයගේ මහත්තුරුන්ට මාව විශ්වාසයිනේ මං පැයකට තුන්දාහක් ගන්නවා කන්න බොන්න නාන්න අඳින්න ඔක්කොම මට හම්බ වෙන බංගලා තියෙනවා. වයසක නෝනලාගෙන් එච්චර කරදරයක් නැහැ. හැබයි වයසක මහත්තුරු නං ටිකක් අමාරු කාරයෝ තරුණ ගර්ල්ස්ලත් මං මසාජ් කරනව ගොඩාක් පිටරට අයයි එහේ ඉඳල ආපු අයයි තමයි ඒ අයට කෙල්ලන්ගේ සොµaට් මසාජ් අල්ලන්නෙ නැහැ හොඳට බර දාලා අපි දෙන හාඩ් මසා පාරට ඒ අය කැමතී". මට මතක හැටියට කොළඹ නගරයේ මුලින්ම ආරම්භ කළ මසාජ් කිලිනික් එක තිබුනේ මෙයට අවුරුදු තිහකට පමණ පෙර 80 දසකයේය. ඒ තිඹිරිගස්යාය හන්දියේ සුප්‍රසිද්ධ පන්සලක් ඉදිරිපිට ඇති පැරණි දෙමහල් ගොඩනැගිල්ලේ උඩු මහලේය ලොලිටා මසාජ් ක්ලිනික් නමින් නාම පුවරුවක්ද සවි කරු තිබූ එයට රිංගා එහි වන්නේ කුමක්දැයි බැලීමට එකල නව යොවුන් පාසල් සිසුවන්ව සිටි අපට තිබුනේ නොතිත් ආසාවකි. එහි ප්‍රතිපලයක් වශයෙන් තවත් නිර්භීත මිතුරන් දෙදෙනෙකුවද එකතු කරගත් මා පාසල් ඇරී ගෙදර එන අතර වාරයේ සුදු නිල ඇඳුම පිටින්ම කුඩා පියගැට පෙළ නැග මසාජ් එකට ඇතුළු වුන අයුරු තාම මතකය. අපව සිනා මුසු මුහුණින් පිළිගත්තේ අත් නැති කුඩා කළු හැට්ටයකින් සහ ලේ රතු පැහැති සාරියකින් සැරසුනු තරබාරු මැදිවියේ සුදුම සුදු ලන්සි කාන්තාවකි. අපි ඇයට ලොලිටැන්ටි යයි කීයමු. ඇයගේ උපදෙස් දැනුවත් කිරීම සහ පෙළඹවීම මත එකාට රුපියල් තිහ බැගින් කවුන්ටරයට ගෙවා කුඩා කුටි තුනකට වෙන වෙනම ඇතුල් වුනෙමු. රෙක්සින් රෙද්දක් පමණක් එලන ලද ට්‍රොලියක් වැනි කුඩා යකඩ ඇඳක් සහ ඉහල සීලිමේ මහ හඬ දෙමින් කැරකෙන විදුලි පංකාවක් පමණක් තිබූ ඒ කුටියෙදී මගේ පපුව දිඩි දිඩි ගා වෙව්ලන්නට වූ අතර මාව තෝරාගෙන ඇතුළට රැගෙන ගිය සුරූපී ලාබාල තරුන ගැහැණිය "ආඃ ඇඳුම් ගලවල මේක ඇඳ ගන්න මල්ලී" කියා තුවායක් මවෙත විසි කර පිටවී ගියාය. ස්වාමියාට කීකරු වෙන පූස් පැටවෙකු මෙන් මටද සිද්ධ වුනේ ඇයගේ අණට යටත් වීමටයි. අනෙක් මිතුරන් දෙදෙනාටද අත් වුනේ මට අත් වූ ඉරණමම බව පසුව දැන ගන්නට ලැබුණි. මගේ අල්ලපු කුටියට රිංගූ මිතුරා එහි සිට මා අමතා විස්තර ප්‍රචාරය කරමින් මහ හඩින් කෑ ගසමින් විහිළුවට විකාර කියවන්නට වූ අතර ඔහුගේ සේවයට පැමිණි තරුණිය අනේ කෑ ගහන්න එපා මල්ලි හන්දියෙ සෙනඟ මෙහෙට දුවගෙන ඒවි ඔයාගේ සද්දෙට කියමින් විහිළු කරනවාද මට ඇසුනි. එදා එසේ කෑ ගැසූ මා මිතුරා අද ප්‍රකට දේශපාලන චරිතයකි. පටන් තිබූ බව පෙන්වා දීමටයි. මා තෝරා ගත් (මාව තෝරා ගත්) තරුණ ගැහැණිය තෙල් පවුඩර් සහ කුඩා අත් පිස්නාවක්ද දකුණතින් රැගෙන හිනා වෙමින් ඔයාලගෙ යාළුවා මාර බඩුවක්නේ කියාගෙන කුටියට ඇතුල් වූ අතර දොරක් නැති ඒ කුඩා කාමරයේ තිබූ දොර රෙද්ද වමතින් වසා දැමුවාය. එදා රුපියල් තිහක් වැනි මුදලකට සම්බාහනයක් ලබා ගැනීමට හැකි වුවත් අද වන විට මසාජ් එකකට ඇතුළුවීමේ අවම ගාස්තුව රුපියල් අටසීයකි. නැත්නම් දාහකි. ධනවත් සල්ලිකාරයන් යන තැන්වල උපරිමය අටදාහක් හෝ දහ දාහකි. මෙය සම්බාහනය සඳහා පමණකි දන්නෝ පමණක් දන්නා වෙනත් සේවා හෝ විකල්ප සඳහා වෙනම ගෙවිය යුතුය එයට කියන්නේ ටිප් එක කියාය. මාළුන්ගෙන් හා සර්පයන්ගෙන් කරන සම්භාහන මා දැක්කේ මැලේසියාවේදී සහ පිලිපීනයේදීය. රාත්‍රී කාලයේ ක්වාලාලම්පූර් නගරයේ ආලෝකමත් චයිනා ටවුන් හි වීදියක මාළු මසාජ් එකකට රිංගා ඔළුව ඔබා බැළුව කල දැක්කේ විශාල මාළු රැනක් දඟලන වතුරින් පිරි ටැංකියක තඩි සුද්දෙක් සහ අසලම තවත් ටැංකියක නාකි සුද්දියක් නිරුවතින් ගිලී සිටිමින් මාළු මසාජ් ගන්නා අන්දමයි " ගෝ ගෝ ඔන්ලි වයිට් පීපල්" (පලයන් පලයන් සුද්දන්ට විතරයි.) කියමින් පාට මලයාසියානු දමිලයෙක් මාව එලවා ගත් අතර මම එතැනින් හෙමිට මාරු වුනෙමි. කොතෙක් අසම්මත ක්‍රියා සිදු වුනද සම්බාහන ආයතන වසා දැමීමට නීතියක් හෝ පියවරක් තවම අප රටේ ක්‍රියාත්මක නොවන්නේ මේවායෙන් යම් යහපතක්ද සිදුනොවන නිසා විය යුතුය. කෙසේ වෙතත් ජරාව නොලැබුන කල්හි මස් කෑල්ලට බල්ලා පනිනවා සේ එක්වර කඩා පැන තෙරපිස්ට්ලා සහ කස්ටමර්ලා පොලීසියට දක්කාගෙන යනවාට වඩා ප්‍රඥාවන්ත ලෙස මෙම වැටලීම් කිරීමට නීතිය කරවන්නන් උත්සුක විය යුතුය. එමෙන්ම සැමට එකසේ ප්‍රතිලාබ ලැබෙන මනුෂ්‍යයන් ලෙස සතුටින් ජීවත් විය හැකි ආර්ථික ක්‍රමයක් ඇති කිරීමටත් භෞතික පැති පමණක් නොව මිනිසාගේ මානසික සෞඛ්‍ය ගැනත් හිතන මනෝ විද්‍යාත්මක ක්‍රමවේදයක් සකසා අසම්මතවූ අන් සැප සොයා යන පිරිමින් අවම කිරීමටත් වග කිවයුත්තෝ උත්සාහයක් හෝ ගත යුතු බවද සිහිකරන්නට කැමැත්තෙමි.[/SIZE][/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom