13 හැවිරිදි දැරියක් දූෂණය කළ පොහොට්ටු මන්ත්‍රී අන්තිමේ රිමාන්ඩ්
10 April 2020 06:19 am
357Shares
https://www.lankanewsweb.net/sinhala//90-special-news/59915-13-හැවිරිදි-දැරියක්-දූෂණය-කළ-පොහොට්ටු-මන්ත්‍රී-අන්තිමේ-රිමාන්ඩ්
13 හැවිරිදි දැරියක් බරපතළ ලිංගික අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී පොලිසියෙන් කට්ටි පනිමින් සිටි තණමල්විල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු ඇතුළු පස් දෙනෙකු ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (09) නියෝග කළේය.
ඒ, එම සැකකරුවන් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තණමල්විල ප්‍රාදේශීය සභා මන්ත්‍රී රණවීර ආරච්චිගේ රණවීර නොහොත් නාලක, ගොඩැල්ලගේ ඉසුරු නවෝද්‍ය, මහමඩ කපලූවගේ විල්ෆ්රන්, එච්. ඒ. ප්‍රියංග කුමාර නොහොත් චමින්ද සහ හෙට්ටිආරච්චිගේ ආනන්ද නොහොත් හීන්මාමා යන සැකකරුවන්ය.
මොවුන් මාස තුනක පමණ කාලයක් තිස්සේ මෙම මන්ද මානසික දැරියව ලිංගික අපයෝජනයට ලක්කර ඇති අතර පොහොට්ටු මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනෙකු සිය දේශපාලන බලය මත දින ගණනාවක් පොලිසිය මඟ හරිමින් ද සිටියහ.
පාසල් සිසුවා අපහරණ චෝදනාවට පොහොට්ටු මන්ත්‍රී අත්අඩංගුවට
https://www.itnnews.lk/2018/10/19/38695/
උකුවෙළ ප්‍රාදේශීය සභාවේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රදේශිය සභා මන්ත්‍රිවරයෙකු විසින් වයස අවුරුදු 14 ක පාසල් සිසුවෙකු අපහරණය කළැයි සිද්ධියට සම්බන්ධ සැකකාර මන්ත්‍රිවරයා නිතිඥයෙකු මාර්ගයෙන් මාතලේ පොලිසියට භාරවිමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඔහු වෛද්‍ය පරික්ෂණය සදහා මාතලේ දිස්ත්‍රික් මහ රෝහල වෙත යොමු කළ බව මාතලේ පොලිසිය පවසනවා.
එම සිදුවිමට අධාළ පාසල් සිසුවා වෛද්‍ය පරික්ෂණ සදහා මාතලේ දිස්ත්‍රික් මහ රෝහලවෙත ඇතුලත් කර ඇති අතර සිද්ධීය පිළිබද පරික්ෂණ කටයුතු මාතලේ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මගින් සිදු කරනු ලබන අතර සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන මන්ත්‍රිවරයා මාතලේ අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
කාන්තාවක් දුෂණයකට සැකපිට අලව්වේ පොහොට්ටු මන්ත්‍රී අත්අඩංගුවට
on: February 25, 2020In:
Colombo Today Local News
http://www.colombotoday.com/කාන්තාවක්-දුෂණයකට/
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අලව්ව ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිඛේ.
41 හැවිරිදි කාන්තාවක් දුෂණය කිරිමේ චෝදනා මත සැකකාර මන්ත්‍රීවරයා ඊයේ අත්අඩංගුවට ගත් බව අලව්ව පොලිසිය පැවසිය.
අලව්ව ප්‍රදේශයේ නිවසකට ඇතුලු වී මෙම කාන්තාව දුරෂණයට ලක්කර ඇති බවයි අනාවරණ වී ඇත්තේ. සැකකාර ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයා අද අධිකරණයට ඉදිරිපත් කර තිඛේ.