කුපාඩි ජොන් එෆ්.කෙනඩි
රජකාලේ අන්තඃපුර උරුමව තිබූ පුද්ගලයන් අද කාලේ යළි ඉපදුණාම ඔවුනට පෙර සසර පුරුදු අත්හැර ගන්නට අපහසුයි.අද අන්තඃපුර හොයාගන්නවත් නැහැ.මේ සඳහා අදට ගැලපෙන “විකල්ප“ අනියම් සම්බන්ධතා වලට නැඹුරුවීමද?
ඇමරිකාවේ හිටපු ජනපති ජොන් එෆ්.කෙනඩිත් මෙබඳු අයෙක්. ඔහු සිය විවාහක බිරිය ජැකුලින් හමුවීමට පෙර හා පසු දුසිම් ගණනින් පෙම්වතියන් අනියම් ලෙස ඇසුරු කර තිබූ අතර,ඒවා හෙළි වූ විටදී කිසිසේත් නොසැලුණු ඔහු දහසක් මඩ ප්‍රචාර,නින්දා අපවාද හමුවේ වුව මියයන තුරුම ජනතා රුච්කත්වය හා ගෞරවය රැකගෙන සිටීමට දක්ෂයකු වුණා. මැර්ලින් මොන්රෝ නැමැති සුරූපී හොලිවුඩ් නිළිය,ජුඩිත් කැම්බෙල්,ඇන්ගි ඩිකන්සන්,ජේන් මැන්ස්ෆීල්ඩ් ආදී සුප්‍රකට ඇමරිකානු කාන්තාවන්ද ඔහුගේ සරාගී ප්‍රේම ලැයිස්තුවේ සිටියා.
“ඔහු ඉතා ප්‍රසන්නයි.කඩවසම් ඒ අනඟසර විඳින දීප්තිමත් දෙනෙත් යුග ඕනෑම ස්ත්‍රියක් වසඟ කරවන සුළුයි.ප්රවෘත්තිමය උවමනාවක් සඳහා ඔහු හමුවීමට ජනපති කාර්යාලයට ගොඩ වඳින බොහෝ අවස්ථාව ඔහු කවුරු හෝ ළඳක සමග ප්‍රේමය මතුරමින් හෝ ළංවී සුරතල් වෙමින් සිටීම සුලබ දසුනක්“ ඇමරිකානු පත්‍ර කලාවේදීන කෙනඩි ගැන කිව්වේ එහෙමයි. දරුණු ජර්මානු නායක හිට්ලර්ගේ පෙම්පහස ලැබු ඉන්ගා ආර්ඩ් නමැති සුරූපී ඇමරිකානු තරුණියට දෙවනුව පෙම් බඳින්නට ජොන් කෙනඩි ඉදිරිපත් වූ කතාව ඉතා ප්රකටයි.
ඒ කෙනඩි ජනපති ධුරය ලබන්නට පෙර පැවැති වකවනුවයි.ඔහු එවක ඇමරිකානු නාවික හමුදාවේ ලුතිනන් වරයෙක්. “වොෂින්ටන් ටයිම්ස් හෙරල්ඩ්“ පුවත්පතේ සේවය කළ ඉන්ගාව,කෙනඩිට මුන ගැසුණේ අහම්බයෙන්.රාත්‍රී සාදයකදී ඔවුන් එකිනෙකා හඳුනාගත්තා.ඇමරිකාවේ FBI රහස් ඔත්තු නිලධාරීන් ඇය ගැන ඒ වනවිටත් සෙවිල්ලෙන් සිටි බැව් කෙනඩි දැන සිටියේ නැහැ. ඔහුට එය සැලවුණේ ඇගේ ප්‍රේම ඉතිහාසය හෙළිදරව් වූ විටයි.
ඉන්ගා 1936 මියුනිච් ඔලිම්පික් උළෙලට සහභාගී වීම සඳහා ජර්මනියට ගිය අවස්ථාවේ හිට්ලර්ගේ රකුසු දෙනෙත් ප්‍රේමයෙන් මුසපත් කළාලු. එහි ප්‍රතිඵලය වූයේ,ටික කලක් ගත වනතුරු ඇයට ජර්මනියේ රෑදී සිටීමට අවස්ථාවක් සැලසීමයි.ඈ සිතු සේම හිට්ලර්ගේ පෙම්වතියගේ චරිතය ඇයට වැඩිකල් රඟපන්න අවශ්‍ය වූයේ නෑ.ඉතා ඉක්මනින් ඔහුගෙන් වෙන්වී ඇය ඇමරිකාවට පළා ආවා.ඒත් ඇය නාසීවාදීන්ගේ ඔත්තු කාරීයක් විය හැකි බවට FBI නිලධරීන් සැක කළා.ඒ නිසයි ජොන් කෙනඩිගෙත් ඉන්ගාගෙත් රහසිගත ප්‍රේමය ඔත්තු සේවා වාර්තාවලත් සටහන් වුයේ. ජොන් කෙනඩිගේ නීත්‍යානුකුල විවාහය සිද්ධ වුණේ 1953 දී ජැකුලින් සමගයි.එය ඔහුගේ ප්‍රථම විවාහය දැයි සැකකරමින් ලුයිස් බ්ලැවෙල්ට් නම් ලේඛකයෙකු ග්රන්ථයක් පවා ලියූ අතර එමගින් ජොන් කෙනඩි ඩියුරි මැල්කම් නම් තැනැත්තියක හා මින් පෙර විවාහ ගිවිස ගෙන සිටි බවට කරුණු හෙලි කෙරුණා.ඒ කතාව සත්‍යක් වුවත් නීතිමය සක්ෂි විනාශ වී තිබූ බැවින් මේ ගැන ජෝන් කලබල වූයේ නැහැ.
කලකට ඉහත ජෝන්ගේ ප්‍රථම ප්‍රේමය වූයේ,තමා බවත් විවාහ වන බවට ලිඛිත පොරොන්දුව දී තිබියදී තමා මග හැරීම අසාධාරණ බවත් කියමින් ඇලිසියා,නමැති යුදෙව් ජාතික තවත් සුන්දර තරුණියකද කෙනඩිට එරෙහිව නඩු කිව්වා. කෙනඩි විනෝදයට මෙන් ආශ්‍රය කළ ඇය නඩු මගට බසී යැයි ඔහු සිතුවේ නෑ. නඩුව පරදී යැයි බිය වූ කෙනඩි උසාවියෙන් පිටතදී ඈව හමුවී ඩොලර් මිලියන භාගයක් වන්දි ගෙවා දමා නඩුව ඉවත් කරගන්නට ඇයව එකඟ කර ගත්තා ඔහු ප්‍රථම ප්‍රේමයට එලෙස ද්‍රොහි වුණේ හරිම සැහැල්ලුවෙන්.
ඩියුරි මැල්කම් හා ඇලිස් යන දෙදෙනාම ජොන් කෙනඩිගේ ගැඹුරු ප්‍රේමයේ හිමිකරියන් වී කාලාන්තරයක් තිස්සේ ඔහුව ඇසුරු කර තිබු නමුත්, ජෝන් ඔවුන්ගේ කායික තෘප්තිය මිස අන්කිසිවක් අපේක්ෂා නොකිරීම ඔවුන්ට සිදු කළ බලවත් අසාධාරණයක් වුණා.ඒ කෙසේ වෙතත් අනාගත දේශපාලන නායකත්වය පිළිබඳව කෙනඩි සතුව තිබු දහසක් බලාපොරොත්තු,ඔහුගේ අනියමි සබඳතා සමග පටලවා නොගන්නට කෙනඩි දැක්වූ දක්ෂතාව පුදුම සහගතයි.
ජොන් කෙනඩි ජනපති ධුරය කරා ගමන් කිරීමේ තැබු ප්‍රථම පියවර වුයේ සෙනෙට් මන්ත්‍රී ධුරයක් දිනා ගැනීමයි.එවක ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය වුයේ 21 හැවිරිදි පැමිලා නමැති හුරුබුහුටි තරුණියක්.කෙන්ඩි සුපුරුදු පරිදි ඇය සමගත් අනියම් ප්‍රේමයකට මුල පිරුවා.ඒත් එය අනෙක් එවාට වඩා වෙනස්.කෙනඩි පැමිලා අයථා සම්බන්ධය අතටම හසු වූ අවස්ථා කිහිපයක් නිසා පසුකාලීනව ඔහුට ඇමරිකානු ජනතාවගේ මඩ ප්‍රහරයන්ට මුහුණදීමට පවා සිදු වුණා.
1958 වසන්ත සමයේ කෙන්ඩිගේ බිරිය ජැකුලින් හෙනිසස් වරායේ නිවාඩුවක් ගත කරීමට ගොස් සිටි වකවානුවේ කෙනඩි පැමිලා සම්බන්ධය දළුලා වැඩුණු බැව් පැවසුවා.ජෝර්ජ් ටවුන් නගරයේ ලෙනාර්ඩ් කාටර් නමැත්තකුට අයත් නිවසක ඉහළ මාලයේ කුලියට නවාතැන්ගෙන සිටි පැමිලා මුණ ගැසීමට කෙනඩි රාත්‍රි යාමයට රහසින් පැමිණෙන බව මුලින්ම ඉව වැටුණේ. නිවෙස් හිමි කාටර් මහත්මියටයි. “රෑ එකට පමණ මට කවුදෝ නිවසට ගල්ගසන ශබ්ධයක් ඇසුනා.ජනෙල් අතරින් බලන විට කෙනඩි පහත මාලයේ සිට පැමිලා සිටි කාමරයට ගල් කැට විසි කරමින් සංඥා නිකුත් කරනවා.ටික වේලාවකින් ඇය හෙමින් සීරුවේ බැල්කනියට පැමිණ ඔහුට ඇතුළු වන්නට දොර හරිනවා.“
පසුකලෙක ජනමාධ්‍ය හරහා කෙනඩිට බලවත් බාධක එල්ල කල කාටර් යුවළ එදා සිද්ධිය විස්තර කර තිබුණේ එලෙසයි. ඔවුන් කුලී කාමරයේ රහසේම ටේප් රේකෝඩරයක්ද සවි කොට මෙකී රහසිගත සම්බන්ධයට අදාළ තවත් සාක්ෂි රැස් කළ අතර ඉන් පසු අයථා සම්බන්ධය ගැන බැණ වැදී පැමිලාවද නිවසින් පන්නා දැමුවා.
පැමිලා ඉන්පසු නවාතැන් ගත්තේ, මාරි මයර් නමැති ගෘහණියකගේ නවාතැන් කාමරයකයි.කෙනඩි හා ඈ අතර සම්බන්ධය එහිදීත් සරුවට වැඩුණු බැව් පැවසුනා.
මූලාශ්‍රය:-http://www.lifetips.lk/kennedy-lovers.html

Last edited: