කුමන්ත්‍රණ ගැන...

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ආයෙත් කුමන්ත්‍රණ, මාස්ටර් ප්ලෑන් ගැන කතා ගොඩයි.

    ආන්ඩුවෙ උන් ගුටිකන්නෙත්, දේශපාලකයොන්ගෙ ගෙවල් ගිනි තියන්නෙත් මාස්ටර් ප්ලෑන් එකකටලු. ඔය ගෙවල්වල ගෑස් සිලින්ඩර්, වියළි ආහාර එහෙම ප්ලාන්ට් කරල තියන්නෙත් අපි වගේ පෘතග්ජනයන්ට නොතේරෙන මේ කුමන්ත්‍රණ වල කොටසක් විදිහට වෙන්ටෑ.

    මේ ගානට කෙලවිලා ඉන්නකොට ඕනෙම ආන්ඩුවක් ගේමක් ගහල තමන් ගොඩයන්න බලනව තමයි. තියන තත්වය තමන්ට වාසි විදියට හරවගන්න කරන්න පුළුවන් හැමදේම කරනව තමයි. හැබැයි ඒකෙ තේරුම මුළු සිද්දි දාමය කාගෙහරි සැලැස්මක් කියන එක නෙවෙයි. ඇත්තටම කියනවනම්, මිනිස්සුන්ගෙ හැසිරීම සහ ප්‍රශ්නෙ බරපතලකම ලොවෙත් තේරුම් ගන්න පාලකයො අසමත් වීම නිසා ඇතිවුන තත්වයක් නෙවේද මේක.

    මේ පාලකයන්ගෙ බුද්ධියට ඔය තරම් ක්‍රෙඩිට් එකක් දෙන්නෙ ඇයි කියල තේරෙන්නෙ නෑ. ටර්ම් එකේ අවුරුදු දෙකක් තියෙද්දිත් මේ තරම් නාගන්නකොට කොහෙද මේ සටකපට බුද්ධිය තිබුනෙ. අඩුම තරමෙ රට කියන්නෙ තමන්ගෙ ආදායම් මාර්ගය කියල හිතල හරි වැඩේ ගොඩ දාන්නනෙ ඕනෙ. නෑ...මේ තියෙන්නෙ හද්ද ගොංකම මිස වෙන මොකක්ද.


    හැමදේම පිටිපස්සෙ මාස්ටර් ප්ලෑන් දකින ඔස්තාර්ලට මිස් උන ඇස් පනාපිට පෙනුන සරල දේවල් කීපයක් මේ.......

    - විනය හදනව, රට සිංගප්පූරුවක් කරනව, සුලු ජාතීන්ට බැස්ටිය දෙනව වගේ සිංහල ස්වප්න මෝචන උඩ ගෝඨ ගෙනාපු ප්‍රොජෙක්ට් එක ෆේල් වෙන බව

    - ටැක්ස් කපල, රාජ්‍ය ආදායම නැති කරගෙන ෆුල් ආතල් එකේ ගියපු ගමන වැඩිකල් යන්න බැරි බව

    - කෘෂිකාර්මික රටකට එකපාර පොහොර තහනමක් දාල ගතපු ආතල්වල ප්‍රතිඵල අතළඟ එන බව

    - දැන් මාස හයක විතර ඉඳල මිනිස්සුන්ගෙ පීඩනය දරාගන්න බැරිතරමට වැඩිවුන බව සහ පුපුරල යන්න පුළුවන් තත්වයක් තිබුන බව

    - මිනිස්සුන්ගෙ ප්‍රශ්න නියෝජනය කරන්න දේශපාලන පක්ශ අසමත් වීම සහ මේ නිසා ප්‍රචණ්ඩ විදියට මේ පීඩනය පුපුරල යන්න තිබුන ඉඩ වැඩි උන බව

    - පාර්ලිමේන්තුව මෙච්චර ප්‍රශ්න මැද නාඩගම් නැටීම නිසා, මිනිස්සුන්ගෙ විස්වාසය නැතිවීම සහ විරෝධය මුළු පක්ශ විපක්ශ කාටත් එල්ල වුන බව

    මේ සේරම තියෙද්දි කියනව මේකත් ආන්ඩුවෙ සැලැස්මක් කියල. ආන්ඩුව මේකෙන් තමන් ගොඩයන්න පුළුවන් ක්‍රම අත් හදා බලයි ඔය ගෝල්ෆේස් එකට ගැහුව වගේ. සුපුරුදු ලෙස ජාතිවාදී ගැටුම් ඇති කරන්න බලයි, මිලිටරිය දාල බය කරන්න ට්‍රයි කරයි, කලින් කරපු බාල නාට්‍ය වගේ ඒව කරල වෙන පිරිස් වලට වගකීම දාන්න ට්‍රයි කරයි. මේවට කොහොමද යකුනේ කුමන්ත්‍රණ කියන්නෙ. මේ රෝල ගහගන්න ක්‍රම. ඕව ඇරෙන්න අයිය මලෝ හොඳටම කරන්න දන්න දේ ෆුට් සෝල්ජර්ස්ලට තුවක්කු අතට දීල මිනී මරන එක විතරයි. ඒකත් කරගන්න බැරුව ඉන්නෙ සල්ලි නැති නිසා සහ නහින දෙහින කාලෙ ඇමරිකාවට ගිහින් යහතින් ඉන්න අවශ්‍ය නිසා.

    කුමන්ත්‍රණ එක වතාවක් ඈඳගත්තම දිගටම උවමනා වෙනව. හොඳ උදාහරණයක් ගෝඨා ගෙ ආගමනයයි පිටත් වීමයි. මූව ගෙන්නුවෙ විජාතික පරදේශක්කාර මුස්ලිම් දෙමළ කුමන්ත්‍රණ වලින් රට බේරගන්න කියල. අන්තිමට මූ අවුරුදු දෙකහමාරෙන්ම රට බේරුව බේරිල්ලක්. දැන් මූව ගෙන්නපු විද්වත් බයි න්‍යායචාර්‍යවරුම කියන්නව ගෝටා පාලනය බැසිල්-මොරගොඩ-රනිල්-ඉන්දියා මල්ටි ලැටරල් කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් කියල. මදැයි කුමන්ත්‍රණ ඔස්තාද්ලට වෙච්ච දේ.

    මේව විතරක් නෙමේ. පාස්කු ප්‍රහාරය කියන්නෙ ගෝඨ බලයට එන්නම කල කුමන්ත්‍රණයක්‍ ය, මහින්දගෙ උගන්ඩා මුදල් කොන්වෝයි පවා තවමත් ස්පෙක්‍යුලෙටිව් කතා විතරයි.

    නොතේරෙන දේවල් ලෝකෙ තියෙනව. ඒව ගැන මනස්ගාත නොකිය කෙලින්ම "තේරෙන්නෙ නෑ බන්" කියල කියන්න ඉගෙනගත්තනම් මේ මඟුලෙ හෑලි ලියන්න යන අපේ වෙලාවත් ඉතුරුයි. අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ කරුණාකර ඔබේ හයහතර නොදන්නා දරුවා කුමන්ත්‍රණ රකුසාගෙන් බේරාගන්න කියල තමයි. ඇස් පනාපිට සිද්ධ උන දේවල් පෙනුන්නැති අනේ උඹලැයි කුමන්ත්‍රණ 🙂.


    ED33FA70-0972-40DA-B86B-E08A85E2BCC2.jpeg
     
    Last edited:

    bodoskia

    Active member
  • Mar 21, 2012
    157
    58
    28
    Agreed machn. Well said.

    They are not master minds but cunning, greedy robbers with no values.
    They will try to do what ever the thing they can do but not with so called mastery.