කුමාර් චූක්‍ෂානාද සංගක්කාර / More about Kumar Sangakkara

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
කුමාර් චූක්‍ෂානාද සංගක්කාර / More about Kumar Sangakkara
 
Last edited:

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
මිත්ශරශීලී බව
වත් පොහොසත්කම් අතින් සහ උගත්කම අතින් පිරිපුන් පවුල් පසුබිමක් යටතේ ජීවත්වන සමහර උදවිය ඕනෑවටත් වඩා හිස උදුම්මාගත් චරිත ලෙස පෙනී සිටී. නමුත් සංගාගේ මව පවසන පරිදි සංගා කුඩා කාලයේ සිටම අන් අයට උදව් කරන වඩා මිත්පරශීලී චරිතයකි. කුඩා කාලයේදී නිවස තැනීමට ආ බාස් උන්නැහේලාට අත්උදව් දුන් සංගා නිතරම ඔවුන් සමග මිත්පරශීලීව සිටි අයෙකි.
”එයා හරිම කරුණාවන්තයි. උස් පහත් භේද, දුප්පත් පොහොසත් භේද එයාට නැහැ. ගෙදර වැඩ කරන අය එක්ක පවා හරි එකමුතුයි. මාව හදා වඩා ගත්ත කාන්තාවක් හිටියා. මම විවාහ වුණාට පස්සෙත් ඇය අපි එක්කමයි හිටියෙ. පසු කාලයක මගේ දරුවනුත් ඇය තමයි බලාගත්තේ. කුමාර පුතාට බහ තේරෙන කාලෙදී සිංහල අලූත් අවුරුද්දක් දවසේ වැඩිහිටියන්ට බුලත් දෙන්න කියලා අපි කිව්වා. මෙයා එකපාරටම බුලත් අත අරගෙන ගිහින් එයාව බලාගන්න වැඩිහිටි කාන්තාවට වැන්දා. අපි ඔක්කෝටම හරි පුදුමයි. අන්න ඒ වගේ නිහතමානි ගුණාංග කුඩා කාලයේ ඉඳලාම එයාට තිබුණා. මෙයා පි්ාරයමනාප වගේම විවිධ අංශවලට දක්ෂ වූ නිසාම දන්න කියන අපේ යාළු මිත් රයන් කවදාහරි දවසක මෙයා ලෝකයේ ජනපි්යරය චරිතයක් වේවි කියන අනාවැකි පළ කළා”
සංගාගේ මව කුමාරි සංගක්කාර තවදුරටත් එදා මතකය ගෙනහැර පෑවේ එලෙසිනි.

දුර්වලකම
සංගාගේ හොඳ විතරද? දුර්වලකම් නැද්ද කියා අප මවගෙන් විමසූ විට ඇය කියා සිටියේ මෙහෙම දෙයකි.
”එක කාලයකදි දඟකාර චරිතයක් වූ නිසා මම ටිකක් තදින් හිටියා. මට බය තිබුනේ ඉගෙනීම් කටයුතු කඩාකප්පල් කර ගනීවි කියලයි. ඒත් කුමාරගේ තාත්තා ජීවිතය ගැන බලන්නෙ හරිම සමබරවයි. කුමාර පුතා තාත්ත වගේම ලෝබ නැහැ. සමහර විට ඕනෑවටත් වඩා වියදම වැඩියි. එ්වා දුර්වලකම් හැටියට මම දැකපු දේවල්. ඒත් අද විවාහයෙන් පස්සෙ මේ දේවල් කොහොමද දන්නෙ නැහැ”

විවාහය
මව සඳහන් කළ විදියට එය ඕනෑම මවක සතු වගකීම ලෙස අපට සපථ කළ හැකිය. සියල්ල හමුවේ මව තරමක් තදින් සිටි නිසා කුමාර බය අම්මාට පමණි. තාත්තා දරුවන් සමග වඩා මිත්සරශීලීවීම නිසා ඕනෑම දෙයක් ඔවුන් කියන්නේ තාත්තාටය. නමුත් සංගාගේ මව විවාහයට බාධා කර නැත. සංගා x යෙහාලි විවාහය සිදුවූවේ පාසල් කාලයේ සිට තිබූ පෙම් සබඳතාවක් මතය. එදා දඟකාර චරිතයක් වූ නිසා විවාහය වැනි සංකීර්ණ දෙයකට සංගා මෝරා නැති බව සිතා මව තරමක චකිතයකින් පසු වී ඇත. ඒත් අද දරු දෙදෙනෙකුගේ පියෙකු ලෙස සංගා ගතකරන ජීවිතය දිහා බලද්දි මවක ලෙස ඇය අපමණ සතුටක් ලබයි. විවාහ වූ පසු සමහර දරුවන් මව්පියන් වෙතින් දුරස් වුවද, සංගා එදා වගේම අදද පවුලට වඩා සමීප දරුවෙකි. හෝකන්දර වැනි පළාතක ගහ කොළ ඇති තැනෙක නිවස පවා තනා ඇත්තේ සංගා තම දරුවන්ට පරිසරයේ ආස්වාදය ලබාදීමේ අරමුණ වූ නිසාය. ඔහු සොබාදහමට වඩා ආදරය කරන චරිතයකි.

ඉංගී්්රසි භාෂාව සඳහා චතුර කථිකත්වයට හේතුව
සංගා ඉංගී්කරසි භාෂාව කතා කිරීමට වඩා චතුර බව බොහෝ දෙනා කියන දෙයක්. කුඩා කල සිටම බෙහෙවින් පොත පත කියවීමට පුරුදුව සිටීම ඊට හේතුව බව මව සඳහන් කරයි. අදද සංගා විවිධ පොත්පත් කියවන අයෙකි. කියවීමට රුසියෙකු වූ ඔහු දේශපාලන සාමාජයීය, ආර්ථික මෙන්ම විවිධ විෂයයන්ට අදාළව පොත් පත් පරීශීලනය කරන අයෙකි.

නායකත්වය
සංගා ශ්රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පත්වීම ඔහුගේ පවුලේ අයට විශාල ආඩම්බරයකට කරුණක් නොවේ. එය සතුටට කරුණක් බව සැබෑය. සංගාගේ පවුලේ උදවිය ජීවිතය එහෙන් මෙහෙන් අත පත ගාන අය නොවේ. ජීවිතයට බරක්, අරුතක් දීමට කටයුතු කරන අය බව මේ සියල්ල දෙස බැලීමේදී අපට පැහැදිලි වන කරුණකි.


පසුවදන
මේ සියල්ල දෙස මෙන්ම ලෝක ප්වරකට වූ ‘කුමාර් චූක්ෂානාද සංගක්කාර’ නමැති ඒ අසහාය කී්ටරඩකයා වෙතින් වත්මන් පරපුරට ගතහැකි ආදර්ශ බොහෝ බව මෙම සටහන වෙතින් සපථ කරගත හැකිය. සැබැවින්ම ඔහු ජීවිතයට මොනතරම් අරුතක් දී ඇතිදැයි අපට වටහාගත හැකිය. එනයින් බලන කල කි්ැරකට් ලෝලීන්ගේ ආදරණීය සංගා යනු ලෝ ප්මරකට චරිතයක් පමණක් නොව මහ බරක් ඇති චරිතයකි.

සඳුන් ගමගේ
මූලාශ්ිරය – ලංකාදීප
Presented by Y2K (As a gratitute for Sanga)