කුඹියෝ Season 2 ??

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    කුබියෝ season 1 කියන්නේ ජෙහාන් ගේ කතාව එත් ඇත්ත කතාව එලියට එන්නේ season 2 එකෙන් ඒ ප්‍රියන්තගේ කතාව.
    ප්‍රියන්ත කියන්නේ ගමේ කොල්ලෙක් එත් අහිංසක නැ.මිනිහ මරු මොලයක් පාසල් විවාද කණ්ඩායමේ නායකයා.එනිසා ගහල නොතිබුනත් එල ගේම් කාරය.කව්රුත් නොදන්නා දේ තමා ප්‍රියන්ත කියන්නේ අති දක්ෂ නළුවෙක් කියන එක ඉස්කෝලේ නාට්‍යක් තිබ්බොත් හැම එකකම ප්‍රදාන නළුවා මු ප්‍රදාන නළු කමට අමතරව තව චරිත 2,3 ක් එකම නාට්‍යය් රගපාන්න ඒ තරම් මු පොර.
    ...........................
    දැන් තමා කතාව පටන් ගන්නේ කාටවත් වැඩියේ highlight නොවුන පට්ටම චරිතයක් මේ කතාවේ ඉන්නවා ඒ තමයි අතුල,අතුල අනුරාධපුරේ එත් අතුලගේ අම්මගේ ගම මහඋල්පතගම ප්‍රියන්තලගේ තාත්තයි අතුලලයි ගමේ එකට සෙල්ලන් කරපු කොල්ලෝ අතුල හමුදාවට යන්න කලින් පොල් කඩන රස්ස්සව කරලා තියෙනවා.ප්‍රියන්තලගේ ගෙදරත් ඒ දවස් වල පොල් කඩල තියෙන්නේ අතුල.පස්සේ දවසක අතුල ප්‍රියන්තගේ තාත්තට කියපු කතාවකට හිත රිදිලා තමයි ප්‍රියන්තගේ තාත්ත පොල් ගහකට නගින්න ගිහින් වැටිලා මැරුණේ.මොනවා උනත් අතුලට එකට මාරම අවුල්.ප්‍රියන්තලට අමාරු කාලයක් එන්නෙත් ඊට පස්සේ
    අතුලට ඕනි වෙනවා ප්‍රියන්තලගේ පව්ලට මොකක් හරි උදව්වක් කරන්න ඒ නිසා අතුල ප්‍රියන්තට කොළඹ ගාමන්ට් එකකින් ජොබක් හොයල දෙනවා ඔය අතරේ තමයි මල්දෙනියට ජෙහන්ව හම්බ වෙන්නේ ඒ වගේම මල්දෙනියගේ හැම ගෙමක්ම දන්නා කෙනා තමයි අතුල කියන්නේ.
    අතුල දන ගන්නව ජෙහාන් මේ වැඩේට රෝවන් කියල ගමක අහිංසක කොල්ලෙක් සෙට් කරන ඉන්නවා කියල .අතුල සිද්දිය ප්‍රියන්තට කියල,කියනවා පුළුවන් නම් යමක් කරගනින් කියල.
    ...............................
    ඔන්න්න දැන් තමයි කතාව ඇත්තටම පටන් ගන්නේ ප්‍රියන්තගේ ගේම පටන් ගන්නේ දැන්,ප්‍රියන්ත රෝවන් ට නිර්නාමික ලිපි 2,3 ක් යවනවා ටිරන්ලා ගැන ලුණු ඇඹුල් වැඩිපුරත් දාල.ප්‍රියන්තට ඕනි උනේ මිනිහව බය කරලා අපහු ගමට යවන්න.ඒ උනත් වෙන්නේ ප්රියන්තවත් හිතපු නැති දෙයක් රෝවන් පොලීසි යනවා පස්සේ තම ටිරන්ලා රෝවන්ට ගේම දෙන්නේ.අමනෙන් හරි කෙමනෙන් හරි ප්‍රියන්තට ඕනි වැඩේ උනා.ඕන් දැන් තම ප්‍රියන්තය සීන් එකට එන්ටර් වෙන්නේ,
    මිනිහ දවස් ගානක් ජෙහන්ගේ පස්සෙන්මයි එත් ජෙහන්ට මිනිහව නෝට් වෙන්නේ නෑ.පස්සේ තම අර බස් එකේදී සිද්දිය වෙන්නේ.මොලයක් ඇතිව බලපු එකෙක්ට තේරනව ප්‍රියන්ත දෙන්නේ ගේමක් කියල නැත්තන් කොළඹ දැකලවත් නැති මිනිහෙක් රස්සාවක් දෙන්නන් කියපු පලියට උඋත් එක්ක පාලු බිල්ඩිමක ඉදන් උ කරන හැම හොර වැඩෙටම සප් එක දෙනවද නැනේ.
    ප්‍රියන්ත ජෙහන්ට සෙට් උනට පස්සේ උන දේවල් හැමෝම දන්නවනේ හැමෝම හිතන් හිටියේ ජෙහන්ට ඕනි විදිහට ප්‍රියන්ත නටනවා කියලයි එත් ඇත්තටම උනේ එක නෙවෙයි.
    ප්‍රියන්තට ඕනි විදිහටයි ජෙහාන් නටල තියෙන්නේ ...
    අන්තිමේදී මහමතිවරණේ මල්දෙණිය-තෙන්නකෝන් ප්ප්‍රමුක කණ්ඩායම දිනනවා.ප්‍රියන්තට ප්‍රබල ඇමති කමක් හම්බවෙනවා.එත් රටේ ජනාධිපති නම් පරණ ආණ්ඩුවේ නයකයමය.අලුත් කැබිනට් එක දිව්රුම් දීපු දවසේ රෑ ප්‍රියන්ත ජෙහන්වයි අතුලවයි ගෙදරට ගෙන්නනවා.හැමෝටම ගේම් දීපු ජෙහන්ට එදා තමයි ගේම සෙට් උනේ මිනිහව නිකන් කරකවල අත්හැරිය වගේ.. එදාම, ඉස්සරහට වෙන්න ඕනි ටික ප්‍රියන්ත ජෙහාන් ට පැහැදිලි කරලා දුන්න.. දැන් තමයි කතාව season 1 එකේ final කෑල්ලට සෙට් වෙන්නේ.. එදා ජෙහාන් මල්දෙනියගෙන් අතුලව විශ්වාසද කියල අහන්නේ නිකන් නෙවෙයි.වැදගත්ම දේ තමයි අපු calls දෙක මල්දෙනියට අපු call එක එන්නේ ජනාධිපතිගෙන්, ලේකම්ට එන්නේ ප්‍රියන්තාගෙන්.
    ජනාධිපති හදිස්සියේම ජනාධිපතිවරණයක් ගැසට් කරලා එක කියන්නයි කතා කරලා තියෙන්නේ.එත් හොදම call එක අනික.. එකේ කියපු දේවල් ගැන අමුතුවෙන් කියන්න ඕනි නැනේ ඉතින්....
    ටික දවසකට පස්සේ මේකයි උනේ ජනාධිපතිවරනේදී මල්දෙණිය-තෙන්නකෝන් පාර්ශවයේ නැත්තන් ආණ්ඩුවේ පොදු අපේක්ෂකයා තමයි
    ප්‍රියන්ත මහඋල්පතගම.
    ..............................................
    මේ සිද්දිය වෙලා දැනට අවරුදු 8යි.ප්‍රියන්ත ජනාධිපති තුමා දැන් තමන්ගේ දෙවන දුර කාලය ගතකරනවා.ජනපති ප්‍රධාන ආරක්ෂකයා තමයි අතුල,අගමැති තාමත් මල්දෙණිය,ජනාධිපති ලේකම් තමයි ජෙහාන් ප්‍රනාන්දු,එකත් ප්‍රියන්තගේ ගේමක් ජෙහාන් තිරයේ උද ඉන්න තරමට එකේ වාසිය ප්‍රියන්තටමයි..හොදම දේ තමයි හිරුණි එයා තමයි ලෝකේ ලාබාලතම ජනාධිපතිගේ ආර්යාව එහෙමත් නැත්තන් ප්‍රියන්තගේ වයිෆ්... හිරුණිගේ කතාව season 3 න බලාපොරොත්තු වන්න

    Uputa ganimaki - Facebook