කුඹුක් / Terminalia arjuna

reuse

Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    EC643AA4-9F6B-4F43-866C-183D64F38821.jpeg

    කුඹුක් / Terminalia arjuna

    කුඹුක් ( අර්ජුන ) ශාකය වන්දනීය අටවිසි බෝධීන් වහන්සේ නමක් වන්නේ අනෝමදස්සි හා පියදස්සී නම් සම්මා සම්බුදු රජාණන් වහන්සේලාට බුද්ධත්වයට පත් වන්නට කුබුක් ශාකයක සෙවණ ලබමින් කුඹුක් ශාකයට පිටදී බවුන් වැඩීම නිසාය. එ නිසා අටවිසි බෝධීන් වහන්සේ නමක් සේ කුබුක් ශාකයට වන්දනා මාන කරනු ලබයි.

    කුඹුක් ශාකය හදුන්වන නාමයන් අතර කුකූභ , නදීසර්ජ , ධවල අර්ජුන , ඉන්ද්‍රද්‍රැ (ශක්‍රවෘක්ෂ) , වීරවෘක්ෂ , වීරතරු පාර්ථ යන නාමයන් හමුවෙයි. ඉංග්‍රීසියෙන් Arjuna කියා හදුන්වන්නේ කුබුක් ශාකය වන අතර දෙමලෙන් වෙල්ලමාද , වෙල්ලෙයි මාරමි කියා හදුන්වයි. සංස්කෘතයෙන් අර්ජුන කියා මේ ශාකය හදුන්වනු ලැබෙයි. විවිධ නාමයන් කිහිපයකින් හදුන්වන කුබුක් පහත රට කලාපයේ ජලාශ්‍රිත ප්‍රදේශවල ද වියලි කලාපයේ වැව් ආශ්‍රිතව ද බහුලව දක්නට ලැබෙන ශාකයකි.
    76A99C1A-1D1A-4CE6-8AE0-43FF7328316E.jpeg

    කුඹුක් 25m ක් පමණ ඉහලට අතු පැතීරි වැඩෙන දේශීය ශාකයකි. ආයුර්වේදයේදී කුබුක් හදුන්වන ප්‍රකට නාමය වන්නේ අර්ජුන ය. රෝස හෝ කොළ සුදු පැහැයට හුරු සිනිඳු පොත්ත පතුරු ලෙස ගැලවී ඉවත් වන ස්වභාවයක් ගනියි. සරල පත්‍ර සම්මුඛව හෝ උප සම්මුඛව පිහිටන අතර පත්‍රයක දිග 15cm ක් පමණද පළල 7cm ක් පමණ වෙයි. පත්‍ර හැඩය ආයත සිට අණ්ඩාකාර , ලන්සාකාර හැඩ ගන්නා මෙහි ළපටි පත්‍රවල බූවක් දක්නට ලැබෙයි. පුෂ්ප මංජරිය සංයුක්ත ඒකාක්ෂයකි. වෘන්ත රහිත කුඩා මල් ළා කහ හෝ කොළ සුදු පැහැයෙන් අප්‍රියෙල් ,මැයි මාසවල බහුලව දක්නට ලැබෙයි. ඵලය නොපැලෙන අෂ්ටිලයකි. එක් ඵලයක් තුල තද දුඹුරු පැහැති එක් බීජයක් පිහිටයි. කුඹුක් Combretaceae කුලයට අයත් ශාකයකි.

    කුබුක්වල දෝෂ කර්ම වන්නේ පිත සමනය කිරීම වන අතර ගුණ කර්ම වන්නේ ගුණ - ලඝු , රූක්ෂ වීර්‍ය්‍ය - ශීත විපාක - කටුක ප්‍රභාව - හෘද්‍යයි.

    අධිරුධිර පීඩනයය , වණ , අස්ථිභග්න , හෘද රෝග , පෙනහලු රෝග , දියවැඩියාව , ප්‍රමේහ , විඩාව , මූර්ජා , පණු රෝග , උදර රෝග , ගම්භීරකුෂ්ඨ , විදුරු මසින් ලේ ගැලීම , විසූචිකා , පාන්ඩු , සුදු කබර , රක්ත අතීසාරය , රක්ත අර්ශස් , රක්තපිත්ත , ඉදිමුම් ආදී රෝග රැසකට ප්‍රතිකාර කිරීම සඳහා කුඹුක් කොළ, පොතු, සුඹුලු, ගෙඩි ආදිය භාවිතා කරයි. පොතු ගැනීමේදී රතු හෝ රෝස පැහැ වූ මේරූ පොතුම ගත යුතු බව සඳහන් කර ඇත. කුඹුක් රක්ත ස්තම්භන , සන්ධානී , වණ ශෝධනය සහ රෝපණය කරන , මුත්‍ර සංග්‍රහනී , විෂ නාශක ආදී ගුණයන් රැසකින් සමන්විත වෙයි. කුඹුක් පොතු විශේෂයෙන්ම හෘදය ශක්තිමත් කිරීමේ හැකියාවෙන් යුක්ත බව පැරණි වෛද්‍ය මතයකි.

    * ක්ෂය රෝගය , රක්ත පිත්ත , රක්ත ස්‍රාව , පපුවේ දැවිල්ල ආදියට කුඹුක් පොතු චූර්ණය පාවට්ටා කොළ යුෂින් භාවනා දී (රැයක් පවට්ටා යුෂවල බහා තබා පසු දින උදයේ සිට වේලා) සියුම්ව අඹරා ගිතෙල් සමඟ කෑමට ගත යුතුය. * ශුක්‍ර මේහයට සහ ශ්වේත ප්‍රදරයට කුඹුක් පොතු , සුදු හඳුන් සමව ගෙන සකසා ගත් කෂාය බීමට දෙයි.
    * දියවැඩියාවට කුබුක් පොතු තම්බා පානය කිරීම ඔසුවකි.
    * ශුක්‍ර මේහයට, ඉරුවාරදයට, බොහෝ චර්ම රෝග සඳහා සහ ශරීර ශක්තියට කුඹුක් පොතු කෂාය ගුණදායක ය.
    * රත්පිතට කුඹුක් ශීත කෂාය යොදයි.
    * වණ සඳහා ප්‍රතිකාර ලෙස කුඹුක් කොළයකින් වණය වසා තැබීම, කුඹුක් කොළ තම්බා සේදීම සහ කුඹුක් ගෙඩි තම්බා අඹරා වණය මත ඇතිරීම ආදිය සිදු කරයි.
    * ව්‍යංගයට කුඹුක් පොතු ගලගා ආලේප කරයි. * රක්ත අතීසාරයට කුඹුක් පොතු කිරි කෂාය බීමට දෙයි.
    * කුබුක් පොතු චූර්ණය නුග ගසේ බැදි මී පැණියෙන් අනා කෑමට ගැනීම මතක ශක්තිය වර්ධනයට සුදුසුයි.
    * කුබුක් පොතු තැම්බූ වතුරින් මුව සේදීම , සියුම්ව අබරා ගත් කුබුක් කුඩු වලින් දත් මැදිම දත් දිරායාමට , වීදුරුමස් රෝග ආදියට ගුන ලබා දෙයි.
    * ඉදිමුමට කුඹුක් මල් අඹරා ආලේප කරයි.
    * කුඹුක් සුඹුලු චූර්ණයෙන් දත් මැදීමෙන් දත් කැක්කුම සුව වෙයි.
    * කුඹුක් පොතු මී පැණියෙන් ගලගා තැවරීමෙන් කුරුලෑ අඩුවෙයි.
    * කුඹුක් පොත්තේ , කඳේ සහ පොතුවල ඇති රසායනික සංඝටක පිළිකා සෛල වර්ධනය නිශේධනය කරන බව සඳහන් වෙයි.
    * කුඹුක් පොතු කෝපි මෙන් කුඩු කර සාදා බීම යටි පතුල් පැලීමට සහ දියවැඩියාවට ගුණ බව ගම්බඳ ජනයාගේ අත් බෙහෙතකි.
    * කුඹුක් දළු මැල්ලුම අනුභව කිරීමෙන් මලබද්ධය සුව වන අතර ආයුෂද වැඩි කරයි.
    * එසේම කැඩුම් බිදුම් වෙදකමේදීද කුබුක් පොතු භාවිතා කරයි.

    කුඹුක් ලීය වටිනා දැවයක් වන අතර අතීතයේ පාලම් ඉඳිකිරීමට සිල්පර කොට සඳහා ගෘහ භාන්ඩ නිපදවීමට ඔරු, හබල් ආදිය තැනීමට බහුලව භාවිතා කර ඇත. කුඹුක් ගසේ සිසිල සහ පිරිසිදු බව නිසාම කුබුක් ගසක් ළිං අසල වගා කරයි. මෙහිදී ගසේ මුල් ළිඳ තුලට ඒමෙන් ජලය සිසිල්වීම සහ පිරිසිදුවීම සිදුවෙයි. කුඹුක් ගසක් යට දිය නෑම ශරීරය සිසිලසින් කුල්මත් වන අත්දැකීමකි. දැඩි නියං කාලයට වූවද එම සිසිලස එලෙසම පවතී.

    කුබුක් පොතු වියලා කුඩුකර අමතර පානයක් ලෙසට සතියකට වරක් හෝ පානය කිරීම ප්‍රශස්ත වෙයි. එසේම කුබුක් දලු මැල්ලුම වර්ථමානයේ ආහාරයට එක්කර නොගත්තද පැරැන්නන් ආහාරයට ගත් මැල්ලුම් අතර කුබුක් දලු මැල්ලුමද ප්‍රධාන වෙයි.

    කුඹුක් ශාකයේ අන්තර්ගත රසායනික ගුණ ලෙසර පොත්තෙහි ටැනින් 15.8%ක්ද අර්ජුනැයින් හා ශර්කරාද, මැග්නීසියම් අල්පමාත්‍රාවක්ද , රංජක (වර්ණක) ද්‍රව්‍ය හා කේන්ද්‍රිය අම්ලද ඇත. තවද කුබුක් කැල්සියම් ආදී පෝෂණයන්ගෙන් පෝෂිතය.

    වර්ථමානය වනවිට ගස් කොලන් සදහා අත් වී ඇති ඉරණම ඉතා කණගාටුදායකය. ගස් කොලන් විනාශ කර වාණිජ වශයෙන් මුදල් සරිකර ගැනීම නිසා අනාගත පරපුරට පරිසරයක් ඉතිරිවෙයිද යන්න ප්‍රශ්නයකි. ඒ අතරින් කුබුක් ශාකයටද ඒ තර්ජනය ඉතාම තදින් බලපාන බව දැකිය හැක්කේ අද වනකොට සමාජයේ පොහොසත් ධන ලෝභී , බලලෝභීන් විසින් කුබුක් ටයිල් නමින් රැල්ලක් නිර්මාණය කර වටිනා ශාකයක් වූ කුබුක් ශාකය අත්තනොමතිකව විනාශ කර දමා සිය නිවෙස් සදහා බිමට කුබුක් අරටුවෙන් ටයිල් ඇල්ලීමට පටන් ගැන්ම අනාගත කුබුක් ශාකයට බරපතල තර්ජනයක් නොවී තියේද ? විමසන්නට වටියි.

    අපේ ඔසුපැල පිටුවේ තොරතුරු මෙන්ම ඖෂධීය ශාක සංග්‍රාහයේ තොරතුරු හා අන්තර්ජාලයෙන්ද තොරතුරු ගෙන සැකසුනකි.
    මෙවැනි ස්වභාවික ශාක හඳුනා ගැනීමටත් විශේෂයෙන් ඒවා මතු පරපුර උදෙසා ආරක්ෂා කර දීමට උනන්දුවන්න !!! ශාක හා සබැඳි පාරම්පරික දැනුම ද සමාජගත කිරීම සත් ක්‍රියාවකි. පැලයක් සිටුවමින් යුතුකම ඉටුකරන්න මහී දෙවගනගේ ආරක්ෂාව තහවුරු කරලීමට 🙏 🙏 🙏 ....

    copied බෙහෙත් පිටුව