වැස්ස කාලෙට යටවෙනවද කියල බලන්න ඕනෙ,
ඊ ලඟට, පරණ ඔප්පු වල ලියල තියෙන්නෙ ගොඩ ඉඩම කියලද, කුඹුර හෝ ඕවිට කියලද බලන්න. ඕවිට, කුඹුර කියල ලියල තියෙනවනං ඕක කුඹුර පුරවල හදපු ගෙයක් වෙන්න පුලුවන්. එතකොට වැලිවු එක අඩුවෙන්න එහෙම බලපානව...
කුඹුර පැත්තට තාප්ප හෝ ගෙයි බිත්ති දාල තියෙනවනං, ඒවයෙ ගිලා බැහැපු ලකුණු, ක්‍රැක් එහෙම තියෙනවද බලන්න. ඒ කියන්නෙ හරියට බේස් දාල නැතුව හදල වෙන්න පුලුවන්.
අනික් ප්‍රධානම දේ..
ටොයිලට් වළවල් වල තත්වෙ බලන්න. ඕවට වතුර උනල පිරෙනව කුඹුරු අයිනෙ ගෙවල් වල. විශේෂයෙන්ම වැහි කාලෙට..., එහෙම වෙනව කියන්නෙ, හෙනම නඩුවක්....
මිනිස්සු පදිංචි වෙලා හිටපු ගෙයක්නං, වටේ ඇවිදල බලද්දි, එක ටොයිලට් හෝ වේස්ට් පිට් එකකට වඩා හාරල උඩින් කොන්ක්‍රීට් ලෑලි දාල තියෙනව වගේ තේරුනොත් වළවල් ඉක්මනට පිරෙන කේස් එක තියෙනව කියන එක තමයි හිතන්න තියෙන්නෙ.