කුඹුරු අයිනේ හදපු ගෙයක් ගන්නද

netnet

Well-known member
  • Oct 6, 2016
    9,649
    8,379
    113
    දන්න කෙනෙක් කාලයක් කුබුරක් ළග ගෙදරක හිටිය. ගෙවල් වල අයිති අය සර්පයෝ එනවා කියලමයි දුන්නේ. පිළිගන්න එකක් නෑ සමහරවිට ඒ ඉන්න කාලෙට අනික් ඉඩම් වල එක ඒක සත්තු සර්පයෝ අහු උනා ඔය ගෙදර එකෙක් නෑ. ගෙට ගිය දවසම කද පිරිත මතුරපු වැලි වටේට ඉස්ස. හැමදාම වගේ දාන පිරිත් වලට කද පිරිත අලුතෙන් එකතු කරා.
    මෙකයි සීන් එක ගොයම් කපන කාලෙට උන් වතු වලට රින්ගනවා. ගොයම් කාලෙට වෙලට බහිනවා. රෑට පොලොන්ගු නම් අඩුවක් නෑ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    වැස්ස කාලෙට යටවෙනවද කියල බලන්න ඕනෙ,
    ඊ ලඟට, පරණ ඔප්පු වල ලියල තියෙන්නෙ ගොඩ ඉඩම කියලද, කුඹුර හෝ ඕවිට කියලද බලන්න. ඕවිට, කුඹුර කියල ලියල තියෙනවනං ඕක කුඹුර පුරවල හදපු ගෙයක් වෙන්න පුලුවන්. එතකොට වැලිවු එක අඩුවෙන්න එහෙම බලපානව...

    කුඹුර පැත්තට තාප්ප හෝ ගෙයි බිත්ති දාල තියෙනවනං, ඒවයෙ ගිලා බැහැපු ලකුණු, ක්‍රැක් එහෙම තියෙනවද බලන්න. ඒ කියන්නෙ හරියට බේස් දාල නැතුව හදල වෙන්න පුලුවන්.

    අනික් ප්‍රධානම දේ..
    ටොයිලට් වළවල් වල තත්වෙ බලන්න. ඕවට වතුර උනල පිරෙනව කුඹුරු අයිනෙ ගෙවල් වල. විශේෂයෙන්ම වැහි කාලෙට..., එහෙම වෙනව කියන්නෙ, හෙනම නඩුවක්....
    මිනිස්සු පදිංචි වෙලා හිටපු ගෙයක්නං, වටේ ඇවිදල බලද්දි, එක ටොයිලට් හෝ වේස්ට් පිට් එකකට වඩා හාරල උඩින් කොන්ක්‍රීට් ලෑලි දාල තියෙනව වගේ තේරුනොත් වළවල් ඉක්මනට පිරෙන කේස් එක තියෙනව කියන එක තමයි හිතන්න තියෙන්නෙ.
     
    • Like
    Reactions: netnet

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445

    නෝනා කුඹුරු ගොවියෙක් එක්කද පවුල් කන්නේ
     
    • Haha
    Reactions: PHBhagya

    Nima98

    Well-known member
  • Aug 18, 2023
    292
    255
    63
    මචන්ලා මම හදපු ගෙයක් ගන්න හදන්නේ.
    ගෙට පිටිපස්සේ කුඹුරක් තියෙන්නේ.
    ප්‍රදාන පාරෙන් හැරිලා අඩි 20 පාරේ හැරී හැරී 200m විතර පල්ලෙහාට පල්ලමක් බැස්සම පාරේ අන්තිම කෙලවරේ ගෙදර.

    කුඹුරු අයිනේ ගෙවල් ගද්දි විසේසයෙන් බලන්න ඕනි මොනවද ? උල්දිය වගේ එන්න පුලුවන්ද??
    ගන්නවනම් වෙල පැත්තට තාප්පයක් දාපන් අපි ගෙයක් හදල කෙල උනා ඕනවට වැඩිය වෙලට ලගට ගන්න එපා foundation එකට හොද නෑ
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,166
    20,764
    113
    හස්තිශෛලපුර
    මචන්ලා මම හදපු ගෙයක් ගන්න හදන්නේ.
    ගෙට පිටිපස්සේ කුඹුරක් තියෙන්නේ.
    ප්‍රදාන පාරෙන් හැරිලා අඩි 20 පාරේ හැරී හැරී 200m විතර පල්ලෙහාට පල්ලමක් බැස්සම පාරේ අන්තිම කෙලවරේ ගෙදර.

    කුඹුරු අයිනේ ගෙවල් ගද්දි විසේසයෙන් බලන්න ඕනි මොනවද ? උල්දිය වගේ එන්න පුලුවන්ද??
    balapan ge hadala tiyenne kalin kubura goda karalada kiyala..
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,689
    113
    නිදාගන්න අමාරුයි බන් රෑට ගම්බො කෑගහනව
    එකෙක් බක් ගෑවම යායටම බක් බක් බක්
    දාහක් විතර කෑගහද්දි 80M වගේ දුරකට ඇහෙනව.
    ඒ ඉස්සෙල්ලම පටන් ගන්න එකාව නෝට් කරල ගේමක් දුන්නනන් ඒ ප්‍රශ්නෙත් හරි...
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    මමත් ඉන්නේ වෙලක් ලග ගෙදරක.

    හොද දේවල්

    01.රස්නේ නැහැ මචන් වටේටම ගස් එහෙම තියෙන නිසා.
    02.සුළං පාර එහෙම පට්ට.
    03.කන බොන වැඩ වලට නම් නියමයි. සැනසිල්ලේ පාටියක් දාලා ආතල් ගන්න පුළුවන්.
    04.ඉඩම පල්ලෙහා කුඹුරට ලග හරියේ මායිමේ ලොකු ගස් වගයක් හිටවලා තියෙනවා. එක නිසා කෘමිනාශක ගහන ඒවා කෙලින්ම ගෙවල් පැත්තට එන්නේ නැහැ.
    05.උදේට මචන් කුරුල්ලෝ එහෙම ඉන්නවා වත්තේ. ඔළුවට ටිකක් හොදයි.
    06.ඕනේ තරම් හයියෙන් කෑගහලා ඉන්න පුළුවන්. වට පිටාවෙන් වත් කිසිම අවුලක් නැහැ.
    07.වහින දවස් වලට පට්ට කූල් එකක් තියෙන්නේ

    තව දේවල් තියෙනවා නිදහස වගේ. මතක් උන ඒවා දැම්මේ

    සැලකිය යුතු දේවල්

    01. මදුරුවන්ගේ ප්‍රශ්නේ නම් තියෙනවා. හුගක් වෙලාවට 6 වෙනකොට ගෙදර ජනෙල් එහෙම වහන්න ඕනේ.
    02. තලගොයි සහ කබරයෝ එහෙම ඉන්නවා. හැබැයි එකෙන් සර්ප ගහනය අඩු වෙලා තියෙනවා
    03.මුගටි ඉන්නවා, එක නිසා සර්ප ගහනය අඩුයි. දකින්නෙම නැති තරම්
    04. කබරයෝ තලගොයි ඇරෙන්න අනිත් කිසිම සතෙක් අපි යන එන වෙලාවට පාරට එන්නේ නැහැ. අපිව දැක්ක ගමන් මිසින් වෙනවා.
    05.දැන් අවූරුදු 10ක් වෙනවා මෙතන මම. නයි දෙන්නයි දැකලා තියෙන්නේ. එත් උන් වැටමායිමෙන් යනවා මිසක් එන්නේ නැහැ මිදුලට. එහෙම උනත් සැහෙන අවධානයෙන් ඉන්නේ පොඩි ළමයි දෙන්නෙක් ඉන්න නිසා.
    06.වැස්සම ඉඩමේ පල්ලෙහාට විතරයි එන්නේ වතුර. මොකද ඉඩම තියෙන්නේ බැවුමක් කපලා හදලා නිසා තට්ටු තුනකට තියෙන්නේ. උඩම තට්ටුවේ ගෙදර හදලා තියෙනවා. අනිත් තට්ටුවේ යන එන පාර සහ මිදුල තියෙනවා. යටම තට්ටුව තමා වෙල එක්ක සම්බන්ද වෙන්නේ. එක දිගට දවස් දෙක තුන වහිනකොට කුබුර ගගක් වෙනවා ලෙසටම.

    ගන්න ඉඩම වැස්සට යට වෙනවද කියලා බලහන්. මොකද වතුර එන විදිය ලොවෙත් හොයාගන්න බැහැ ඒ වෙලාවට. ඉඩම අයිනේ ගස් ටිකක් වවාගන්න පුළුවන් නම් අනිත් ප්‍රශ්නත් බැලන්ස් වෙනවා. නල ජලය අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා.
     
    • Like
    • Love
    Reactions: gcloud and Ysa Karu

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,684
    113
    colombo
    පට්ටම සීතලයි හරිම නිස්කලංකයි එකම අවුල තියෙන්නේ දවසට නයි දෙන්නා තුන්දෙනා ගෙදරට එනවා
    නයි එන්න හේතුව වෙන්න ඇති ගෙම්බො ඉන්න එක
    ඕක නම් වැඩිය හිතන්න දෙයක් නෑ බන්. ඔය තඩි නාග රාජයෙක් රටත් පාලනය කරන්නේ.