කුඹුරේ පිදුරු ගිනි තියන්න ගිය පුද්ගලයා ගින්නට හසුවී මරුට 😔 😟 🙁

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,441
    8,596
    113
    කුඹුරේ පිදුරු ගිනි තියන්න ගිය  පුද්ගලයා ගින්නට හසුවී මරුට

    වීරවිල, ගඟසිරිගම ප්‍රදේශයේ පුද්ගලයෙකු ගින්නකට හසුවී මියගොස් ඇති බවට විරවිල පොලිස් ස්ථානය වෙත ලද තොරතුරක් මත විමර්ශනයක් ආරම්භ කර තිබේ.

    මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 63ක් වූ ගඟසිරිගම, තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    අදාළ පුද්ගලයා විසින් තමාට අයත් කුඹුරේ තිබූ පිදුරු ගිනිතබා ඇති අතර එම ගින්න අවට කුඹුරු යාය වෙත පැතිරීම වැළැක්වීමට උත්සාහ කිරීමේදී ගින්නට හසුව පිළිස්සී ඇති බව මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත.

    පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය තිස්සමහාරාම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර වීරවිල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
     
    • Haha
    Reactions: Mugen

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,040
    4,484
    113
    සමහර ගොවියො පිදුරු ගිනි තියන්නෙ නෑ.ඒ මිනිස්සු පිදුරු ගිනි තියන උන්ට කියන්නෙත් කාලකන්නි කියල.
     
    • Like
    Reactions: pramodh87

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,907
    22,241
    113
    Kaer Morhen
    thewitcher.com
    දැන් ගොඩක් අය පිදුරු ගිනි තියන්න නෑ ආයේ කුඹුරට දානවා. මට මතකයි දැන් අවුරුදු ගානකට කලින් campaign එකකුත් ගියා ගොවි ජන එකෙන් ආයේ කුඹුරට දාල හාන්න කියලා පිදුරු.
     
    • Like
    Reactions: Mugen