කුරගල එදා තත්වය.......

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    කුරගල එදා තත්වය.......

    මේ කුරගල 2010 -10 වනා මාසේ වන විට ගත්තු පින්තුර වගයක්.මටකනේ ඊයේ නුලක දාල තිබුන අද තියෙන හැටි.කරලා තියෙන විනාසයේ තරම මේවත් එක්ක බලනකොට තේරෙනවා නේද.

    මේක 2010 -10 වන මාසේ අපේ කොල්ලෝ කට්ටියක් ගියපු සම්පුර්ණ විස්ත්රයක්.එළකිරි යාළුවොත් එක්ක බෙදා ගන්න හිතුව බලන්නකෝ හොඳද කියලා


    බලලා නිකන් යන්න එපා අපිටත් සලකන ගමන් බම්ප් එකකුත් දාන්න අමතක කරන්න එපා

    කූරගල කුරගල kuragala ලෙස හැඳින්වෙන විවාදයට තුඩු දී ඇති ස්ථානයක් දැක බලා ගැනිම සඳහා පසුගිය ඉරිදා එනම් 2010 10 02 දින, ලසිත සනිඳු දිනුක හා මම ගමන් ඇරඹුවේ උදෑසන හතට පමණ කොළඔ බදුල්ල 99 බස් රථයකට ගොඩවීමෙ

    [View attachment 44945

    කොළඔ ->[ 143 km] බලංගොඩ ->[ 22 km ] තැන්න -> [ 2 km ]කූරගල .... ලෙස අපගේ ගමන් මාර්ගය සටහන් වී තිබුණි. පැය හතරක් පමණ කොළඔ සිට බලංගොඩට යන අතර තුර සනිඳු හා දිනුක විසින් රසවත් ඓතිහාසික කරුණු මෙන්ම, ජනකතා ජනප්‍රවාද එක් කරමින් ගමනේ අපහසුව නොදැනෙන අපූරු ගමනකට මග පැදූ බව කිව යුතුමය. බලංගොඩින් කල්තොටට යන බසයේ පැයක පමණ ගමනකින් පසු කල්තොටට කලින් හමුවන ගම්මානයක් වන තැන්නට ලඟා වන විට දහවල් දොළහා වී තිබුණි. ඒ අසල ඇති කඩයකින් සුපුරුදු ආහාරයක් වූ පරාටද, එලවලු රොටි මෙන්ම ලැවරියා කිහිපයක් අහරට ගනිමින්, හකුරු සමඟ බෙලිමල් කෝප්පයක රස බැලුවේ එකකට රුපියල් 15 ක් ගෙවමිනි.

    View attachment 44946

    තොරතුරු සොයා යන ගමනේ කඩේ සිටි අය සමග කතා බහ කිරිමට අපි අමතක නොකලේ ලසිත විසින් ගමන පටන් ගනිද්දිම යෝජනා කල උපක්‍රමයකට අනුවය. ඒ අනුව කඩේ සිටි මෙවර සමාන්‍ය පෙළ කරන මල්ලි කෙනකු හා ඔහුගේ අක්කා සමග කන ගමන් කතා කරන්නට පටන් ගත්තෙමු.

    මේ ඔවුන්ගේ අදහස් ........

    //කූරගල අපේ තැනක්, නමුත් දැන් කරන්න දෙයක් නැහැ ඔවුන් ඒක අල්ලගෙන. ඒ දවස් වල නම් ලොකු විරෝධයක් තිබුණා. දැන් එහෙමත් නැහැ. පෙබරවාරි මාර්තු වෙන කොට මෙහේ උත්සවය, සෙනඟ එනවා ගොඩක්\\ -

    ඔය අතර මම පර්චස් එකක මිල ඇසුවෙමි. නමුත් ඔවුන් එක එල්ලේ එයට පිළිතුරක් නොදුන්නේ ඉඩම් විකුනා තව තවත් හිමි තැන අහිම කර ගැනිමට ඇති අකමැත්තද? එම ඉඩම් වල මිල ගණන් ඉතා පහත් වීමදැයි නොදනී. කෑමෙන් බිමෙන් පසුව කූරගල බලා පිටත් වීමට කිමි 2 ක් පමණ යායුතුව ඇත. එම පාරට හැරෙන තැනම බුදු පිළිමයක් ඇති අතර අලුතින් සවි කල පහත පුවරුවද දැක ගත හැකි විය. දහවල් කාලය නිසා අපි තුන් රියකින් ගමන පටන් ගත්තෙමු. ඒ යන අතරතුර ඔහුගෙන්ද තොරතුරු ගැනිමට අමතක නොකලෙමු.
    View attachment 44947

    View attachment 44948


    කූරගලට යන විට ත්‍රී වීල් රියැදුරුගේ අදහස් .....
    //තැන්න පටන් ගන්න හරිය සිංහල, කූරගලට යද්දි මුස්ලිම්, ගෙනත් ගෙනත් පදිංචි කලා. ඉස්සර මේක පුද්ගලික ඉඩමක්, අයිතිය තිබුනේ රත්වත්තේ වලව්වට. පස්සේ කාලක සිරිමාවෝ මැතිණිය මේක ලියලා දිලා තියනවා අබුසාලිට\\

    කූරගල ගොස් පැණීමේදි මෙම දුර පයින් ඒමට තීරණය කර තිබුණත්. අතරමගදි අපට නැවතත් ඒ ත්‍රීවීල් කරුම හමුවිය. ලිපියේ මෙතනම ඔහු එනකොට පැවසූ අපූරු අදහස සටහන් කරන්නෙමි.

    කූරගලින් එන විට ත්‍රී වීල් එම රියැදුරුගේ අදහස් .....
    //මම නම් ඔය කියන තැනට පොඩි කාලෙවත් ගිහින් නැහැ......\\

    රුපියල් 150 ක් ගෙවා කූරගල ගල්තලාව පටන් ගන්නා තැනට පිවිසියෙමු. ඉන්පසු ගමන ඇරඹුවේ පහත පින්තූරයේ පෙනෙන ගල් පඩි දිගේය. හිතන්න මේ ගල් පඩි ඔබ දැක තිබෙන්නේ කොහෙද?. ගමනේ ඇරඹුමම අපේ සිත් තුල ගොඩ නැගෙන්නේ කුමන හැඟුමක්ද? පිළිවෙලට ගලින් නිමවු ගල් පඩි මතින් ඉදිරියට ඇවිද ගියෙමු. හතර වට හොඳින් පෙනේ, විශාල වපසරියක් දර්ශණට හසුවෙයි. මෙවන් එලිමහන් තැනක්, එකල රජ කල රජ කෙනකුට මග හැරෑ යා හැකද? උස් කඳු මුදුනක් හමූ වූ විට එය මූලික කරගනිමින් විහාර ආරම කල රජදරුවන්ට කූරගල අමතක කලාද? මේ පැණයන්ට පිළිතුර සොයා අපි තව තවත් ඉහළට ගල් පඩි මතින් ඇවිද ගියෙමු.
    PA020034.jpg

    PA020035.jpg

    PA020030.jpg
    කූරගල යනු සිංහලයන්,බෞද්ධයන් වැඩිපුර එන තැනක් බව අපට සාක්ෂි සහිතව ඔප්පු කරිමට හැකියාවක් ඇත්නම් එයට සාක්ෂිය වූයේ, කර ඇති විනශය හෙවත් තින්තෙන් හා වෙන වෙන ආකර වලින් නම් ලියා ඇති බව දුටු නිසාය. නමුත් ලං වි බැලු කල ඒවා නව්ෂාඩ් මොහොමඩ් රහිම් අදි කොට ඇති බැවින් ජාතිය මොකක් උනත් මුන් ඔක්කොම ශ්‍රී ලාංකීක නොවේදැයි සිතුණී.

    View attachment 44943

    View attachment 44944
    විදුලි බලය කූරගල කන්ද මුදුනට ඇති බව දැන ගත්තේ කොල පැහැති වයර් වලින් අමුණා ඇති විදුලි බුබුළු දැකිමෙනි. ඈතට මකර තොරණක් දිස් විය. සිතූ පරිද සිංහල රජදරුවන් කූරගල අමතක කර නැත. විහාරයක පිවිසුම වූ මකර තොරණින්ම ඉදිකිරිම පටන් ගෙන ඇත. පිවිසුම් තොරණ වෙත ලං ලං වන විට එය කොළ පැහැ බව දක්නට ලැබුණි. එතනට ලඟා විටම ඇති පඩි පෙලේ ඉන්ග්‍රීස් අක්ෂර වලින් නම් කොටා ඇත. සිතා ගත නොහැක. කොටා ඇති නම්, තොරණේ ස්භාවය කිසිම බෞද්ධ සලකුණකට අදාල නැත. වෙනසක් දැනුනි. අපට වැරදීමක් සිදුව ඇත්ද? කූරගල මෙතන නොවන්නේද? යන ප්‍රශ්න හටගත් සැනින් නැති වි ගියේ කලින් දැනගත් පරිදිම අප මේ පිවිසෙන්නේ, පෞරාණික බෞද්ධ උරුමයක් වර්තමානයේ මුස්ලිම් දේවස්ථනායක් බවට බලයෙන් හැරවූ බව දන්නා බැවිනි. අතර මග පුරාවිද්‍යා දෙපාර්මෙන්තුව විසින් සවි කල හඳුනා ගැනිමේ කණුද දක්නට ලැබුණු.
    View attachment 44925

    View attachment 44926

    View attachment 44927

    View attachment 44928

    තවතවත් පඩි නගිමින් ඉදිරියට ගිය තැන. පහළට බැසිමට තවත් පඩි පෙළක් හමු විය. ගල් තලාවෙන් වටවූ මෙම වපසරිය තුල පහත දර්ශණ දැක ගත හැක. පුරාවිද්‍ය දේපර්මේන්තුව සවි කල පුවරු දෙකක් ඒ තුල දක්නට ඇත. වම් පසට ඇත්තේ මුස්ලිම් පල්ලියයි, දකූණු පසට ඇත්තේ තවත් කන්දකි. මුලින්ම වම් පසට යෑමට තීරණය කලෙමු. ඒ අනුව ගල් ලෙන් සම්බන්ද කරගනිමන් ඉදි කර ඇති පල්ලිය අපිට දක්නට ලැබුණි. ඔය අතර සනිඳු හා දිනුක විසින් කටාරම් වලට යටින් ඇති සෙල් ලිපිද සටහන් කර ගන්නා ලදී. එහි පරිවර්තනයද පහතින් දක්වා ඇත. ඊට මදක් ඔබ්බෙන් තවත් ගල් ගුහාවකි එහිද කටාරමක් මෙන්ම සෙල් ලිපියක් පවතියි. නමුත් හාත් පස කොළ පැහැයෙන් වර්ණවත් වී ඇත. සුන්දර දසුන් මවන, රජ දවස ආරක්ෂවා හා සංවේදි ස්ථානයක විහාර ආරමයක් කිරිමට රජ දරුවන්ට නොහැකි විනිද යන්න යලි යලිත් ඉස්මතු වෙන්නේ, කටාරම් සෙල්ලිපි වලට අමතරව බෞද්ධ නටබුන් වල සංකේතයක් තවමත් හමු නොවූ බැවිනි.
    View attachment 44930

    View attachment 44931

    View attachment 44932

    View attachment 44933

    View attachment 44934


    ගත්තේ -http://wapnishantha.blogspot.com/
     
    Last edited:

    Similar threads