කුරුණෑගල මඩ ලොරිය [VIDEO]
Source : lankatruth
Source : lankatruth
නාවික හමුදා රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී ඊයේ පස්වරුවේ කුරූණෑගල පොලීසිය විසින් අත්අඩංගුවට ගත් මඩ පත්‍රිකා සහ හොර ඡන්ද පත්‍රිකා තොගය කුරුණෑගල දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා සහ ජනපති පුත් යෝෂිත රාජපක්ෂ පැමිණ පොලිස් නිලධාරීන්ට බැණ වැදී තර්ජනය කර රැගෙන ගොස් ඇති බව වාර්තාවේ.
මීට විරෝධය පළ කරමින් සිය නිල ඇඳුම ගලවා රාජකාරියෙන් ඉවත්වීම කුරුණෑගල මූලස්ථාන පොලිස් පරීක්ෂක මංගල වික්‍රමනායක මහතා උත්සාහ දරා ඇති අතර අනෙකුත් පොලිස් නිලධාරීන්ගේ මැදිහත්වී එය ව්‍යර්ථ කර තිබේ.
මෙම ලොරියේ මඩ පත්‍රිකා සහ හොර ඡන්ද පත්‍රිකාවලට අමතරව මතැපැන් බෝතල් ඇසුරුම් විශාල ප්‍රමාණයක්ද තිබී ඇත. කෙසේ වෙතත්, කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන මහතා පැමිණ දොනෝදහක් ජනයා බලා සිටියදීම මෙම ට්‍රක් රථය නිදහස් කර යවා තිබේ.

