කුරුණෑගල

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කුරුණෑගල දොස්‌තරගෙන් හෙද සිසුවියට අතවර
    ශිෂ්‍යාව හලාවත රෝහලේ

    අජිත් අලහකෝන්

    කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයකුගේ ලිංගික අතවරයට ලක්‌වූ කුරුණෑගල හෙද අභ්‍යාස විද්‍යාලයේ ශිෂ්‍යාවක්‌ බරපතළ ලෙස රෝගාතුර වී පෙරේදා (07 දා) හලාවත රෝහලට ඇතුළත් කර ඇත.

    හලාවත රෝහලේ ප්‍රකාශකයකු සඳහන් කළ අන්දමට මෙම හෙද ශිෂ්‍යාව කුරුණෑගල රෝහලට ඇතුළත් නොකර හලාවත රෝහල වෙත එවා තිබෙන්නේ සිද්ධිය පිළිබඳ තොරතුරු සඟවාලීමේ අරමුණිනි.

    නිතර කුරුණෑගල රෝහලේ පුහුණුව සඳහා පැමිණෙන මෙම හෙද ශිෂ්‍යාව අදාළ වෛද්‍යවරයා විසින් පෙරේදා රෝහල වෙත ගෙන්වාගෙන ඇත. පසුව බලහත්කාරයෙන් ඇයට ලිංගික අතවර කර ඇති බව හෙළිවී ඇතත් ඒ පිළිබඳ ඇයට කිසිවකු වෙත හෝ පැමිණිලි කිරීමට මෙතෙක්‌ හැකියාවක්‌ ලැබී නැතැයි ඉහත ප්‍රකාශකයා කීය.

    මෙම හෙද ශිෂ්‍යාව මේ වන විට බරපතළ ලෙස රෝගාතුර වී හලාවත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද හෙතෙම කීවේය.
     

    Lansalaral

    Member
    Jun 20, 2011
    1,213
    212
    0
    Kurunegala
    Hipocritis Shame

    Black sheep like these are a shame for a noble profession. Why these people need to hide them. Punish these people in public.:no::no::no: