කුරුඳුවත්තේ ටොයි පකීර්ලාට

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    කුරුඳුවත්තේ ටොයි පකීර්ලාට

    රාජපක්ෂලා හොරකම් කරමින් රටේ ආර්ථිකය කොල්ලකන බව ඔවුන් දස අතේ දිවුරන්නට විය.. ඛණිජ තෙල්වල පවා බඳු රාජපක්ෂලා යටි මඩි ගසන බව මොරගෑවෝය... රාජපක්ෂලාගේ හොරකම නැවැත්වීමෙන් පමණක් රජයේ සේවකයන්ට 10,000කින් පඩි වැඩි කර හැකි බවට කෙස් පැලෙන ගණිත සමීකරණ ගොඩ නැගූහ... මේ ගෝෂාව ලතෝනිය කොපමණ උඩු දිව්වේද යත් ලංකාවේ ඊණියා පිළිගත් උගතුන් යැයි සම්මත පොතේ ගුරාලා මෙන්ම දේශපාලන වලව්වල වලන් සෝදන ආචාරීන් පවා රූපවාහිනී පුවත්පත් බදු ගෙන මේ කථාවම වැමෑරුවෝය....

    මේ කථා සහ කටකථා එකට අනා ගිල ගත් පොළවේ පය ගසනවා යැයි වහසි බස් දෙඩූ සම්මත නූගතුන්ගේ සිට.. සම්මත පට්ට උගතුන් සේ බුකියේ රගන මොට්ටපාලලා දක්වා පරාසයක පිරිසක් මේවායින් යහමින් ඇඳ ගත්හ... නැට්ට නැති උන් කන්වල සිට ඇඳ ගද්දී නැට්ට ඇති උන් නැට්ටේ සිටම ඇඳ ගත්හ....

    එසේ ඇඳගත් නෝනාවරු සහ මහත්වරු පෝලිමේ ගොස් ආරථිකය මංකොල්ල කෑ රාජපක්ෂලා හෙවත් මැදමුලනේ බයියලා එලවා දමා රටට මෛත්‍රී යුගයක් පහළ කරන්නට දෙව්ලොවින් මිහිපිට බට ඇඟ පුරාම මෛත්‍රීය වැක් කෙරෙන උත්තමයෙකුට මහ පුටුව බාර දුනි... ඒ ආනිසංසයෙන් 'ගහපු ගේමේ' නියම හිමිකරුවන් හෙවත් මහ පුටුවේ වැතිරී සිටින පුලතිසිපුර ප්‍රාණියාගේ නියම අණදෙන්නන් පිරිස වූ කුරඳුවත්තේ රාජකීය මොළටොයියා, සතොසට අධිපති රවිටොයියා, අවමංගල ටොයියා, අර්ජුන් ටොයියා වැනි 'වැඩ්ඩන්' රටට කරවන්නට ආරම්භ කලේය...

    නියම ටොයියන් යහමින් වැඩ දීගෙන යද්දී... නැට්ටේ සිට ඇඳ ගත් බුකියේ ටොයියන් සේ පෙනී සිටින 'හම්පඩ ගස් බයියන්' මහා පුරාජේරු කියවමින්...
    නාමල්ගේ ලැම්බෝගිනි හෙලිකොප්ටර් අල්ලාගන්නා තෙක්ද...
    බැසිල්ගේ හෝටල් වතුපිටි හරකා බාන අල්ලා ගන්නා තෙක්ද...
    මහින්දගේ ස්වීස් ෆ්‍රෑන්ක් ගිණුම් ඩුබායි හෝටල් අල්ලාගන්නා තෙක්ද...
    ගෝඨාභයගේ ඇපලෝ රෝහල් මහා මන්දිර සමාගම් අල්ලාගන්නා තෙක්ද...
    ශිරන්තිගේ රත්රන් ටොන් ගණන අල්ලාගන්නා තෙක්ද...
    ඇගිලි ගනින්නට විය...

    අල්ලන්නට තරම් 'ලබ්බක්' ඔවුන් සතුව නැති බව කාලයත් සමඟ පෙනි පෙනීත් හොරු අල්ලන්නේ නැතැයි ඉකි ගසන්නට විස්සෝප වන්නට විය.... ඒ හුදෙක් 'බොරුවට' ඇඳගත් යථාර්ථය හෙළි වී විළිසංගයත් නැතිවීමේ ලැජ්ජාව වසා ගැනීම සදහාය...
    ටොයි වේශයෙන් ගොනාට ඇඳ සිටින 'ගස් බයියන්' එසේ දිනෙන් දින බංකොලොත් වෙද්දී... රටේ ආර්ථිකය භාර ගත් 'නියම ටොයියන්' හෙවත් ආර්ථික විශේෂඥ පකීර්ලා තම වැඩ ටික නියමෙට කරගෙන යමින් සිටී...

    ඒ අනුව ඔවුන්....
    රටේ සියළු සංවර්ධන වියදම් නවතා දමා ඇත..
    ඉදිකිරීම් නඩත්තු සේවා ලත් තැනම ලොප් ය...
    දෙනවා යැයි කී පාරම්බෑ සමෘද්ධි දීමනා මාතෘ දීමණා
    මහපොල ශිෂ්‍යාධාර ඇතුළු පොරොන්දු ලොවෙත් නැත...
    වී මිලදී ගත් ගොවීන්ට දෙන්නට සල්ලි නැති බව කියමින්
    නැවත වී ටික ගොවියන්ටම දෙමින් සිටී.....
    බොරු මවාපෑම් සහන දෙන්නට ගොස් තෙල් සංස්ථාව
    දැඩිව රෝගාතුර වෙමින් ඇත....
    සතොස ලිට්ට්‍රෝ ගෑස් විකුණා දමමින් වෙළද පොලේ මිල හැසිරවීමේ
    අවම රාජ්‍ය පංගුව පවා අහෝසි කිරීමට පිඹුරුපත් සකස් කරමින් සිටී...
    රාජ්‍ය ණය අඩු කරන බවට පම්පෝරි ගැසූ ඔවුන් දැන් තොග වශයෙන්
    භාණ්ඩාගාර බැඳුම්කර ණය වැඩි පොලියටම ගනිමින් තිබේ..
    ඒවාට සංවේදී නැති ගොබ්බයන් තවමත් රාජපක්ෂගේ හොරකම් අල්ලන තෙක් කට ඇරන් අදටත් බලා සිටිති...

    ''.....අවසාන වශයෙන්....සිහියක් හෝ ලැජ්ජාවක් ඇති මිනිසුන්ගෙන් ඇසිය යුත්තේ...
    රටේ මහාමාර්ග විදුලිබල නිවාස වැනි ප්‍රාථමික අවශ්‍යතා පමණක් නොව නගර අලංකරණය වැනි ද්වීතීක සංවර්ධනයද පිම්මේ කරමින්... වරාය ජලාශ විදුලි බලාගාර වැනි යෝද ඉදිකිරීම් පවා අඛණ්ඩව සිදු කරමින්... ඇමරිකානු ඩොලරය 133 ක උපරිමව පවත්වා ගනිමින්... මුන් කියනා ලෙස '''මහා පරිමාණ හොරකම්''' කරමින්... රටේ ආර්ථික වර්ධනය ඉහළින් පවත්ව ගත් 'මැදමුලන බයියා'....

    ආර්ථික වර්ධනය බිද දමමින්... රුපියල ඩොලරයට අනුව 138.5 දක්වා ඇද දමමින්... ද්වීතීක තබා ප්‍රාථමික සංවර්ධනයට පවා ෆුල් ස්ටොප් තැබූ... කුරුඳුවත්තේ ටොයි පකීර්ලාට වඩා..
    ඇදහිය යුතු 'විශ්ම කර්මයෙක්' නොවේද....????? ...."

    [/SIZE][/COLOR][/SIZE]
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අවසාන වශයෙන්....සිහියක් හෝ ලැජ්ජාවක් ඇති මිනිසුන්ගෙන් ඇසිය යුත්තේ...
    රටේ මහාමාර්ග විදුලිබල නිවාස වැනි ප්‍රාථමික අවශ්‍යතා පමණක් නොව නගර අලංකරණය වැනි ද්වීතීක සංවර්ධනයද පිම්මේ කරමින්... වරාය ජලාශ විදුලි බලාගාර වැනි යෝද ඉදිකිරීම් පවා අඛණ්ඩව සිදු කරමින්... ඇමරිකානු ඩොලරය 133 ක උපරිමව පවත්වා ගනිමින්... මුන් කියනා ලෙස '''මහා පරිමාණ හොරකම්''' කරමින්... රටේ ආර්ථික වර්ධනය ඉහළින් පවත්ව ගත් 'මැදමුලන බයියා'....

    රෙප් ඇඩඩ් ටොයියෝ
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක

    ''.....අවසාන වශයෙන්....සිහියක් හෝ ලැජ්ජාවක් ඇති මිනිසුන්ගෙන් ඇසිය යුත්තේ...
    රටේ මහාමාර්ග විදුලිබල නිවාස වැනි ප්‍රාථමික අවශ්‍යතා පමණක් නොව නගර අලංකරණය වැනි ද්වීතීක සංවර්ධනයද පිම්මේ කරමින්... වරාය ජලාශ විදුලි බලාගාර වැනි යෝද ඉදිකිරීම් පවා අඛණ්ඩව සිදු කරමින්... ඇමරිකානු ඩොලරය 133 ක උපරිමව පවත්වා ගනිමින්... මුන් කියනා ලෙස '''මහා පරිමාණ හොරකම්''' කරමින්... රටේ ආර්ථික වර්ධනය ඉහළින් පවත්ව ගත් 'මැදමුලන බයියා'....

    ආර්ථික වර්ධනය බිද දමමින්... රුපියල ඩොලරයට අනුව 138.5 දක්වා ඇද දමමින්... ද්වීතීක තබා ප්‍රාථමික සංවර්ධනයට පවා ෆුල් ස්ටොප් තැබූ... කුරුඳුවත්තේ ටොයි පකීර්ලාට වඩා..
    ඇදහිය යුතු 'විශ්ම කර්මයෙක්' නොවේද....????? ...."

    [/SIZE][/COLOR][/SIZE]

    කොහෙන් හිනා වෙන්නද මන්ද ,
    හැබැයි
    රටට එන ආයෝජන වලට කොන්දේසි දාල ,
    විශාල ආදායම් බෙදී යාමේ විෂමතාවයක් ඇති කරලා,
    ණය වලින් එදා වේල ගේමක් ගහල,
    රටේ මානව සම්පත පිරිහීමේ උපරිමයටම ගෙනල්ල,
    ලෑලි දරමඩුවකට චිත්‍ර හේත්තු කරලා මහා මන්දිරයක් විදිහට පෙන්නන්න හදනවා වගේ ආර්ථික වර්ධන වේගයක් තියාගෙන යන එක නං "විශ්ව කර්ම" වැඩක් තමයි :)
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,466
    8,643
    113
    රූකඩ රාජ්ජේ
    කොහෙන් හිනා වෙන්නද මන්ද ,
    හැබැයි
    රටට එන ආයෝජන වලට කොන්දේසි දාල ,
    විශාල ආදායම් බෙදී යාමේ විෂමතාවයක් ඇති කරලා,
    ණය වලින් එදා වේල ගේමක් ගහල,
    රටේ මානව සම්පත පිරිහීමේ උපරිමයටම ගෙනල්ල,
    ලෑලි දරමඩුවකට චිත්‍ර හේත්තු කරලා මහා මන්දිරයක් විදිහට පෙන්නන්න හදනවා වගේ ආර්ථික වර්ධන වේගයක් තියාගෙන යන එක නං "විශ්ව කර්ම" වැඩක් තමයි :)

    12717769_191414247881746_3031789490323476449_n.jpg

    මේ ආණ්ඩුව රටේ ආරක්ෂාව, සිංහල උරුමය, ජාතිකගීයේ අනන්‍යතාවය, වැනි සියලු කරුණු පහල හෙලනවා මදිවට මෙන්න මේපාර රටේ උද්දමනයත් සැලකියයුතු විදිහට පහත හෙලළලු !!!!:shocked::shocked::shocked::shocked::shocked:

    [/COLOR]=================
    ========================

    ජනවාරි මස උද්ධමන සැලකිය යුතු ලෙස පහළ යයි

    ශ්‍යාම් නුවන් ගනේවත්ත

    පසුගිය ජනවාරි මස උද්ධමනය සියයට සෘණ 0.7 දක්‌වා සැලකිය යුතු ලෙස අඩුවී තිබේ.

    ඉකුත් දෙසැම්බර් මස උද්ධමනය සියයට 4.2 ක්‌ විය.

    ජාතික පාරිභෝගික මිල දර්ශකයේ ලක්‍ෂමය පදනම මත මේ උද්ධමනය ගණනය කර තිබේ. ඒ අනුව දෙසැම්බර් මස 113.2 ක්‌ වූ ජාතික පාරිභෝගික මිල දර්ශකය ඉකුත් ජනවාරි මාසයේදී 112 දක්‌වා සියයට 1.1 කින් පහත වැටී තිබේ.

    ආහාර සහ මධ්‍යසාර නොවන පාන වර්ග අයත් කාණ්‌ඩයේa අයිතමයන්හි මිල ගණන් පහළ යැම, දර්ශකයේ මෙම පහළ යැම කෙරෙහි ප්‍රධාන වශයෙන් හේතුවී ඇතැයි මහ බැංකුව කියයි. මේ අනුව එළවළු, අමු මිරිස්‌, දෙහි, ලොකු ලූනු, අර්තාපල් සහ පොල් මිල ගණන් ජනවාරි මාසයේදී අඩු වූ අතර නැවුම් මත්ස්‍ය, කරවල, ඇතැම් පලතුරු වර්ග සහ බිත්තර මිල ගණන් ජනවාරි මාසයේදී ඉහළ ගොස්‌ තිබේ.

    දිවයින
    (http://www.divaina.com/2016/02/26/news23.html)

    ඔය කරලා තියෙන්නේ..
     
    Last edited:

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    කොහෙන් හිනා වෙන්නද මන්ද ,
    හැබැයි
    රටට එන ආයෝජන වලට කොන්දේසි දාල ,
    විශාල ආදායම් බෙදී යාමේ විෂමතාවයක් ඇති කරලා,
    ණය වලින් එදා වේල ගේමක් ගහල,
    රටේ මානව සම්පත පිරිහීමේ උපරිමයටම ගෙනල්ල,
    ලෑලි දරමඩුවකට චිත්‍ර හේත්තු කරලා මහා මන්දිරයක් විදිහට පෙන්නන්න හදනවා වගේ ආර්ථික වර්ධන වේගයක් තියාගෙන යන එක නං "විශ්ව කර්ම" වැඩක් තමයි :)

    ඔයයි මමයි දන්නා පොලිටික්ස්. A/L උත ඉවර හින්ද වැඩිදුර ඉගෙනගත්තොත් හොද නැත්ද.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක

    අපේ රටේ ඉන්නවා හරකෙක්,
    ඡන්දයක් ලං උනාම , ඡන්දේ පරදිනවා වගේ දැනුනාම
    අයිතිකාරයා එනව. ඇවිල්ල ...

    mahinda-sad-300x193.jpg

    |
    |
    |
    |
    වී..ම..ලේ...
    |
    |
    |
    |
    කියනවා...එතකොට ඌ මාධ්‍ය ඉස්සරහට ඇවිත්
    |
    |
    |
    7-01.jpg

    අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ,
    අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ,
    අම්මපා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ,
    කියනවා..

    |
    |
    |
    Mahinda-Rajapaksa-on-the-way-to-Palestine.jpg

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ඔයයි මමයි දන්නා පොලිටික්ස්. A/L උත ඉවර හින්ද වැඩිදුර ඉගෙනගත්තොත් හොද නැත්ද.

    අන්න එක ඇත්ත :lol: පොලිටික්කා නං දන්නේ නෑ ආර්ථික විද්‍යාව නං ඩිංග ඩිංග දන්නවා මාමේ :love: ඔකේ ?