කුරේ බලාපොරොත්තු දල්වයි

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කුරේ බලාපොරොත්තු දල්වයි

    ලන්ඩනයේ ජිවත්වන ශ්‍රී ලංකා මැරතන් ධාවකයකු වන අනුරුද්ධ කුරේ ඔලිම්පික් ජයග්‍රහණයකට පුරුදු පුහුණු වෙයි. පේස්ට්‍රියක් ආහාරයට ගන්නා ඔහු දිනපතාම කිලෝමීටර් 34ක් ඔහු දුවයි. වැඩකරන ස්ථානයට කිලෝමීටර් 17ක් දුවන ඔහු වැඩ ඇරීමෙන් පසුව තවත් කිලෝමීටර් 17ක් දුවයි. බේකන් රෝලක් උදේ ආහාරයට ගනී. මෙක්සිකෝ කුකුළු මස්වලින් සමන්විත දිවා ආහාර වේලක් ගනී. කුළු බඩු එක් කළ කුකුළු මස් පේස්ට්‍රියක් රාත්‍රි ආහරයට ගනී. මේ ආකාරයෙන් ඔහු දිනකට කැලරි 5000 – 6000 කින් සිය ශක්තිය ලබා ගනී. කුරේට උදව් කරන ඔහුගේ හාම්පුත්තු ඔහුට සති හතරක් පඩි සහිත නිවාඩ් දුන්හ. ඔහු සතියක සැතැපුම් 90කට වාඩ දුවයි. 2004 දකුණු ආසියා සාක් ක්‍රීඩා තරගයේ දී ඔහු රන් පදක්කමක් දිනාගත්තේය. ලන්ඩන් මැරතන් තරගය තත්පර දහයකින් ජයගත් ඔහු ඔලිම්පික් තරගයට ඉබේම සුදුසුකම් ලැබීය.

    985.jpg

    Code:
    http://www.lankadeepa.lk/index.php/articles/55422