කුසගින්න නිසා

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    කුසගින්න නිසා පාසලේ වමනේ දැමූ සිසුවියට විදුහල්පතිනිය දුන් දඬුවම :(:(

    කැකිරාව අධ්‍යාපන කලාපයට අයත් ඩාටුගම ප්‍රදේශයේ රජයේ පාසලක 10 වැනි වසරේ ඉගෙන ගන්නා සි සුවියකට එහි විනය පාලක කමිටුව සහ විදුහල්පතිවරිය විසින් ලබා දුන් අපූරු දඬුවමක් නිසා ඇය මේ වනවිට දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන්නීය.

    මඩාටුගම හැවැන්තැන්නේගම ප්‍රදේශයේ පදිංචි ඉතා දිළිඳු පවුලක දියණියක වන මෙම සිසුවිය මීට දින කිහිපයකට පෙර සුපුරුදු පරිදි උදේ ආහාරය නොගෙන පාසැලට ගොස් තිබේ.

    පසුව ඇය පාසලේ වමනය කර ඇත. තවත් සිසුවියන් තිදෙනෙකු විදුහල්පතිනියට මේ බව දැනුම් දී ඇත්තේ පෙර කී සිසුවිය ගැබ් ගෙන ඇති බවට ය.

    විදුහල්පතිනිය වහාම විනය මණ්ඩලයේ ගුරුවරුන් කිහිප දෙනෙකු ද සමඟ සාකච්ඡා කොට පැය කිහිපයක් ඇතුළත මෙම සිසුවියගේ මව්පියන් පාසලට ගෙන්වා සිසුවිය ගැබ් ගෙන ඇති බව පවසමින් අස්වීමේ ලිපිය ලබා දී පාසලෙන් පිටත් කොට යවා ඇත .

    අනතුරුව දැරියගේ දෙමව්පියන් දැරිය දඹුල්ල මුලික රෝහලට ඇතුළත් කොට විදුහල්පතිනිය කී කථාව වෛද්‍යවරුන්ට පවසා ඇත. වෛද්‍යවරුන් දැරිය දින කිහිපයක් තබා ගෙන පරික්ෂා කර බැලූ අතර වෛද්‍ය නිගමනය වූයේ මෙම දැරියට කිසිදු අතවරයක් හෝ ගැබ් ගැනීමක් සිදුව නැති බව ය.

    දඹුල්ල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි ගාමිණී සේනානායක මහතාගෙන් අප කළ විමසීමේ දී ඔහු කියා සිටියේ නාරි හා ප්‍රසව වෛද්‍යවරියත් අධිකරණ වෛද්‍ය නිලධාරියාත් මෙම සිසුවිය දැඩි ලෙස පරීක්ෂා කර බැලූ නමුත් විදුහල්පතිනිය කියන ආකාරයේ කිසිදු හානියක් දැරියට සිදු ව නොමැති නිසා රෝහල මගින් මේ පිළිබඳව ළමා හා කාන්තා කාර්යාංශයට පවා පැමිණිලි කරනු ලැබූ බව ය.

    මෙම සිද්ධියෙන් සිසුවිය දැඩි මානසික පීඩනයකට පත්ව සිටින නිසා ඇයගේ මනස සැකසීම සඳහා ඇයව තව දුරටත් රෝහලේ තබා ගෙන සිටින බව වෛද්‍ය අධිකාරිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
     
    • Like
    Reactions: snm1990

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Wandi illala nadu Dai demawpiyo... Maru princplane inne... Paw ithin kellata charter cn ekane...
     
    Last edited:

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    ලංකාවේ මිනිස්සුන්ගේ මොලේ එන්න එන්නම කුරුවල් වෙන සීන් එකක් තියෙන්නේ.මතකනේ එක පාරක් හුලගින් ඒඩ්ස් බෝවෙනවා කියල නටපු නාඩගම.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    මෙන්න නියම වට්ටි අම්ම කෙනෙක්. යකෝ වමනේ දාපු පලියට බබල හම්බ වෙනවනම් අපේ උන් කබරයා දන විදිහට මෙලහකට උන්ට ළමයි පරම්පරා 4ක් 5ක් ඉන්න එපයි.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,053
    3,888
    113
    විදුහල්පතිනිය තමන්ගේ ලමාකාලේ විදිහට ඒ ලමයවත් මැනලා.
    ඔහොම ඉන්නවා ඉස්කෝල වල. ෆයිල් පුරවලා පෙන්නලා තනතුරු ගත්ත අය. හොද්ද ලිපේ තියල ඉස්කෝලේ ට දුවල ඇවිත් යන කාලකන්නි.
    වෙලාවට මගේ ඉස්කෝල ජීවිතේ නම් ගුරු දෙවි වරු හිටියේ. :yes:
     

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    මාර principle ල නේ.. යකෝ වමනේ ගියා කියල කියල අනිවා pregnant කියනවා කියන්නේ හෙනම විහිළුවක්නේ.... :growl::growl::growl::growl::growl::eek::eek::eek::eek:
     

    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    මොකද්ද ඒ කතාව?

    creed1 කියන්නෙ principal ලට 50% vehicle permit දෙනව කියල budget එකෙන්. අපේ uncle කෙනෙක් ඉන්නවා principal කෙනෙක්. මිනිහ කියනව ජෝෂප් ස්ටාලින් කියල පොරක්ගෙ (yep that's his name:lol::lol::lol:. a reason why i remember that is well) ලංකා ගුරු සංගමය ද ඔන්න මොකක් හරි ගුරු සංගමයකින් මංගල එක්ක ඔය ගැන සාකච්ඡා කරල තිබුන කියල.