කුසල් නිදහස් ?

kpg

Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home

    මෙන්ඩිස්ට අධිකරණයෙන් දැඩි අවවාද. මිලියන 20 කින් ජාතික කණ්ඩායමට යන්න පුලුවන් 11 දෙනාටයි ආදර්ශමත් ලෙස හැසිරෙන්න.
    FB_IMG_16165973775018890.jpg

    රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකු මරණයට පත් කිරීම සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට එරෙහිව ගොනුකර ඇති නඩුව අද (24) පානදුර මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනිණි.

    නඩුව විභාගයට ගත් අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන්ගේ කරුණු දැක්වීම අනුව අධිකරණය භාරයේ තිබූ කුසල් මෙන්ඩිස්ගේ රියදුරු බලපත්‍රය රුපියල් 50,000 ක ඇප මුදලකට යටත්ව නිදහස් කිරීමට පානදුර අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා තීරණය කළේය. ඒ සැකකරුට දැඩි අවවාද කිරීමෙන් අනතුරුවයි.

    මිලියන 20 කට අධික ජනතාවක් සිටින රටේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට සුදුසුකම් ලබන්නේ ඉතා අතළොස්සක් පමණක් බැවින් අනෙක් අය අපහසුතාවයට පත් නොවන ආකාරයෙන් කටයුතු කරන ලෙසත් සියලු දෙනාටම ආදර්ශමත් ලෙස හැසිරෙන ලෙසත් අතිරේක මහේස්ත්‍රාත්වරයා අවවාද කර තිබෙනවා.

    මරණයට පත් වූ පුද්ගලයා වෙනුවෙන් වන්දියක් ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා වෙනම නඩුවක් ගොනු කරන ලෙස අගතියට පත් පාර්ශ්වයට දැනුම් දුන් අතිරේක මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් සඳහන් කළේ නීති සහාය ලබා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහාද අවස්ථාව තිබෙන බවයි.
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    එක රටක් , එක නීතියක් 🤮
    හරියටම හරි. මිනිස්සු මරල නිදැල්ලෙ ඉන්න සාමාන්‍ය CTB PVT bus driverලට ක්‍රියාත්මක උන නීතියම තමයි මෙතන ක්‍රියාත්මක උනෙත්.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මැරිච්ච එකා පව් බන්.කිසිම වැරැද්දක් නොකරපු මනුස්සයෙක් මැරුණා. අඩුම ගානේ මූව මාසෙකට හරි ඇතුලට දාන්න තිබ්බ බීලා එළවපු නිසා.
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    මැරිච්ච එකා පව් බන්.කිසිම වැරැද්දක් නොකරපු මනුස්සයෙක් මැරුණා. අඩුම ගානේ මූව මාසෙකට හරි ඇතුලට දාන්න තිබ්බ බීලා එළවපු නිසා.
    බීල එලෙව්වනම් මු කොහොමද මේ එළියේ ඉන්නේ
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,712
    113
    හස්තිශෛලපුර
    මිලියන 20 කට අධික ජනතාවක් සිටින රටේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට සුදුසුකම් ලබන්නේ ඉතා අතළොස්සක් පමණක් බැවින්...


    තූනොදකින් අමන නීතිය.. ඕකා ගිහින් තවත් ක්‍රිකට් කණ්ඩායමේ එකෙක් හප්පලා මැරුවම මොකක්ද දන්නේ නෑ නීතිය.. මේ වගේ පව්කාර රටක්..
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    මරණයට පත් වූ පුද්ගලයා වෙනුවෙන් වන්දියක් ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා වෙනම නඩුවක් ගොනු කරන ලෙස අගතියට පත් පාර්ශ්වයට දැනුම් දුන්

    e minissunwa rasthiyadu karanne ai ookenma denna barida
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    '' මරණයට පත් වූ පුද්ගලයා වෙනුවෙන් වන්දියක් ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා වෙනම නඩුවක් ගොනු කරන ලෙස අගතියට පත් පාර්ශ්වයට දැනුම් දුන් අතිරේක මහේස්ත්‍රාත්වරයා..''..... 🤮 🤮 🤮

    කුමට මෙරට අධිකරනය නීතිය සහ විනිසුරන්...:unsure::poop:🤮
     

    Dark M

    Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    ඇයි රිය අනතුරු කරලා හිරේ ගිය කෙනෙක් උබ දන්නවද ?
    ඔවු බන් අපේ ගෙවල් පැත්තේ රට ඉදන් ආව කෙනෙක් හිරේ ගියා. හැප්පිච්ච මනුස්සයා මැරිච්ච නිසා පාස්පෝට් එකත් කැන්සල් කරා. මාස තුනක් හිරෙත් හිටියා..
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මරණයට පත් වූ පුද්ගලයා වෙනුවෙන් වන්දියක් ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා වෙනම නඩුවක් ගොනු කරන ලෙස අගතියට පත් පාර්ශ්වයට දැනුම් දුන්

    e minissunwa rasthiyadu karanne ai ookenma denna barida
    Magistrate’s court is adjudicating criminal offences. In order to get a compensation a civil case should be preferred in the District court.