Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුසල් මෙන්ඩිස්ට ඇප
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාරක රිය අනතුරක් වූ විට සැකකාර චූදිතයාට ඇප දිය නොහැකිද?...

ප්‍රසිද්ද ක්‍රිකට් ක්‍රීඩකයෙකු අතින් පහුගියදා මාරක රිය ආනතුරක් සිදුවිය. අධිකරනයට ඉදිරිපත් කල රියදුරා වූ ඔහුට ඇප ලැබුණි.

"මිනිය වලලන්නත් කලින් ඇප ලබා ගත්තේ කෙසේදැයි" බොහෝ දෙනෙකු ඉන්බොක්ස් මගින් මගෙන් අසන්නට විය. සමහරෙක් ඒ සම්බන්දව පෝස්ට් පලකර තිබෙනවාද දුටුවෙමි.

බොහෝ දෙනාට ප්‍රශ්නයක් ඇතිවූයේ එසේ ඇප දිය හැකිද යන්න ගැනයි. කෙටිම පිලිතුර මාරක රිය අනතුරකට ඉතාම පැහැදිලිවම මහේස්ත්රාත්තුමාට ඇප ලබා දිය හැකිය.

ලංකාවේ නීතිය අනුව රිය අනතුරක් නොව ඕනෑම වරදකට අත් අඩංගුවට ගන්නා සැකකරුවකට ඇප ලබාදීම රීතිය වන අතර ඇප ලබා නොදීම ව්‍යතිරේකය වන්නේය.

මෙය තවත් පැහැදිලි කරොත් ඕනෑම සැකකරුවෙකු යම් අපරාදමය වරදකට අත් අඩංගුවට ගත්විට ඉදිරිපත් කරන්නේ අධිකරන තේරාවලියේ පහලම අධිකරනය වූ මහේස්ත්‍රාත් අධිකරනයටය. එහිදී ඉදිරිපත් කරන සැකකරුවන්ට මහේස්ත්රාත්තුමා විසින් ඇප ලබා දිය "යුතුය". නමුත් ඇතැම් අවස්තාවලදී ඉදිරිපත් කරන සැකකරුවන්ට මහේස්ත්‍රාත්වරුන් ඇප ලබා දෙන්නේ නැත.

එසේ වන්නේ ඇයි?

මා ඉහතින් සදහන් කල ආකාරයට ඕනෑම බරපතල අපරාදයකට සම්බන්ද සැකකරුවෙකු වුවත් ඉදිරිපත් කරන්නේ අධිකරන තේරාවලියේ පහලම අධිකරනය වූ මහේස්ත්‍රාත් අධිකරනයටයි.

එහිදී සමහර බරපතල අපරාද සම්බන්දව මහේස්ත්රාත්වරයාට ඇප ලබාදීමට කිසිසේත්ම බලයක් නැත. උදාහරණ ලෙස මිනීමැරීම, පොදු දේපල සාවද්‍ය පරිහරනය, හෙරොයින් ග්‍රෑම් දෙකකට වඩා ලග තබා ගැනීම, රාජ්‍ය විරෝධි කුමන්ත්රනය, පුරාවස්තු නඩු, පීඩාකාරී ආයුධ පනතට වැටෙන ආයුදයක් ලග තබා ගැනීම, ගංජා කිලෝ ග්‍රෑම් පහකට වඩා ලග තබා ගැනීම ආදී වරදවල් සදහා ඇප ලබා දීමට මහේස්ත්රාත්ධිකරනයට කිසිසේත්ම බලයක් නැත.

අනෙක් සියලු නඩු සදහා මහේස්ත්‍රාත් අධිකරනයට ඇප ලබා දීමට බලයක් ඇත.

නමුත් සැකකරු විසින් සාක්ෂිකරුවන්ට නඩුවේ සාක්ෂි සදහා බලපෑමක් කරනු ඇතැයි මහේස්ත්‍රාත්වරයා තීරනය කරයි නම්, ඇප ලබා දුන් පසුව සැකකරු නඩු විභාගයට ඉදිරිපත් නොවී පලා යන බවට මහේස්ත්රාත්තුමාට හැගී යයි නම්, අපරාදයට සම්බන්ද තවත් චූදිතයන් හෝ අපරාදයට සම්බන්ද භාන්ඩ තව දුරටත් සොයා ගැනීමට තිබීම සහ සැකකරුට ඇප ලබා දීමෙන් ඒවා සොයා ගැනීමට බාධාවක් වේ නම්, හදුනා ගැනීමේ පෙරෙට්ටුවකට සැකකරු ඉදිරිපත් කල යුතුව ඇත්නම්, සැකකරුට ඇප ලබාදීමෙන් මහජන ප්රකෝපයක් ඇතිවෙන බවට පොලිසිය කරුනු දක්වයි නම් සහ තවත් අවස්තා කිහිපයකදී ඇප ලබා දීමට මහේස්ත්‍රාත්වරයෙකුට නොහැකිය.

මීට අමතරව මහේස්ත්රාත්වරයකුගේ අභිමතානුසාරි බලය අනුව ඕනෑම පුද්ගලයෙකුට ඇප නොදී සිටීමටද හැකිය.

මගේ නිරීක්ෂනයකුත් ඉදිරිපත් කල යුතුය.

යාංගල්මෝදරදී මගීන් පටවා ගත් පුද්ගලික බස් රතයක් වසා තිබූ රේල් ගේට්ටුවකින් ඇතුලු කිරීමට ගොස් කොළඹ මහනුවර නගාරාන්තර සීග්‍රගාමී දුම් රියේ හැපී මගීන් ගනනාවක් මියගියා මතකද? මේ සිදුවීම සමාජයේ මහත් ආන්දෝලනයක් ඇති කල සිදුවීමක් විය. නීතිපතිවරයා විසින් ඒ අනතුරින් බේරුනු බසයේ රියදුරු සහ කොන්දොස්තරට හිතා මතා මනුෂ්‍ය ඝාතනයක් කිරීමේ වරදට චෝදනා පත්‍ර ගොනු කර, පසුව මහාධිකරණයෙන් එල්ලුම් ගස් නියම කලා මතකය.

ඇත්තෙන්ම ඔය සිද්දියට පෙර සාමාන්‍යයෙන් මාරක රිය අනතුරකදී මුල් වතාවේදීම ඇප දීම මහේස්ත්‍රාත්වරුන් කල අතර ඉහත සිද්දියෙන් පසුව මාරක රිය අනතුරකදි සමහර මහේස්ත්‍රාත්වරුන් විසින් සැකකරුවන්ට ඇප ලබා නොදෙන ලදි. එය මහේස්ත්‍රාත්වරයාගෙන් මහේස්ත්රාත්වරයාට සිද්දියෙන් සිද්දියට ගත් තීරනයක් විය.

ප්‍රශ්න ගත ප්‍රසිද්ද ක්‍රිකට් ක්‍රීඩකයාගේ සිද්ධියේදී, පොලිසියෙන් කල ශ්වසන පරීක්ෂනය සහ පානදුර රෝහලේ විශේෂඥ අධිකරන වෛද්‍ය නිලදාරියා කල රුධිර සහ මූත්‍රා පරීක්ෂාවේදී සැකකරු අනතුර සිදුවන අවස්තාවේ බීමතින් සිට නොමැති බවට විද්‍යාත්මකව තහවුරු වී ඇත.

එසේම සැකකරු සිද්දිය වීමෙන් පසුව පොලිසියට පැමින, අනතුර ඔහු අතින් සිදුවූ බවට වරද කියාපෑමකින් පසුව පොලිසියට ස්වේච්ඡාවෙන්ම බාරවී ඇත. චම්පික රනවක ඇමතිවරයාගේ අනතුරේදී ඔහු පලාගොස් වෙනත් අයකු රිය පැදවූ බවට ඉදිපත් කලා ඔබට මතක ඇත. මෙහිදී එසේ වී නැත.

මනුස්ස ජීවිතයක් මුදලකින් තක්සේරු කිරීමට කිසිසේත්ම නොහැක. ඒත් සැකකරු මරනකරුගේ අවමංගල කටයුතු තම වියදමින් සිදුකර මූලික වන්දියක් ලෙස නඩුවිභායට පෙර මිලියනයක් මරනකරුගේ පාර්ශවයට දීමට පොරොන්දු වී ඇත. එය මරනකරුගේ පාර්ශවය බලාපොරොත්තු වූ වන්දිය වන අතර වන්දියක් දීම හැර මරන කරුට යුක්තිය ඉටුකිරීමට වෙනත් කිසිම ක්‍රමයක් නැත.

එයින් සැකකරුගේ චේතනාව එනම් ඒ අවාසනාවන්ත සිද්දිය ගැන කනගාටුවීම, පසුතැවීම පිලිඹිබුවෙයි. (නීතියෙන් ලබා දෙන දඩුවමකින් අපේක්ෂා කරන්නේද පීඩාවට පත්වූවන්ට යුක්තිය ඉටුකිරීම, සමාජයට පනිවිඩයක් දීම සහ සැකකරුට සිද්ධිය ගැන පසුතැවීමක් වීමෙන් නැවත එවන් වැරදි සිදු නොවීම මිස සැකකරුට දඩුවමක් දීමෙන් ද්වේශයක් වෛරයක් ඔහුගෙන් සංසිදිවීමක් නොවන්නේය.)

ඇප ලබා දීමේදී ඔය කරුණුත් අධිකරනය සැලකිල්ලට ගත්තා විය හැකිය. අධිකරනය සැකකරුගේ රිය බලපත්‍රය තහනම් කර විදේශ ගමන් බලපත්‍රය අධිකරනය බාරයට ගෙන ඇත. ඇප ලබා දීමේදී මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක්ද නියම කර ඇත.

ඊලග වැදගත්ම දේ දැනට ලංකාවේ ක්‍රියාත්මක වන රතවාහන නීතියට අනුව මාරක රිය අනතුරක් සිදුවූවිට එය මහේස්ත්‍රාත්වරයෙකුට ඇප ලබා දිය හැකි වරදකි.

එය ප්‍රමානවත් නොවන බව හැගේ නම් කල යුත්තේ ඒ නීතිය සංශෝදනය කිරීමට බලපෑම් කරීමය. එය සංශෝධනය කල හැක්කේ පාර්ලිමේන්තුවටය. එවිට ඇප ලබාදීමේ බලය මහේස්ත්‍රාත් අධිකරනයට වඩා ඉහල අධිකරනයකට ඇප හිමිවී රියදුරා ඇප නැතිව අවම මාස තුනක්වත් රිමාන්ඩ් බන්දනාගාරයේ තැබිය හැකිය.

වාහනයක් පදවන ඕනෑම අයකු අතින් ඕනෑම මොහොතක අනතුරක් වීමට ඉඩ ඇත. එය අප කාටවත් වැලැක්විය නොහැක. ඒත් මත්පැන් පානය කර රිය පැදවීම සහ ජංගම දුරකතනය භාවිතා කරමින් රිය පැදවීම යන දෙක පමනක් අපට නොකර සිටිය හැකිය.

- නීතිඥ හිරන්ත හේරත්

[QUOTE="jmzsl, post: 25501765, member: 467288"] මාරක රිය අනතුරක් වූ විට සැකකාර චූදිතයාට ඇප දිය නොහැකිද?... ********** ප්‍රසිද්ද ක්‍රිකට් ක්‍රීඩකයෙකු අතින් පහුගියදා මාරක රිය ආනතුරක් සිදුවිය. අධිකරනයට ඉදිරිපත් කල රියදුරා වූ ඔහුට ඇප ලැබුණි. "මිනිය වලලන්නත් කලින් ඇප ලබා ගත්තේ කෙසේදැයි" බොහෝ දෙනෙකු ඉන්බොක්ස් මගින් මගෙන් අසන්නට විය. සමහරෙක් ඒ සම්බන්දව පෝස්ට් පලකර තිබෙනවාද දුටුවෙමි. බොහෝ දෙනාට ප්‍රශ්නයක් ඇතිවූයේ එසේ ඇප දිය හැකිද යන්න ගැනයි. කෙටිම පිලිතුර මාරක රිය අනතුරකට ඉතාම පැහැදිලිවම මහේස්ත්රාත්තුමාට ඇප ලබා දිය හැකිය. ලංකාවේ නීතිය අනුව රිය අනතුරක් නොව ඕනෑම වරදකට අත් අඩංගුවට ගන්නා සැකකරුවකට ඇප ලබාදීම රීතිය වන අතර ඇප ලබා නොදීම ව්‍යතිරේකය වන්නේය. මෙය තවත් පැහැදිලි කරොත් ඕනෑම සැකකරුවෙකු යම් අපරාදමය වරදකට අත් අඩංගුවට ගත්විට ඉදිරිපත් කරන්නේ අධිකරන තේරාවලියේ පහලම අධිකරනය වූ මහේස්ත්‍රාත් අධිකරනයටය. එහිදී ඉදිරිපත් කරන සැකකරුවන්ට මහේස්ත්රාත්තුමා විසින් ඇප ලබා දිය "යුතුය". නමුත් ඇතැම් අවස්තාවලදී ඉදිරිපත් කරන සැකකරුවන්ට මහේස්ත්‍රාත්වරුන් ඇප ලබා දෙන්නේ නැත. එසේ වන්නේ ඇයි? මා ඉහතින් සදහන් කල ආකාරයට ඕනෑම බරපතල අපරාදයකට සම්බන්ද සැකකරුවෙකු වුවත් ඉදිරිපත් කරන්නේ අධිකරන තේරාවලියේ පහලම අධිකරනය වූ මහේස්ත්‍රාත් අධිකරනයටයි. එහිදී සමහර බරපතල අපරාද සම්බන්දව මහේස්ත්රාත්වරයාට ඇප ලබාදීමට කිසිසේත්ම බලයක් නැත. උදාහරණ ලෙස මිනීමැරීම, පොදු දේපල සාවද්‍ය පරිහරනය, හෙරොයින් ග්‍රෑම් දෙකකට වඩා ලග තබා ගැනීම, රාජ්‍ය විරෝධි කුමන්ත්රනය, පුරාවස්තු නඩු, පීඩාකාරී ආයුධ පනතට වැටෙන ආයුදයක් ලග තබා ගැනීම, ගංජා කිලෝ ග්‍රෑම් පහකට වඩා ලග තබා ගැනීම ආදී වරදවල් සදහා ඇප ලබා දීමට මහේස්ත්රාත්ධිකරනයට කිසිසේත්ම බලයක් නැත. අනෙක් සියලු නඩු සදහා මහේස්ත්‍රාත් අධිකරනයට ඇප ලබා දීමට බලයක් ඇත. නමුත් සැකකරු විසින් සාක්ෂිකරුවන්ට නඩුවේ සාක්ෂි සදහා බලපෑමක් කරනු ඇතැයි මහේස්ත්‍රාත්වරයා තීරනය කරයි නම්, ඇප ලබා දුන් පසුව සැකකරු නඩු විභාගයට ඉදිරිපත් නොවී පලා යන බවට මහේස්ත්රාත්තුමාට හැගී යයි නම්, අපරාදයට සම්බන්ද තවත් චූදිතයන් හෝ අපරාදයට සම්බන්ද භාන්ඩ තව දුරටත් සොයා ගැනීමට තිබීම සහ සැකකරුට ඇප ලබා දීමෙන් ඒවා සොයා ගැනීමට බාධාවක් වේ නම්, හදුනා ගැනීමේ පෙරෙට්ටුවකට සැකකරු ඉදිරිපත් කල යුතුව ඇත්නම්, සැකකරුට ඇප ලබාදීමෙන් මහජන ප්රකෝපයක් ඇතිවෙන බවට පොලිසිය කරුනු දක්වයි නම් සහ තවත් අවස්තා කිහිපයකදී ඇප ලබා දීමට මහේස්ත්‍රාත්වරයෙකුට නොහැකිය. මීට අමතරව මහේස්ත්රාත්වරයකුගේ අභිමතානුසාරි බලය අනුව ඕනෑම පුද්ගලයෙකුට ඇප නොදී සිටීමටද හැකිය. මගේ නිරීක්ෂනයකුත් ඉදිරිපත් කල යුතුය. යාංගල්මෝදරදී මගීන් පටවා ගත් පුද්ගලික බස් රතයක් වසා තිබූ රේල් ගේට්ටුවකින් ඇතුලු කිරීමට ගොස් කොළඹ මහනුවර නගාරාන්තර සීග්‍රගාමී දුම් රියේ හැපී මගීන් ගනනාවක් මියගියා මතකද? මේ සිදුවීම සමාජයේ මහත් ආන්දෝලනයක් ඇති කල සිදුවීමක් විය. නීතිපතිවරයා විසින් ඒ අනතුරින් බේරුනු බසයේ රියදුරු සහ කොන්දොස්තරට හිතා මතා මනුෂ්‍ය ඝාතනයක් කිරීමේ වරදට චෝදනා පත්‍ර ගොනු කර, පසුව මහාධිකරණයෙන් එල්ලුම් ගස් නියම කලා මතකය. ඇත්තෙන්ම ඔය සිද්දියට පෙර සාමාන්‍යයෙන් මාරක රිය අනතුරකදී මුල් වතාවේදීම ඇප දීම මහේස්ත්‍රාත්වරුන් කල අතර ඉහත සිද්දියෙන් පසුව මාරක රිය අනතුරකදි සමහර මහේස්ත්‍රාත්වරුන් විසින් සැකකරුවන්ට ඇප ලබා නොදෙන ලදි. එය මහේස්ත්‍රාත්වරයාගෙන් මහේස්ත්රාත්වරයාට සිද්දියෙන් සිද්දියට ගත් තීරනයක් විය. ප්‍රශ්න ගත ප්‍රසිද්ද ක්‍රිකට් ක්‍රීඩකයාගේ සිද්ධියේදී, පොලිසියෙන් කල ශ්වසන පරීක්ෂනය සහ පානදුර රෝහලේ විශේෂඥ අධිකරන වෛද්‍ය නිලදාරියා කල රුධිර සහ මූත්‍රා පරීක්ෂාවේදී සැකකරු අනතුර සිදුවන අවස්තාවේ බීමතින් සිට නොමැති බවට විද්‍යාත්මකව තහවුරු වී ඇත. එසේම සැකකරු සිද්දිය වීමෙන් පසුව පොලිසියට පැමින, අනතුර ඔහු අතින් සිදුවූ බවට වරද කියාපෑමකින් පසුව පොලිසියට ස්වේච්ඡාවෙන්ම බාරවී ඇත. චම්පික රනවක ඇමතිවරයාගේ අනතුරේදී ඔහු පලාගොස් වෙනත් අයකු රිය පැදවූ බවට ඉදිපත් කලා ඔබට මතක ඇත. මෙහිදී එසේ වී නැත. මනුස්ස ජීවිතයක් මුදලකින් තක්සේරු කිරීමට කිසිසේත්ම නොහැක. ඒත් සැකකරු මරනකරුගේ අවමංගල කටයුතු තම වියදමින් සිදුකර මූලික වන්දියක් ලෙස නඩුවිභායට පෙර මිලියනයක් මරනකරුගේ පාර්ශවයට දීමට පොරොන්දු වී ඇත. එය මරනකරුගේ පාර්ශවය බලාපොරොත්තු වූ වන්දිය වන අතර වන්දියක් දීම හැර මරන කරුට යුක්තිය ඉටුකිරීමට වෙනත් කිසිම ක්‍රමයක් නැත. එයින් සැකකරුගේ චේතනාව එනම් ඒ අවාසනාවන්ත සිද්දිය ගැන කනගාටුවීම, පසුතැවීම පිලිඹිබුවෙයි. (නීතියෙන් ලබා දෙන දඩුවමකින් අපේක්ෂා කරන්නේද පීඩාවට පත්වූවන්ට යුක්තිය ඉටුකිරීම, සමාජයට පනිවිඩයක් දීම සහ සැකකරුට සිද්ධිය ගැන පසුතැවීමක් වීමෙන් නැවත එවන් වැරදි සිදු නොවීම මිස සැකකරුට දඩුවමක් දීමෙන් ද්වේශයක් වෛරයක් ඔහුගෙන් සංසිදිවීමක් නොවන්නේය.) ඇප ලබා දීමේදී ඔය කරුණුත් අධිකරනය සැලකිල්ලට ගත්තා විය හැකිය. අධිකරනය සැකකරුගේ රිය බලපත්‍රය තහනම් කර විදේශ ගමන් බලපත්‍රය අධිකරනය බාරයට ගෙන ඇත. ඇප ලබා දීමේදී මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක්ද නියම කර ඇත. ඊලග වැදගත්ම දේ දැනට ලංකාවේ ක්‍රියාත්මක වන රතවාහන නීතියට අනුව මාරක රිය අනතුරක් සිදුවූවිට එය මහේස්ත්‍රාත්වරයෙකුට ඇප ලබා දිය හැකි වරදකි. එය ප්‍රමානවත් නොවන බව හැගේ නම් කල යුත්තේ ඒ නීතිය සංශෝදනය කිරීමට බලපෑම් කරීමය. එය සංශෝධනය කල හැක්කේ පාර්ලිමේන්තුවටය. එවිට ඇප ලබාදීමේ බලය මහේස්ත්‍රාත් අධිකරනයට වඩා ඉහල අධිකරනයකට ඇප හිමිවී රියදුරා ඇප නැතිව අවම මාස තුනක්වත් රිමාන්ඩ් බන්දනාගාරයේ තැබිය හැකිය. වාහනයක් පදවන ඕනෑම අයකු අතින් ඕනෑම මොහොතක අනතුරක් වීමට ඉඩ ඇත. එය අප කාටවත් වැලැක්විය නොහැක. ඒත් මත්පැන් පානය කර රිය පැදවීම සහ ජංගම දුරකතනය භාවිතා කරමින් රිය පැදවීම යන දෙක පමනක් අපට නොකර සිටිය හැකිය. - නීතිඥ හිරන්ත හේරත් [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom