කූඹියෝ" තිර රචක අතුරුදහන්...

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    කූඹියෝ" තිර රචක අතුරුදහන්...

    කූඹියෝ ටෙලි නාටයයේ තිර රචක සහ සංස්කාරක දමිත චන්ද්‍රසිරි දින කිහිපයක සිට ආගිය අතක් නොමැතිව බව daily mirror.lk පත්‍රය වාර්තා කරයි. ඇත්ත නැත්ත කුමක්දයි දන්නෙ නැත.
    සබැඳියාව පහලින්

    http://www.dailymirror.lk/article/-Koombiyo-editor-Damitha-missing-158543.html
     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    bf5a3a2f-8396-423e-9d92-81eca472029c.png
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    Daily Mirror.lk පත්‍රය පක්ෂග්‍රාහී පත්‍රයක්දැයි දන්නේ නැත. එමනිසා මෙම පුවතේ සත්ය අසත්යතාවය ගැන කීමට නොහැකිය. ඔබ සැමගේ අවධානය පිණිස මෙහි පල කරන ලදී.
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Laka Darmarathna
    1 hr
    හිතවතුනි ,
    පසුගිය 24 (ඔක්)දා සිට දමිත සහෝදරයා අතුරුදන් බව සත්‍යයකි.මා විසින් මේ සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියේ පැමිණිල්ලක් දැමූ අතර මේ පිළිඹද facebook ඔස්සේ දැනුවත් නොකළේ ඔහු නැවත පැමිණියහොත් ඔහු මුහුණ දෙන අපහසුතාව ගැන කල්පනා කිරීමෙනි. නමුත් දැන් එය පොදුවේ ප්‍රවෘත්ති මාධ්‍ය වෙත නිකුත්වී ඇතිනිසා එය සත්‍යයක් බව මෙසේ සනාත කරමි.
    දමිතයා facebook හෝ පාවිච්චි නොකළේ, කිසිම මාධ්‍යක පෙනී නොසිටින්නේ පුද්ගලිකත්වය ඌ ඉතා අගයකල බැවිනි. එබැවින් මගෙන් මීට කලකට පෙර දමිතයා ඉල්ලා සිටි පරිදි දිනක ඌ ගියහොත් සොයමින් කරදර නොකරන ලෙසට කළ ඉල්ලීම මගේ සහෝදරයා වූ ඌ වෙනුවෙන් මම හැකිපමණ ඉටුකරමි.
    මා facebook පිටුවේ කවරයේ චායාරූපය ලෙස දැමූයේ දමිතයා තම ලැප්ටොප් තිරයේ අන්තිමට දමාගෙන සිටි පිංතූරයයි.
    දමිතයා අන්තිම මොහොත දක්වා හැමවිටම ඉල්ලා සිටියේ ඌට නිදහස අත්‍යාවශ්‍ය බවයි. ඉතිං ඌ ඒ නිදහසේ කොහේහෝ ඇතැයි මම විශ්වාස කරමි සහ ඒ නිදහසට මම බාධා නොකරන්නට උත්සාහ කරමි.
    මේ සම්බන්දයෙන් වැලිකඩ පොලීසිය පරීක්ෂණ පවත්වන අතර ඒ වෙනුවෙන් අපගේ උපරිම සහායදෙමින් සිටිමු.
    දමිත ,
    උඹ කොහේහෝ සිට උඹේ fake එකකින් හෝ කියවනවානම් අඩුම එක මැසේජ් එකකින් අපට උඹ ඉන්න බව කියන මෙන් ඉල්ලන අතර ඉන්න තැන කිසිසේත්ම අවශ්‍ය නැත.

    දමිතයාගේ කැමතිම චිත්‍රපටය කවදත් "Into the Wild " ය.
    මේ සටහන තබන්නේද දැන් මෙය ප්‍රවෘත්තියක් වී අවසන් නිසාවෙනි.

    ලකා

    https://www.facebook.com/vibheeshana02/posts/2147849835465855?hc_location=ufi