කූඹියෝ රචක දමිතට මොකදවුනේ ?|Koombiyo editor Damitha missing

Aug 16, 2018
42
10
0
Sri Lanka
කූඹියෝ රචක දමිතට මොකදවුනේ ?|Koombiyo editor Damitha missing

මෑත කාලයේ විශාල කතාබහකට ලක් වූ ටෙලි නාට්‍යය වන කූඹියෝ හි සංස්කාරකවරයා සහ තිර රචකයා වන දමිත චන්ද්‍රසිරි අතුරුදහන්ව ඇති බවට ඔහුගේ මිතුරකු විසින් ෆේස්බුක් සටහනක් මඟින් දන්වා තිබුණා. මේ ආරංචිය තහවුරු කරමින් ඔහුගේ මිතුරකු විසින්ම වැලිකඩ පොලිසියට පැමිණිල්ලක් ද කර තිබුණා.


දමිත පදිංචි වෙලා සිටියේ අනුරාධපුර වන්නියම්කුලම සේනානායක මාවතේ. නමුත් ඔහු අවුරුදු හතක පමණ කාලයක් තිස්සේ නතරවෙලා හිටියේ රාජගිරිය, නාවල, පාසල් පටුමගේ නිවසක. දමිතගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් පැමිණිල්ල ඉදිරිපත් කරන්නේ ඔහුත් සමඟ එකට නතරව සිටි මිතුරෙක්.

දමිත, ඔහු නතරව සිටි ස්ථානයෙන් අවසන් වරට පිටව ගොස් තිබුණේ පසුගිය 24 වැනිදාවක. එදින ඔහු සිය මිතුරා අමතා පවසා තිබුණේ තමන් පිළිබඳ ආරංචියක් නැති වුණහොත් තමා ගැන සොයමින් කරදර නොවන ලෙසය.

දමිත සෝෂල් මීඩියා ද පාවිච්චි නොකරන කෙනෙක් නිසා ඔහු පෞද්ගලිකත්වය ආරක්ෂා කරගත් අයකු බව කිව යුතුයි. ඉතින් මේ අතුරුදන් වීමට හේතුව තවමත් අනාවරණය වන්නේ නැහැ. කෙසේ වුණත් සමහරු නම් කියන්නේ ඔහු අලුත් තිර රචනාවකට අවශ්‍ය මානසික නිදහස සොයාගෙන කොහේට හෝ වී ඇති බවයි. වැලිකඩ පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා. අපි ප්‍රාර්ථනා කරන්නේ කිසිඳු කරදරයකින් තොරව ඔහුව යළිත් මුණගැසේවා කියලයි.
3vABH9
[/QUOTE]