කූඹියෝ_අතුරුදන්
"පරිගණකය ෆෝමැට් කර රුපියල් පන්දාහක් තියලා" තවත් ගේමක්ද ? කූඹියෝ තිර පිටපත් රචකයා සාගර චන්ද්‍රසිරි පැදුරටත් නොකියා අතුරුදන් වෙයි!
මෑත කාලයේ රසික සිත් ඇද බැදගත් ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන කූඹියෝ ටෙලි නාට්‍යයේ තිර රචකයකු වන දමිත සාගර චන්ද්‍රසිරි අතුරුදන් වී ඇතැයි වාර්තා වේ. මෙම අතුරුදහන් වීම පිළිබඳව තමන්ට පැමිණිල්ලක් ලැබුනු බවට වැලිකඩ පොලීසිය පවසනවා.
දමිත චන්ද්‍රසිරි අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු වත්තල ප්‍රදේශයේ කාමරයක් කුලියට ගෙන එහි ජීවත්ව සිට තිබේ. මීට දින කිහිපයකට පෙර මෙම අතුරුදන්වීම සිදුව ඇති අතර එම අතුරුදහන් වීමට පෙර දිනද දමිත සාමාන්‍ය පරිදි දෛනික කටයුතු වල යෙදෙමින් සිට තිබේ.
මෙම අතුරුදහන්වීමෙන් පසු දමිත සාගර චන්ද්‍රසිරි පදිංචිව සිටි කාමරය පරීක්ෂා කර බැලූ පසු ඔහුගේ පරිඝණකය හමුව තිබෙනවා. කෙසේ වෙතත් එහි සියලූම දත්ත මකා දමා තිබීම විශේෂය. තවද මෙම කුලී කාමරයේ හිමිකරුවන්ට දමිත විසින් ගෙවීමට තිබු රුපියල් පන්දහසක මුදලක්ද මෙම කාමරයේ මේසය මත තිබී හමුව තිබේ.
මෙම අතුරුදන්වීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ සිදු කෙරෙන අතර දිවයිනේ සියලුම පොලිස් ස්ථාන වලටද දැනුම් දී තිබේ

i think its very helpful for us.