කෘෂිකර්මය වලපල්ලට
ආර්ථික වර්ධනය පිළිබදව ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව නිකුත් කල නවතම වාර්තාව අනුව 2016 දෙවන කාර්තුවේ ,කෘෂිකාර්මික අංශයේ වර්ධනය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 5.6 % කින් අඩුවී ඇත.
මෙම කාර්තුවේදී වී වගාව 17..9% කින්ද ,තේ වගාව 12.2% කින්ද රබර් වගාව 8.2% කින්ද ,ධිවර කර්මාන්තය 7.8 % කින්ද වාර්තාගත ලෙස පහළ ගොස් ඇත.
ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහසවී ඇත්තේ ,යහපාලන රජය අනුගමනය කල අයහපත් කෘෂිකාර්මික ප්රතිපත්තීන් මෙම පිරිහීමට හේතුවී ඇති බවයි .රජය ගොවියාගේ පොහොර සහානාධාරය කප්පාදු කිරීම ගොවියාට අවශ්‍ය වල් නාශක ලබා ගැනීමට නොහැකි වීම මූලික වශයෙන් මෙම පරිහානියට මග පාදා ඇති බවද එම විශ්ලේෂකයන් වැඩිදුරටත් සදහන් කරනවා.
තවද කම්කරු වැටුප් ඉහළ යෑම , තම අස්වැන්නට සාධාරණ මිලක් නොලැබිම හා ඉන්දීය ධිවරයින් උතුරු මුහුදේ මාළු අල්ලා ගැනීම මේ සදහා බලපෑ අනිකුත් හේතුන් බවද ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහසයි .
රජය මෙම ප්‍රතිපත්ති දිගින් දිගටම පවත්වා ගෙන ගියහොත් මෙරට කෘෂිකර්මාන්තය මුළු මනින්ම විනාශ වනු ඇති බවත් ඒ සදහා හැකි ඉක්මණින් ස්ථිරසාර විසදුම් ලබා ගත යුතු බවද ආර්ථික විශ්ලේෂකයන් කියා සිටී .
Read more at http://lankanewsalert.com/archives/54144#feD7ioZpbAMgMFdL.99