කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරය

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරය හිමි වෙස්ට් කෝස්ට් පවර් සමාගමේ 40%ක කොටස් හිමිකරගැනීම සඳහා අදාළ නීතිමය ගිවිසුම අත්සන් කළ බව අමෙරිකාවේ නිව් ෆෝට්‍රෙස් එනර්ජි (New Fortress Energy) සමාගම ඊයේ (21) නිවේදනය කළේය.

    ඒ සමගම නව එල් එන් ජී පර්යන්තයක් ඉදිකිරීමේ අයිතිය ද එම සමාගමට හිමිවන බව අදාළ නිවේදනයේ දැක්වෙයි.

    එම පර්යන්තය 2023 වනවිට ඉදිකර අවසන්වීමට නියමිතය.

    එසේම කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරය සඳහා ආයෝජනය කිරීමට සහ ශ්‍රී ලංකාවේ විදුලි බලාගාර සඳහා ගෑස් සැපයීමට ද එම ගිවිසුම අනුව තමන්ට හැකියාව ලැබෙන බව නිව් ෆෝට්‍රෙස් එනර්ජි සමාගම පැවසීය.

    කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ විදුලි බල නිපැයුම් හැකියාව මෙගාවොට් 310කි.


     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,421
    1
    101,337
    113
    34
    Kalutara
    අනේ ඔහොම්මම මේ ලංකාවෙන්ම 40%ක් භාර අරගෙන කරන්න කියහන්කො.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,703
    50,075
    113
    සේදවත්ත
    මේක ඉතා හොද තීරණයක් . එකෙක්ටම කන්න නොදී බෙදාහදාගෙන මේක කන්න දෙන එක හොදයි. අඩුම කවද හරි උන් උන් මේකේ මරාගෙන එකෙක් මේකේ ඉතුරු වෙයි

    පෘතුගිසි යුගය
    ලන්දේසි යුගය
    ඉංග්‍රීසි යුගය
    පරගැති යුගය
    වෙන්දේසි යුගය
    කොලනි යුගය ( කමින් සුන් ඔන් තියටර්ස්)